07/06/2026
🍻 ඉරිදා හවස පොඩි චිල් එකක් දාන ගමන් සීයෙ ජනපදේ පැත්තෙ ආව 🐟💭
ලස්සන ජැපැනීස් කාප්පො ටිකක් දාලා ලස්සනට තියාගන්න පුළුවන් ටැංකියේ, මම මොකද කළේ තිලාපියෝ 100ක පරීක්ෂණ නඩයක් බැස්සුවා. මගේම සාක්කුවෙන් කෑම දීදී දැන් මුන්ව ඔබ්සර්ව් කරනවා. හැබැයි මචංලා, මේ 100 දෙනා දිහා බලාගෙන ඉද්දි මට තේරුණා මේ ටැංකිය ඇතුළේ තියෙන්නේ වෙනමම සීන් එකක කුලල් කාගැනීමක් කියලා! 😂
අපේ ස්කයිලයි, ලියෝනයි නම් අකාලයේ අපෙන් සමුගත්තා. 🕊️ RIP🥲
හිල්ඩටයි එයාගේ යාළුවෝ සෙට් එකටයි නම් කොච්චර කන්න දුන්නත් හැදෙන්නේ නෑ, නිකන් කෙට්ටු වෙලා ඉන්නවා.
ඊළඟට ඉන්නවා මාග්‍රට්ගේ කල්ලිය. උන් නම් ශේප් එකේ එක සමානව හැදීගෙන එනවා.
හැබැයි රාවනා වගේ ශේප් එකක් තියන ඇම්ඩගෙ සෙට් එක සීයට ගාණක්. උන් නම් අලි වගේ හැදිලා මුළු ටැංකියම පාලනය කරනවා! 🐘🔥
විහිළුව පැත්තකින් තිබ්බොත්, මම මේ ඩ්‍රින්ක් එක දාන ගමන් මුන්ගේ ස්ටැටිකල් ඩේට ශීට් එකක් හැදුවා. මේක තමයි මචංලා තිලාපියා වගාවේ තියෙන ඇත්තම විද්‍යාව කියල මට හිතෙනවා 🧬📊
තිලාපියා 100ක සාම්පලයක් ගත්තම, එකම ටැංකියේ, එකම කෑම දුන්නත් උන් කවදාවත් එක සමානව වර්ධනය වෙන්නේ නැහැ. ජලජීවී පර්යේෂණ දත්ත වලට අනුව මෙන්න මේකයි මුන්ගේ ඇත්තම තත්ත්වය
1 - මෝටලිටි එක සහ ස්පෙසිෆික් ග්‍රෝත් රේට් එක. උඹල අහල තියනවද ඒ ගැන. මමත් අහල නෑ බං කාලෙකට කලින් නැකඩ එකේ සම්පත් මහත්තයයි ලියනගේ මහත්තයි තමා කියල දුන්නෙ. ඉතුරු ටික පිට රට යූටියුබ් චැනල් ෆලෝ කරල ඉගන ගත්තෙ.
සාමාන්‍යයෙන් දැඩි අවධානයක් නොදුන්නොත් ආරම්භක අවධියේදී 15% - 25% ක Mortality මරණ අනුපාතයක් තියෙන්න පුළුවන්.පව්.ඒකයි අර ස්කයිලාලා ගියේ
මුන්ගේ දෛනික වර්ධන වේගය SGR එක සාමාන්‍යයෙන් 4.5% - 5% බොඩි වේට් පර් ඩේ මට්ටමක තියාගන්න තමයි අපි ට්‍රයි කරන්න ඕනෙ.
2- The 20% ශූටර්ස් ල ඇම්ඩලාගේ කල්ලිය සාම්පලයෙන් 15% - 20% ක් විතර අසාමාන්‍ය ලෙස වේගයෙන් වර්ධනය වෙනවා ජලජීවී විද්‍යාවේදී මුන්ට කියන්නේ Shooters ල කියලා. මුන් තමයි ටැංකියේ චණ්ඩියෝ. කෑම දාපු ගමන් 70% ක් විතර ඩැහැගන්නේ මුන්.
3 - The 50% ඇවරේජ් මාග්‍රට්ගේ කල්ලිය ජනගහනයෙන් 50% ක් විතර සාමාන්‍ය මට්ටමින්, හැබැයි අර චණ්ඩින්ට බයෙන් ශේප් එකේ වර්ධනය වෙනවා.මේක තමා මාකට් එකට තිලාපියා පැටව් ගද්දි සිව් කරල මම විකුනන්නෙ.
4 - The 30% රන්ට්ස් හිල්ඩලාගේ සෙට් එක ඉතුරු 20% - 30% තමයි අන්තිම අසරණ වෙන්නේ.ජීවිත කාලෙම අස්වැසුම දුන්නත් මුං හැදෙන්නෙ නෑ... මුන්ට කියන්නේ රන්ට්ස් ල කියලා. අර චණ්ඩින්ගේ ආධිපත්‍යය නිසා මුන්ට කෑම ගන්න ලැබෙන්නේ නෑ. ප්‍රතිඵලය තමයි උන්ගේ වර්ධනය අඩාල වීම ඔලුව ලොකු වෙලා කඳ හීන් වෙනවා. මාලුවගෙ තියෙන්න ඕනෙ බොඩි ශේප් එක නෑ.
ඒ විතරක් නෙවෙයි, දන්නවද ලොකුම සෙල්ලම?
මුන්ගේ ප්‍රමාණයන් අතර වෙනස 20% කට වඩා වැඩි වුණොත්, අර ඇම්ඩලා ටික හිල්ඩලාගේ පැටවුන්ව නිකන්ම ගිලලා දානවා . මාළුන්ගේ කටේ ප්‍රමාණය අනුව උන්ට තමන්ගේ බර වගේ 10% - 15% ක බරක් තියෙන පොඩි මාළුවෙක්ව සිරාවටම ගිලින්න පුළුවන්! ඔස්කලගෙ මම ඒක තදටම දැකල තියනවා. අවංකවම මට කලවමේ විකුනන්න කිසිම අරමුණක් නෑ. මට ඕනෙ මගෙන් පැටව් ගන්න අයට මෙයාලව අයින් කරල. තමං කරන්න යන වැඩේ කෙරෙන සත්තු ටිකක් දෙන්න.
ඒ නිසා මත්ස්‍ය වගාවකදී සති 2කට හෝ 3කට සැරයක් වත් සයිස් අනුව වෙන් කිරීම කළේ නැත්නම්, ව්‍යාපාරයක් විදිහට FCR එක සම්පූර්ණයෙන්ම වැනසෙනවා කියන එක මේ චිල් එකේ ඉන්න ගමන් ඔයාලටත් මතක් කරන්න හිතුණා!
එහෙනම් හැමෝටම සතුටින් පිරිච්ච සතිඅන්තයක් වේවා! චියර්ස්! 🍻