02/08/2026
Followers ලක්ෂ 15ක්..මේක ලොකු ජයග්‍රහණයක්.. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපොයි ඕක මොකක්ද .. ඔය ඊට වඩා ෆලෝව් බේස් වැඩි අය ඕන තරම් ඉන්නේ.. නෑ නෑ .. ඒවා සහ මේ ලක්ෂ පහළොව අතරේ වෙනස අහස පොලොව තරම් දුරයි..
මේක වෙනස්ම ෆේස්බුක් පිටුවක්.. ස්වාමීන් වහන්සේ කෙනෙකු වීමද.. නෑ .. ඊටත් එහා ගිය මහා දැවැන්ත වැඩ පිලිවෙලක මුදුන් මුල තමයි Gangasiripura Dhammaloka Thero ❤️
දහස් ගනන් ලක් වැසි තරුණ ජීවිත වලට ජීවිතය ජය ගැනීමට නව මාවතක් පෙන්වා දුන්නේ උන්වහන්සේ පමණයි. .
අවලාද, අපහාස, මඩ ප්‍රහාර ගල්මුල් කොතෙකුත් ආවද නොසැලී අනුන්ගේ යහපත උදෙසා කල කැපකිරීම කිසිවෙකුටත් කල නොහැක..❤️
හාමුදුරුවන් ට පුලුවන් ද බිස්නස් කරන හැටි උගන්නන්න.. ඔය කලේ අපූරුවට .. ලංකාවේ හැම අස්සක් මුල්ලක් නෑර ම , දැන් ඔන්ලයින් ව්‍යාපාර .. එදා ගෙදර තියාගෙන ගමේ මිනිස්සුන්ට වත් විකුණගන්න විදියක් නැතුව ඉදපු දේවල් අද එයාලා ලංකාවටම විකුනනවා.. පෝන් එකක් තිබුනා තමයි ..ෆේස්බුක් එකෙත් හිටියා තමයි .. හැබැයි අපි කලින් මෙහෙම දෙයක් කරන්න හිතුවේ නෑ. දැනගෙන හිටියෙත් නෑ.. කවුරුවත් කියල දුන්නෙත් නෑ.. ඇහුවත් කිව්වේ අම්මෝ.. ඒවා හැමෝටම කරන්න බෑ.. උන් වහන්න්සේ පමණයි.. උනන්දුවක් තියෙන උන් වරෙල්ලා.. මං උගන්වන්නම් කිව්වේ... ගාන කීයද.. සම්පූර්ණයෙන් ම නොමිලේ.. ඒ විතරයි ද.. නෑ .. කෑම බීමත් එක්කම..❤️
එතනින් නතර නොවී තමන්ගේ ෆේස්බුක් පිටුව හරහා උන්වහන්සේ මාත් ඇතුලු අපේ උන් ලෝකෙටම පෙන්නුවා.. ඒ හරහා ලංකාවේ අහුමුලු වල හැංගිලා ඉදපු ගොඩක් දක්ෂ ව්‍යවසායකයෝ ලෝකයම දැන අඳුනන අය වුනා.. ඒ අයගේ නිෂ්පාදන රට රටවල් වල අය පවා මිලදී ගන්න තැනට පත් වුනා. අපේ හාමුදුරුවන් ගේ ෆේස්බුක් පිටුව නැත්නම් අපේ හාමුදුරුවන් ගේ ගුරු මුෂ්ටියකින් තොර ඉගැන්වීම නැත්නම් මම, අපි අදත් ගමේ අයට අවට අයට විතරක් සීමා වුන ව්‍යාපාරයක් කරන කෙනෙක් . ❤️
ඔබ වහන්සේ ගේ ශාසනික ආගමික මෙන්ම අපේ රටේ ධෛර්‍යවන්ත මිනිසුන්ගේ ආර්ථිකය දියුණුව කරා ගෙන යාමේ වැඩ පිලිවෙල දිගු කාලයක් කරගෙන යාමට හැකිවේවා.. ඒ තුලින් තවත් යහපත් ආකල්ප ඇති අති දක්ෂයින් බිහි වේවා. එවන් දක්ෂයින් ගෙන් පවා රටට සමාජයට තව තවත් සේවය සැලසේවා.. ❤️
අපේ හාමුදුරුවන් ගේ ෆේස්බුක් පිටුව ෆලෝව් කරන ලද ලක්ෂ පහලොවක අපේ ම මිනිසුනි. අපි ඔබට ගෞරවණීය ස්තුතිය පුදකරමි. එය අපේ ම රටේ දිරිය මිනිසුන් ගොඩ නැගීමට නිහඩව ලබා දුන් සහයෝගයකි . ❤️