10/12/2025
පසුගිය නායයෑම් හා ගංවතුර ව්‍යසන තත්වයට මුහුණදුන් බුලත්කොහුපිටිය/දේදුගල, උඩපොත, පැලැන්පිටිය, ගඟවැරලිය, උඩුව, හලාවත/ එලිවිටිය, පල්ලම ඇතුළු ප්‍රදේශවාසී ආපදාවට පත් වී අසරණ වූ අපේම ජනතාවට, අඛණ්ඩව දින හතරක් පුරාවට ආහාර පාන ලබා දීම. පුරා විසි වසරක් දකුණේ රස රැව් දුන් Asanka Catering ආයතනයේ අධිපති තුමා ඇතුළු කාර්යය මණ්ඩලයට ලැබුණු අවස්ථාව මහත් අභිමානයකි. එය සාර්ථක කර ගැනීම සඳහා හම්බන්තොට මහා නගර සභාවේ හිටපු පුරපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මැතිතුමා, හලාවත /එලිවිටිය,(එලියපුර ප්ලාන්ටේෂන්) අධිපති අතුල එලියපුර මැතිතුමා , හලාවත/ වෙළඳ ව්‍යාපාරික රොෂාන් මැතිතුමා, උඩුගම්පොළ/ (ලක්ෂාන් කැෂූ) ව්‍යාපාරික නවරත්න මැතිතුමා, උඩුගම්පොළ/ තරුණ ව්‍යාපාරික ලක්ෂාන් නවරත්න මැතිතුමා , තංගල්ල මූලික රෝහලේ වෛද්‍ය කළුආරච්චි මැතිතුමා, (රුවන් වැල්ල ලිබර්ටි ෆාමසියේ) අධිපති නෞෂාද් මැතිතුමා, හමබන්තොට මන්ජු & බයියා මැතිතුමන් දෙපළ (සී ෆුඩ් ව්‍යාපාරික) (ගංඟා ස්ටෝර්ස් )අධිපති ප්‍රසාද් මැතිතුමා, (රංගල්ල, ළිහිණි හාඩ්වෙයාර්) අධිපති සංජීව (අප්පු) මැතිතුමා. ඇතුළු මෙය සාර්ථක කරගැනීමට නන් අයුරින් සහාය දුන් (දේදුගල තුන්බාගේ ,උඩපොත ,රංගල්ල ) තරුණ කැල හා මේ සඳහා උදව් උපකාර කළ සියලු දෙනාටම ස්තුති! ...