18/06/2025
මේ කතාව ලාංකික කාන්තාවන්ගෙ ඉයුම් පිහුම් වලට නැතුවම බැරි brand එකක් ගැන කියන්න.
විවුර්ත ආර්තිකය ලංකාවට හදුන්වල දීලා ටික කලක් යද්දි, 80 දශකයෙදි දශලංකාවට පිට රට බඩු ගජරාමෙට එන්න ගත්තා. ඒ එක්කම තමයි අපිට වස විස නැති, අපේ කෑම වල අගේ තේරෙන්න ගත්තෙ.
හරිශ්චන්ද්ර කියන්නෙ ලංකාවෙ පැරණිම සන්නාමයක්. අපි පුන්චිකාලෙ ඉදලම හුරු පුරුදු දෙයක්.
පිට රටවල ඉන්න අපේ අය දන්නව ශ්රී ලාංකික අපි supermarket එකකට ගියහම කොහොමද අපේ කෑම වර්ග හොයන්නෙ කියල.
ඉති ඕමාන් වල අපේ කඩෙන් ඔයාලට ඕන කරන දේවල් ගෙදරටම ගෙන්ත් දෙන්න අපි සූදානම්.
මොන්වද ඔයාලට ඕන කරන්නෙ කියල 92021690 whatsapp message එකක් දාන්න.
*************************
Harishchandra Mills ආයතනයේ ඉතිහාස කතාව කෙටියෙන්,
1943 වර්ශයේ දකුනු පලාතේ මාතර ප්රදේශයේ පර්චස් විස්සක පමණ කුඩා ඉඩම් කැබැල්ලක මෙම ව්යාපාරය ආරම්භ කර ඇත. මීළඟ දශකය තුළ ව්යාපාරික ගමන්මගේ හැරවුම් ලක්ෂ්යයක් සනිටුහන් කරමින් හරිස්චන්ද්ර නිෂ්පාදන කුරක්කන් පිටි (1953), කෝපි සහ කුළුබඩු (1958), සබන් (1962), නූඩ්ල්ස් (1966), පපඩම් (1978), ඉඳිආප්ප පිටි සහ තෝසේ මිශ්රණය (1990) ආදී ආහාරමය සහ ආහාරමය නොවන නිෂ්පාදන රැසක් මෙරට පාරිභෝගික ජනතාව වෙනුවෙන් හඳුන්වා දුන්නේය. 1953දී ව්යාපාර ආඥාපනත යටතේ ලියාපදිංචි කෙරුණු අප සමාගම 1983 වසරේදී කොළඹ ව්යාපාර වස්තු හුවමාරුවේ ද ලියාපදිංචි සමාගමක් බවට පත්වූයේ දකුණුලක ප්රථම කොටස් වෙළඳපොළ ලැයිස්තුගත සමාගම වෙමිනි. සේවක සුබසාධනයේ දැවැන්ත පිම්මක් පනිමින් 1951දී අර්ථසාධක අරමුදල් ක්රමය ශ්රී ලංකාවට මුලින් ම හඳුන්වාදීමට සී.ඒ.හරිස්චන්ද්ර මහතා කටයුතු කළේය. ඒ, හරිස්චන්ද්ර ආයතනය තුළ සේවක අර්ථසාධක අරමුදල් සංගමය ස්ථාපිත කරමිනි.
සෑම ශ්රී ලාංකේය නිවසකට ම ප්රමිතියෙන් උසස් ආහාර නිෂ්පාදන ලබාදීම සඳහා එම සමාගමේ නිර්මාතෘවරයා සතුව තිබූ දැක්ම හරිස්චන්ද්ර නාමය මෙතෙක් ආ ගමන තුළ නොවෙනස්ව පවතී.
Copied from:
https://harischandramills.com/about/