දීඝායු LIFE Organic Foods

Call Directions Website Contact the business

දීඝායු LIFE Organic Foods 💚💚**!!!.ගුණාත්මක ආහාරය ඔසුවකි.!!!**💚💚
🇱🇰 #දීඝායුLife 🇱🇰
💚HEALTHY FOOD AS A MEDICINE💚

🌿දැනගෙන කන්න 🌿නරක කොලෙස්ටරෝල් දියකරන ලංකාවේ වැවෙන බලගතු පලා වර්ග 05ක්.ලෝකය පුරා වසරකට සිදුවන ම,රණ වලින් මිලියන 4.4 කට වඩ...
25/09/2026

🌿දැනගෙන කන්න 🌿
නරක කොලෙස්ටරෝල් දියකරන ලංකාවේ වැවෙන බලගතු පලා වර්ග 05ක්.

ලෝකය පුරා වසරකට සිදුවන ම,රණ වලින් මිලියන 4.4 කට වඩා වැඩි ප්‍රමාණයකට ඍජුවම වග කියන්න ඕන ප්‍රධානම නිශ්ශබ්ද මි,නී,ම,රුවා තමයි ලේ වල පවතින අධික කොලෙස්ට්‍රෝල් මට්ටම. මෙතන බය හිතෙනම දේ තමයි ලෝක ජනගහනයෙන් 39 % කට වඩා වැඩි පිරිසකට මේ අධික කොලෙස්ට්‍රෝල් තත්වය තිබීම.

අද වෙනකොට ලංකාවේ වයස අවුරුදු 25 ත් 35 ත් අතර පසුවන තරුණ පිරිස අතරත් 40 කට වඩා වැඩි ප්‍රතිශතයකින් ශීඝ්‍රයෙන් පැතිර යනවා. කාර්යබහුල ජීවන රටාව, ක්ෂණික ආහාර සහ ව්‍යායාම් නොමැතිකම නිසා අපිටත් නොදැනිම අපේ ලේ නහර ඇතුලේ කහ පාට මේද තට්ටුවක් තැන්පත් වෙන්න පටන් ගන්නවා.

නමුත් ඔබ දන්නවද අපේ රටේ හැම තැනම තියෙන පලා වර්ග පහක් නිවැරදිව ආහාරයට එකතු කර ගැනීමෙන් ලේ වල තියෙන නරක කොලෙස්ට්‍රෝල් මට්ටම 100% ක්ම ස්වභාවිකව පාලනය කරගන්න පුළුවන් කියලා. ඉතින් අද අපි විද්‍යාත්මක සාක්ෂි සහ පරීක්ෂණ පත්‍රිකා ඇසුරෙන් සරලවම කතා කරන්නේ ඔබේ ලේ නහර පිරිසිදු කරලා හෘදයාබාධ ඇතිවීමේ අවදානම සදහටම නැති කරන්නේ කොහොමද කියන එක ගැනයි.

01 කොලෙස්ටරෝල් නසන අංක එකේ සුපිරි පලාව ගොටුකොල

අපේ රටේ හැම වත්තකම වගේ වැවෙන අපිට ඉතාම හුරුපුරුදු ගොටුකොල මතක ශක්තිය වර්ධනය කරන පලාවක් විදිහට විතරයි අපි හැමෝම දන්නේ. හැබැයි ලේ වල කොලෙස්ටරෝල් අඩු කරන්න ගොටුකොල වලට තියෙන්නේ පුදුමාකාර විද්‍යාත්මක බලයක්. ගොටුකොල වල ට්‍රයිටර්පිනොයිඩ්ස් සහ ෆ්ලෙවනොයිඩ්ස් කියන සුවිශේෂී ශාක රසායන අඩංගු වෙනවා.

මේවා අපේ ශරීරයට ගියාම මොකද වෙන්නේ දන්නවද? මේවා ලේ නහර වල ඇතුලත බිත්ති ශක්තිමත් කරනවා. ලේ නහර ඇතුලේ තියෙන ප්‍රදාහය නැත්නම් තුවාල වීම් සුව කරනවා. නහර බිත්ති තුවාල උනේ නැති උනාම ලේ වල තියෙන නරක කොලෙස්ටරෝල් වලට ඒවායේ ඇලෙන්න බැරි වෙනවා. ඒ වගේම ගොටුකොල වල තියෙන ප්‍රතිඔක්සිකාරක මගින් නරක LDL කොලෙස්ටරෝල් ඔක්සිකරණය වීම සම්පූර්ණයෙන්ම වළක්වනවා.

02 අක්මාවේ තෙල් පාලනය කරන මුරුංගා කොල

වර්තමානයේ මුළු ලෝකයේම සුපර් ෆුඩ් එකක් විදිහට හඳුන්වන මුරුංගා කොල. වෛද්‍ය පරීක්ෂණ වලට අනුව මුරුංගා කොල වලට පුළුවන් ලේ වල තියෙන නරක කොලෙස්ටරෝල් මට්ටම වගේම ට්‍රයිග්ලිසරයිඩ මට්ටමත් ශීඝ්‍රයෙන් පහල හෙලන්න. මෙන්න මේකයි මේකේ පිටිපස්සේ තියෙන සරල විද්‍යාව. මුරුංගා කොල වල බීටා සිටොස්ටෙරෝල් කියන සංයෝගය අඩංගු වෙනවා. මේ සංයෝගයේ ව්‍යුහය කෙලින්ම කොලෙස්ටරෝල් අණුවකට සමානයි.

අපි මුරුංගා කොල කෑවම අපේ බඩවැල් වලදී කොලෙස්ටරෝල් අවශෝෂණය කරන ස්ථාන මේ බීටා සිටොස්ටෙරෝල් මගින් බ්ලොක් කරනවා. එතකොට අපි කන කෑම වල තියෙන නරක කොලෙස්ටරෝල් ශරීරයට උරා ගන්නේ නැතුව කෙලින්ම ශරීරයෙන් පිට කරලා දානවා. ඒ විතරක් නෙවෙයි අක්මාව ඇතුලේ තෙල් තැන්පත් වීම වළක්වන්නත් මුරුංගා කොල වලට සුවිශේෂී හැකියාවක් තියෙනවා.

03 ලේ පිරිසිදු කරන ස්වභාවික ස්පොන්ජ් එක කන්කුන්

බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ කන්කුන් කෑවම සෙම වැඩි වෙනවා. නැත්නම් මේකේ කිසි ගුණයක් නැහැ කියලා. හැබැයි ඒක සම්පූර්ණ මිත්‍යාවක්. කන්කුන් කියන්නේ ලේ වල කොලෙස්ට්‍රෝල් දිය කරන්න පුළුවන් ඉහළම තන්තු මට්ටමක් තියෙන පලාවක්. කන්කුන් වල අඩංගු වෙන්නේ ද්‍රාව්‍ය තන්තු. මේ තන්තු අපේ ජීර්ණ පද්ධතියට ගියාම වතුරත් එක්ක එකතු වෙලා ඝන ජෙල් එකක් හැදෙනවා. මේ ජෙල් එක අපේ බඩවැල් දිගේ යද්දී අක්මාවෙන් නිපදවන පිත තමන්ගේ ඇඟට ස්පොන්ජ් එකක් වගේ උරා ගන්නවා. පිත හදන්න ශරීරයේ පාවිච්චි කරන්නේ ලේ වල තියෙන කොලෙස්ට්‍රෝල්.

මේ තන්තු මගින් පිත ශරීරයෙන් පිට කරන නිසා අක්මාවට අලුතෙන් පිත හදන්න ලේ වල තියෙන නරක කොලෙස්ට්‍රෝල් ඇදලා ගන්න වෙනවා. ප්‍රතිඵලයක් විදිහට ලේ වල තියෙන LDL කොලෙස්ට්‍රෝල් මට්ටම ස්වභාවිකවම පහළ යනවා.

04 ශරීරයේ මේදය දහනය කරන සාරණ

අපේ පැරැන්නන් ඉතාම ගුණදායක ඖෂධීය පලාවක් විදිහට හඳුන්වපු සාරණ. සාරණ කියන්නේ විශේෂයෙන් රතු සාරණ, සුදු සාරණ කියන්නේ ශරීරයේ තියෙන විස මෙන්ම අනවශ්‍ය මේදය මුත්‍රා මාර්ගයෙන් පිට කිරීමට පුදුමාකාර බලයක් තියෙන පලාවක්. විද්‍යාත්මකව බැලුවොත් සාරණ වල ඉහළ මට්ටමක පොටෑසියම් සහ ප්‍රබල මුත්‍රාකාරක ගුණ අඩංගු වෙනවා. මේවා ශරීරයේ තියෙන අතිරික්ත සෝඩියම් සහ මේද කොටස් ඉවත් කරලා රුධිර පීඩනය මනාව පාලනය කරනවා.

ඒ වගේම සාරණ වල තියෙන සැපොනින් කියන රසායනික සංයෝගයට පුළුවන් ලේ වල තියෙන මේද අංශු එකිනෙක කැටි ගැසීම වළක්වන්න. එමගින් ලේ ඝනවීම වැළැක්වී ලේ ගමනාගමනය ඉතාම සුමට වෙනවා.

මුකුණුවැන්න

මුකුණුවැන්න කියන්නේ ඇස් පෙනීමට විතරක් නෙවෙයි, ලේ වල තියෙන ලිපිඩ මට්ටම සමබරව තබා ගන්න කියාපු පලාවක්. අපේ ශරීරයේ කොලෙස්ට්‍රෝල් නිපදවන එක සුවිශේෂී එන්සයිමයක් තියෙනවා. ඒකට කියන්නේ HMG-CoA reductase කියලා. බටහිර වෛද්‍ය විද්‍යාවේදී කොලෙස්ට්‍රෝල් වලට දෙන ඇටෝර්වැස්ටටින් (Atorvastatin) වගේ පෙති වලින් කරන්නේ මේ එන්සයිමයේ ක්‍රියාකාරීත්වය අඩු කරන එකයි.විද්‍යාත්මක පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා මුකුණුවැන්න වල තියෙන ස්වභාවික රසායන වලටත් මේ එන්සයිමයේ ක්‍රියාකාරීත්වය ස්වභාවිකවම පාලනය කිරීමේ හැකියාව තියෙනවා කියලා. ඒ කියන්නේ කිසිදු අතුරු ආබාධයක් නැතුව අක්මාවෙන් නරක කොලෙස්ට්‍රෝල් නිපදවන එක සීමා කරන්න මුකුණුවැන්න වලට පුළුවන්.

🍬 සීනිවල අඳුරු පැත්ත: ඔබේ ශරීරයට ඇති වන සැඟවුණු බලපෑම අපි හැමෝම රසවත් කෑම කන්න ආසයි. ඒත් අපි නොදැනුවත්වම දිනපතා ශරීරයට එ...
21/09/2026

🍬 සීනිවල අඳුරු පැත්ත: ඔබේ ශරීරයට ඇති වන සැඟවුණු බලපෑම

අපි හැමෝම රසවත් කෑම කන්න ආසයි. ඒත් අපි නොදැනුවත්වම දිනපතා ශරීරයට එකතු කරගන්නා සීනි ප්‍රමාණය අපේ මුළු සෞඛ්‍යයම උඩුයටිකුරු කරන්න පුළුවන් කියල ඔබ දන්නවද? 🤔

රූපයෙන් පැහැදිලි කෙරෙන පරිදි, අධික ලෙස සීනි පරිභෝජනය කිරීම අපේ ශරීරයේ අභ්‍යන්තර අවයව වලට බරපතල හානි පමුණුවනවා.

🫀 හදවත: හෘදයේ ඉදිමීම සහ හෘද රෝග ඇතිවීමේ අවදානම ඉහළ නංවයි. 💔

🧠 අක්මාව: මේදය තැන්පත් වීම, ඉදිමීම සහ NAFLD වැනි අක්මා ආශ්‍රිත රෝග වලට මග පාදයි. 🦠

🤯 මොළය: මොළයේ මන්දගාමී බව (Brain fog), අවධානය අඩුවීම සහ මතක ශක්තිය හීන වීමට හේතු වේ. 🌫️

🦷 දත්: දත් කුහර ඇතිවීම, එනමලය දිරායාම සහ මුඛ සෞඛ්‍යය පිරිහීම සිදු කරයි. 😬

👵 සම: අකාලයේ වයසට යාම, රැලි වැටීම සහ කුරුලෑ හටගැනීමට සීනි ප්‍රධාන සාධකයකි. 🧓

⚖️ බර සහ පරිවෘත්තීය: ශරීරයේ බර වේගයෙන් වැඩිවීම, ඉන්සියුලින් ප්‍රතිරෝධය සහ පරිවෘත්තීය සින්ඩ්‍රෝමය ඇති කරයි. 📉

අදම ඔබේ සෞඛ්‍යය ගැන හිතන්න! සීනි පරිභෝජනය අවම කර, නිරෝගී ජීවන රටාවකට හැරෙන්න. 💪

💬 ඔබේ අදහසත් පහළින් comment කරන්න! 👇

🔄 මෙම වැදගත් පණිවිඩය ඔබේ යාළුවන් දැනුවත් කරන්න share කරන්න! 📢

🩸 රුධිර පරීක්ෂණ වාර්තාවක් කියවා ගන්නේ කෙසේද? (Blood Markers Guide) 🤔​අපි නිතරම වෛද්‍යවරුන්ගේ උපදෙස් මත විවිධ රුධිර පරීක්...
21/09/2026

🩸 රුධිර පරීක්ෂණ වාර්තාවක් කියවා ගන්නේ කෙසේද? (Blood Markers Guide) 🤔

​අපි නිතරම වෛද්‍යවරුන්ගේ උපදෙස් මත විවිධ රුධිර පරීක්ෂණ (Blood tests) සිදුකරනවා. නමුත් එම වාර්තාවල ඇති සංකේත සහ අගයන්ගෙන් හරියටම කියැවෙන්නේ කුමක්දැයි ඔබ කල්පනා කර තිබෙනවාද?
​ශරීරයේ අභ්‍යන්තර අවයවවල ක්‍රියාකාරීත්වය සහ සෞඛ්‍ය තත්ත්වය කල් තියා හඳුනා ගැනීමට මෙම රුධිර පරීක්ෂණ ඉතා වැදගත් වේ. මෙන්න ඒ පිළිබඳව ඔබ දැනගත යුතුම විශේෂ සාරාංශයක්! 👇

​🫀 1. හෘද රෝග සහ හෘද ක්‍රියාකාරීත්වය (Cardiac Markers)

👉​පරීක්ෂණ: Troponin I/T, CK-MB, Myoglobin, BNP / NT-proBNP, LDH

👉​අරමුණ: හෘදයාබාධ (Heart attacks), හෘදයට සිදුවන හානි සහ හෘද අකර්මණ්‍යතා(Heart failure) කල්තියා හඳුනා ගැනීමට සහ නිරීක්ෂණය කිරීමට උපකාරී වේ.

​🩻 2. වකුගඩු ක්‍රියාකාරීත්වය (Kidney Markers)

👉​පරීක්ෂණ: Urea (BUN), Creatinine, Uric Acid, eGFR, Electrolytes (Na+, K+, Cl-)

👉​අරමුණ: වකුගඩු වල පෙරීමේ හැකියාව, ඉලෙක්ට්‍රොලයිට් ශේෂය සහ වකුගඩු රෝග ඇතිවීමේ අවදානම තක්සේරු කරයි.

​🫁 3. අක්මා ක්‍රියාකාරීත්වය (Liver Markers)

👉​පරීක්ෂණ: ALT (SGPT), AST (SGOT), ALP, GGT, Bilirubin (Total & Direct), Albumin

👉​අරමුණ: අක්මාවේ ක්‍රියාකාරීත්වය තක්සේරු කිරීමට, අක්මාවට සිදුවන හානි, දැවිලි, පිත්ත නාල අවහිරතා සහ අක්මා රෝග හඳුනා ගැනීමට උදව් වේ.

​🌬️ 4. පෙනහළු ක්‍රියාකාරීත්වය සහ ආසාදන (Lungs Markers)

👉​පරීක්ෂණ: CRP, Procalcitonin, LDH, Arterial Blood Gas (ABG)

👉​අරමුණ: පෙනහළු ආසාදන, දැවිලි හඳුනා ගැනීමට මෙන්ම ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය සහ ඔක්සිජන් මට්ටම තක්සේරු කරයි.

​🍬 5. දියවැඩියාව සහ පරිවෘත්තීය තත්ත්වයන් (Diabetes / Metabolic Markers)

👉​පරීක්ෂණ: Fasting Blood Sugar (FBS), HbA1c, Insulin, Lipid Profile, HOMA-IR

👉​අරමුණ: දියවැඩියාව හඳුනා ගැනීමට, රුධිරයේ සීනි මට්ටම පාලනය වන ආකාරය නිරීක්ෂණය කිරීමට සහ පරිවෘත්තීය රෝග ඇතිවීමේ අවදානම පරීක්ෂා කිරීමට යොදා ගනී.

​🦠 6. ආසාදන සහ දැවිලි තත්ත්වයන් (Inflammation / Infection Markers)

👉​පරීක්ෂණ: CRP, ESR, Procalcitonin, WBC Count

👉​අරමුණ: ශරීරයේ හටගන්නා ආසාදන, දැවිලි (Inflammation) හඳුනා ගැනීමට සහ ප්‍රතිකාර සඳහා රෝගියා ප්‍රතිචාර දක්වන ආකාරය නිරීක්ෂණය කරයි.

​🩸 7. රුධිරගත රෝග සහ රක්තහීනතාවය (Hematology Markers)

👉​පරීක්ෂණ: FBC (Hb, RBC, WBC, Platelets), Iron Studies (Iron, Ferritin, TIBC), Vitamin B12 & folate.

👉​අරමුණ: රක්තහීනතාවය (Anemia), ආසාදන, රුධිර කැටි ගැසීමේ ගැටලු සහ වෙනත් රුධිර ආබාධ හඳුනා ගැනීමට උපකාරී වේ.

​💡 හෙද පියස අපගේ පණිවිඩය:

​මෙම රුධිර පරීක්ෂණ රෝග කල්තියා හඳුනා ගැනීමටත් (Early diagnosis), ප්‍රතිකාර ක්‍රම සාර්ථකව නිරීක්ෂණය කිරීමටත්, රෝග වැළැක්වීමටත් අතිශයින්ම වැදගත් වේ. වෛද්‍ය උපදෙස් වලින් තොරව තනිවම වාර්තා අර්ථ නිරූපණය කිරීමෙන් වළකින්න.

​ඔබේ සෞඛ්‍යය සුරක්ෂිත කරගන්න, රෝග ලක්ෂණ මුල් අවධියේදීම හඳුනාගන්න! 🩺

❤️මෙවැනි වැදගත් දැනුම ලබාගන්න follow කරලා තියාගන්න
ස්තුතියි 🙏💚
​

🫘 වකුගඩු ගල් තියෙනවා නම් මෙන්න මේ විදියට කෑම කන්න. වකුගඩුවේ ගල් තියෙනවා කියලා දැනගත්තම බොහෝ දෙනෙක් මුලින්ම අහන්නේ,“දැන් ...
20/09/2026

🫘 වකුගඩු ගල් තියෙනවා නම් මෙන්න මේ විදියට කෑම කන්න.

වකුගඩුවේ ගල් තියෙනවා කියලා දැනගත්තම බොහෝ දෙනෙක් මුලින්ම අහන්නේ,

“දැන් මට කන්න පුළුවන් මොනවද?”
“කිරි බොන්න බැරිද?”
“පලා වර්ග ඔක්කොම නවත්වන්න ඕනද?”

කියන ප්‍රශ්න තමයි.

ඇත්තටම වකුගඩු වල ගල් තියෙන හැමෝටම එකම ආහාර ලැයිස්තුවක් අවශ්‍ය නැහැ. ගල් වල වර්ගය අනුව ආහාර උපදෙස් වෙනස් වෙනවා. ඒත් බොහෝ දෙනෙකුට වැදගත් වන මූලික කරුණු කිහිපයක් තියෙනවා. මන් අද ඔයාලත් එක්ක කතා කරන්නේ අන්න ඒ දේවල් ගැන. 👇

💧 1. වතුර තමයි අංක එක

වකුගඩු ගල් ඇතිවීම නැවත නැවත සිදුවන අය සඳහා ප්‍රමාණවත් ජලය පානය කිරීම ඉතා වැදගත්.

දවස පුරා වතුර බොන්න. එකවර විශාල ප්‍රමාණයක් බොනවාට වඩා දවස පුරා බෙදාගෙන පානය කිරීම වඩා ප්‍රායෝගිකයි.

ඔබට වෛද්‍යවරයාගෙන් දියර සීමා කරන්න කියලා උපදෙස් දීලා නැත්නම්, මුත්‍රා ඉතා තද පැහැයක් නොවී ලා පැහැයෙන් තබාගැනීමට ප්‍රමාණවත් දියර ගැනීම හොඳ පුරුද්දක්.

🍋 දෙහි/නාරං වැනි citrus පලතුරු ද ආහාරයට එකතු කරගත හැකියි. ඒවායේ ඇති citrate සමහර වර්ගයේ ගල් නැවත ඇතිවීම අඩු කිරීමට උපකාරී විය හැක.

🥛 2. “කිරි සම්පූර්ණයෙන්ම නවත්වන්න ඕන” කියන එක හැමවිටම හරි නැහැ

විශේෂයෙන් calcium oxalate stones ඇති අය ආහාරයෙන් ලැබෙන calcium සම්පූර්ණයෙන්ම අඩු කිරීම හොඳ අදහසක් නොවෙයි.

කිරි, යෝගට් වැනි calcium අඩංගු ආහාර සාමාන්‍ය ප්‍රමාණයෙන් ගැනීම බොහෝ අවස්ථාවල සුදුසුයි.

ඒත් calcium tablets වගේ supplements අවශ්‍යද නැද්ද කියලා වෛද්‍ය උපදෙස් අනුව තීරණය කිරීම වැදගත්.

🥗 3. එළවළු සහ පලතුරු වැඩි කරන්න

විවිධ වර්ගයේ එළවළු සහ පලතුරු ආහාරයට එකතු කරගන්න.

උදාහරණයක් ලෙස,

🍎 ඇපල්
🍊 නාරං
🍉 කොමඩු
🍌 කෙසෙල්
🥕 කැරට්
🥒 පිපිඤ්ඤා
🥦 වෙනත් එළවළු

වැනි ආහාර සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක කොටසක් කරගන්න පුළුවන්.

🧂 4. ලුණු අඩු කරන්න

මේක ඉතා වැදගත්.

ආහාරයට ලුණු වැඩිපුර එකතු කිරීම පමණක් නෙවෙයි, processed foods, instant noodles, chips, sausages, processed meats, salty snacks වැනි ආහාරවලත් ලුණු වැඩි විය හැකියි.

👉 ඒ නිසා හැකි තරම් නැවුම් ආහාර තෝරාගන්න.

🥩 5. මස් අධික ප්‍රමාණයෙන් කන්න එපා

විශේෂයෙන් නැවත නැවත kidney stones ඇතිවන අය රතු මස් සහ අනෙකුත් animal protein අධික ලෙස ගැනීම සීමා කිරීම ප්‍රයෝජනවත් විය හැකියි.

“මස් සම්පූර්ණයෙන්ම නවත්වන්න” කියන එක නෙවෙයි.

ප්‍රමාණය පාලනය කිරීමයි වැදගත්.

🥬 6. Oxalate ගැනත් අවධානය යොමු කරන්න

Calcium oxalate stones තියෙන අයට oxalate අධික ආහාර ගැන විශේෂයෙන් සැලකිලිමත් වීම වැදගත්.

උදාහරණ ලෙස,

🌿 නිවිති වැනි සමහර කොළ වර්ග
🥜 nuts වර්ග
🍫 chocolate/cocoa
වැනි ආහාර අධික ප්‍රමාණයෙන් ගැනීම සීමා කිරීම අවශ්‍ය විය හැකියි.

නමුත් මෙයින් අදහස් කරන්නේ මේ ආහාර සියල්ලම ජීවිත කාලයටම සම්පූර්ණයෙන්ම තහනම් කියන එක නොවෙයි.

🍽️ එහෙනම් දවසේ කෑම කොහොමද?

🌅 උදේ

🥣 oats/කැඳ හෝ සාමාන්‍ය උදෑසන ආහාරයක්
🥛 කිරි හෝ යෝගට්
🍌 පලතුරක්
💧 වතුර

☀️ දවල්

🍚 බත්
🥗 එළවළු වර්ග 2–3ක්
🐟 මාළු හෝ කුකුළු මස් සාමාන්‍ය ප්‍රමාණයක්
🥛 අවශ්‍ය නම් යෝගට්
💧 වතුර

☕ සවස

🍊 නාරං/පලතුරක්
💧 වතුර

🌙 රාත්‍රී

🍚 බත් හෝ වෙනත් ධාන්‍ය ආහාරයක්
🥗 එළවළු
🐟 මාළු/කුකුළු මස් සුදුසු ප්‍රමාණයක්
💧 වතුර

🚫 මතක තබාගන්න වැදගත්ම කරුණ

“Kidney stone” කියලා කිව්ව පමණින් එකම diet එකක් හැමෝටම සුදුසු නැහැ.

ඔබට ඇති ගල calcium oxalate ද, uric acid ද, වෙනත් වර්ගයක් ද කියන එක අනුව ආහාර උපදෙස් වෙනස් වෙනවා.

ගල් නැවත නැවත හැදෙනවා නම්, වෛද්‍යවරයාගේ උපදෙස් මත stone analysis, urine tests සහ අවශ්‍ය metabolic evaluation කිරීමෙන් ඔබට ගැලපෙන ආහාර රටාව වඩාත් නිවැරදිව තීරණය කළ හැකියි.

❤️ වකුගඩු වල ගල් තිබුණා කියලා කෑම බීම ගැන අනවශ්‍ය බයක් ඇති කරගන්න එපා.

වතුර ප්‍රමාණවත් ලෙස පානය කිරීම + ලුණු අඩු කිරීම + සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර රටාවක් බොහෝ දෙනෙකුට හොඳ ආරම්භයක්.

📌 මෙය සාමාන්‍ය සෞඛ්‍ය තොරතුරු සඳහා පමණි. ඔබට kidney disease, heart failure හෝ වෙනත් හේතුවක් නිසා දියර සීමා කර ඇත්නම් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.

✍️ Dr. Seya

අර්තාපල් කොළ පාට වුණාට කන්න හොඳයිද 🤔🤔අර්තාපල් කියන්නේ ලෝකයේම ප්‍රියතම ආහාරයක්. ඒත් අලයක් කොළ පැහැයට හැරිලා තියෙනවා දැකලා...
14/09/2026

අර්තාපල් කොළ පාට වුණාට කන්න හොඳයිද 🤔🤔

අර්තාපල් කියන්නේ ලෝකයේම ප්‍රියතම ආහාරයක්. ඒත් අලයක් කොළ පැහැයට හැරිලා තියෙනවා දැකලා, ඒක කෑමට සුදුසුද කියලා හිතලා තියෙනවද?

1. අල කොළ පැහැයට හැරෙන්නේ ඇයි?

අර්තාපල් ආලෝකයට නිරාවරණය වුණාම (උදාහරණයක් විදිහට කඩයක රාක්කයක හෝ කුස්සියේ තියලා තිබුණොත්) ඒවායේ කොළ පැහැති වර්ණකය වන ක්ලෝරෝෆිල් නිපදවෙනවා. ක්ලෝරෝෆිල් කියන්නේ හානිකර දෙයක් නෙවෙයි. නමුත් ඒත් එක්කම, ග්ලයිකෝඇල්කලොයිඩ් (විශේෂයෙන්ම සොලනයින් සහ චාකෝනයින්) කියලා හඳුන්වන විෂ සහිත සංයෝග ඇති වෙනවා.

2. ඔබ කොළ පැහැති අර්තාපල් ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුත්තේ ඇයි? 🌱🥔

ග්ලයිකෝඇල්කලොයිඩ් කියන්නේ කෘමි හානිවලින් අල ආරක්ෂා කරගන්න ස්වභාවිකව හැදෙන රසායනික ද්‍රව්‍ය. සාමාන්‍යයෙන් මේවා ආරක්ෂිත මට්ටමකින් තමයි තියෙන්නේ. නමුත් අල කොළ පැහැයට හැරුණාම, පැල වුණාම හෝ හානි වුණාම, මේ මට්ටම වැඩි වෙන්න පුළුවන්.

👉 වැඩිපුර සොලනයින් අඩංගු අල ආහාරයට ගැනීමෙන් මේ වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්:

-ඔක්කාරය

-වමනය

-බඩේ කැක්කුම සහ පාචනය

-කරකැවිල්ල හෝ හිසරදය

- වැඩි ප්‍රමාණයක් ශරීරගත වුණොත් ස්නායු පද්ධතියටත් බලපාන්න පුළුවන්. ළමයින්ගේ සිරුරේ ප්‍රමාණය අඩු නිසා ඔවුන්ට වැඩි අවදානමක් තියෙනවා.

❌ නැහැ. ග්ලයිකෝඇල්කලොයිඩ් රත් කළාට විනාශ වෙන්නේ නැහැ. ඒ නිසා තම්බන, බදින හෝ පුලුස්සන එකෙන් ප්‍රයෝජනයක් නැහැ.

✔️ පොතු ඉවත් කිරීමෙන් සමහර විෂ ඉවත් කරගන්න පුළුවන්. මොකද, බොහෝ විෂ තිබෙන්නේ පොත්තට ආසන්නවයි. ඒත්, අලයේ ඇතුළත මාංශය කොළ පාට නම් හෝ තිත්ත රසක් තියෙනවා නම්, ඒක කනවාට වඩා ඉවත දමන එක ආරක්ෂිතයි.

3. ආරක්ෂා වීමට නම් ✅

-අල ගබඩා කරන විට. සිසිල්, අඳුරු සහ වියළි තැනක ගබඩා කරන්න. (ශීතකරණයේ නෙවෙයි)

-කොළ පැහැති හෝ පැල වී ඇති අල මිලදී ගැනීමෙන් වළකින්න.

- අලයේ ඉතාම පොඩි කොටසක් විතරක් (නොසලකා හරිය හැකි තරම්) කොළ පැහැති නම්, පොත්ත ඉවත් කරලා කන්න පුළුවන්. ඒත්, වැඩි කොටසක් කොළ පාට නම් හෝ තිත්ත රසක් තියෙනවා නම් කන්න එපා.

අලයක් ඉවත් කරන එක ආහාර විෂවීමක් ඇති කරගන්නවාට වඩා හොඳයිනෙ

අලයේ කොපමණ විෂ ප්‍රමාණයක් තියෙනවාද කියලා අපිට දැනගන්න බැරි නිසා, කොළ පැහැති හෝ පැල වූ අල කන එකෙන් වැළකී සිටින එක තමයි ආරක්ෂිතම දේ. අල උයන්න කලින් හැමවිටම හොඳට පරීක්ෂා කරන්න. සැකයක් තියෙනවා නම් ඉවත දමන්න.

අපිට ඉතාම හුරුපුරුදු සමීපතම ධාන්‍ය වර්ගයක් තමයි මුං ඇට කියන්නේ. එදිනෙදා ආහාර වේල රසවත් කරන වෑංජනයකටත් මුං ඇට ඉතාම සුදුසු...
12/09/2026

අපිට ඉතාම හුරුපුරුදු සමීපතම ධාන්‍ය වර්ගයක් තමයි මුං ඇට කියන්නේ. එදිනෙදා ආහාර වේල රසවත් කරන වෑංජනයකටත් මුං ඇට ඉතාම සුදුසුයි. මුං ඇට තම්බලා ලුණු මිරිස්, පොල් එක්ක කන්න පුංචි දරුවොත් හරිම ආසයි. ඒ වගේම මුං කිරිබත් කියන්නේ අපේ ගැමි ආහාර රටාවෙත් රසවත් ආහාරයක්. මුංඇට කැවුම් කියන්නෙත් අවුරුදු කෑම මේසයට නැතිවම බැරි දෙයක්. අපේ ආහාර ක්‍රමවේදයට අනුව රසවත් ගුණවත් ආහාරයක් වන මුං ඇට ඇත්තටම අපේ දේශීය වේදකමේදී අගනා ඖෂධයක්.

ආයුර්වේදයේදී ඔෟෂධ පිණිස ධාන්‍ය වර්ග භාවිත කරනවා. ඒ ඖෂධීය ධාන්‍ය වර්ග අතර මුංඇටවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. සංස්කෘත භාෂාවෙන් මුං ඇට “මුද්ග” යන නමින් හඳුන්වනවා. ඉවීමෙන් ප්‍රමුඛ යන අරුතෙන් “සූපශේෂ්ඨ” යන අරුතිනුත්, හොඳ පල යන අදහසින් “සූපල” යන අරුතිනුත්, රස අතර ප්‍රධාන හෙවත් “රසෝත්තම” යන අරුතිනුත් මුං ඇට හඳුන්වනවා.

වෙනත් ධාන්‍ය වර්ගවලට වඩා ඇඟට හොඳින් ගුණය උරා ගන්නා ධාන්‍ය වර්ගයක් නිසා මුං ඇට පථ්‍ය ධාන්‍ය ලෙසත් හඳුන්වනවා. ආයුර්වේදයේ මූලික ග්‍රන්ථවල සඳහන් ආකාරයට උඳු, කොල්ලු, මයිසූර් පරිප්පු වැනි ධාන්‍ය වර්ගවලට වඩා මුං ඇට ගුණ දායක වෙනවා.

මුං ඇට තම්බා හෝ වෑංජනයක් ලෙස වගේම මුං ඇට කොටා ගන්නා පිටිවලින් විවිධ කැවිලි වර්ග හදන්නත් පුළුවන්. ශරීරයට හිතකර ඒ සෑම ආහාරයක්ම ඉතාම ගුණදායකයි. ඒ වගේම මුං ඇට පැළකර ඒ පැළවලින් රසවත් වෑංජනයක් පිසින්නත් ඔබට පුළුවන්.

මුං ඇට වතුර පිරවූ බඳුනකට දමා රැයක් වසා අඳුරු තැනක තැබූ පසු එහි සිහින් ලෙස පැළ හටගන්නවා.පසුව තෙත රෙදි කඩක ඔතා දවසක් තබන්න.අපුරුවට මුං පැලවී ඇත.ඒ මුං පැළවලින් රසවත් ගුණවත් වෑංජනයක් පිසගන්න ඔබට පුළුවන්. ඇමෙරිකාව වගේ රටවල මේ ආහාරය ඉතාම ප්‍රචලිතයි. මේ පැළකළ මුං ඇට දැන් ලංකාවේ සුපිරි වෙළෙඳසල්වලිනුත් ගන්න පුළුවන්. යකඩ, ප්‍රෝටීන, කාබෝහයිඩේ්‍රට් වැනි අධික පෝෂ්‍ය පදාර්ථ මේ ධාන්‍ය වර්ගයේ අන්තර්ගතයි.

අධික ප්‍රෝටීන ගුණය නිසාම ශරීරය කෙට්ටු අයට මහත් වෙන්න දිනපතා මුං ඇට ධාන්‍ය වර්ගයක් ලෙස ආහාරයට ගන්නත් පුළුවන්. ඇතැම් පුද්ගලයන් නිර්මාංසව ආහාර අනුභව කරන නිසා ශරීරයට ප්‍රෝටීන් ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. නිර්මාංස අයට ශරීරයට ප්‍රෝටීන් ලබාදෙන්න ඉතාම සුදුසු ආහාරයක් තමයි මුං ඇට.

ඉන්දියාවේ උදෑසන කිරි වීදුරුව වෙනුවට මුං ඇට තැම්බූ වතුර (ලුණු ස්වල්පයක් දමා) පානය කරනවා. එය ශරීරයේ රෝග රැසක් සුව කරන්න නිරෝගී සුවය අත්කරන්න සුදුසු ඉතාම ගුණවත් ඖෂධීය පානයක්.

පැළ මුං ඇට යොදාගෙන ලොකු පොඩි කාටත් ගුණය ලබාදෙන රසවත් ආහාරයක් සාදන හැටි මම කියන්නම්. පැළ මුං ඇට කෝප්ප දෙකක් ගෙන එයට රටකජු කෝප්ප භාගයක් මිශ්‍ර කර ළිපේ තෙල් ස්වල්පයක් රත්කර ගන්න. තෙල් රත්වූ පසු පැළ මුං සහ රට කජු මිශ්‍රණය එයට මිශ්‍රකර අවශ්‍ය පදමට ලුණු, මිරිස්කුඩු සහ දෙහි මිශ්‍ර කර හොඳින් කවලම් කර ගන්න.

ඇති පදමට තැම්බුණාට පසුව මෙය ආහාරයක් ලෙස ගන්න. බාල – වැඩිහිටි ඕනෑම අයකුට ශරීර ශක්තිය වර්ධනයටත්, කෘශ ශරීර මහත් කරන්නටත්, මෙය ඉතාම සුදුසු ආහාරයක්. විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වීම නිසා එක්තැන්වී ක්‍රම ක්‍රමයෙන් සුවය ලබන රෝගීන්ගේ ශරීරය රෝග ලක්‍ෂණ නිසා අප්‍රාණිකව වී කෘශ වී තිබීම සාමාන්‍ය දෙයක්.

එවන් රෝගීන්ට සිරුර ප්‍රාණවත් කර නැවතත් ශරීරය ප්‍රකෘතිමත් කිරීමටත්, ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රමවත් කිරීමටත් මුං ඇටවලින් සෑදූ සුප් එකක් දිනපතා දින කිහිපයක් පානය කිරීමට දීම ඉතාම යෝග්‍යයි. මුං ඇටවලින් සාදන මේ ඔෟෂධීය කැඳට ආයුර්වේදයේ “මුද්ග යුෂ” කියල හඳුන්වනවා.

මුං ඇට තම්බා සාදා ගන්නා මේ සුප් එක බාල, මහලු සැමට ශරීර ප්‍රාණය වැඩිවීමටත් කිරි දෙන මවුවරුන්ගේ කිරි වර්ධනය කිරීමටත් පානය කළ හැකි ඉතාම ගුණදායක සුප් එකක්. ඒ වගේම මල බද්ධය රෝගයෙන් පෙළෙන රෝගීන්ටත් එයින් මිදීමට මේ සුප් එක දින කිහිපයක් උදේ සවස පානය කිරීම ගුණදායකයි.

මුං ඇට කියන්නේ තරමක කෙඳි සහිත ආහාරයක්. ඇතැම් අයට කෑම දිරවීමේ අපහසුතාවක් පැමිණියහොත් මුං ඇට තැම්බූ දියර ඔහුට පානය කරන්න දෙන්න. කෑම දිරවීම ප්‍රකෘතිමත් කරනවා වගේම ශරීරයේ රුධිර ගමනාගමනයත් එයින් ක්‍රමවත් කරනවා.ඒ විතරක් නෙවෙයි සමහරුන්ගේ මුහුණේ, අතපය වල විවිධ කැපීම් නිසා නොමැකෙන කැළැල් පවතිනවා. ඇතැම් අවස්ථාවලදී එය තරමක මානසික වදයක් වන අවස්ථාත් තිබෙනවා. එවන් ලප කැළැල් මකා දමන්නත් මුං ඇට ඉතාම ගුණදායක ඖෂධයක්.

ඔබ කළ යුත්තේ මුං ඇට ඇල්දියෙන් අඹරා, කැළැල මතුපිට පැලැස්තරයක් ලෙස ආලේප කිරීම පමණයි. දින කිහිපයක් අඛණ්ඩව මෙය කළොත් ක්‍රමක්‍රමයෙන් ලප කැළැල මැකී යන අයුරු ඔබට දැක ගන්න පුළුවන්.

ඒ වගේම ඇල්දියෙන් ඇඹරූ මුං ඇට ද්‍රාවණය කිරි මවුවරුන්ගේ පියයුරුවල ආලේප කිරීමෙන් විටින් විට කිරි වැගිරීම වළක්වන්න පුළුවන්.ඒ වගේම සරම්ප, අතීසාර, පැපොල වැනි රෝගවලින් පෙළෙන අයට මුං ඇට පෙඟවූ වතුර විටින් විට පානයට දීමෙන් ඒ සියලුම රෝගයන්ගෙන් කෙමෙන් කෙමෙන් සුවයක් ලබන්න පුළුවන්.

මුං ඇට කියන්නේ මුත්‍රා හොඳින් පිට කිරීමට උදව්වන හොඳ මුත්‍රකාරක ඔෟෂධයක්. මුත්‍රාශය, වකුගඩු ආශ්‍රිතව ගල් හටගත් පුද්ගලයන්ගේ ගල් දියකිරීමට මුං ඇටවලින් සාදාගන්න ඔෟෂධීය පානයක් මම කියන්නම්. මුං ඇට සහ තිරිඟු ඇට සමව ගෙන හොඳින් තළා කුඩුකර වතුර වීදුරුවකට දමා දියකර පැය කිහිපයක් වසා තබා රෝගියාට උදේ සවස දෙවරක් එය පානයට දෙන්න. මෙය දින කිහිපයක් අඛණ්ඩ කළොත් මුත්‍රා ගල්, වකුගඩු ආශි්‍රතව හටගත් ගල් දිය කිරීමට මේ ඖෂධීය පානය සමත්.

ඒ වගේම වකුගඩු ආශ්‍රිතව ගල් හටගත් අයටත්, මුත්‍රා පිටවීමේ අක්‍රමිකතා ඇති අයටත් ගුණය දෙන තවත් ඔෟෂධයක් නිවෙසේ සිටම සාදාගන්න අපට පුළුවන්. මුං ඇට හොඳින් තම්බා තලපයක් වගේ සාදාගෙන එයට දෙළුම් ඉස්ම සහ ලුණු ස්වල්පයක් මිශ්‍රකර පානය කරන්න. දින කිහිපයක් ලෙස කළොත් වකුගඩු ආශ්‍රිත ගල් දිය කිරීමටත් මුත්‍රා පිටවීම ක්‍රමවත් කිරීමටත් මේ ඖෂධීය පානය ගුණදායකයි.

දේශීය චිකිත්සාවේදී උන්මාදය, විෂාදය ආදී විවිධ මානසික රෝග සුවපත් කරන්නත් මුං ඇට ඔෟෂධයක් ලෙස භාවිත කරනවා. මුං ඇට පිටි සහ තිරිඟු පිටි ස්වල්පය බැගින් සමව ගෙන එයට ගිතෙල් ස්වල්පයක් හොඳින් මිශ්‍රකර දෛනිකව රෝගියාට පානයට දුන්නොත් ඕනෑම මානසික රෝගයක් කලක් යද්දී සුවකරගන්න පුළුවන්. ඒ තරමටම ඔෟෂධීය ගුණයක් මේ ශාකයේ පවතිනවා.

මෙහිදී ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණක් තිබෙනවා. අධික ලෙස සෙම ඇති අයෙක් යම් කිසි රෝගයක් සුව කිරීමට මුං ඇට ගන්නව නම් මඳක් කබලෙ බැද මුං ඇටවල සිසිල් ගුණය අවම කරල ගන්න. එවිට සෙම රෝගයෙන් පෙළෙන අයට ඒ රෝගය සුවපත් කිරීමටත් මේ ඖෂධීය ගුණය බලපාවී.

මුං ඇට රූපලාවණ්‍ය කටයුතු සඳහාත් යොදා ගන්නවා. මුං ඇට අමු පිටි ස්වල්පයකට මී කිරි, මී පැණි සහ කහ ස්වල්පයක් මිශ්‍රකර හොඳින් කවලම් කර මුහුණේ ආලේප කළොත් මුහුණේ විෂබීජ නාශනය කිරීමටත්, ලප කැළැල් ඉවත් කර හම පැහැපත් කිරීමටත් එය ගුණදායකයි.

මුං ඇට තුළ පවතින විශේෂ වූ පෝෂ්‍ය පදාර්ථ ගුණයන් නිසා සමේ පැහැපත් බවක් ලබන්න මේ ක්‍රමවේදය ඉතාමත් සුදුසුයි. මෙමඟින් මුහුණට කිසිම අහිතකර ලක්‍ෂණයක් ඇති වන්නේ නැහැ. මොකද මේ සඳහා භාවිත කරන ඖෂධ සියල්ලම ස්වාභාවික ඒවා නිසා.

බොහෝ ඔෟෂධීය ආහාර වර්ග වුණත් දියවැඩියාව රෝගයට එතරම් සුදුසු නැති ඒව තිබෙනවා. නමුත් මුං ඇට දියවැඩියාව රෝගය සුව කරන්නත් ඉතාම ගුණදායකයි. සීනි පාලනයට වගේම විවිධ පිළිකා රෝග සමනය කරන්නත් මුං ඇටවලට පුළුවන්.

පියයුරු පිළිකා, සම ආශ්‍රිත පිළිකා සුවයටත් මුං ඇට ධාන්‍යයක් ලෙස හෝ මුං කිරිබතක් ලෙස ආහාරයට ගැනීම වැදගත්. මුං ඇට කියන්නේ ප්‍රතිඔක්සිකාරක ද්‍රව්‍යයක්. ඒ නිසාම සම ආශ්‍රිතව හට ගන්නා පිළිකා සුව කරන්න මෙය දිව්‍යමය ඖෂධයක්.

ඇතැම් ධාන්‍ය වර්ග තිබෙනවා අධික ලෙස ආහාරයට ගත්තොත් ශරීරය අසාමාන්‍ය ලෙස තරබාරු කරන. නමුත් මුං ඇට කොතෙක් ආහාරයට ගත්තත් අහිතකර ලෙස සිරුර තරබාරු වීමක් සිදු වන්නේ නැහැ. මොකද මුං ඇටවල තෙල් සහිත බව මේදය ඉතා අඩුයි.

ඛනිජ ලවන, ප්‍රෝටීන් ඉතා අධිකයි. එබැවින් තරබාරුකමට වඩා, ශරීරය පෝෂණය කිරීමේ ගුණයක් සහ පිරිපුන් කිරීමේ ගුණයක් මුංවල පවතිනවා. ශරීරයේ හොඳ රුධිර පීඩනයක් ඇති කිරීමටත්, අනවශ්‍ය මේද කොටස් ඉවත් කිරීමටත්, කොලෙස්ටරෝල් නැති කිරීමටත් මුං ඇට ආහාරයක් ලෙස ගැනීම වැදගත්.

"වතුර වැඩිපුර බොන තරමට වකුගඩු සෞඛ්‍ය සම්පන්නයි"  මේ කතාව හැමෝටම එක සේ අදාළද?"දවසට වතුර ලීටර් 4ක් 5ක් බිව්වොත් වකුගඩු හොඳ...
09/09/2026

"වතුර වැඩිපුර බොන තරමට වකුගඩු සෞඛ්‍ය සම්පන්නයි" මේ කතාව හැමෝටම එක සේ අදාළද?

"දවසට වතුර ලීටර් 4ක් 5ක් බිව්වොත් වකුගඩු හොඳටම සුද්ධ වෙනවා... ලෙඩ ඔක්කොම නැතිවෙනවා..."
අපේ සමාජයේ බොහෝ දෙනෙක් විශ්වාස කරන ප්‍රධානතම මතයක් තමයි ජලය හැකි තරම් වැඩිපුර පානය කිරීම වකුගඩු ආරක්ෂා කරගැනීමට තියෙන හොඳම ක්‍රමය කියලා.

නමුත් වෛද්‍ය විද්‍යාත්මකව බැලූ විට මෙම කතාව සෑම කෙනෙකුටම එක සේ අදාළ නොවේ!
නීරෝගී පුද්ගලයෙකුට ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම ඉතා වැදගත් වුවද, ඇතැම් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අයෙකුට ඕනෑවට වඩා ජලය පානය කිරීම අතිශයින්ම භයානක, ජීවිතයට තර්ජනයක් වන තත්ත්වයක් විය හැක.

ජලය පානය කිරීම පිළිබඳ පැහැදිලි වෛද්‍ය විද්‍යාත්මක සත්‍යය තේරුම් ගනිමු.

1. නීරෝගී කෙනෙකුට වතුර ප්‍රමාණවත්ව බීම වැදගත් වන්නේ ඇයි?
ඔබට වෙනත් බරපතල රෝග තත්ත්වයන් නැත්නම්, දිනකට අවශ්‍ය පමණට ජලය පානය කිරීම මගින්:

◉ වකුගඩු ගල් (Kidney Stones) සෑදීම වළක්වයි: මුත්‍රා සාන්ද්‍රණය වීම වැළකී කැල්සියම් සහ ඔක්සලේට් වැනි ස්ඵටික තැන්පත් වීම නතර වේ.

◉ මුත්‍රා මාර්ගයේ ආසාදන (UTI) අවම කරයි: නිතර මුත්‍රා පිටවීම මගින් මුත්‍රා මාර්ගයේ ඇති බැක්ටීරියා පිටතට ගසාගෙන යයි.

◉ අපද්‍රව්‍ය ඉවත් කිරීම පහසු කරයි: රුධිරයේ ඇති යූරියා, ක්‍රියටිනින් වැනි අපද්‍රව්‍ය වකුගඩු හරහා පෙරීමට උපකාරී වේ.

(නීරෝගී වැඩිහිටියෙකුට සාමාන්‍යයෙන් දිනකට ජලය ලීටර් 2–2.5ක් පමණ ප්‍රමාණවත් වේ; නමුත් මෙය පුද්ගලයා, කාලගුණය, ආහාර සහ ක්‍රියාකාරකම් අනුව වෙනස් විය හැක. පිපාසය අනුව බීම බොහෝ විට හොඳම මාර්ගෝපදේශයයි.)

2. ඕනෑවට වඩා වතුර බීමෙන් නීරෝගී කෙනෙකුටත් හානි විය හැකිද?

ඔව්! අපේ වකුගඩුවකට පැයකට පිට කිරීමට හැකි උපරිම ජල ප්‍රමාණයක් ඇත (සාමාන්‍යයෙන් ලීටර් 0.8–1.0ක් පමණ). කෙටි කාලයක් ඇතුළත ලීටර් ගණනින් අධික ලෙස වතුර පානය කළහොත්:

◉ ලෙඩේ: "Water Intoxication" (රුධිරයේ සෝඩියම් අඩුවීම – Hyponatremia): රුධිරයේ ඇති සෝඩියම් මට්ටම අසාමාන්‍ය ලෙස දියර වී යයි.

◉ ප්‍රතිඵලය: මොළයේ සෛල ඇතුළට වතුර පිරී සෛල ඉදිමීමට පටන් ගනී. මේ නිසා අධික හිසකැක්කුම, වමනය, සිහිය විකල් වීම, වලිප්පුව (Seizures) සහ මරණය පවා සිදුවිය හැක.

3. ජලය වැඩිපුර බීම අතිශයින්ම භයානක වන රෝගී තත්ත්ව මොනවාද?

පහත රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් කිසිවිටෙකත් හිතුමනාපයට ජලය වැඩිපුර පානය නොකළ යුතුය. ඔවුන් ජලය ලබාගත යුත්තේ වෛද්‍යවරයා නියම කරන සීමාවට පමණි:

➜ දීර්ඝකාලීන වකුගඩු රෝගීන් ( CKD & Dialysis Patients)
වකුගඩු අක්‍රිය වූ විට ශරීරයෙන් අතිරික්ත ජලය මුත්‍රා ලෙස පිටකිරීමේ හැකියාව නැතිවේ. එවැනි අයෙකු වැඩිපුර වතුර බිව්වොත් එම වතුර ශරීරය තුළ එකතු වී පෙනහළුවල වතුර පිරීම (Pulmonary Edema) සිදුවේ. එමඟින් හදිසියේම තදබල ලෙස හුස්ම ගැනීමේ අපහසුව මතු වී ජීවිත අවදානම ඇතිවේ.

➜ හෘදයාබාධ සහිත රෝගීන් (Heart Failure Patients)
හදවතේ රුධිරය පම්ප් කිරීමේ හැකියාව අඩු වූ විට, ශරීරයට අමතර දියර එකතු වීම හදවතට දරාගත නොහැක. වැඩිපුර වතුර බීමෙන් කකුල් ඉදිමීම, බඩේ වතුර පිරීම සහ හෘදය අක්‍රිය වීම (Heart Failure Decompensation) වේගවත් වේ.

➜ අක්මාව අක්‍රිය වූ රෝගීන් (Cirrhosis with Ascites)
අක්මාව තදින්ම නරක් වූ අයගේ උදරයේ වතුර පිරීම (Ascites) සිදුවන අතර, වැඩිපුර ජලය ගැනීමෙන් රුධිරයේ සෝඩියම් මට්ටම භයානක ලෙස පහත වැටේ.

❌ Myth vs Fact (මිත්‍යා මත සහ සත්‍යය)

❌ මිත්‍යා මතය: කොච්චර වතුර බිව්වත් කමක් නැහැ, වැඩි වෙන වතුර නිකන්ම මුත්‍රා එක්ක පිටවෙලා යනවා.
✅ වෛද්‍ය සත්‍යය: වකුගඩු දුර්වල අයගේ හෝ හදවත දුර්වල අයගේ අතිරික්ත ජලය පිටවන්නේ නැත. එය පෙනහළු සහ පටක අතර තැන්පත් වේ. නීරෝගී අයටද කෙටි කාලයකදී අධික ලෙස ජලය බීමෙන් සෝඩියම් මට්ටම බිඳ වැටේ.

❌ මිත්‍යා මතය: වකුගඩු ලෙඩ තියෙන අය වකුගඩු සුද්ධ වෙන්න දවසට වතුර ලීටර් 4ක්වත් බොන්න ඕනේ.
✅ වෛද්‍ය සත්‍යය: මෙය සම්පූර්ණයෙන්ම වැරදි සහ මාරාන්තික මතයකි! වකුගඩු අක්‍රියතා ඇති රෝගීන්ට බොහෝවිට වෛද්‍යවරුන් විසින් දිනකට ගතහැකි සමස්ත දියර ප්‍රමාණය සීමා කරනු (Fluid Restriction) ලබයි (පුද්ගලිකව තීරණය කෙරේ).

🚨 හදිසි අනතුරු අඟවන ලක්ෂණ (Red Flag Signs)
ඔබ ජලය අධික ලෙස පානය කිරීමෙන් පසු හෝ වකුගඩු/හෘද රෝගියෙකු ලෙස පහත ලක්ෂණ මතු වුවහොත් වහාම හදිසි ප්‍රතිකාර ඒකකයට (ETU) යොමු වන්න:

◉ තදබල ලෙස හුස්ම ගැනීමේ අපහසුව සහ තිරස් අතට පැතලි වී නිදාගැනීමට නොහැකි වීම (පෙනහළුවල වතුර පිරීමේ ලක්ෂණ)

◉ පාද, වළලුකර සහ මුහුණ හදිසියේ අධික ලෙස ඉදිමීම

◉ අධික ලෙස වමනය, සිහිය විකල් වීම, අස්ථාවර බව හෝ වලිප්පුව මතු වීම (රුධිරයේ සෝඩියම් අඩුවීමේ ලක්ෂණ)

📌 High‑Yield Points (සංක්ෂිප්ත ප්‍රධාන කරුණු)
◉ නීරෝගී පුද්ගලයන්ට දිනකට ජලය ලීටර් 2–2.5ක් පමණ ප්‍රමාණවත් වන අතර, පිපාසය අනුව ජලය පානය කිරීම හොඳම ක්‍රමයයි.

◉ වකුගඩු රෝගීන් (CKD) සහ හෘද රෝගීන් හිතුමනාපයට ජලය වැඩිපුර පානය නොකළ යුතුය; එය පෙනහළුවල වතුර පිරීමට හේතුවේ.

◉ ඔබේ මුත්‍රාවල වර්ණය ලා කහ පැහැති (Light Straw Color) නම්, ඔබ ප්‍රමාණවත් පරිදි ජලය ලබාගෙන ඇති බවට සාමාන්‍ය සලකුණකි.

සටහන: මෙම තොරතුරු සාමාන්‍ය අධ්‍යාපනික අරමුණු සඳහා පමණි. ඔබට වකුගඩු, හෘද, අක්මා රෝග හෝ වෙනත් සෞඛ්‍ය ගැටලු තිබේ නම්, ඔබට අදාළ දිනපතා දියර සීමාව (Fluid Allowance) පිළිබඳව ඔබේ වෛද්‍යවරයාගෙන් තහවුරු කරගන්න.

#වකුගඩු_සෞඛ්‍යය

❤️අපි නොදන්න ගුණ තියෙන රාබු ❤️🍐බටහිර ආසියාතික හා යුරෝපීය සම්භවයක් සහිත කෘසිපරේසියේ කුලයට අයත් එළවළුවක් වන රාබු ලොව පුරා ...
07/09/2026

❤️අපි නොදන්න ගුණ තියෙන රාබු ❤️

🍐බටහිර ආසියාතික හා යුරෝපීය සම්භවයක් සහිත කෘසිපරේසියේ කුලයට අයත් එළවළුවක් වන රාබු ලොව පුරා ඉතා බහුලව වගා කරනවා.

🍐ශ්‍රී ලංකාවේ සියලුම කෘෂි දේශගුණික කලාපවල සාර්ථකව වගා කළ හැකි හැකියි.

🍐 ගුණයෙන් පිරි රාබු ඇස්කෝබික්, ෆෝලික් අම්ල සහ පොටෑසියම් බහුල එළවළුවක්.

🍐 විටමින් B6, රයිබොෆ්ලේවින්, මැග්නීසියම්, කොපර් සහ කැල්සියම් ප්‍රභවයක් ලෙස ද භාවිතා කරනවා.

🍐 කාබෝහයිඩ්‍රේට් බහුල නිසා ඉතා හොඳ ශක්ති ප්‍රභවයක් ද වෙනවා. මෙහි ශක්තිය ග්‍රෑම් 100කට ඇත්තේ කිලෝ කැලරි 20ක් .

🍐 සංස්කෘතයෙන් මූලක නමින් හැඳින්වෙන රාබු පැරණි සිංහලයේ මූල පලා කියලා කියනවා.

🍐 රාබු කන්න ගොඩක්.අය අකමැති ගද නිසා. එහෙම ගදක් එන්නෙ ගෙන්දගම් අධිකව තිබෙන නිසා.
🍐 ඒ උනාට ඒ නිසාම රාබුවලට රුධිරයේ විෂ ගතිය ඉවත්කර ලේ පිරිසිදු කිරීමේ හැකියාව ලැබෙනවා.

🍐 මල හොඳින් පිටවීමට හේතුවන රාබු නිසා ආහාර රුචිය ඇතිවෙනවා.

🍐 රෝග වළක්වන හා ඔරොත්තු දීමේ ශක්තිය ද ඉන් සිරුරට ලැබෙනවා.

🍐 රාබු අල වගේම කොළත් ගුණදායකයි. එම දෙවර්ගයම එකට ගැනීමෙන් මුත්‍රා පෙරීම ද යහපත් වෙනවා.

🍐 වකුගඩුවේ මල කොටස් නොරැඳීමටද එය හේතු වෙනවා.

🍐 මුත්‍රා ගල් ඇති අයට රාබු අල සහ කොළ අමුවෙන් ආහාරයට ගැනීම ඉතා ගුණදායකයි. අර්ශස් රෝගීන්ට ද රාබු ගුණයි.

🍐 සෙම නසන ශක්තිය ඇති නිසා පීනස, කැස්ස, ඇදුම රෝගීන්ට හිතකරයි.

🍐 ඔසප්වීමේ ප්‍රශ්න ඇති කාන්තාවන්ටත් රාබු ගුණදායක එළවළුවක්.

🌿 හැම හොද්දකටම වෑංජනයකටම කරපිංචා අහුරක් සිහින්ව ලියලා දාන්න.. ඒ ඇයි කියලා ඇහුවොත් ඔබ පුදුම වෙයි...🌿අපි ලෙඩ වෙන කාරණා වලි...
06/09/2026

🌿 හැම හොද්දකටම වෑංජනයකටම කරපිංචා අහුරක් සිහින්ව ලියලා දාන්න.. ඒ ඇයි කියලා ඇහුවොත් ඔබ පුදුම වෙයි...🌿

අපි ලෙඩ වෙන කාරණා වලින් එකක් තමයි අපේ ඇඟේ තියෙන ලේ අඩුකම, නීරක්තිය, පාණ්ඩුව. සරලවම කියනවනම් රක්තහීනතාවය. ඉංග්‍රීසියෙන් ඒකට කියන්නේ ඇනීමියා කියලයි. මේක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. විටමින් පෙති ලක්ෂ ගණන් බොන්න ඕන ලෙඩක්. අයන් සින්ක් ෆෝලික් ඇසිඩ් වගේ අවශ්‍යම කරන ඛනිජ ලවණ ශරීරයට නිසි ලෙස ලැබුණේ නැති උනහම මේක හැදෙනවා. ඉතින් මේ ඔක්කොටම හොඳම විටමින් පෙත්ත තමයි කරපිංචා. කරපිංචා වල අයන් සින්ක් ෆෝලික් ඇසිඩ් ඕනතරම් තියෙනවා. අපිට කන්න විතරයි තියෙන්නේ. හරි ඉක්මනට ශරීරය මේ ඛනිජ ලවණ උරාගන්නවා. හීනියට ලියලා දැම්මාම නිකම්ම මේ විටමින් පෙත්ත ඇඟට යනවා. ලස්සනට කොන්ඩේ වැවෙන්නත් ඇස්වල පෙනීමටත් මේක හරියට බලපෑම් කරනවා.

#අපේ ශරීරයේ තියෙන වැදගත්ම අවයවයක් තමයි අපේ අක්මාව (ලිවර් එක) කියන්නේ. ඒ වගේම හරිම ඉක්මනින් ඩැමේජ් වෙන්නත් පුළුවන් අවයවයක්. ගොඩක් දෙනා ලිවර් එක ඩැමේජ් වෙලා කියලා දන්නෙත් නෑ. එහෙම වුණත් කරපිංචා වල තියෙන විටමින් සී සහ ඒ වලට පුළුවන් ලිවර් එක නැවත යථා තත්වයට ගන්න. මොකද කරපිංචා වල තියෙන ඇන්ටි ඔක්සිඩන්ට් රසායන වලට ඒ හාස්කම කරන්න පුළුවන්. ගොඩක් අය මේක දන්නේ නෑ. ඉතින් පස්සේ කාලෙක fatty liver හදා ගන්නවා. නැතිනම් සිරෝසීස් හදාගන්නවා. සිරෝසීස් හැදෙන්න බොන්න ඕනම නෑ. නන් ඇල්කොහොලික් සිරෝසිස් කියලත් රෝගයක් තියෙනවා. මේ මොන විදිහට ලිවර් එක damage වුනත් කරපිංචා දමා දිව ඔසුව.

#අපිට තියෙන තවත් නරකම ලෙඩක් තමයි blood sugar කියන්නේ. අපි කොච්චර සීනි වලින් පරිස්සම් වුණත් ආරෙට පවා මේක එන්න පුලුවන්. ඉතින් හැමදාම උයන කෑම වලට කරපිංචා ග්‍රෑම් 100ක් ලියලා දාන්න පුළුවන් නම් කවදාවත් දියවැඩියාව නම් එන්නෙ නෑ. අපේ ඉන්සියුලින් සිස්ටම් එක ලස්සනට හදන්න කරපිංචා වලට පුළුවන්. ඒක හරියට කෙරෙන්නේ නැති උනහම තමයි ඩයබිටික් හැදෙන්නේ.

#ඊළඟට හාට් ඇටෑක්. ඒකට මුල් වෙන්නේ අපේ රුධිර නාලිකා වල බැඳෙන තෙල්. ඒ කියන්නේ කොලොස්ට්‍රෝල්. එකෙනුත් බෑඩ් කොලෙස්ට්‍රෝල්. ඒ කියන්නේ LDL. කරපිංචා වල තියෙන ඇන්ටිඔක්සිඩන්ට් රසායනික නරක කොලෙස්ටරෝල් එක්ක සටන් කරලා ඒවා නැති කරනවා. හොඳ කොලෙස්ටරෝල් හදනවා. ඒ කියන්නේ HDL වැඩි කරනවා. එහෙම වෙනවනම් කවදාවත් හාට් ඇටෑක් හැදෙන්නේ නෑ.

#අහල තියෙනවද ආ මේ කියලා දෙයක්. ඒ කියන්නේ නොදිරවූ ආහාර. අපේ බඩවැල් වල නොදිරපු ආහාර පිරිලා තියෙනවා. පස්සේ කාලෙක අපිට බඩවැල් පිළිකා පවා ඇති වෙන්නේ මේ ආමය හෙවත් නොදිරවූ ආහාර නිසා. අපේ ආහාර ජීරණ පද්ධතිය හොඳින් තියාගන්න කරපිංචා පුදුම විදිහට උපකාරී වෙනවා.

#තවත් පුදුම දේවල් කරපිංචා වල තියෙනවා. උළුහාල් එක්ක දාලා , කරපිංචා පොල් තෙලෙන් බැදලා හිසේ ගෑවාම දහසක් ඉසකේ ප්‍රශ්න නැති වෙනවා. පිළිකා වලට කරන chemotherapy නිසා ඇති වන side-effects පවා කරපිංචා නිසා නැති වෙනවා. සම පැහැපත් වෙනවා. ගැහැණු අයගේ ආර්තවය නවතින එක ප්‍රමාද වෙනවා. ලිංගික ශක්තිය අලුත් වෙනවා. ඇස් වල පෙනීම හොඳ වෙනවා. ගෑස් අඩු වෙනවා. මේ වගේ දාහක් දේවල් කියන්න පුළුවන්.

කරපිංචා කොළයක් දැක්ක ගමන් පිඟානේ පැත්තකින් තියන්නේ නැතුව කරපිංචා හීනියට ලියලා වෑංජනවලට එකතු කරලා හැමදාම වගේ කරපිංචා ආහාරයට එකතු කර ගන්න. කෑම පිඟානේ තියෙන රත්තරන් කොළය මීට පස්සේ අයින් කරන්න එපා. 🌿🌿🌿

🌿 හැම හොද්දකටම වෑංජනයකටම කරපිංචා අහුරක් සිහින්ව ලියලා දාන්න.. ඒ ඇයි කියලා ඇහුවොත් ඔබ පුදුම වෙයි...🌿

05/09/2026

Address

Colombo
00700

Alerts

Be the first to know and let us send you an email when දීඝායු LIFE Organic Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to දීඝායු LIFE Organic Foods:

Shortcuts

Share