09/10/2026
Bread Cone ( බ්‍රෙඩ් කෝන් )
පේජ් එක හදන්න කලින් කෑම ගෲප් වලට දාපු රෙසිපියක් . මේක පොඩි Snack එකක් . ටිකක් පොඩියට හදාගත්තා නම් , පොඩ්ඩන්ගෙ බර්ත්ඩේ පාටියකටත් නියමයි ......... 🤗😇
අවශ්‍යය දේවල් 👇
▪️පිටි 200g
▪️බිත්තර 2
▪️මෙල්ට් වුන බටර් 30 g
▪️සීනි 1 tsp
▪️ලූණු 1 tsp
▪️යීස්ට් 1 1/4 tsp
▪️උණුසුම් කිරි 150 ml
▪️මද රස්නෙ වතුර 1/4 cup
සාදාගන්නා ආකාරය 👇
▪️මද රස්නෙ වතුරට යීස්ට් සීනි දාලා දියකර පිපෙන්න පැත්තකින් තියන්න .
▪️පිටි එකට ලූණු දාලා මිශ්‍ර කර , එක් බිත්තර බිත්තරයක් හා උණුසුම් කිරි , දියකරගත් යීස්ට් දමා හොඳින් කලවම් කර , මෙල්ට් බටර් ටිකත් දාලා අනාගන්න Smoothie ඩෝ එකක් වෙනකම් . ඩෝ එක අනාගත් පසු පැයක් වසා තියන්න පිපෙන්න . ඒ අතරේ Cone ටික හා filling එක හදාගමු .
▪️ටිකක් ඝණකම් කොලේකින් ගොට්ටක් හදලා , foil එහෙකින් කවර් කරන්න . Photo දාලා තියෙන්නේ
▪️චිකන් ටිකක් අරගෙන ලූණු , කහ , ගම්මිරිස් දාලා තම්බන්න . බී ළුණු , තක්කාලි ගෙඩියක් කොටු කපා , තම්බා ගත් චිකන් කුඩාවට කපන්න . සියල්ල බෝල් එහෙකට දමා ලුනු , ගම්මිරිස් , මයෝනිස් ටිකක් දාලා කලවම් කර පැත්තකින් තියන්න .
▪️පැයකට පසු පිපිලා තිබෙන ඩෝ එක අරන් , අතින් නීඩ් කර , කොටස් 4 කඩා පිටි ඉසගත් ලෑල්ලක තුනී කරන්න ලනුවක් ආකාරයට . 30 cm දිග තියෙන්න ඕනෙ අපි හදාගත් කෝන් එක වටේ ඔතන්න .මේ ආකාරයට සාදා වි. 20 පිපෙන්න තියා , බිත්තර සාරු ගා 180° විනාඩි 20 බේක් කරන්න .( අවන් එකෙන් අවන් එකට උෂ්ණත්වය වෙනස් නිසා බ්‍රවුන් පාට වෙන කොට ගන්න .)
▪️ බේක් කරගත් කෝන් එක ඇතුලට සළාද කොළයක් දාලා filling එක දාගන්න .
දැන් ඉතින් රස බලන්නයි තියෙන්නේ .
අමාරු වගේ පෙනුනට හදන්න හරිම ලේසියි .
Laxmie palihakkara ✍️