21/09/2026
🎃🥣 Creamy Pumpkin Soup | වට්ටක්කා සුප්
වැස්ස දවස්වලට උණු උණුවෙන් රස බලන්න හරිම ලේසි, රසවත් වට්ටක්කා සුප් එකක් 😍✨
🛒 අවශ්ය ද්රව්ය
🎃 වට්ටක්කා – 300g
🧅 ලූනු – ½ක්
🧄 සුදු ලූනු – බික් 1–2ක්
🥕 කැරට් – 1ක්
💧 වතුර– කෝප්ප 2ක්
🥛 Heavy cream / cooking cream / milk – ¼ කෝප්පයක්
🫒 ඔලිව් ඔයිල් – තේ හැඳි 1ක් හෝ බටර් මේස හැඳි 1
🧂 ලුණු – රස අනුව
🌶️ ගම්මිරිස් – තේ හැඳි ¼ක්
👩🏻🍳 මම හදන විදිහ
1️⃣ මුලින්ම වට්ටක්කා සහ කැරට් කුඩා කැබලිවලට කපාගන්න.
2️⃣ භාජනයකට ඔලිව් ඔයිල් හෝ බටර් දාලා ලූනු සහ සුදු ලූනු මද ගින්නේ මෘදු වෙනතුරු බැදගන්න.
3️⃣ වට්ටක්කා සහ කැරට් එකතු කර විනාඩි 2–3ක් බැදගන්න.
4️⃣ වතුර එකතු කර වට්ටක්කා හොඳින් මෘදු වෙනතුරු විනාඩි 15–20ක් තම්බගන්න.
5️⃣ ටිකක් නිවෙන්න දීලා blender එකකින් smooth වෙනතුරු blend කරගන්න.
6️⃣ නැවත භාජනයට දාලා havey cream/කිරි එකතු කර මද ගින්නේ විනාඩි 2–3ක් රත් කරන්න.
7️⃣ අවසානයේ ලුණු සහ ගම්මිරිස් රස අනුව එකතු කරගන්න. 😋
🥣 උණු උණුවෙන්ම serve කරන්න!🎃🧡
#වට්ටක්කාසුප්