13/10/2026
කෝටු දෙකෙන් කන නිසාද මෙයාල මෙච්චර කෙට්ටු...?
(චොප්ස්ටික්ස් Chopsticks).................
කොරියන්, ජපන්, චීන, වගේ රටවල්වල ගැහැණු පිරිමි දෙගොල්ලොම ,
බඩක් කියල නාමයක් නැතුව මෙච්චර කෙට්ටුවට ලස්සනට ඉන්නේ කෝටු දෙකෙන් කන නිසා කියලා මට නං හිතුනා.....................
මොකද එයාලා කොච්චර හයියෙන් කනවා දැක්කත් කෝටු දෙකෙන් කටට යන්නේ ඉතා කුඩා ප්රමාණයක්,
ඒ වගේම එයාලා කෑම ආහාරයට ගන්න බෙදා ගන්නේ පුංචි පීරිසියකට....
ඉතින් මට හිතෙනවා,
ඒ කෝටු දෙකෙන් කුඩා ප්රමාණයක් කටට යනකොට ,
බඩගින්න ඉක්මනින් නැතිවෙනවා කියලා...
මොකද අපේ රටවල් වල ,අතින් ,හැඳිගෑරප්පු වලින් කනකොට ඉක්මනින් කන්නත් පුළුවන් වගේම ,ලොකු ප්රමාණයක් බඩට යනවා...................
හැබැයි ඉතින් මේකට එයාලගේ ආහාර රටාව වගේම, ජානමය තත්ත්වයත් බලපානවා..
ජපානය, කොරියාව සහ චීනය කියන්නේ නැගෙනහිර ආසියාතික (East Asian) රටවල්...
ඉතින් එයාලටම වෙන්වුන උසක් ,ශරීරයේ හැඩයක් ,මූන කට ඇස්වල වෙනසක් ,කොන්ඩෙ වෙනසක් තියෙනවා..................
ආහාර රටාවේ රහසකුත් තියෙනවා,...........
ආහාර රටාවේ රහස (Traditional Diet)
ඔවුන්ගේ දෛනික ආහාර වේලට තම්බන ලද හෝ වාෂ්පයෙන් තැම්බූ (Steamed) සහ අඩු තෙල්වලින් පිසගත් ආහාර (Stir-fried) වැඩිපුර ඇතුළත් වෙනවා.
බටහිර රටවල වගේ අධික චීස්, බටර්, සහ සීනි භාවිතය ගොඩක් අවමයි.
ඒ වෙනුවට සහල්, මාළු, මුහුදු ආහාර සහ විවිධ නැවුම් එළවළු වර්ග තමයි මූලික වෙන්නේ.
හැම වේලකටම වගේ සුප් වර්ග (Soups) භාවිත කිරීම නිසා බඩ ඉක්මනින් පිරෙනවා..
ඒ නිසා ඕනෑවට වඩා කෑමට ඇති ඉඩකඩ බඩේ අඩුවෙනවා..............
ඉතින් ඔයාලගේ අදහස් මොනවද,
ගොඩක් අය මේ රටවල්වල දැනට ජීවත් වෙන නිසා මීට වඩා දෙයක් දන්නව ඇති....
කියන්නකො බලන්න.......................