02/01/2021
ගෝල්ඩන් වෙඩින් කේක් රෙසිපි එක
(Goldern wedding cake recipe)
2×2 කෑලි 25 කපා ගත හැකිය.
❤මෙම වෙඩින් කේක් මිල අදිකයි.එයට හේතුව වන්නේ මෙම වෙඩින් කේක් වලට දාන ද්‍රව්‍ය මිල වැඩිවිමයි.
❤මෙම කේක් එක ලස්සන ගෝල්ඩන් කලර් එකක් තමයි එන්නේ.
❤මෙහි පලතුරු කුඩාවට කපන්නෙ නැ.
අවශ්‍ය ද්‍රව්‍ය
🖤ගෝල්ඩන් රේසින්ස් 100g
🖤සුල්තාන 100g
🖤ඔරේන්ජ් පීල් 50g
🖤පුහුල් දෝසී 100g
🖤ඉගුරු දෝසී 100g
🖤කජු 100g
🖤චව් චව් 100g
🖤import චෙරි 100g
🖤අන්නාසි මේස හැදි 2
🖤සුවද කුඩු තේ හැදි 1 /2
🖤වැනිලා මේස හැදි 1
🖤රෝස් එසන්ස් මේස හැදි 1
🖤ආමන්ඩ් එසන්ස් මේස හැදි 1/2
🖤brandi මේස හැදි 1
🖤මී පැණි මේස හැදි 2
🖤බටර් 100g
🖤රුලං 100g
🖤සීනි 250g
🖤බිත්තර සුදු මද 2
🖤බිත්තර කහ මද 4
මාසිපින් අයිසින් වලට අවශ්‍ය ද්‍රව්‍ය
🖤අබරා ගත් කජු කෝප්ප 1/2
🖤අයිසින් සීනි කෝප්ප 1
🖤රෝස් එසන්ස් තේ හැදි 1
🖤ආමන්ඩ් එසන්ස් තේ හැදි 1 /4
🖤බිත්තර සුදු මද 1
සාදන ආකාරය
🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂
❤රේසින්ස්,සුල්තාන කපා ගැනිම අවශ්‍ය නොවේ.පුහුල් දෝසී,ඉගුරු දෝසි,චව් චව්,ඔරෙන්ජ් පීල්,ටිකක් පොඩියට කපා ගන්න.
කජු සහ චෙරි බාගයක් ටිකක් ලොකුවට කපා ගන්න.
❤එසන්ස්,brandi,ජෑම් එකතු කර පියන සහිත වසා තැබිය හැකි කප් එකක් ගෙන දවස් 2ක් වසා තබන්න.
❤රුලං යන්තමින් කබලේ දාලා බැද ගන්න.
❤බිත්තර කහ ලා පාට වෙනතුරු සීනි ටිකක් දමා බීට් කරන්න.
❤සුදු මද පෙන එනකම් බීට් කරන්න .
❤බටර් සහ ඉතිරි සීනී ටික බීට් කර රුලං එකතු කරන්න.බිත්තර කහමද හා සුදු මද ටිකද එකතු කර පලතුරු මිශ්‍රණයට දමා ගන්න.
❤ඉතුරු කජු සහ චෙරි ටිකද එකතු කර ගන්න.
❤පත්තර පිටු 8ක් යෙදු සකසා ගත් ට්‍රෙ එකක 175' පැයක් බේක් කර ගන්න.
❤හොදින් නිවුනු පසු කෑලි කඩා පියනකින් වැසිය හැකි භාජනයකට දමා මිශ්‍රණය වියලි වැඩි නම නැවත ජෑම් සහ brandi ටිකක් දමා මිශ්‍ර කර දවසක් තබා ගන්න.
❤මෙයට කජු,important චෙරි දෙකට කපා එකතු කර ගන්න.
❤දවසකට පසු වෙඩින් කේක් අච්චුවකට
කේක් මිශ්‍රණය පුරවා ඒ මත මාසිපින් අයිසින් එක එලා කෑලි කපස් ගන්න.
මාසිපින් අයිසින් එක සාදන ආකාරය
❤කජු,අයිසින් ෂුගර් ,එසන්ස් හොදින් මිශ්‍රකර බිත්තර සුදු මද ටික ටික දමමින් අතේ නොඇලෙන පදමට අනා ගන්න
❤මෙය ලන් ශිට් එකක් මත1/8 ඝනකමට කේක් එකේ ප්‍රමානයට රෝල් කර එලන්න.අවශ්‍ය ප්‍රමානයට කෑලි කපා ඔතා ගන්න.
සාම්ප්‍රදායික වෙඩින් කේක් රෙසිපි එකත් එක්ක නවත හමුවෙමු.....