South Ceylon Cinnamon Tea

South Ceylon Cinnamon Tea Kontaktinformationen, Karte und Wegbeschreibungen, Kontaktformulare, Öffnungszeiten, Dienstleistungen, Bewertungen, Fotos, Videos und Ankündigungen von South Ceylon Cinnamon Tea, Lebensmittelservice, Saint Gallen.

09/05/2023

🍁 ඇයි? මේ තරමටම ශ්‍රී ලාංකීය කුරුඳු වටින්නේ .....

ලෝකේ කුරුඳු ප්‍රධාන වර්ග දෙකක් තියනවා ..

1. "සත්‍ය කුරුදු "
2. "කැෂියා කුරුදු " ( කැසියා කුරුඳු )

මේ වර්ග දෙක අතුරින් හොදම වර්ගය "සත්‍ය කුරුඳු "..

ඔයාල දන්නවනේ ලෝකේ තියන හොදම කුරුඳු තියෙන්නේ අපේ රටේ කියලා...

🌿 අපේ රටේ තියෙන්නේ මේ හොදම වර්ගය වන "සත්‍ය කුරුඳු" ...

🌿 විදේශීය රටවල බහුලවම තියෙන්නේ "කැෂියා කුරුඳු " ...

🍁 මෙන්න මේ "කැෂියා කුරුඳු " වල
"කුමරීන්" කියන සංයෝගය වැඩි ප්‍රතිශතයකින් අන්තර්ගත වෙලා තියනවා.. එය ශරීරයට විෂ සහිතයි...
එය පිලිකා කාරකයක් වෙනවා..

🌿 ඒවගේම පහසුවෙන් නොකැඩෙන ඝන පොත්ත සහිත සවිමත් වයනය සහ වඩාත් වැඩි සැර රසයක් කැෂියා කුරුඳු වල පවතිනවා ...

🌿 සාමාන්‍ය වර්ණය තද දුඹුරු හා රතු පැහැයට හුරු දුඹුරු වර්ණයකින් යුක්ත වෙනවා ...

🍁 නමුත් අපේ "සත්‍ය කුරුඳු" වල මේ කියන හානිකර බවේ ගැටළුව නම් නෑ...

🌿 පහසුවෙන් කැඩෙන සුළු වයනයක් සහිත අතර ප්‍රසන්න, සුගන්ධවත් රසයකින් යුක්තවෙනවා...

🌿 සාමාන්‍ය වර්ණය ලා රන් වන් දුඹුරු වර්ණය පවතිනවා ...

ඒ වගේම සෞඛ්‍ය ප්‍රතිලාභයන් රැසක් ලබාදීමේ හැකියාව අපේ රටේ මේ
"සත්‍ය කුරුඳු " වලට තියෙනවා...

ඒකයි අපේ කුරුදු වලට ලෝක වෙළඳපලේ වැඩිම ඉල්ලුමක් තියෙන්නෙත්...

🍁 අන්න ඒ නිසා මේ වර්ග දෙක වෙන්කර හඳුනා නොගත්තොත් අපිත් මේ අහිතකර කුරුඳු වර්ගය අපේ ආහාරයට නොදැනීම එකතු කර ගන්නවා..

🌿 කොහොමද අපි මේ දෙක වෙන්කර හඳුන ගන්නේ...

හොඳින් බලන්න මම දාල තියන චායාරූප දෙක...

🍁 උඩින් තියෙන්නේ "කැෂියා කුරුඳු"

🍁 පහලින් තියෙන්නේ "සත්‍ය කුරුදු"

හඳුන ගන්න හරිම පහසුයි...

🌿 සත්‍ය කුරුඳු වලට වඩා කැෂියා කුරුඳු පොත්ත ඝනකමින් හුඟාක් වැඩී...

හුඟාක්ම වෙලාවට අපේ සත්‍ය කුරුඳු පොතු වල ඇතුල කුරුඳු පොතු වලින්ම පුරවල තියනවා...

හැබැයි කැෂියා කුරුඳු වල එහෙම නෑ...

🌿 අන්න ඒ නිසා වෙළඳපලෙන් මිලදී ගන්නකොට පොතු වලය ඝනකමින් අඩු, පොතුවලින්ම පුරවපු අපේම ගුණදායක සත්‍ය කුරුඳු තෝරගන, කුරුඳු වලින් ලබන්න පුලුවන් ඉහලම සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගන්න..

( දේශිය වෙලදපොල තුල කැෂියා කුරුඳු අලෙවිය සදහා නොමැති බැවින් දේශිය පාරිභෝගිකයාට මෙය එතරම් ආදාල කරුණක් නොවුනත් විදේශීය රටවල ජීවත්වන ශ්‍රී ලංකික ඔබට අපේ සත්‍ය කුරුඳු හදුනා ගැනීමට ඉහත තොරතුරු ඉතාම වැදගත් වේවි.)

🌿 තවත් දෙයක් එකතු කරන්න තියනවා ලංකාවේ මෝරපු කුරුඳු ගස් වලින් ගලවපු "ගොරෝසු කුරුඳුත්" පෙනුමින් කැෂියා වගෙයි.. ඒ දෙක වෙන්කර ගන්නනම් ටිකක් අපහසුයි..

හොදම දේ දෙවෙනි චායාරූපයෙහි වගේ කුරුදු මිලදී ගන්න එකයි...

එච්. ඒ. එල්. සමිත්‍රී,
ව්‍යාප්ති නිලධාරිනී (1920 කෘෂි උපදේශන සේවාව),
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

තරබාරැකම අඩු කරන්නබඩ ඉතා ඉක්මනින් අඩු කරගන්නහොදම පානය කුරැදු තේ☕️☕️☕️👩🏼‍🍳ලංකාවේ නිෂ්පාදනයක්  ceylon cinnmon Tea
21/01/2023

තරබාරැකම අඩු කරන්න
බඩ ඉතා ඉක්මනින් අඩු කරගන්න
හොදම පානය කුරැදු තේ☕️☕️☕️
👩🏼‍🍳ලංකාවේ නිෂ්පාදනයක්
ceylon cinnmon Tea

20/01/2023

Adresse

Saint Gallen

Telefon

+94777350101

Webseite

Benachrichtigungen

Lassen Sie sich von uns eine E-Mail senden und seien Sie der erste der Neuigkeiten und Aktionen von South Ceylon Cinnamon Tea erfährt. Ihre E-Mail-Adresse wird nicht für andere Zwecke verwendet und Sie können sich jederzeit abmelden.

Teilen