HaJay's Kitchen

Directions

HaJay's Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HaJay's Kitchen, Food & Drink, 84, Lorenz Road, Colombo.

🌭 Sausage, the Simple Way! 😋
18/09/2026

🌭 Sausage, the Simple Way! 😋

🌶️ **Stuffed & Fried Capsicum** 😋❤️අද  හැදුවේ රසම රස මාළු මිරිස් පුරවලා බදපු එකක් 🌶️🔥Filling එකේ photo එකක් ගන්න බැරි වු...
08/09/2026

🌶️ **Stuffed & Fried Capsicum** 😋❤️

අද හැදුවේ රසම රස මාළු මිරිස් පුරවලා බදපු එකක් 🌶️🔥

Filling එකේ photo එකක් ගන්න බැරි වුණා 🙈 ඒත් filling එකට දැම්මේ 👇

🦐 Koonisso
🐟 Umbalakada
🍅 Tomato
🧅 Red Onion
🥔 Potato
🟢 Green Peas
🧂 Salt
🌶️ Chill Pieces

මාළු මිරිස් ටික filling එකෙන් පුරවලා, හොඳට batter එකේ දවටලා, biscuit crumbs වලත් coat කරලා freezer එකේ තියාගත්තොත් දවස් කිහිපයක් තියාගෙන අවශ්‍ය වෙලාවට බැදලා කන්න පුළුවන් 😋❤️

බත් එක්ක වුණත්, snack එකක් විදිහට වුණත් හරිම රසයි! 🤤🌶️

🍝 Sausages + Pasta + Egg Bullseye 🍳❤️Simple, quick & yummy! 😋
02/09/2026

🍝 Sausages + Pasta + Egg Bullseye 🍳❤️
Simple, quick & yummy! 😋

Today’s Homemade Lunch 🍚💚සුදු බත්, පරිප්පු, කූනිස්සෝ දාලා තෙල් දැමූ කංකුන්, මල් ගෝවා කිරට සහ හුරුල්ලෝ මාළු බැදලා 😋🤤සරල ග...
01/09/2026

Today’s Homemade Lunch 🍚💚

සුදු බත්, පරිප්පු, කූනිස්සෝ දාලා තෙල් දැමූ කංකුන්, මල් ගෝවා කිරට සහ හුරුල්ලෝ මාළු බැදලා 😋🤤

සරල ගෙදර කෑමක්… ඒත් රස නම් සුපිරිම සුපිරි! ❤️🍽️

ඔයාලත් මේ වගේ ගෙදර හැදෙන කෑම වේලකට කැමතිද? 🥰

🐟 Oven-Baked Fish with Potatoes & Veggies 🥔🍅අද ටිකක් වෙනස් photo එකක් දාන්න හිතුණා 😍අද මගේ favourite එකක් ❤️Potatoes, on...
31/08/2026

🐟 Oven-Baked Fish with Potatoes & Veggies 🥔🍅

අද ටිකක් වෙනස් photo එකක් දාන්න හිතුණා 😍
අද මගේ favourite එකක් ❤️

Potatoes, onions, tomatoes එක්ක ginger & garlic paste, chilli powder, pepper, salt සහ soya sauce දාලා හොඳට marinate කරපු මාළුවෙක් oven එකේ bake කරගත්තා. 😋🐟

ගෙදර නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක ඔයාලත් මේක හදලා බලන්නකෝ. හරිම ලේසියි, ඒ වගේම රසයි! ❤️

මම නම් හිතන්නේ, අපි ගෙදර ඉන්න නිදහස් වෙලාවක අපේ මානසික සතුට වෙනුවෙන්, අපි ආසම දෙයක් කරන්න ටිකක් වෙලාව වෙන් කරගන්න ඕනේ කියලා. 🥰
මම නම් හරිම ආස දෙයක් තමයි මොනවා හරි කෑමක් හදන එක… ඒක මට ලොකු සතුටක්. ❤️

ඉතින් මේකත් මගේ පුංචි සතුටක් වෙනුවෙන් හදපු කෑමක්. 😍🍽️

ඔයාලත් හදලා බලලා රස කොහොමද කියලා කියන්නකෝ! 😋

A Little Coffee Shop Find ☕🥤🤎හැමදාම කන දේවල්වල photos දාන එකේ අද ටිකක් වෙනස් දෙයක් දාන්න හිතුනා. 😍ළඟදි අලුතින් open කරපු...
28/08/2026

A Little Coffee Shop Find ☕🥤🤎

හැමදාම කන දේවල්වල photos දාන එකේ අද ටිකක් වෙනස් දෙයක් දාන්න හිතුනා. 😍
ළඟදි අලුතින් open කරපු Koffilo coffee shop එකකට ගියා. ඇත්තටම coffee විතරක් නෙවෙයි, milkshakes, pastries, cakes වගේ රසම රස දේවල් ගොඩක් තියෙනවා. 🥐🍰☕🥤

ඉතින් මං නම් ගත්තේ Nutella Milkshake එකක්. 😂🤎 කොහේ ගියත් Nutella තියෙන දෙයක් දැක්කොත් ඒක try නොකර ඉන්න බෑනේ! 🙊

ඇත්තටම කියන්න දෙයක් නෑ… Nutella හොඳට දාලා හදපු, හරිම රසම රස milkshake එකක්! 😋🤎

ඒ වගේම shop එකේ vibe එකත් හරිම calm & relaxing. Interior එකත් හරිම ලස්සනයි. ✨

Galle පැත්තේ ඉන්නවා නම් ඔයාලත් ගිහින් try කරලා බලන්න. ❤️

Koffilo — definitely worth a little visit! ☕🥤✨

🍛 A Little Homemade Meal Prepදවස් තුනකට විතර කන්න පුළුවන් විදිහට මම මේ ටික හදාගත්තා. ❤️ ගෙදර හදන කෑමවල තියෙන ඒ රසයත්, කැ...
21/08/2026

🍛 A Little Homemade Meal Prep

දවස් තුනකට විතර කන්න පුළුවන් විදිහට මම මේ ටික හදාගත්තා. ❤️ ගෙදර හදන කෑමවල තියෙන ඒ රසයත්, කැමති විදිහට එක එක දේවල් එකතු කරලා හදාගන්න පුළුවන් එකත් මට නම් හරිම විශේෂයි. 😋

**Menu:**
• Soya Meat
• Dhal Curry
• Malu Miris Meatballs in Coconut Milk
• Tempered Potatoes
• Chicken Curry

මේ අතරින් මට නම් අලුත්ම combination එක තමයි Malu Miris වලට meatballs දාලා කිරට උයපු එක 🙊❤️ මාලු මිරිස් කිරට හදන එක අපි හැමෝම දන්නවනේ… ඒකට meatballs එකතු කරලා බලලා තියෙනවද? හරිම රසයි! 😍

ඔයාලත් මේ විදිහට හදලා කාලා තියෙනවද?😋🍽️

යාලුකමට වෙන් කරන පුංචි වෙලාවක්… ❤️අද මේ photo එක දැක්කම මට හිතුණා, කෑමක් ගැන විතරක් නෙවෙයි… යාලුකම ගැනත් ටිකක් ලියන්න ඕන...
13/08/2026

යාලුකමට වෙන් කරන පුංචි වෙලාවක්… ❤️

අද මේ photo එක දැක්කම මට හිතුණා, කෑමක් ගැන විතරක් නෙවෙයි… යාලුකම ගැනත් ටිකක් ලියන්න ඕනේ කියලා.😊

මේක මම ගත්තේ, රට ඉඳන් ආපු යාලුවෙක් එක්ක ටිකක් එළියට ගිහින් කෑමක් කන්න ගිය වෙලාවක. එහෙම බලද්දි අපේ ජීවිතේට යාලුවෝ එක එක කාලවලදී එකතු වෙනවා. ඉස්කෝලේ යාලුවෝ, class වලදී හම්බවෙන යාලුවෝ, campus එකේ යාලුවෝ, office එකේ යාලුවෝ… සමහරු අපි එක්ක අවුරුදු ගණනක් ඉන්නවා. තවත් සමහරු ජීවිතේ එක්තරා අවස්ථාවකදී හමුවෙලා, පුංචි කාලයක් ඇතුළතම අපේ මතකවල ලොකු තැනක් ගන්නවා.

මම අහලා තියෙනවා, "අවුරුදු ගණනක් පරණ යාලුකමක් නම්, ඒ යාලුකම කවදාවත් නැති වෙන්නේ නෑ”කියලා. ඒක ඇත්ත වෙන්නත් පුළුවන්… හැබැයි මට හිතෙන්නේ යාලුකමක වටිනාකම තීරණය වෙන්නේ එකට ගත කරපු අවුරුදු ගණනින් විතරක් නෙවෙයි කියලා. ❤️

අපි හැමෝගෙම ජීවිතවල, එක එක අවස්ථාවලදී හමුවුණු, හිතට ළං වුණු, “මේ මනුස්සයා මගේ ජීවිතේට ආපු එකත් එක්තරා blessing එකක්” කියලා හිතෙන යාලුවෝ ඉන්නවා.

පුංචි පුංචි රණ්ඩු, හිත් රිදීම්, නොගැළපීම්… ඒවා නැති යාලුකමක් නැති තරම්. ඒත් ඒ හැමදේකටම වඩා, දුකකදීත් සතුටකදීත් එකට ඉන්න පුළුවන්කම, අවශ්‍ය වෙලාවක එක phone call එකකින් හිතේ තියෙන දේ කියන්න පුළුවන්කම, කාලයක් කතා නොකර හිටියත් නැවත හමුවුණාම කිසිම දුරක් තිබුණේ නැති වගේ හිනාවෙන්න පුළුවන්කම… ඒ තමයි ඇත්ත යාලුකම. 🥹❤️

අපි හැමෝම ජීවිතේ දුවන්නේ කොහේ හරි යන්න. වැඩ, වගකීම්, මුදල්, අනාගතය, dreams… මේ හැමදේම පස්සේ දුවන අතරේ, අපිට ආදරෙන් ඉන්න මිනිස්සුන්ව සමහර වෙලාවට අමතක වෙනවා.

ඒ නිසා මට හිතෙන්නේ, යාලුවෙක් වෙනුවෙන් විනාඩි 5ක්වත් වෙන් කරගන්න පුළුවන් නම්, ඒක කරන්න.❤️
Call එකක් දෙන්න. Message එකක් දාන්න. “කොහොමද?” කියලා අහන්න. වෙලාවක් තියෙනවා නම් එකට කෑමක් කන්න යන්න. පුළුවන් නම් meet වෙන්න.

මොකද අපි ජීවිතේ හැමදාම “කවදාහරි” කියලා දේවල් කල් දාගෙන හිටියොත්, අපිට මඟහැරෙන්නේ ජීවිතේ ලස්සනම මොහොතවල් වෙන්න පුළුවන්.

අපිට ජීවිතේ ලැබිලා තියෙන්නේ ඒක අවසන් වෙන දවසට හැම දෙයක්ම cover කරන්න නෙවෙයි…

අද තියෙන මිනිස්සු, අද තියෙන වෙලාව, අද තියෙන පුංචි සතුටු මොහොතවල් එක්ක ජීවිතේ විඳින්න.🌿❤️

අපිට ආදරේ කරන මිනිස්සු අතරින්, ඕනෑම වෙලාවක ඕනෑම දෙයක් කියන්න පුළුවන්, අපි වෙනුවෙන් ඉන්න කෙනෙක් හරි කීප දෙනෙක් හරි ඉන්නවා නම්… ඒකම ලොකු වාසනාවක්.

සමහරවිට ඒ විනාඩි 5 තමයි තවත් අවුරුදු ගණනකට මතක හිටින ලස්සන මතකයක් වෙන්නේ. 🫶🏻

🌿 Enjoy the Little Things in Life 🤍ජීවිතේ හැමදාම එක වගේ නෑ. සමහර දවස් වැඩ වැඩියි, සමහර දවස් මහන්සියි, තවත් සමහර දවස් අපි...
07/08/2026

🌿 Enjoy the Little Things in Life 🤍

ජීවිතේ හැමදාම එක වගේ නෑ. සමහර දවස් වැඩ වැඩියි, සමහර දවස් මහන්සියි, තවත් සමහර දවස් අපි අපිවම අමතක කරගෙන දුවනවා.

ඒත් ඒ හැම දේ අතරේ, අපි වෙනුවෙන් පොඩි මොහොතක් වෙන් කරගන්න එකත් ජීවිතේ ලස්සන කොටසක්. හොඳ කෑම වේලක්, උණුසුම් කෝපි කෝප්පයක්, හිතට නිදහසක් දෙන විනාඩි කිහිපයක්... මේ පොඩි දේවල් තමයි ජීවිතේ ලොකුම සතුටවල් වෙන්නේ.

ජීවිතේ ලස්සන වෙන්නේ හැම දෙයක්ම තිබුණාම නෙවෙයි... ලැබුණු පොඩි දේවල්වල වටිනාකම දැනගෙන ඒවා විඳින්න ඉගෙන ගත්තාමයි. ✨

අද මගේ දවසේ රසවත් කොටස වුණේ...

🥪 Brown Bread Club Sandwiches
🌯 Tandoori Chicken Submarine

සරලයි... රසයි... ඒ වගේම දවසට පුංචි සතුටක් එකතු කළ කෑම වේලක්. 🤎

ඔයාලත් අද දවසේ ලැබුණු පුංචි සතුටක් comment එකකින් බෙදාගන්න. 🌼💛

📍 Paan Paan

Spicy Sausage Stir Fry 🌶️අද මගේ කුස්සියේ ඉක්මනින්ම හදලා රස බලපු Spicy Sausage Stir Fry එකක්! 😍සොසේජස්, ළූණු, ලීක්ස්, අමු...
06/08/2026

Spicy Sausage Stir Fry 🌶️

අද මගේ කුස්සියේ ඉක්මනින්ම හදලා රස බලපු Spicy Sausage Stir Fry එකක්! 😍
සොසේජස්, ළූණු, ලීක්ස්, අමු මිරිස්, කරපිංචා එක්ක ටිකක් සැරට කලවම් කරගත්තාම ලැබෙන්නේ බත් එක්කත්, පාන් එක්කත්, රොටි එක්කත් ගැළපෙන රසම රස කෑමක්. ❤️

🍽️

Address

84, Lorenz Road
Colombo
00400

Website

Alerts

Be the first to know and let us send you an email when HaJay's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category