Bohemian Diary

Bohemian Diary තැලෙන පොඩිවෙන හිත් පුරුද්දගෙන
වැටෙන අත ඇරෙන හීන අහුලගෙන
පෙනෙන නොපෙනෙන ඉම සොයාගෙන
යන්න තව දිරි නොමැති සැදෑවක
එන්න ඔබ නවතින්න මා ළඟ....

රිඳුනු පෑරුණු මතක ඇති සිතසියුම් හැඟුමින් කෙනිත්තිදෑත් පටලන් උන්න මුත් අපසිත්වලින් සිත් නොපිරවීසිනාසී හැකි විටදි එකතුවඅඬන...
22/04/2026

රිඳුනු පෑරුණු මතක ඇති සිත
සියුම් හැඟුමින් කෙනිත්ති
දෑත් පටලන් උන්න මුත් අප
සිත්වලින් සිත් නොපිරවී
සිනාසී හැකි විටදි එකතුව
අඬන විටකදී යළිත් වෙන්වී
ඇවිද යමු අපි පෙම්වතුන් ලෙස
ජීවිතේ කොතනමහරි ඇති....

#සිංහලකවි


Bohemian Diary

21/04/2026
ආදරය කරනා මුල් අවධිය හිමිදිරිය තරම් සොඳුරු යාමයක් වුවද, කල් ගත වෙද්දී එය මද්දහනක් තරම් වෙහෙසකරද, හැන්දෑවක් තරම් දුක්බරද,...
18/04/2026

ආදරය කරනා මුල් අවධිය හිමිදිරිය තරම් සොඳුරු යාමයක් වුවද, කල් ගත වෙද්දී එය මද්දහනක් තරම් වෙහෙසකරද, හැන්දෑවක් තරම් දුක්බරද, රාත්‍රියක් තරම් නිශ්චලද වේ.

බීර සුවදැති හාදු - දිල්ෂි තත්සරණි අබේරාජ

12/04/2026

ජීවිතයේ නොදුටු විමන්...
අලුත් ඇසකින් දකින්නට...
එකතු වෙන්න අපිත් එක්ක...

Bohemian Diary

වරද : හිතක් වනසා ගිනි ලෑමගිනිගන්නා හිතටපිදුරු මිටිගනන් විසි කිරීමවැරදි වග දැන දැනම වුවනොදුටු සේ අතහැර දැමීම................
12/04/2026

වරද :
හිතක් වනසා ගිනි ලෑම
ගිනිගන්නා හිතට
පිදුරු මිටිගනන් විසි කිරීම
වැරදි වග දැන දැනම වුව
නොදුටු සේ අතහැර දැමීම...............
කලක් ගත වී නඩු අහන හිත

ඔබ ඉල්ලුම් නොකළද
මගේ තනි කැමැත්තට
ඔබ,
නිදොස්කොට නිදහස් ය...

#සිංහලකවි

එයා ඒ හෝල්ට් එකෙන් බැස්සාතනියෙන්ම ඇවිත් ඈ බස් එකෙන් බහිද්දිමං හිතුවෙ මං කියලා සෙනඟ අස්සෙන් හොයද්දීලෙන්ගතුම හිනාවක් දෙකොප...
11/04/2026

එයා ඒ හෝල්ට් එකෙන් බැස්සා

තනියෙන්ම ඇවිත් ඈ බස් එකෙන් බහිද්දි
මං හිතුවෙ මං කියලා සෙනඟ අස්සෙන් හොයද්දී
ලෙන්ගතුම හිනාවක් දෙකොපුලේ පිපෙද්දි
ලියාගත්ත මටම කියලා ලෝකයක් නුඹ දකිද්දි....

ලස්සනම හිනාවක් නියඟයට වේලි
පෑරිලා තිබු සිතක් ළඟ මං ඉදියෙ පේවි
මං මටම ලියාදුන් කවිවලින් දැනුණි
නුඹ මගේ පපුතු⁣⁣රේ යශෝධර දේවී....

Bohemian Diary

යන්න හැකිනම් නුඔ හටඅපේ මතකය වල දමාඉන්න හැකිනම් ඔය ලෙසසුසුම් මාගෙන් සඟවලාවිඳින්න හැකිනම් ඔය ලෙසසිනාකැන් මා අතැරලාඉතින් සො...
09/04/2026

යන්න හැකිනම් නුඔ හට
අපේ මතකය වල දමා
ඉන්න හැකිනම් ඔය ලෙස
සුසුම් මාගෙන් සඟවලා
විඳින්න හැකිනම් ඔය ලෙස
සිනාකැන් මා අතැරලා
ඉතින් සොඳුරිය මාත් හිනැහෙමි
මා නොමැති නුඹ සතුටිනා...

Bohemian Diary

ඇත් ගොව්වො බිලි වෙන්නේ අලියටකිමිදුම්කරුවො ගිලෙන්නෙ මුහුදෙමහිතුවත් අපි තෝර ගන්නවා අපිමඅපිව තෝර ගත්තා නොවෙද ඉරණම...Bohem...
08/04/2026

ඇත් ගොව්වො බිලි වෙන්නේ අලියට
කිමිදුම්කරුවො ගිලෙන්නෙ මුහුදෙම
හිතුවත් අපි තෝර ගන්නවා අපිම
අපිව තෝර ගත්තා නොවෙද ඉරණම...

Bohemian Diary

වසන්තයෙදි පිපෙන මල්දාහකට වැඩියඉඩෝරයේ පිපෙන එක මලක්සත්තයි,, වටිනවා මහ හුඟක්Bohemian Diary
07/04/2026

වසන්තයෙදි පිපෙන මල්
දාහකට වැඩිය
ඉඩෝරයේ පිපෙන එක මලක්
සත්තයි,,
වටිනවා මහ හුඟක්

Bohemian Diary

අරමුණුඑකක් ඉවර වුනාම තව එකක්ඒකෙනුත් පස්සෙ තව එකක්පරණ ඒවා ඉවරයිනම් අලුතින්ම හදාගෙන එකක්අලුත්ම ඒවා නැත්තං පරණම එකක්ඒකෙන් ප...
06/04/2026

අරමුණු

එකක් ඉවර වුනාම තව එකක්
ඒකෙනුත් පස්සෙ තව එකක්
පරණ ඒවා ඉවරයිනම්
අලුතින්ම හදාගෙන එකක්
අලුත්ම ඒවා නැත්තං පරණම එකක්
ඒකෙන් පස්සේ තව එකක්
කවදාවත් නැති නිමාවක්
නමුත් නොදැනෙන හතියක්
මේක අරමුණුවලම එකතුවක්...

Bohemian Diary

Address

Thalunna, Ranna
Tangalle
82200

Website

Alerts

Be the first to know and let us send you an email when Bohemian Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share