01/10/2026
Cherish රසබර සිතුවම් 2026 🎨💖
ලෝක ළමා දිනය නිමිත්තෙන් Cherish Biscuits වෙතින් පුංචි සිත්තරුන්ට ආදරණීය තිළිණයක්!
පුංචි සිත්තරුන්ගේ නිර්මාණශීලීත්වය අගයමින්, ඔවුන්ගේ සිතුවිලිවලට වර්ණ එක්කරන්නට Cherish රසබර සිතුවම් 2026 ළමා චිත්ර තරගය මෙවර සංවිධානය කර ඇත.
Cherish Biscuits රසයත් සමඟ ඔබේ දූ දරුවන්ගේ මතකයේ රැඳුණු සුන්දර අවස්ථාවක් චිත්රයට නඟා, ඔවුන්ගේ කලාත්මක හැකියාවන් පෙන්වන්න සහ Cherish Biscuits Gift Hampers දිනාගන්න ! 🎁
තරග වයස් කාණ්ඩ
- අවුරුදු 5 – 8
- අවුරුදු 9 – 12
- අවුරුදු 13 – 16
තරගයට සහභාගී වන්නේ කෙසේද?
1. Cherish Biscuits සමඟ මතකයේ රැඳුණු සුන්දර අවස්ථාවක් තේමා කරගෙන චිත්රයක් නිර්මාණය කරන්න. Cherish Biscuits නිෂ්පාදනයක් චිත්රය තුළ අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතුය.
2. චිත්රය A4 Landscape (තිරස්) ප්රමාණයෙන් නිර්මාණය කළ යුතුය.
3. පැස්ටල් හෝ ඔබ කැමති ඕනෑම චිත්ර මාධ්යයක් භාවිත කළ හැකිය.
4. නිර්මාණශීලීත්වය, කලාත්මක හැකියාව සහ සමස්ත ඉදිරිපත් කිරීම මත චිත්ර ඇගයීමට ලක් කෙරේ.
චිත්රය සමඟ පහත විස්තර එවන්න:
- දරුවාගේ සම්පූර්ණ නම
- වයස සහ වයස් කාණ්ඩය
- ලිපිනය
- දුරකථන අංකය
- Most Popular Drawing තරගයට සහභාගී වීමට කැමතිද? (ඔව් / නැත)
චිත්ර එවීමට:
Cherish Biscuits page – Inbox හෝ
WhatsApp: +94 70 367 6027
විශේෂ තරගය – Most Popular Drawing
තරගයට සහභාගී වීමට කැමැත්ත පළ කළ දරුවන්ගේ චිත්ර Cherish Biscuits Facebook පිටුවේ පළ කෙරේ. දින 5ක ඡන්ද විමසීම තුළ වැඩිම වලංගු Comments ප්රමාණයක් ලබාගන්නා චිත්රය Most Popular Drawing ලෙස තෝරාගනු ලැබේ.
තරගයේ කාලසීමාව
- චිත්ර භාරගැනීම: ඔක්තෝබර් 1 – 7
- චිත්ර පළ කිරීම: ඔක්තෝබර් 8
- ඡන්ද විමසීම: ඔක්තෝබර් 8 – 12
- ජයග්රාහකයන් ප්රකාශ කිරීම: ඔක්තෝබර් 13
තරග කොන්දේසි
1. වයස අවුරුදු 5–16 අතර දරුවන්ට පමණක් සහභාගී විය හැකිය.
2. එක් දරුවෙකුට එක් මුල් නිර්මාණයක් පමණක් ඉදිරිපත් කළ හැකිය.
3. චිත්රය තමන් විසින්ම නිර්මාණය කළ එකක් විය යුතුය.
4. නියමිත කාලසීමාව තුළ චිත්ර ඉදිරිපත් කළ යුතුය.
5. Most Popular Drawing තරගයට සහභාගී වීම ස්වේච්ඡාවෙනි.
6. ව්යාජ ගිණුම්, Bots, ස්වයංක්රීය හෝ Spam Comments ඡන්ද සඳහා ගණනය නොකෙරේ.
7. දරුවන්ගේ පෞද්ගලික තොරතුරු ප්රසිද්ධ නොකරන අතර, තරග කටයුතු සඳහා පමණක් භාවිත කෙරේ.
8.ජයග්රාහකයන් තෝරාගත් පසු, ඔවුන්ගේ නිර්මාණ අප වෙත තැපැල් මාර්ගයෙන් එවිය යුතු අතර, එම නිර්මාණ ලැබුණු පසු ඔවුන්ට හිමි ත්යාග එවනු ලැබේ.
9. තරගයේ අවසන් තීරණය Cherish Biscuits සංවිධායක මණ්ඩලය සතු වේ.
මේ ලෝක ළමා දිනයේ පුංචි සිත්තරුන්ගේ සිහිනවලට වර්ණ එක්කරමු!
ඔබේ දූ දරුවන්ගේ දක්ෂතාවය ලොවට පෙන්වන්න, සිතුවමට රසබර මතකයන් එක්කරන්න. අදම Cherish රසබර සිතුවම් 2026 ළමා චිත්ර තරගයට සහභාගී වන්න.
Cherish රසබර සිතුවම් 2026