11/05/2026
මහ පොලොවෙ සුවද දැනෙන මිනිස්සු 🌱🤗
උදේ 6.00 ට පිනි බිදු වැටිච්ච තනකොල පාගගෙන කොටුවට යනකොට නහර පුරා දුවන්නෙ මහන්සිය නෙමෙයි ආත්ම තෘප්තියක් .
ඉර උදාවෙන්න කලින්ම වගාව ලග එක එක පැලය දිහා බලලා අලුත් දල්ලක් ඇවිත්ද,මල් පිපිලද,කරල් හැදිලද කියල කොටුව පුරාම ඇවිදල හොයනව.🤡ඒ සතුට office එකේ Ac එකේ කැරකෙන පුටුවෙ වාඩ් වෙලා කවදාවත්ම ගන්න බෑ.🤡
හැබැයි Amora export අපිත් දවසක office එකක Ac එකේ කැරකෙන පුටුවක වාඩි වෙයි.අන්න එදාට ඒ සතුට නැති වෙයි.මොකද ඔලුවට ප්‍රස්න වැඩි වෙන්ව එතකොට Bisnas එකේ.
ඉතිම් කොහොම හරි වගාව කියන්නෙ පුන්චිම පුන්චිම බබෙක්ගෙ ක්‍රියාකාරකම් වගේමයි.එයාල ඒ කරන දේවල් වලින් දැනෙන සතුට ඒ හා සමාන සතුටක් තමයි agriculture කියන fild එකෙනුත් දැනෙන්නෙ.
බීජ දාල පසෙන් උඩට පොඩි පොඩි මොටැයියො දාගෙන එද්දි ඇත්තටම හිතට දැනෙන්නෙ තාත්ත කෙනෙක් තමන්ගෙ දරුව මාස 9 ක් 10 ක් අම්මගෙ කුසේ පෝශනය වෙලා මේ ලොකෙ එලිය දකින දවස ඒ හා සමාන හැගීමක් කියාගන්න බැරි සතුටක් තමා දැනෙන්නෙ. ඒක් වෙනම කතාවක් ඉතිම්.
අවුවත් වැස්සත් අපේ මිතුරො හතුරො සමහර කාල වලදි අවුව අපෙ හතුරො වෙනව සමහර කාල වලදි අවුව අපේ හතුරො වෙනව. වැස්සත් ඒ වගේම තමා.ඒකත් ලොකු කතාවක් 🤫
අව් කාශ්ටකේ පිච්චෙද්දි දාඩිය පෙර පෙර එක පාර වැහි පොදක් වැටුනාම පැල වලට විතරක් නෙමෙයි හිතටත් පන එනව සුලන් කැරකිලා ඇවිත් මූන අතගාල යනකොට දැනෙන නිදහස 8 to 5 job එකකින් නම් කවදාවත්ම ගන්න බෑ.
ඉතින් කොහොමින් කොහොම හරි අපි වගාකරපු දෙයක් මුලු ලෝකයක් ආහාරයට ගන්නව කිවුවහම ඒ දැනෙන සතුට ඒ දැනෙන ආඩම්බරේ ඒක වෙනම දෙයක්.😥
මහ පොලොව එක්ක ඔට්ටු වෙන ඉරටයි වැස්සටයි අබියෝග කරන මුලු ලෝකෙටම අත්‍යවශ්‍යම දේ වෙන අහාර සපයන 🤴ගොවි රජවරුන්ට
🌍Amora Export 🌍අපගේ උත්තමාචාරය 🤝💥💫❤️