16/09/2025
ඔබත් ඔබේ වගාව සාර්ථක කරගැනීමට, වෘත්තීය උපදේශකයින්ගේ මගපෙන්වීම අත්විඳින්න.
ගොවියාගේ සාර්ථකත්වය = නිවැරදි උපදෙස් + අත්දැකීම් බහුල මගපෙන්වීම
ගොවියෙකුට තම වගාව සාර්ථක කරගැනීමේදී, වෘත්තීයමය කෘෂි උපදේශකයකුගෙන් උපදෙස් ලබාගැනීම විශාල වාසියක්. එමඟින් ලැබෙන ප්‍රධාන වාසි:
✅ රෝග හා කෘමි පාලනය – නිවැරදිව හඳුනාගෙන, වේගයෙන් සාර්ථකව පාලනය.
✅ අඩු වියදමෙන් වැඩි අස්වැන්න – soil testing සහ නියමිත පොහොර සැලසුම් නිසා අතිරේක වියදම් නැතිවීම.
✅ ගුණාත්මක අස්වැන්න – වෙළඳපොලේ වැඩි මිලකට විකිණිය හැකි උසස් ගුණාත්මක පලතුරු.
✅ නව තාක්ෂණික දැනුම – drip irrigation, mulching වැනි නව ක්‍රම භාවිතයෙන් වියලි කලාප පවා සාර්ථකව ගෙන යාම.
✅ වෙළඳපොල අවශ්‍යතාවයට ගැලපීම – demand තියෙන varieties තෝරාගැනීමෙන් වැඩි ආදායම.
කෘෂි උපදේශකයෙකුගේ සේවාවන්
🔹 වගා සැලසුම් කිරීම
ගොවියාගේ භූමිය, ජලය, හා කලාපය අනුව වගා වර්ග තෝරා දීම.
නිවැරදි කාලසටහන් සකස් කිරීම.
🔹 පොහොර හා පෝෂණ කළමනාකරණය
මූලික පස් පරීක්ෂණ (Soil Testing) කිරීම.
නියමිත පොහොර ප්‍රමාණය හා සම්මිශ්‍රණය පිළිබඳ උපදෙස්.
🔹 රෝග හා කෘමි පාලනය
අස්වැන්නට බලපාන රෝග හා කෘමි හඳුනාගැනීම.
Integrated Pest Management (IPM) වැනි තාක්ෂණ යොදාගනිමින් පාලන ක්‍රම දීම.
🔹 නව තාක්ෂණ හදුන්වා දීම
Drip irrigation, mulching, greenhouse cultivation වැනි නව තාක්ෂණ.
නව Hybrid සහ High-yielding වගා වර්ග හඳුන්වා දීම.
🔹 වියදම් – ආදායම් කළමනාකරණය
වගා වියදම් අඩු කරගැනීමට උපදෙස්.
වෙළඳපොල අවශ්‍යතාවයට ගැලපෙන අස්වැන්න නිෂ්පාදනය.
🔹 පසු අස්වැන්න කළමනාකරණය
ගබඩා කිරීම, තත්ත්වය ආරක්ෂා කිරීම.
වෙළඳපොලේ ගුණාත්මක මිලට විකිණීමේ උපදෙස්.
🔹 ගොවියන්ට පුහුණුව හා දැනුම ලබාදීම
ගොවියන්ගේ දැනුම වර්ධනය කරන වැඩමුළු, පුහුණු වැඩසටහන්.
අලුත් ක්‍රම හඳුන්වා දීම.
සරලව කිව්වොත්, කෘෂි උපදේශකයෙක් කියන්නේ ගොවියාගේ මගපෙන්වීමේ මිතුරා.
ඔහුගේ සේවාවන් නිසා ගොවියාට අඩු වියදම, වැඩි අස්වැන්න, සහ විශ්වාසනීය ආදායම ලැබෙනවා.
🍀 ඉතින්, හොඳ උපදේශකයෙක් කියන්නේ ගොවියාගේ ජීවිතේ ඉහේ මල් පිපෙන වැඩක්. 🌸