09/10/2026
දෙවෙනි සිකුරාදාව කියන්නේ ඉතින් මාසෙකට වරක් ලැබෙන සිංහල දිව්ය පූජා යාගය පැවැත්වෙන දවස.
සිකුරාදා නිවාඩු බව දන්න හින්දමද කොහෙද පුංචි මහත්තයා නිදා ගන්නකොටම මහ පාන්දර 1ත් පහු වෙලා. ඒත් ඉතින් උදේ පල්ලි යමු පුතේ කියන පමාවට කොල්ල අවදි වුණේම සතුටින්.
කල්වේලා මදි නිසාම දවස් ගාණක ඉඳන් කන්ට හිතාන උන්නු මුංඇට, ලුණුමිරිස්,පොල් පිළියෙල කරන්න හිතාන අවශ්ය කළමනා වංගෙඩියට දැම්මේ හ්ම් සද්දයක්වත් නෑහෙන ගානට කොටාගන්න ඕනෑකමින්, තව පුංචි වෙලාවක් හරි වැඩිපුර නිදියාපුදෙන් හිතලා. අපිට විතරක්ම නොවේ තව කීපදෙනෙක් වෙනුවෙන් හැදුණු නිසා අපේ කෑමත් අරන් යමුයි එයෑයි කිව් නිසාම ෆොයිල් පෙට්ටි වලටම දා ගත්තා.
තාත්තලා පුතාලා අකමැති කෑමක් වුණාට මොකද ලුණුමිරිස් පොල් එක්ක අනාගෙන මං වගකියනකොට දෙන්නාම සහයෝගෙයෙන් නිරාසායනෙන්ම සහභාගි වුණේ ලුණුමිරිස් සුවඳට වහ වැටිලා මයේ හිතේ 😛😋