05/08/2026
(රෙසිපීස් )
😲🔴වැදගත්: ධාන්‍ය වලින් පමණක් සකසා ඇති නිසා ස්වභාවික ධාන්‍ය රසය හැර වෙනත් රසක් මේ සීරියල් වල අඩංගු නැහැ. ලුණු සීනි හෝ වෙනත් රසකාරක නෑ ..
😳🛑නිකම් උණුවතුරෙන් අනලා සකසා දෙනවාට වඩා දරුවාගේ වයසට ගැලපෙන ලෙස, දරුවා කැමති ක්‍රමය බලලා පලතුරු, යෝගට්, වියලි පලතුරු හෝ පොල්කිරි,බටර්, ළදරු තුනපහ, එලවළු ආදිය එක් කර තෙම්පරාදු රසයට ආදී ලෙස විවිධ රෙසිපි අනුව සකසා දරුවාට ලබාදෙන්න පුළුවන්. කෑම කන්න ආසා නැති දරුවන්ට ආහාර රුචිය වැඩිවෙන ලෙස, පෝෂණය වැඩි වෙන ලෙස මේ සීරියල් සකසා දෙන්න ඔබට පුළුවන්.
(මේ රෙසිපි පොදුවේ ලියන නිසා අවුරුද්දට අඩුයි නම් පහත රෙසිපි වලට ලුණු,සීනි, fresh milk, නට් වර්ග එකතු කරන්න එපා. ඒ දේවල් නොමැතිව හදන්න පුළුවන්. සීරියල් සමග සැමවිටම දරුවාට කලින් හදුන්වා දී ඇති, ඒ වයසට ගැලපෙන ආහාර එකතු කරන්න වග බලාගන්න)
🥣1. කැඳ
සීරියල් හැදි 1ක් වතුර කෝප්ප භාගයක දියකරලා මද ගින්නේ රත් කරන්න. එයට කිරි එකතු කර නටන විට ලිපෙන් බාන්න. නිවුනු පසු මවුකිරි /කෙසෙල් / දරුවාට හදුන්වා දී ඇති බටර්, ගී හෝ රට ඉදි වැනි දෙයක් දමා කවන්න.
🥣තෙම්පරාදු කැඳ
ඕනම ධාන්‍ය වර්ගයක් බෙරි වෙන්න තම්බගෙන හොදින් පොඩි කරන්න. වලදක් ලිප තබා රත් කර එයට ගිතෙල් හැන්දක් දමා කපාගත් රතුලූණූ, සුදු ලූනු, බේබි තුනපහ තේ හැදි බාගයක් දමා කලවම් කර පොඩි කරගත් ධාන්‍ය එකතු කරන්න. සීරියල් හැදි 1 කැමති නම් එකතු කර පොල් කිරි දමා හොදින් පිසගන්න.
🥣 අවුරුද්දට වැඩි නම් සීරියල් හැදි 2 ක් පමණ වතුර සමග කලවම් කර ලිප තබා රත් කරන්න.. හොදින් නටන විට ෆ්‍රෙෂ් මිල්ක් හා සීනි ටිකක් දමා කලවම් කරන්න. නැත්තං එයටම ගොටුකොළ ඉස්ම ටිකක් මිශ්‍ර කර කොළ කැඳ සකසන්න හැකිය.
කන්න හොර බබාලට බර වැඩි කරගන්න මේ වගේ කැඳ හදලා දෙන්න ❤️
🥣2. කෙසෙල් සීරියල්
ඕනම සීරියල් වර්ගයකින් මේස හැදි 1 උණු වතුරෙන් අනන්න. එයට හොදින් ඉදුනු කෝලිකුට්ටු කෙසෙල් ගෙඩියක් පොඩිකර දරුවාට කවන්න. (අවුරුදු 1ට වැඩියි නම් සීනි, ලුණු පිංචක්, ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරන්න)
🥣උණුවතුර වෙනුවට උකු පොල් කිරි එකතු කර ලිප තබා රත් කර සීරියල් සකසා පලතුරු එකතු කිරීමෙන් මනා රසයක් ලබාගත හැක.
🥣පළතුරු සීරියල්
බබා කැමති පලතුරක් අඹ, ගස්ලබු, ස්ට්‍රෝබෙරි, අලිපේර වැනි, හොදින් පොඩි කර සීරියල් හැන්දක් එක්ක මිශ්‍ර කරන්න. එයට ඔලිව් තෙල් හැන්දක් දමා කවන්න. මේ ආකාරයෙන්ම පෝෂණ බත් උයද්දි, කිරිබත් උයද්දි පොල්කිරි සමග මිශ්‍ර කර අවසානයට සීරියල් හැදි 1 ක් එකතු කරගන්න පුළුවන්.
🥣3. රට ඉදි සීරියල්
වලදක් ලිප තබා එයට ගිතෙල් හෝ බටර් හැදි 1 ක් එකතු කර බේබි සීරියල් හැදි එකක් වතුරෙන් දිය කර දමන්න. හොදින් රත් වී තලපයක් වගේ වූ පසු එයට රට ඉඳි සිරප් හැන්දක් හෝ හොදින් පොඩි කරන ලද රට ඉදි ගෙඩියක්,2ක් හා දමා මිශ්‍ර කර බබාට කවන්න.
🥣4. පෑන් කේක්/තෝසේ
සීරියල් මේස හැදි 2, බිත්තර එකක්(ගම් බිත්තර හෝ වටු බිත්තර වඩා ගුණයි) පොල්කිරි කප් භාගයක්, ලුණු පිංචක්, බේබි තුනපහ තේ හැදි භාගයක්, කහ කුඩු තේ හැඳි කාලක්. සියල්ල මිශ්‍ර කර පොඩි රවුම් පෑන් කේක් හදන්න. කැබලි වලට කඩා බබාට දෙන්න. (වයස අනුව කැබලි ලබාදෙන්න) මෙයට කැමති නම් පලතුරු පොඩි කර හෝ එලවළු සිහින්ව කපා එකතු කරන්න පුළුවන්.
🥣5. සීරියල් මෆින්
සීරියල් මේස හැදි 4, බිත්තර 2, සීනි කප් කාලක්, බටර් කප් කාලක්, වැනිලා බිංදුවක්
සියල්ල එකතු කර හොදින් බීට් කරන්න. ස්පන්චි /කප් කේක් කොළ වලට හෝ බටර් ගාගත් මෆින් ට්‍රේ එකට දමා උඩින් රටකජු,තල වැනි දෙයක් දාන්න. කලින් රත් කරගත් අවන් එකක180° උෂ්ණත්වයේ විනාඩි 15ක් බේක් කරන්න.
🥣6. කීෂ්
සීරියල් කප් 1, බිත්තර 2, හීනියට කපාගත් නිවිති, හීනියට කපාගත් රතු ලූණු, ග්‍රේට් කරගත් කැරට් දමා ලුණු පිංචක්, බේබි තුනපහ දමා හොදින් මිශ්‍ර කරන්න.
බටර් ගාගත් මෆින් තැටියේ දමා ප්‍රී හීට් අවන් එකක180° උෂ්ණත්වයේ විනාඩි 15ක් බේක් කරගන්න.
🥣7. සීරියල් ඔම්ලට්
සීරියල් හැදි 1, කිරි හැදි 1, බිත්තර 1, හීනියට කපාගත් රතුලූණු, නිවිති හෝ ගොටුකොළ, බෙල් පෙපර්, තක්කාලි ,කරපිංචා ,ලුණු, කහ කුඩු, බේබි තුනපහ දමා මිශ්‍ර කර පෑන් එකේ ඔම්ලට් එක හදාගන්න. කුඩා කැබලි වලට කපා බබාට දෙන්න.
🥣8. සීරියල් ඉට්ලි
සීරියල් හැදි 4ක් ලුණු පිංචක්, බේබි තුනපහ ටිකක්, ග්‍රේට් කරපු කැරට්, හීනියට කැපූ බෝංචි වැනි දෙයක් දමා වතුරෙන් අනා ඝනකම් මිශ්‍රණයක් හදාගන්න. (කැමති නම් ග්‍රේට් කරන ලද එලවළු එකතු කරන්න.) ඉට්ලි තැටියට තෙල් ගා මිශ්‍රණයෙන් ටික ටික දමා හුමාලයෙන් තම්බා ගන්න. මිශ්‍ර එලවළු කරියක් සමග බබාට අනා පොඩි කර කවන්න.
🥣පිට්ටු
සීරියල් මේස හැදි 2 ක්, උණුවතුරෙන් අනමින් චූටි පිට්ටු කැට හදාගන්න. හීනියට ග්‍රේට් කරපු කැරට්,ලීක්ස් ටිකක්, රටකජු ටිකක් (අවුරුද්දට වැඩි බබාලට) දාලා මිශ්‍ර කරලා කප් වලට දමා හෝ පිට්ටු බම්බුවට දමා ස්ටීම් කර පිට්ටු සකසා ගන්න. බේබි තුනපහ වලින් රස ගැන්වූ මාළු, බිත්තර කිරි හොදි ටිකක් සමග දරුවාට අනා කවන්න.
🥣උප්මා - ගිතෙල් වලින් සිහින්ව ලියාගත් එලවළු කීපයක්, මාළු හෝ මස්, බේබි තුනපහ ටිකක් දමා තෙම්පරාදු කර එයට සීරියල් හැදි 2 ක් එකතු කර හැදිගාමින් වතුරෙන් උයාගන්න. අවසානයේ පොල් කිරි එකතු කර උකු වනතෙක් හැදිගාමින් උයාගන්න. මෙය ඉතාමත් රසවත් කෑමක්.
🥣9. අග්ගලා
සීරියල් හැදි 4ක් පමණ ලිප තබා වතුර දමා තලපයක් සේ සකසා ගන්න. එයට, ලුණු පිංචක්, ළපටි පොල් කප් භාගයක්, සීනි ටිකක් දමා කලවම් කර ගුලි සාදා දෙන්න.
🥣10. කුකීස්
සීරියල් 60g, බිත්තර 1, රෝල්ඩ් ඕට්ස් 60g, බටර් 50g, රට ඉදි/සීනි 50g , කැමති නම් තල, නට් පවුඩර් ආදියද තේ හැදි කීපයක් ගෙන කුකීස් මෝලිය හදාගන්න. එය කුඩා පැතලි බෝල වලට වෙන් කර අවන් එකේ පුළුස්සා ගන්න. පසුව දරුවාට ලබාදෙන්න පුළුවන්. මාස 8-10 කුඩා දරුවෙක් නම් මවුකිරි සමග පොගවා දීමටද හැක. බිස්කට් වර්ග වෙනුවට නිවසේදීම හදාගන්න පුළුවන් රස ගුණ වැඩි.
🥣11. තෙම්පරාදු සීරියල් තලප
සීරියල් හැදි 2 වතුර හෝ කිරි දමා මද ගින්දරේ තරමක් උකු වනතෙක් මද ගින්නෙ උයා ගන්න. වෙනත් පෑන් එකක් ලිප තබා බටර් හෝ ගිතෙල් හැදි 1ක් දමා එයට හීනියට කැපු කරපිංචා, සුදු ලූනු, රතු ලූණු , බේබි තුනපහ ටිකක් දාන්න. එය රන්වන් පාට වූ පසු කලින් උයාගත් සීරියල් තලපය එක් කරන්න. ගුලි සකසා පරිප්පු, අල හොදි, වට්ටක්කා හොදි වැනි ව්‍යංජනයක් සමග අනා බබාට කවන්න.
🥣ළදරු තුනපහ වලින් කිරි හොදි
අල, කැරට් හෝ අවශ්‍ය එලවළු / මස් / මාළු ඕනම දෙයක් බබාට ගැලපෙන විදියට කිරි හොදි ලෙස සකස් කරගන්න පුළුවන්.
අවශ්‍ය එලවළුව හෝ මාළු ආදිය හොදින් සුද්ද කර කෑලි කපාගන්න. අල කිරි හොදි හදනවා නම් අල පොතු නැතිව කපා එයට කපාගත් රතුලූණූ, කරපිංචා, රම්පේ, බේබි තුනපහ,කහ කුඩු ටිකක් එකතු කර ලිප තබා රත් කරන්න. අල ඉදුණු පසු උකු පොල් කිරි දමා රත් කරන්න.
බත්, ඉදිආප්ප සමග ඉතාම රසවත් මේ කිරි හොදි එකට ඕනම අල වර්ගයක් භාවිතා කරන්න. මේ ආකාරයටම දරුවාට කිරි මාළු, බිත්තර කිරි හොදි, අනෙක් වට්ටක්කා , කැරට්, පතෝල ආදි එලවළුත් කිරට සකසා දිය හැකියි. කන්නේ නැති බබාලා හරිම ආස වෙයි මේ කිරි හොදි එකට. පාරම්පරික ඕනම සීරියල් එකකට බිත්තර එකක්, පොල් කිරි ටිකක් මිශ්‍ර කරලා තෝසෙ හදාගෙන, සීරියල් මිශ්‍ර ඉදිආප්ප ටිකක් සමග හෝ බත් සමගත් මේ කිරි හොදි එක දරුවාට ලබාදෙන්න පුළුවන්.
🥣 පෝෂණ බත්
හාල් තේ හැදි 2-3 ( දරුවාට දෙන ප්‍රමාණය ගන්න), පරිප්පු තේ හැදි 1 හොදින් සෝදා ගන්න. වලදට දමා කහ පාට එලවළුවක් ( වට්ටක්කා වැනි) , කොලපාට එලවළුවක් ( දඹල, බෝංචි, පතෝල වැනි) , මස් හෝ මාළු කෑල්ලක් සමග කපාගත් රතුලූණූ, බේබි තුනපහ තේ හැදි බාගයක් දමා හොදින් පිසගන්න. අවසානයේ පොල් කිරි ටිකක්, සීරියල් හැදි 1 දමා රත් කරන්න. නැතිනම් බටර්, ඔලිව් තෙල් වැනි දෙයක් කෑමට උඩින් දමා දරුවාට කවන්න.
🥣12. බර වැඩි කරගන්න අල බිත්තර මැජික් 🥰
තම්බා ගත් අල වර්ගයක් (අර්තාපල්, කැරට්,බතල හෝ වට්ටක්කා වැනි දෙයක්), හොදින් තැම්බූ බිත්තරයක්, ලුණු රහිත බටර් හා චීස්, මවුකිරි එක් කර හොදින් පොඩි කරන්න. එයට බේබි සීරියල් තේ හැඳි 2ක් එක් කර බබාට කවන්න. බබාගේ බර වැඩි කරගන්න මේ රෙසිපි එක ඉතාම සුදුසු වේ.