16/09/2026
වැටි වැටී නැගිටින්න… 🌱
ජීවිතේ හැමදාමත් අපිට හිතන විදිහට ගෙවෙන්නේ නැහැ.
සමහර දවස්වල අපි වැටෙනවා ඒත්...
සමහර දවස්වල අපිව නැගිට්ටවන්න කවුරුත් නැති වෙනවා…
ඒත් එතැනින් නවතින්න එපා.
තමන්ගේම ශක්තියෙන් නැගිටින්න. ❤️
මොකද…
වැටෙන හැම වාරයකම අපි දුර්වල වෙනවා නෙවෙයි,
නැවත නැගිටින හැම වාරයකම අපි තවත් ශක්තිමත් වෙනවා.
ඒ නිසා වැටෙන්න බය වෙන්න එපා…
වැටි වැටී හරි නැගිටින්න.
එහෙමයි කෙනෙක් ශක්තිමත් වෙන්නේ. 🌿
📖 My Diary
,