27/09/2025
කඩේ තියෙන රැලං ටෝෆි වලටත් වඩා රසට ගෙදරදිම රැලං ටෝෆි හදමුද🙊😍එන්නකෝ, එහෙනම් රැලං ටෝෆි හදන්න
අවශ්‍ය මෙන්න මේ දේවල් ටිකයි.
🟥රැලං 250g
🟥ගාගත් පොල් 100g
🟥සීනි 200g
🟥බටර් මේස හැඳි එකයි
🟥වැනිලා තේ හැඳි භාගයයි
🟥උණු වතුර අඩු කොප්ප භාගයයි
දැන් මේ විදිහට හදාගමු.
🔶 මුලින්ම රැලං ටික රන්වන් පාට වෙනකල් බැදගන්න
🔶 ඊටපස්සේ ගාගත් පොල් ටිකත් බැදගන්න ඕනේ,පොල් වල වතුර ගතිය අයින් වෙනකල්ම බැදගන්න.
🔶 ඊටපස්සේ සීනි ටික ලිපේ තියලා රන්වන් පාට වෙනකල් කැරමල් කරගෙන එකට උණුවතුර එකතු කරගන්න.
🔶 දැන් කැරමල් කරගත්ත සීනි වලට බැදගත්තු පොල් ටික, වැනිලා, ලුණු දාලා හොඳට කලවම් කරගන්න
🔶 විනාඩි දෙකකට පස්සේ බැදගත්ත රැලං ටිකත් ඒකටම දාලා හොඳට කලවම් කරගන්න
🔶 දැන් බටර් එකතු කරලා හොඳට කලවම් කරලා ලිපෙන් භාගන්න
🔶අන්තිමට රැලං ටෝෆි මිශණය ලැල්ලක තුනි කරලා කෑලි කපලා රස බලන්න😍
ටෝෆි ටික තුනි කරන ලැල්ලට බටර් ටිකක් ගාගන්නත් අමතක කරන්න එපා.
Tiki's Bakery පෙජ් එකත් like කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා😍❤️