Preminda's Bee Farm

Call Website Contact the business

Preminda's Bee Farm About Us
Welcome to Preminda's Bee Farm! Beekeeping Equipment: Providing tools and equipment that make beekeeping safe and rewarding.
(1)

ස්වභාවධර්මයේ ඖෂධීය දායාදය- පළු, වීර, කොහොඹ, සියඹලා සහ වනමල් ඇතුලු මල් පැණියෙන් පිරිපුන් අපගේ මී පැණි 🍯 මී මැස්සන් සුරකිමින්, තිරසාර ලෙස අස්වැන්න නෙළාගන්නා ගොවිපලකි. එන්න අප හා අත්වැල් බැඳගන්න. මී මැස්සන් ගැන දැනුම සොයන ඔබට අපෙන් සුහද ආරාධනා! 🐝🌿🌞 Preminda's Bee Farm වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ වීරවිල ප්‍රදේශයේ පිහිටා ඇති Preminda’s Bee Farm තිරසාර මීමැසි පාලනය සහ පිරිසිදු, ස්වභාවික මී පැණි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනය සඳහා කැපවී ඇත. අපේ මී මැස්සන් වීරවිල, බූන්දල සහ අවට රක්‍ෂිත වනාන්තරවල මල්, ඖෂධ පැළෑටි සහ කොහොඹ ගස්වල මල්, ගෙඩි සහ ශාඛ පත්‍ර හි පැණි හා යුෂ ආහාරයට ගන්නා අතර, අපගේ කලාපයේ වනාන්තරවල සුන්දරත්වයේ සාරය සැබවින්ම ග්‍රහණය කර ගනිමින් මී පැණි නිශ්පාදනය කරයි. ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ වීරවිල ප්‍රදේශයේ පිහිටා ඇති Pරෙමිඳ'ස් Bඒ Fඅර්ම් තිරසාර මීමැසි පාලනය සහ පිරිසිදු, ස්වභාවික මී පැණි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනය සඳහා කැපවී ඇත. අපේ මී මැස්සන් වීරවිල, බූන්දල සහ අවට රක්‍ෂිත වනාන්තරවල මල්, ඖෂධ පැළෑටි සහ කොහොඹ ගස්වල මල්, ගෙඩි සහ ශාඛ පත්‍ර හි පැණි හා යුෂ ආහාරයට ගන්නා අතර, අපගේ කලාපයේ වනාන්තරවල සුන්දරත්වයේ සාරය සැබවින්ම ග්‍රහණය කර ගනිමින් මී පැණි නිශ්පාදනය කරයි. Preminda’s Bee Farm හි නිර්මාතෘ වන මම, ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන උපාධිය (BSc in B.Admin.) මැලේසියාවේ Asia e University වෙතින් MBA උපාධිය සහ මූල්‍ය පිළිබඳ MSc උපාධිය ලබා ඇත. මීමැසි පාලනය සඳහා ගැඹුරු කැපවීමකින් කටයුතු කරන මම, එක්සත් රාජධානියේ රාජකීය විවෘත විද්‍යාලයෙන් මීමැසි පාලන න්‍යායන් පිළිඹද පාඨමාලාව මාර්ගගතව සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් මී මැසි පාලනය පිළිබදව න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුවක් ලබා ඇත. මී මැස්සන්ගේ රැකවරණය සහ තිරසාර මී පැණි පාලනය සහ මීමැසි නිෂ්පාදන පිළිබඳ හොඳම භාවිතයන් පිළිබඳ පුළුල් දැනුමකින් මා සන්නද්ධ ව සිටිමි. Preminda’s Bee Farm හි නිෂ්පාදන සහ සේවා:

පිරිසිදු, ස්වභාවික මීපැණි:
ආසන්න වනාන්තර ප්‍රදේශවලින් අපගේ මී මැස්සන් ගෙනෙනු ලබන ඉහළම ගුණාත්මක බවින් යුක්ත මී පැණි.

මී මැසි ජනපද විකිණීමට ඇත:
වඳ වෙමින් පවතින මීමැස්සන් රැකීමේ තිරසාර අරමුණින්, ශ්‍රී ලංකාවේ මීමැසි පාලනයේ වර්ධනයට සහාය වෙමින්, තමන්ගේම මී මැසි ගොවිපළක් ආරම්භ කිරීමට හෝ පුළුල් කිරීමට කැමති අය සඳහා අපි ශක්තිමත් මී මැසි ජනපද පිරිනමන්නෙමු.

මීමැසි පාලන උපකරණ:
මීමැසි පාලනයෙහි නිරතවීම සදහා ආරක්‍ෂිත මෙවලම් සහ උපකරණ සැපයීම.
උපදේශනය සහ පුහුණුව:
න්‍යාය සහ භාවිතය යන දෙකෙහිම පදනමක් ඇතිව, ආධුනික සහ පළපුරුදු මීමැසි පාලකයන්ට එකසේ මඟ පෙන්වමු.

ආරක්‍ෂිත මී මැසි ජනපදය ඉවත් කිරීම:
අවදානම් සහිත ප්‍රදේශවලින් ජනපද ඉවත් කිරීම සහ පෙට්ටිගත කිරීම.

අප සමඟ ස්වභාවධර්මයේ මායාව අත්විඳින්න!

ස්වභාවධර්මය සමඟ සම්බන්ධ වීමට සහ මී මැස්සන්ගේ සිත් ඇදගන්නාසුළු ලෝකය ගවේෂණය කිරීමට මාගේ ගොවිපල ඔබට ආරාධනා කරමි. මාගේ මී මැසි නිෂ්පාදන, මීමැසි පාලන වැඩමුළු සහ තවත් දේ පිළිබඳ යාවත්කාලීන සඳහා Preminda’s Bee Farm අනුගමනය කරන්න! Nestled in Sri Lanka’s breathtaking southern province, Preminda's Bee Farm is dedicated to sustainable beekeeping and the production of pure, natural honey. Our bees forage the flowers, herbs, and Margosa trees of the Weerawila, Bundala, and other nearby reserve forests, creating honey that truly captures the essence of our region’s wild beauty. Founder, Preminda De Silva, holds a BSc in Business Administration from the University of Sri Jayawardenepura, Sri Lanka, an MBA, and an MSc in Finance from Asia e University, Malaysia. With a deep commitment to beekeeping, he has also completed the Theory of Beekeeping course from the Royal Open College in the UK, equipping him with extensive knowledge of best practices in bee care and sustainable honey production. Products & Services:

Pure, Natural Honey: Carefully harvested from our bees in pristine forest areas, our honey is unprocessed and of the highest quality. Bee Colonies for Sale: Supporting beekeeping growth in Sri Lanka, we offer strong bee colonies for those passionate about starting or expanding their own bee farms. Counselling & Training: With a foundation in both theory and practice, we guide new and experienced beekeepers alike. Safe Bee Colony Removal: Expert removal of colonies from risky areas, ensuring safety and preservation. Experience the Magic of Nature with Us! My farm invites you to connect with nature and explore the fascinating world of bees. Follow Preminda's Bee Farm for updates on my honey offerings, beekeeping workshops and more!

🟥 Sometimes we have to intervene and prevent them from making those decisions. 🐝
03/10/2026

🟥 Sometimes we have to intervene and prevent them from making those decisions. 🐝

02/10/2026

The War of the Stingless Bees

01/10/2026
28/09/2026

සැක්බෲඩ් හානියට ලක්වූ ජනපදයක් මසක් ඇතුලත යථා තත්ත්වයට...
#සැක්බෲඩ් #මීමැසිපාලනය

සොඳුරු වසන්තය ඇවිදින්...❤️🐝🌱
27/09/2026

සොඳුරු වසන්තය ඇවිදින්...❤️🐝🌱

27/09/2026

#වසන්තය #මීමැසිපාලනය

24/09/2026

Effect of wax moth

02/09/2026

Bee attack ❤️ #මීමැසිපාලනය

🟥🐝 මුදලිඳු සැමුවෙල් ජයතිලක/ Mudaliar Samuel Jayatillakeශ්‍රි ලංකාවේ (කැලේ මී කැඩීම වෙනුවට) නවීන, පෙට්ටි හා රාමු භාවිතා ක...
26/08/2026

🟥🐝 මුදලිඳු සැමුවෙල් ජයතිලක/ Mudaliar Samuel Jayatillake

ශ්‍රි ලංකාවේ (කැලේ මී කැඩීම වෙනුවට) නවීන, පෙට්ටි හා රාමු භාවිතා කරන මී මැසි පාලනයේ මුල් පුරෝගාමියා කවුද?

කුරුණෑගල ප්‍රදේශයේ වාසය කළ මුදලිඳු සැමුවෙල් ජයතිලක/ Mudaliar Samuel Jayatillake යැයි සඳහන් කිරීම සඳහා ශක්තිමත් ඉතිහාසමය සාධක තිබෙනවා.

ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල මී මැසි පාලන ඉතිහාසයට අනුව, මී මැසි පෙට්ටි තුළ ජනපද නඩත්තු කර මී පැණි ලබාගැනීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ කළේ මුදලිඳු සැමුවෙල් ජයතිලක ය. ඔහු 1881 දී ශ්‍රී ලංකාවේ මී මැසි පාලනය සම්බන්ධයෙන් ආසියාතික සංගමයට දේශනයක් ඉදිරිපත් කළ බවද එහි සඳහන් වේ.

තවත් ඉතිහාසමය වාර්තාවලින් මේ කතාව තවත් වැදගත් වෙනවා. ජයතිලක මහතා කැලේ මී කඩන ක්‍රමය නිසා මී මැසි හා බඹර ජනපද විනාශ වන ආකාරය නිරීක්ෂණය කර, එයට විකල්පයක් ලෙස මහ බ්‍රිතාන්‍යයෙන් ගෙන්වා ගත් වද රාමු වෙන්කල හැකි මී මැසි පෙට්ටියක් හෙවත් movable frame hive එකක ශ්‍රී ලංකාවේ මී මැස්සන් පාලනය කිරීමට උත්සාහ කළ මුල්ම පුද්ගලයා ලෙස සඳහන් වෙමින් ඉතිහාසගත වේ. පසුව එම යුරෝපීය පෙට්ටි නිර්මාණය අපේ දේශීය Apis cerana මී මැස්සාට සම්පූර්ණයෙන්ම සුදුසු නොවන බව ඔහු තේරුම්ගෙන, දේශීයමී මැස්සාට සහ පාරිසරික තත්ත්වයට ගැළපෙන වද සැලසුම් ගැනද අත්හදා බැලීම් කළ බව වාර්තා වේ.

එම නිසා ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක/නවීන මී මැසි පාලනයේ පුරෝගාමියා ලෙස එවකට කුරුණෑගල ප්‍රදේශයේ විසූ මුදලිඳු සැමුවෙල් ජයතිලක මහතා හැඳින්වීම සාධාරණයි.

ඔහුට පසු ඒ. පී. ගුණතිලක මහතා 1918 දී ශ්‍රී ලංකාවේ මී මැස්සන්ට ගැළපෙන රාමු 8ක වද සැලසුමක් ඉදිරිපත් කළ අතර, පසුව Ceylon Beekeepers' Association, චාල්ස් ඩ්‍රීබර්ග් සහ අනෙකුත් පර්යේෂකයන් මෙම ක්ෂේත්‍රය ව්‍යාප්ත කිරීමට දායක විය.

ඉතින්, මුදලිඳු සැමුවෙල් ජයතිලක 19 වන සියවසේ අග භාගයේදී කැලෑවල තිබූ මී මැසි සහ බඹර ජනපද මී පැණි ලබාගැනීම සඳහා විනාශ කරන ආකාරය දැක එයින් කළකිරී, ඒ සඳහා වෙනත් තිරසාර ක්‍රමයක් සොයා බැලීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුරෝගාමියා වේ.

මෙය ඉතා වැදගත් සහ ශ්‍රී ලංකාවේ මී මැසි පාලනයේ turning point එක යැයි කීවොත් නිවරදිය.

මන්ද, මෙය හුදෙක් මී පැණි ලබාගැනීමක් පමණක් නොවන බව අප කවුරුත් අද දන්නෙමු.

👉 ජනපදය විනාශ නොකර මී පැණි ලබාගැනීම
👉 මී මැස්සන් ස්ථිරව නඩත්තු කිරීම
👉 දේශීය මී මැස්සාට ගැළපෙන වද ක්‍රම සොයා බැලීම
👉 මී පැනි දඩයමේ/ Honey hunting සිට තිරසාර මී මැසි පාලනය/ sustainable beekeeping දක්වා ගමන් කිරීම

යන නව චින්තනයේ ආරම්භක පියවර ලෙස මෙය අප අවිවදයෙන් සැලකිය යුතුය. මෙතුමා අමතක කර දේශීය මීමැසි පාලනය ගැන කතා කරන්නේ නම් අප ගුණමකුවන් බව අවිවාදයෙන් පිළිගත යුතුමය.

පසුව ඒ. පී. ගුණතිලක මහතා ඇතුළු පුරෝගාමීන් ශ්‍රී ලංකාවේ Apis cerana හෙවත් දේශීය මී මැස්සාට ගැළපෙන වද නිර්මාණය හා මී මැසි පාලන ක්‍රම සංවර්ධනය කිරීමට විශාල දායකත්වයක් ලබා දීමද අමතක කල නොහැකිය්.

අද අපි මී මැසි පෙට්ටියක් විවෘත කර මී වද රාමුව පරීක්ෂා කරන විට හෝ මී වද රාමුවක් ඉවත් කරන විට, හෝ ජනපදය විනාශ නොකර මී පැණි ලබාගන්නා විට...

👉අපි ඇත්තෙන්ම ඉදිරියට ගෙන යන්නේ මීට වසර 140කටත් පෙර මුදලිදු ජයතිලකයන් ශ්‍රී ලංකාවේ ආරම්භ කල එම නව මී මැසි පාලන චින්තනය බව මෙනෙහි කල යුතුය.

ශ්‍රී ලංකාවේ නවීන මී මැසි පාලනයේ ඉතිහාසය ගැන අපි තවත් කතා කරමුද?.

Preminda's Bee Farm ✍️...මී මැස්සන් රැකගෙන, තිරසාර මී මැසි පාලනයක් සඳහා....

#මීමැසිපාලනය #තිරසාරමීමැසිපාලනය #මීමැසිපාලනඉතිහාසය

Address

New Town
Weerawila
82615

Alerts

Be the first to know and let us send you an email when Preminda's Bee Farm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Preminda's Bee Farm:

Shortcuts

Share