පාරම්පරික Paramparika - The HealthFood Store

පාරම්පරික Paramparika - The HealthFood Store අපගෙන් ළදරුවන් සඳහා සීරියල්, ළදරු තුනපහ, නට් වර්ග හා මවුවරුන් සදහා සීරියල් මිලදී ගත හැක.��+94704179095�
(13)

👶💚 රසයි.. ගුණයි.. බරත් වැඩියි! 🥰🌾🎉 අපේ 6 වෙනි සංවත්සරය වෙනුවෙන් ඔයාලට විශේෂ Budget Pack OFFER එකක්! 🎁ඔයාගේ චූටි පැටියාට ...
09/10/2026

👶💚 රසයි.. ගුණයි.. බරත් වැඩියි! 🥰🌾

🎉 අපේ 6 වෙනි සංවත්සරය වෙනුවෙන් ඔයාලට විශේෂ Budget Pack OFFER එකක්! 🎁

ඔයාගේ චූටි පැටියාට රසවත් වගේම පෝෂණීය කෑම වේලක් හදලා දෙන්න කැමතිද? 😍

මාස 8+ බබාලට ගැළපෙන HORSE GRAM CEREAL සහ JACK FRUIT CEREAL දැන් Budget Pack එකක් විදිහටම! 💚

🌾💜 1. HORSE GRAM CEREAL – කොල්ලු සීරියල්

කොල්ලු, සාම්ප්‍රදායික සහල්, කවුපි, මුං ඇට, ග්‍රීන් පීස්, සෝයා බෝංචි සහ පරිප්පු ඇතුළු ධාන්‍ය හා රනිල බෝගවල එකතුවක්.

💚 ප්‍රෝටීන් සහ කාබෝහයිඩ්‍රේට් ඇතුළු පෝෂක ලබාගැනීමට උපකාරී වේ.
💚 ශරීර වර්ධනයට සහ දෛනික ශක්ති අවශ්‍යතාවට සහාය වේ.
💚 විවිධ ධාන්‍යවලින් ලැබෙන තන්තු ආහාර ජීර්ණයට උපකාරී වේ.

🍈💚 2. JACK FRUIT CEREAL – කොස් සීරියල්

කොස්, සුවඳැල් සහල් සහ රෝල්ඩ් ඕට්ස්වල එකතුවක්.

💚 බබාගේ ශක්ති අවශ්‍යතාවට දායක වන කාබෝහයිඩ්‍රේට් අඩංගුයි.
💚 කොස්වලින් විටමින් සහ ඛනිජ ලවණ ඇතුළු පෝෂක ලැබේ.
💚 ඕට්ස්වලින් තන්තු ඇතුළු පෝෂක ලබාගත හැකියි.

🥣✨ සීරියල් එක තවත් රසවත් කරමුද? මෙන්න අම්මලාට පහසු RECIPE එකක්!

👩‍🍳 හදාගන්න විදිහ:

1️⃣ අවශ්‍ය සීරියල් ප්‍රමාණය කුඩා බඳුනකට ගන්න.

2️⃣ වතුර හෝ පොල් කිරි ස්වල්පයක් එකතු කරමින් හොඳින් කලවම් කරන්න. නිෂ්පාදනයේ පැකට් උපදෙස් අනුව හොඳින් පිසගන්න. අවශ්‍ය නම් තවත් දියර ස්වල්පයක් එකතු කර බබාට ගැළපෙන මෘදු ගතියට සකස් කරගන්න.

3️⃣ බබාගේ කැමැත්ත අනුව පහත දේවල්වලින් එකක් හෝ සුදුසු කිහිපයක් එකතු කරලා බලන්න. 😍

🍌 හොඳින් පොඩි කළ කෙසෙල්
🥑 පොඩි කළ අලිගැටපේර
🍎 හොඳින් පිස පොඩි කළ ඇපල්
🧀 ලුණු අඩු, පැස්ටරීකරණය කළ චීස් ස්වල්පයක්
🧈 ලුණු නොදැමූ බටර් ස්වල්පයක්
💛 ගිතෙල් ස්වල්පයක්
🥜 බබා වෙන වෙනම හඳුනාගෙන අසාත්මිකතාවක් නැති බව තහවුරු කරගත් නට් වර්ගවලින් සකස් කළ සිහින් පවුඩර් ස්වල්පයක්.

4️⃣ සීරියල් එක හොඳින් පිසුණු පසු, බබාට කවන්න සුදුසු උෂ්ණත්වයට සිසිල් කරලා දෙන්න. ❤️

🌟 බබාගේ බර සෞඛ්‍ය සම්පන්නව වැඩි කරගන්න නම්…

සීරියල් එකට සුදුසු පෝෂණීය අමතර ආහාර එකතු කිරීමෙන් ආහාරයේ ශක්තිය සහ පෝෂණය වැඩි කරගන්න පුළුවන්. ඒත් සෞඛ්‍ය සම්පන්න බර වැඩිවීම සඳහා විවිධ ආහාර සහ සමබර ආහාර වේල් වැදගත්. 💚

⚠️ අම්මලාට වැදගත්: නට් පවුඩර් පළමු වරට හඳුන්වා දෙන්නේ නම්, එක වර්ගයක් බැගින් සුදුසු ආකාරයෙන් ලබා දෙන්න. සම්පූර්ණ නට් වර්ග හුස්ම හිරවීමේ අවදානමක් ඇති කරන නිසා බබාලට දෙන්න එපා. අමතර ලුණු හෝ සීනි එකතු කිරීමෙන් වළකින්න.

🎉🎁 6 වෙනි සංවත්සර විශේෂ Budget Pack OFFER එක!

🌾 HORSE GRAM CEREAL – 100g
🍈 JACK FRUIT CEREAL – 100g

🔥 සීරියල් දෙකම එකට රු. 950/- පමණයි! 😍

📲 දැන්ම ඇණවුම් කරන්න!
අපිට WhatsApp මැසේජ් එකක් එවන්න. ❤️

📞 WhatsApp: +94 70 417 9095

💚 පාරම්පරික – The HealthFood Store

එක දිගට පැය 8-10 ක් නිදාගත්තෙ බබාට වයස කීයෙදිද...🥺❤️Photo copied ❤️
09/10/2026

එක දිගට පැය 8-10 ක් නිදාගත්තෙ බබාට වයස කීයෙදිද...🥺❤️

Photo copied ❤️

මේක ඔයා බීලම බලන්න ඕනි තේ එකක්  ❤️රසම රස, ගුණම ගුණ මසාලා චායි 😍🤤☕ මේ මාසාලා තේ එක වෙනස් රසකට කිරි තේ බොන්න කැමති අයටමයි....
09/10/2026

මේක ඔයා බීලම බලන්න ඕනි තේ එකක් ❤️
රසම රස, ගුණම ගුණ මසාලා චායි 😍🤤☕

මේ මාසාලා තේ එක වෙනස් රසකට කිරි තේ බොන්න කැමති අයටමයි.... එකපාරක් අරගත්තතොත් ඔයාලටම වෙනස තේරේවි. අවුරුදු 5ට අඩු බබාලට තේ හොද නැති නිසා පොඩි අයට නැතිව අනිත් ලොකු දරුවන්ට ටිකක් දෙන්න පුළුවන්. විශේෂයෙන් කිරි බොන්න ආස උනත් සෙම ගතිය තියෙන අයට ඒ ගැන බය නොවී මේ මසාලා චායි දාලා ෆ්‍රෙෂ් මිල්ක් /එලකිරි/එළු කිරි බොන්න පුළුවන්.

🌿☕හොදම කුරුදු, ඉගුරු, කරදමුංගු, සාදික්කා, ස්ටාර් අනීස් වගේ කුළුබඩු වර්ග කීපයක් එක්ක නිසි ප්‍රමිතියෙන් යුතු දේශීය වැනිලා තේ රස පදමට එකතු වෙලා තමයි මේ නිෂ්පාදනය හැදෙන්නෙ. 🌿☕

කටට රසට සුවඳට කිරි තේ එකක් බොන්න අපෙන් මසාලා චායි එකක් අරන් බලන්න 😍 හැමදාමත් බොන නිකම්ම කිරි තේ එකකට වඩා රස තේ එකක් හදාගන්න පුළුවන් 🥰

දැන් මිලදී ගන්න පුළුවන් ඔයාලට ❤️

ඇණවුම් කිරීමට ඉන්බොක්ස් හෝ වට්ස්ඇප් මැසේජ් එකක් එවන්න❤️ +9470 417 9095

👶🏻💚 බබාගේ බර හරියට වැඩි වෙන්නේ නැද්ද?එහෙනම් බබාගේ කෑම වේලට පෝෂණයත් ශක්තියත් වැඩි කරගන්න පුළුවන් මේ විදිහ අත්හදා බලන්න! 🥣...
09/10/2026

👶🏻💚 බබාගේ බර හරියට වැඩි වෙන්නේ නැද්ද?
එහෙනම් බබාගේ කෑම වේලට පෝෂණයත් ශක්තියත් වැඩි කරගන්න පුළුවන් මේ විදිහ අත්හදා බලන්න! 🥣✨

බබාට කෑම දෙන එක විතරක් නෙවෙයි…
👉 ඒ කෑමෙන් ලැබෙන ශක්තිය
👉 ප්‍රෝටීන් සහ පෝෂක
👉 වයසට ගැළපෙන විවිධ ආහාර
බබාගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනයට වැදගත්. ❤️

🌾 පෝෂ්‍යදායක සීරියල්
බබාගේ ප්‍රධාන ආහාර වේලකට පහසුවෙන් එකතු කරගන්න පුළුවන්. විවිධ ධාන්‍ය සහ පෝෂ්‍යදායක අමුද්‍රව්‍ය සහිත සීරියල් තෝරාගන්න.

🌿 මුරුංගා කොළ පවුඩර්
වයසට ගැළපෙන ප්‍රමාණයෙන් බබාගේ කෑමට එකතු කරලා අමතර පෝෂණයක් ලබාගන්න පුළුවන්.

🥜 නට් පවුඩර්
ආමන්ඩ්, වෝල්නට්, කජු වැනි නට් වර්ග වයසට සුදුසු නම් සහ එකින් එක හඳුන්වා දී තිබේ නම්, කෑමට එකතු කරලා ශක්තිය සහ පෝෂණය වැඩි කරගන්න පුළුවන්.

🥣 එකම කෑම වේලට සීමා වෙන්න එපා!
සීරියල් + පලතුරු + නට් පවුඩර් + මුරුංගා කොළ පවුඩර් වගේ වයසට ගැළපෙන විවිධ පෝෂ්‍යදායක දේවල් එකතු කරමින් බබාගේ ආහාර වේල විවිධ කරගන්න. 💚

✨ බබාගේ බර ගැන කනස්සල්ලෙන් ඉන්න අම්මා කෙනෙක් නම්, මුලින්ම බලන්න ඕනේ “කෑම ප්‍රමාණය” විතරක් නෙවෙයි — කෑමෙන් ලැබෙන පෝෂණය සහ ශක්තියත්!

👶🏻🌾 ඔබේ බබාගේ වයසට ගැළපෙන සීරියල්, මුරුංගා කොළ පවුඩර් සහ නට් පවුඩර් වැනි පෝෂ්‍යදායක තේරීම් එකම තැනකින් ගන්න…

💚 පාරම්පරික – පුංචි බඩකට, පෝෂණයෙන් පිරි ආදරයක්.

📲 ඇණවුම් කිරීමට WhatsApp පණිවිඩයක් එවන්න:
+94 70 417 9095

📩 බබාගේ වයස සඳහන් කරලා අපට මැසේජ් එකක් එවන්න. ඔබේ බබාට ගැළපෙන නිෂ්පාදන ගැන අපෙන් විමසන්න. ❤️

බත් වෙනුවට දෙන්න පුලුවන් පෝෂ්‍යදායී රතු හා සුදු කින්වා ඇට (Quinoa seeds) මාස 6 සිට ළදරුවන්ට ලබාදිය හැකියි. 50g, 100g ලෙස...
09/10/2026

බත් වෙනුවට දෙන්න පුලුවන් පෝෂ්‍යදායී රතු හා සුදු කින්වා ඇට (Quinoa seeds) මාස 6 සිට ළදරුවන්ට ලබාදිය හැකියි. 50g, 100g ලෙස ඔබට ලබාගත හැකියි.

https://www.facebook.com/100064060783085/posts/848562073955811/?app=fbl

බබාට නිතරම කැස්ස නම් ටිකක් කල්පනාවෙන්...ගෙවල් දූවිල්ල සාමාන්‍ය බාහිර පරිසරයේ දූවිල්ලට සමාන බවට හැඟුනත් ගෙවල් දූවිල්ල සාම...
08/10/2026

බබාට නිතරම කැස්ස නම් ටිකක් කල්පනාවෙන්...

ගෙවල් දූවිල්ල සාමාන්‍ය බාහිර පරිසරයේ දූවිල්ලට සමාන බවට හැඟුනත් ගෙවල් දූවිල්ල සාමාන්‍ය දූවිල්ලට හාත්පසින්ම වෙනස්වේ.

මිනිසුන් ජීවත්වන විශේෂයෙන්ම නිදාගන්නා ප්‍රදේශයේ ඔවුන්ගේ මැරුණු සම් කැබලි වැටීම නිරන්තරයෙන්ම සිදුවේ.
House Dust Mite ඇඳමෙට්ට දූවිල්ල/ගෙවල් දූවිල්ල ඇතිකරන මයිටාවන් (රූපයේ දැක්වෙන) එම සම්කැබලි ආහාරයට ගෙන වැඩෙනවා.

එම මයිටාවන්ගේ ශරීර කොටස් සහ මළ අපද්‍රව්‍ය (අසූචි) බාහිරයට මුදාහැරීම සිදුවෙනවා.

මේ ද්‍රව්‍ය/අංශු තමයි ගෙවල් දූවිල්ල නැතිනම් ඇඳමෙට්ට දූවිල්ල House Dust බවට පත්වන්නේ.

එනම් ඒවා සාමාන්‍ය වැලිදූවිල්ලට වඩා ඉතාමත් වෙනස් වේ.
මේ වාගේ ඇති ප්‍රෝටීන අංශු අසාත්මකාරක aero allergen බවට පත්වී ඇදුම සහ පීනස ඇතිවීම සිදුවේ.

බබාට නිතරම කැස්ස, කිවිසුම් යාම, නාසය හිරවීම හෝ රාත්‍රියේදී කැස්ස වැඩිවීම තිබෙනවා නම්, නිවසේ ඇති House Dust Mites (ගෘහස්ථ දූවිලි මයිටාවන්) ගැන සැලකිලිමත් වීම වැදගත්. විශේෂයෙන්ම ඇඳ ඇතිරිලි, මෙට්ට, කොට්ට සහ රෙදිවල දූවිලි මයිටාවන්ගේ අංශු සමහර දරුවන්ට අසාත්මිකතා ඇති කළ හැකියි.

නිවසේදී මේවා අඩු කරගැනීමට පහත පියවර අනුගමනය කරන්න. ❤️

# # # 🏠 1. බබාගේ ඇඳ සහ නිදන කාමරය පිරිසිදුව තබාගන්න

1\. ඇඳ ඇතිරිලි සතියකට වරක් සෝදන්න

* පුළුවන් නම් 60°C උෂ්ණත්වයෙන් සෝදන්න (රෙදිවල ලේබලය අනුව).

* මෙට්ටය සහ කොට්ටය සඳහා dust-mite-proof ආවරණ භාවිතා කරන්න.

* ඇඳ ඇතිරිලි ගසමින් දූවිලි ඉවත් කිරීමෙන් වළකින්න.

2\. තෙත් රෙද්දකින් දූවිලි පිසදමන්න

* ඇඳ අසල මේස, ජනෙල් කවුළු, අල්මාරි සහ රාක්ක නිතර පිසදමන්න.

* වියළි රෙදිවලින් දූවිලි ගසා දැමීමෙන් වළකින්න.

* පිරිසිදු කරන වෙලාවේ බබාව වෙනත් කාමරයක තබන්න.

3\. දූවිලි රැඳෙන දේවල් අඩු කරන්න

* ඇඳ අසල ඇති කාපට්, අමතර කොට්ට සහ රෙදි සැරසිලි අඩු කරන්න.

* බබාගේ ඇඳේ මෘදු සෙල්ලම් බඩු ගොඩක් තබන්න එපා.

* සෙල්ලම් බඩු නිතර සෝදා වියළා ගන්න.

4\. මෙට්ටය සහ සෝෆා පිරිසිදු කරන්න

* HEPA filter සහිත vacuum cleaner එකක් තිබේ නම් භාවිතා කරන්න.

* මෙට්ටය, ඇඳ යට සහ රෙදි සෝෆා නිතර පිරිසිදු කරන්න.

* පිරිසිදු කරන විට බබාව එම කාමරයෙන් ඉවත් කර තබන්න.

5\. කාමරයේ තෙතමනය පාලනය කරන්න

* පිටත වාතය සුදුසු නම් දිනපතා ජනෙල් විවෘත කර වාතාශ්‍රය ලබා දෙන්න.

* බිත්තිවල පුස් (mould), තෙතමනය සහ ජල කාන්දුවීම් තිබේ නම් නිවැරදි කරන්න.

* ඇඳ ඇතිරිලි සහ ඇඳුම් තෙතමනය සහිතව තබන්න එපා.

6\. බබාගේ කාමරයේ වාතය පිරිසිදුව තබන්න

* සිගරට් දුම, සුවඳ විලවුන් ස්ප්‍රේ, air fresheners සහ තද රසායනික පිරිසිදුකාරකවලින් වළකින්න.

* සුරතල් සතුන් බබාගේ ඇඳට හා නිදන කාමරයට ඇතුළු වීම සීමා කරන්න.

මෙම පියවර ගෘහස්ථ දූවිලි මයිටාවන්ගේ අසාත්මිකතාකාරක අඩු කිරීමට උපකාරී විය හැකියි.

තව කෙනෙකුට බලන්න ශෙයා කරන්න.

👶🏻💚 බබාගේ බර හොඳින් වැඩි කරගන්න නම්, කෑම දෙන එක විතරක් ප්‍රමාණවත්ද? 🥣✨බබාට කෑම දෙනවා…ඒත් බබාගේ බර බලාපොරොත්තු වෙන විදිහට...
08/10/2026

👶🏻💚 බබාගේ බර හොඳින් වැඩි කරගන්න නම්, කෑම දෙන එක විතරක් ප්‍රමාණවත්ද? 🥣✨

බබාට කෑම දෙනවා…
ඒත් බබාගේ බර බලාපොරොත්තු වෙන විදිහට වැඩි වෙන්නේ නැද්ද? 🥺

බබාගේ වර්ධනය ගැන හිතන අම්මලාට කෑම ප්‍රමාණය විතරක් නෙවෙයි, ඒ කෑමෙන් ලැබෙන පෝෂණය සහ ශක්තියත් ඉතා වැදගත්. ❤️

ඒ නිසා බබාගේ ධාන්‍ය ආහාරය සකස් කරනකොට මේ කරුණු ගැනත් අවධානය දෙන්න. 👇

🌾 1. පෝෂ්‍යදායක ධාන්‍ය වර්ග තෝරන්න

සහල්, කුරක්කන්, ඕට්ස් වැනි විවිධ පෝෂ්‍යදායක ධාන්‍ය වර්ග බබාගේ ආහාරයට එකතු කිරීමෙන් විවිධ පෝෂක ලබාදීමට හැකියාව ලැබෙනවා. 🌾💚

ඒ නිසාම අපේ පාරම්පරික ධාන්‍ය ආහාර විවිධ පෝෂ්‍යදායක ධාන්‍ය වර්ග සහ සුදුසු අමුද්‍රව්‍ය එකතු කරලා සකස් කරලා තියෙනවා. 🥣✨

බබාගේ දෛනික ආහාරයට පහසුවෙන් එකතු කරගන්න පුළුවන් පෝෂ්‍යදායක ආහාරයක් විදිහට මේවා තෝරාගන්න පුළුවන්. ❤️

🥜 2. පෝෂණයෙන් සහ ශක්තියෙන් පොහොසත් ආහාර එකතු කරන්න

බබාගේ වයසට සුදුසු නම් සහ ඒ ආහාර දැනටමත් හඳුන්වා දී තිබේ නම්,

🥜 නට් සහ බීජ වර්ග
🫘 පරිප්පු සහ කින්වා ඇට හා අනෙකුත් රනිල බෝග
🥛 සුදුසු කිරි වර්ග
🍌 කෙසෙල් වැනි පලතුරු

වැනි ආහාර ධාන්‍ය ආහාරයට එකතු කරලා වඩාත් පෝෂ්‍යදායක ආහාර වේලක් සකස් කරගන්න පුළුවන්.

🥣 3. ධාන්‍ය ආහාරය වතුරෙන් විතරක් සකස් කරනවාද?

බබාගේ වයසට සහ ආහාර හඳුන්වා දී ඇති ආකාරයට ගැළපෙන සුදුසු ආහාර එකතු කරලා, බබාට අවශ්‍ය පෝෂණය සහ ශක්තිය ලබාදීමට උපකාරී වන ආහාර වේලක් සකස් කරන්න පුළුවන්. 💚

ගිතෙල්, බටර්, පොල් කිරි, චීස් ආදිය එකතු කරන්න.

🍚 4. එකම ආහාරය එකම විදිහට හැමදාම දෙන්න එපා

අද කෙසෙල් එක්ක 🍌
හෙට සුදුසු පලතුරක් එක්ක 🍎
තවත් දවසක බබාට හුරු වෙනත් පෝෂ්‍යදායක ආහාරයක් එක්ක 🥣

වයසට ගැළපෙන විවිධ ආහාර එකතු කරමින් ආහාර වේල වෙනස් කරලා දීම වැදගත්.

💚 බබාගේ බර ගැන හිතන අම්මලාට විශේෂයෙන්ම...

බබාගේ බර වැඩි කරගැනීම සඳහා එක ආහාරයක් පමණක් මත රඳා සිටිනවාට වඩා, පෝෂ්‍යදායක ධාන්‍ය + ශක්තිය ලබාදෙන ආහාර + ප්‍රෝටීන් සහිත ආහාර + විවිධ පෝෂ්‍යදායක ආහාර ඇතුළත් සමබර ආහාර වේලක් ලබාදීම වැදගත්. ❤️

🌾🥣 ඒ වෙනුවෙන් අපේ පාරම්පරික ධාන්‍ය ආහාරත් ඔබේ බබාගේ දෛනික ආහාර වේලට පහසුවෙන් එකතු කරගන්න පුළුවන් පෝෂ්‍යදායක තේරීමක්. 💚

👶🏻 ඔබේ බබාටත් පෝෂ්‍යදායක ධාන්‍ය ආහාරයක් අවශ්‍ය නම්, අපේ නිෂ්පාදන ගැන වැඩි විස්තර දැනගන්න අපට බබාගේ වයස සදහන් කරලා මැසේජ් එකක් එවන්න. ❤️

📲 ඇණවුම් කිරීමට වට්ස්ඇප් පණිවිඩයක් එවන්න:
+94 70 417 9095

🌾💚 පාරම්පරික –
පුංචි බඩකට, පෝෂණයෙන් පිරි ආදරයක්. ❤️

Happy customer feedback 🥰
08/10/2026

Happy customer feedback 🥰

මගේ පුතාට මම අවුරුදු 1 ඉදලම මේ @පාරම්පරික Paramparika - The HealthFood Store එකෙන් ගන්න mix nut powder ekai mix seeds powder එකයි දෙනවා..
ඇත්තටම බබාට ප්‍රතිශක්තිකරණ පද්ධතියට ගොඩක් වටිනා දෙයක්.
මොලයෙ වර්ධනයට..ගොඩක් වටිනවා..
අත්දැකීම් එක්ක දාන post ekak..🥰🥰🥰

දරාගෙන ජීවිතය ආදරේ උතුරන්නපුතුනි නුබෙ හෙට දවස මුතුපොටක බබලන්න.සවිය වෙමි අපි දෙන්නනුබ ලගින් නිබදවමමගේ මැණික නුබ තමයිමගේ හ...
08/10/2026

දරාගෙන ජීවිතය
ආදරේ උතුරන්න
පුතුනි නුබෙ හෙට දවස
මුතුපොටක බබලන්න.
සවිය වෙමි අපි දෙන්න
නුබ ලගින් නිබදවම
මගේ මැණික නුබ තමයි
මගේ හුස්ම හැමදාම

නෙලුම් මල වගෙයි නුබ
පිපෙනකොට ලස්සනයි.
දන්නවද මැණික මම
නුබෙන් සැනසෙන තරම
දෙඅත් දෙක උඩ ඉද්දි
දෙයක් නෑ වටින තව
සසරේ මහමායා වී
නුබ රකිමි හැමදාම.

මගේ පුතේ, අම්මගේ එකම පැතුම ඔයාට නිරෝගිමත්, සතුට විතරක්ම තියෙන ලස්සන ජීවිතයක් පමණමයි❤️🙏

මගේ පුතා හෙවෝන් ශේනුක්
අවුරුදු 3 මාස 4

Dulani Ratiyala

මේ අපේ තරගයට එකතු කරපු තවත් ලස්සන නිසදැසක්.

ඉතින් ගොඩක් ස්තුතියි තරගයට සහභාගී උනාට. මොකද මේ හැම වචනයක් ගානේ පිරිලා ඉතිරිලා තිබුණේ ඔයාලගේ බබාලට ඔයාලගේ හිතේ තියෙන ආදරේ.. හරිම හැගීම් බර වචන මේ... 🥺❤️

ඉතින් ඒක පල නොකර ඉන්නෙ කොහොමද... අද ඉදන් දවස ගානේ සහභාගී වූ ඔයාලා හැමෝගෙම නිසදැස් පල කරනවා අපි. මොකද අම්මගේ තාත්තගේ ඒ ආදරයට අපි ඒ ගෞරවය වටිනාකම දිය යුතුමයි කියලා අපි විශ්වාස කරනවා ❤️

අපි එක්ක රැදිලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි ආදරෙයි ❤️

මේ මාසයේ අපි 6වෙනි සංවත්සරය වෙනුවෙන් රෙසිපි තරගයක් ලෑස්ති කරලා තියෙන්නේ. ඔයාලට ඒකටත් සහභාගී වෙන්න පුළුවන් ❤️

https://www.facebook.com/share/p/1EYqmcHabp/

 #මහත්වෙන බටර් අග්ගලාවේ වට්ටෝරුව! 🤗🥰අපේ සුවපෝෂ සීරියල් එක පොඩ්ඩො විතරක් නෙවෙයි ලොකු අයත් ආස හරිම ප්‍රණීත රසක්, සුවදක් ති...
08/10/2026

#මහත්වෙන බටර් අග්ගලාවේ වට්ටෝරුව! 🤗🥰

අපේ සුවපෝෂ සීරියල් එක පොඩ්ඩො විතරක් නෙවෙයි ලොකු අයත් ආස හරිම ප්‍රණීත රසක්, සුවදක් තියෙන බර වැඩි කරන රස කෑමක්...

ඉතින් හැමදාම පොඩි අයටමනෙ රෙසිපි දාන්නෙ... මේක ලොකු අයට හොදයි.

🤗 කෙට්ටු අය මහත්කරන ‘හාස්කම්’ බටර් අග්ගලාව.
🤗 මේක හැකිනම් දවසකට අග්ගලා ගුලි 5 බැගින් රෑට කන්න.
(සාමාන්‍ය කන කෑම වේලට අමතරව)

🟨 සාදාගන්න අවශ්‍යකරන දේවල්
▪️ සුවපෝෂ මේස හැඳි 3ක්
▪️ කපාගත් රටකජු හෝ රටකජු පවුඩර් මේස හැදි 1 ක්
▪️ ලුණු පිංචක් හා
සීනි රස අනුව හෝ
සිහින්ව කපාගත් රට ඉඳි මේස හැදි 1 -2ක් ( සීනි නැතුව රට ඉඳිනම් වඩාත් හොඳයි)
▪️ සිහින්ව ලියාගත් කජු/ආමන්ඩ් / වෝල්නට් වැනි නට් වර්ග එකතු කළ හැකියි.
▪️ ගා ගත් පොල් මේස හැදි 6 ක්
▪️ බටර් හෝ ගිතෙල් මේස හැදි 4 ක්
▪️ කිරි පිටි මේස හැදි 1 ක් ( අත්‍යවශ්‍ය නෑ)

🟨 සාදාගන්නා ආකාරය,
▪️ මේ සියල්ල බඳුනකට දමන්න.
▪️ හොඳින් මිශ්‍රකරන්න
▪️ තෙත ගතිය මදිනම් මද උණුසුම් වතුර හෝ ෆ්‍රෙෂ් මිල්ක් ටික ටික එකතුකරන්න.
▪️ පසුව ගුලි හදාගන්න.

▪️ සාදාගත් ගුලි 5 ක් කාලා උණුසුම් සුදු කිරි විදුරැවක් පානය කරන්න. ( කිරි තේ හදන්න එපා. තේ කොල වල කැෆේන් වැඩි නිසා පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය හරියට සිදු වෙන්නෙ නෑ. සුදු කිරි වලට අකමැති නම් වැනිලා බිංදුවක් එකතු කරන්න. කිරි එකට සීනි නොදා හදලා අග්ගලා කාලා කිරි එක බොන්න 😍)

සතියට දවස් 3-4ක් කාලා බලන්නකෝ, බර අඩු අයට බර වැඩි කරගන්න පුළුවන්. 😍

සුවපෝෂ වගේම අපේ ඕනිම සීරියල් එකක් මේකට පාවිච්චි කරන්න පුලුවන්.❤️ විශේෂයෙන්ම Healthy grain cereal එකට. ඒකෙ නට් වර්ග අඩංගු නිසාම තවත් රසවත් ගුණවත් විදියට දෙන්න පුළුවන් 🥰

ඉතින් ඔන්න චූටි පැටවුන්ට මේක දෙන්න හොදයිද අහයිනෙ.. සීනි, කිරිපිටි නැතුව මාස 8 ට වැඩි නට් වර්ග හදුන්වා දුන් පොඩි අයටත් හදලා දෙන්න පුළුවන් 🥰.

Recipe copied from Sri Madara

සුවපෝෂ, නට් වර්ග, නට් පවුඩර් ආදිය මිලට ගන්න අපිට මැසේජ් එකක් එවන්න ❤️
price list
Whatsapp catalog 👇
https://wa.me/c/94704179095

Facebook catalog 👇
https://m.facebook.com/story.php?story_fbid=347837460443528&id=108105001083443

ඇණවුම් කිරීමට ඉන්බොක්ස් හෝ වට්ස්ඇප් මැසේජ් එකක් එවන්න❤️ 070 417 9095

Address

Colombo, Western
Colombo

Alerts

Be the first to know and let us send you an email when පාරම්පරික Paramparika - The HealthFood Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share