14/09/2026
♥️ සුබ උදෑසනක් වේවා ...
ඉතින් , අදත් ඉර අව්ව ලස්සනට පෑව්වත් වැහි මන්දාරම සැරින් සැරේට අහසෙ මතුවුනා ...
අද උදේට ගෙදර ආදරණීයන්ට මුංඇට තම්බා ගාගත් ළපටි පොල් , උම්බලකඩ යහමි.යහමින් දමා හැදුව කට්ට සම්බෝලත් එක්ක පිළිගැන්වූවා ...
කන ගමන් බොන්න ප්ලේන්ටියකුත් හැදුවා ...
උදාවුනු සඳුදාව සතියේ සියලුම වැඩකටයුතු සාර්ථකව ගොනු කරගනිමින් , නිරවුල් මනසකින් වැඩ පටන්ගන්න ලැබෙන සුබ සඳුදාවක් වේවා !!!