19/12/2025
🔴මේ දවස් වල කෑම ඕඩර්ස් ගන්න 10 සැරයක් හිතන මම😔😔😔
💥 කීරි සම්බා කිලෝවක පෙර මිල රු.270/-කි.. නමුත් අද මිල රු.350/= සිට 390/- දක්වා වෙනස් වේ...
💥 චිකන් කිලෝවක පෙර පැවති මිල රු.1100/- කි.. අද මිල රු.1200/- ක් වේ..
💥 කජු කිලෝවක පෙර පැවති මිල රු.4750/- නමුත් අද මිල රු.5500/- සිට රු.6800/- දක්වා වෙනස් වේ..
💥වම්බටු කිලෝවක පෙර පැවති මිල රු.200/- කි.. නමුත් අද මිල රු.640/-කි..
💥 බෝංචි කිලෝවක පෙර පැවති මිල රු.200/- ත් රු.300/- අද වේ.. නමුත් අද මිල රු.640/= සිට 1100/- දක්වා අහස උසට නගී.. = ( ඊට වැඩිත් වෙනවා)
💥 පිපිඤ්ඤා කිලෝවක පෙර පැවති මිල රු.100/- ක්.. නමුත් අද එය රු.200/- ක් දක්වා ඉහළ ගොසිනි..
💥 තක්කාලි කිලෝවක පෙර පැවති මිල රු.120/-කි.. නමුත් අද මිල රු.320/-කි..
💥 අමු මිරිස් 250g ක පෙර පැවති මිල රු.80/-කි.. නමුත් අද මිල රු.120/-ත් 150/-ත් අතර වේ..
💥 පොල්තෙල් ලීටරයක් 900/=
💥 යන්තමින් පරිප්පු මිල හෝ පපඩම් මිල වෙනස් වී නැත..
💥 මිරිස් , තුනපහ මිලද රු.25/-කින් 30/-කින් පමණ ඉහළ ගොස් ඇත.. කුළුබඩු සියල්ලට එම සෙතේමය..
💥 කට්ලට් එකක් ඉල්ලුවෝතින් මාළු මිල අහස උසට නගී.. අල කිලෝවක්ද පෙර පැවති මිලට වඩා රු.50කින් පමන ඉහළ ගොස් ඇත..
💥 එපමණක් නොවේ ලන්ච්ශීටි මිල මෙන්ම බොක්ස්වල මිල පවා ඉහළ ගොසිනි..
💥 සේවක පඩි ගෙවන්න බැරි නිසා දැන් යන්තන් මගෙ මහන්සිය ආවරණය කරගැනීම සඳහාද සමහර ඇණවුම්වලින් ලැබෙන ලාභය ගෑවෙන්නවත් මදිය.. නමුත් අසාධාරණ ලෙස මිල ඉහළ දැමීමට නොහැකිය..
ඉතින් අසාදාරණ ලෙස බඩු මිල ඉහල යන එක හිතාගන්නවත් බෑනේ🥺 ...කෑම කරන අපි ඕඩර්ස් දෙන ඔයාලයි ඔක්කොම මේ වෙලාවෙව් අමාරුවේ😔😔
කෑම රත්තරන් නොවේ.. නමුත් බඩු මිල නම් රත්තරන් ලෙස ඉහළ ගොස් ඇත..
මිල වැඩි කියල කියන්න කලින් හිතන්න
වචනවල ක්‍රෙඩිට් එක Ak ❤️🙏