Nature Valley Farm

Nature Valley Farm Fresh fruits

16/02/2026
28/07/2024
රතු දෙළුම්...දැනට පවතින මිල කිලෝවක් රු.1500/= - ඩිලිවරි ගාස්තුව සමඟ.සීමිත ප්‍රමාණයක් තියෙන්නෙ  0771852181
28/07/2024

රතු දෙළුම්...
දැනට පවතින මිල කිලෝවක් රු.1500/= - ඩිලිවරි ගාස්තුව සමඟ.
සීමිත ප්‍රමාණයක් තියෙන්නෙ
0771852181

හුස්ම යන්න ගිය පුද්ගලයන්ට පවා නැවත පණ දිය හැකි දෙළුම්..නිරෝගීව බොහෝ කාලයක් ජීවත් වෙන්න නම් අපි හැමෝම කැමතියි නේ. ඒත් අපි...
29/08/2023

හුස්ම යන්න ගිය පුද්ගලයන්ට පවා නැවත පණ දිය හැකි දෙළුම්..

නිරෝගීව බොහෝ කාලයක් ජීවත් වෙන්න නම් අපි හැමෝම කැමතියි නේ. ඒත් අපි අද ගන්නා ආහාර පාන එක්ක චර්‍යා රටාව එක්ක අවුරුදු 50 ක් ජීවත් වෙන එකත් එක්තරා විදිහක ලොකු අභියෝගයක්. ඉතින් මෙන්න මේ අභියෝගය සාර්ථකව ජය ගන්න නිදුක් නිරෝගීව බොහෝ කාලයක් ජීවත් වෙන්න ආහාරයට ගත යුතුම අපූරු පළතුරක් ගැන තමයි මේ කියන්න යන්නේ
පලතුරු වර්ග අතුරින් අනෙක් පලතුරු සමඟ සම කරන්නට බැරි ඉතාම ඉහළ සෞඛ්‍ය සම්පන්න බවින් යුක්ත පලතුරක් තමයි දෙළුම් කියලා කියන්නේ. විද්‍යාත්මක පරීක්ෂණ මගින් තහවුරු කරලා තියෙනවා විදිහට දෙළුම් ආහාරයට එකතු කර ගැනීමෙන් බොහෝ රෝග වළක්වා ගන්නට හැකියාව ලැබෙනවා .
තද රතු පැහැයෙන් යුක්ත පැණි බේරෙන දෙළුම් කන්න ලොකු පොඩි අපි හැමෝම කැමතියි. ඉතින් මේවා ආහාරයට ගනිද්දී එය අපේ ශරීරයට කොතරම් ගුණදායකද කියන වග දැනගෙනම ආහාරයට ගන්නවා නම් එය කොයිතරම් දෙයක් ද? මේ දෙළුම් බෙරි විශේෂයක් විදිහට තමයි සැලකෙන්නේ. විශේෂයෙන්ම හොඳින් ඉදුණු දෙළුම් ඇට කෝප්පයක හිතාගන්නවත් බැරි තරම් පෝෂක ප්‍රමාණයක් අඩංගු වෙනවා.
දෙළුම් ගෙඩියක සාමාන්‍යයෙන් ඇට 613 පමණ ඇති බව අනුමාන කරනවා. ඉතින් මේ පුංචි දෙළුම් ඇටයක කොතරම් ගුණයක් සැඟවිලා තියෙනවද. කාබෝහයිඩ්‍රේට්, සීනි, තන්තු, පොටැසියම්, විටමින් සී, විටමින් කේ,ෆෝලේට්, ප්‍රෝටීන ආදී පෝෂක බොහොමයක්ම මෙහි අන්තර්ගත වෙනවා. විශේෂයෙන්ම දෙළුම් ශරීරයේ දියවන තන්තු සහ දිය නොවන කියන තන්තු වර්ග දෙකම ලබා ගන්නට හැකි හොඳම මාර්ගයක් විදිහට සඳහන් කරන්න පුළුවන්.
මේ දෙලුම්වල අඩංගු වෙන ප්‍රතිඔක්සිකාරක බොහෝ පලතුරුවලටත් වඩා ග්‍රීන් ටී වලටත් වඩා වැඩි බව තමයි සදහන් වෙන්නේ. එක දෙළුම් ගෙඩියක 40 % ක් පමණ විටමින් c ප්‍රමාණයක් ද අඩංගු වෙනවා.
ඒ විතරක් නෙමෙයි කලාතුරකින් දකින්නට ලැබෙන ප්‍රබලම ශාක සංයෝග ද්විත්වයක් වෙන පුනිකැලජින්ස් සහ පියුනිසාක් අම්ලවලින් පවා දෙළුම් පොහොසත්. ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන පුනිකැලජින්ස් දෙළුම් යුෂවල වගේම පොත්තේ බහුලව අඩංගු වෙනවා. කොතරම් ප්‍රමාණයක් ද කියලා කිව්වොත් රතු වයින් හෝ හරිත තේවල අඩංගු වෙන ප්‍රතිඔක්සිකාරක වගේ තුන් ගුණයක්.
ඉතින් මේ තරම් පෝෂක ප්‍රමාණයක් අඩංගු වන දෙළුම් අපේ නිරෝගි බවට කොහොමද උදව් වෙන්නේ. අපි බලමු ඒ ගැන.දෙළුම් යුෂ වශයෙන් හෝ පළතුරක් වශයෙන් නිතර ආහාරයට එකතු කරගන්න පුළුවන් නම් අපේ දේහයට ලැබෙන ප්‍රතිලාභ කියා නිම කරන්න බැහැ. විශේෂයෙන්ම දෙළුම් පලතුරක් විදියට හැරුනහම එහි මල්, කොළ ආදී සියල්ලම සහ දෙළුම් පොතු පවා ඖෂධීය වටිනාකමින් ඉතාම ඉහළයි.
කැලරි අඩු මේදය අඩු තනතු, විටමින් සහ ඛනිජ ලවණ ඉතා ඉහළ දෙළුම් ආහාරයට ගැනීමෙන් ලෙඩ රෝග රැසක් අපිට සුවපත් කරගන්නට පුළුවන්.
දෙළුම්වල ඖෂධීය ගුණ

* අධි රුධිර පීඩනයට ගුණදායකයි.පර්යේෂණවලින් අනාවරණය කරගෙන තියෙන ආකාරයට දිනකට දෙළුම් යුෂ අවුන්ස 5 බැගින් සති දෙකක් පානය කිරීමෙන් ඖෂධ භාවිතා කිරීමකින් තොරව අධි රුධිර පීඩනය අඩු කර ගන්නට පුළුවන් බව සඳහන්.
* දෙවන වර්ගයේ දියවැඩියාව පාලනය කරනවා.
* හෘදයාබාධ ඇති කරන්නට හේතු වන අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා.
* මතක ශක්තිය වර්ධනය කරනවා.දෙළුම් යුෂ මගින් මතක ශක්තිය වර්ධනය කරනවා.මෙමගින් මොළයේ රුධිර සංසරණය වේගවත් කර මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරනවා.අමතකවීමේ රෝගයෙන් පෙළුණු වැඩිහිටි පුද්ගලයන් යොදා ගනිමින් සිදුකරන කරන ලද පර්යේෂණයකට අනුව මේ බව අනාවරණය කරගෙන තියෙනවා
* ඇල්ෂයිමර් රෝගය වැඩි දියුණු වීම වළක්වනවා.පුනිකැලජින් රසායනිකයට විශේෂ හැකියාවක් තියෙනවා මොළයේ සෛල ආරක්ෂා කරන්නට. එනිසා සෛල විනාශ වීම වළක්වා ඇල්ෂයිමර් රෝගය ඇතිවීම වළක්වන්නට දෙළුම් වලට පුළුවන්.
* දෙලුම්වල අඩංගු ෆ්ලෙවනොයිඩ්ස් කාටිලේජවලට වන හානිය අවම කරන නිසා ඔස්ටියෝ ආතරයිටීස් ඇතිවීම වළක්වනවා.
* පිළිකාවලින් ආරක්ෂාව සැලසෙනවා.පිළිකාවලට එරෙහිව සටන් කරන කරන්නට විශාලම දායකත්වයක් ලබාදෙන්නේ ඉහතින් සඳහන් කළ පියුනිසාක් අම්ලය. පිළිකා නාශක ඖෂධ නිෂ්පාදනයේ දී පවා මේ දෙළුම් ඇටවලින් ලබාගන්නා තෙල් භාවිතයට ගන්නවා. විශේෂයෙන්ම පුරස්ථි ග්‍රන්ථියේ ඇතිවන පිළිකා, පියයුරු පිළිකා, චර්ම පිළිකා සහ පෙනහළු පිළිකාවලට එරෙහිව කටයුතු කරන්නට දෙළුම්වලට හැකියාව තියෙනවා.
* ශරීරයට ශක්තිය ලබා දෙනවා. පර්යේෂණවලින් අනාවරණය කර කරගෙන තියෙන විදියට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙළෙන අය දිනකට දෙළුම් යුෂ අවුන්සය බැගින් පානය කළොත් සති 15 කින් මේ පිළිකාවේදී නිපදවන PSA ප්‍රෝටීනයේ නිෂ්පාදන වේගය සති 54 දක්වා කල්යන බව සඳහන්.
* අධික වෙහෙස නැති කරන්නට උපකාරී වෙනවා.
* සන්ධි ප්‍රදාහය සමග ඇතිවන දැවිල්ල සමනයට උපකාරී වෙනවා.
* ආයුෂ වර්ධනය කරනවා.
* මරණාසන්න පුද්ගලයෙකුට දෙළුම් යුෂ බිංදු දෙකක් පෙවීමෙන් පවා මරණයෙන් ගලවා ගන්නට හැකි බව සඳහන් වෙනවා. මෙහිදී රුධිර සංසරණය ක්‍රමවත් කර සෑම ඉන්ද්‍රියක්ම ප්‍රාණවත් කිරීමක් සිදුවීම එයට හේතුවයි.
* තරුණ පෙනුම රැක දෙනවා.සමේ කොලජන් වර්ධනය වේගවත් කර එමගින් සමේ ඇතිවන රැලි වැටීම වළක්වනවා. එයින් සමේ ඇතිවන තුවාල සුව කිරීම සහ සමේ නිරෝගි බව ආරක්ෂා කර දෙනවා.
* දත් මුල් දියවීම වළක්වනවා.
* ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කරනවා.
* වේදනානාශක හැකියාව හේතු කරගෙන අස්ථිවල ගැටළු දුරුකර අස්ථි ශක්තිමත් කරනවා.
* දෙලුම් දළු ඇස්වල වියලි බව සහ වෙහෙස නිසා ඇතිවන වේදනා දුරු කර ගන්නට උපකාරී වෙනවා.
* ඇසේ සුද ඇතිවීමට එරෙහිව ක්‍රියා කරනවා.
* ස්ත්‍රීන්ගේ සරු බව වැඩි කර සහ පිරිමින්ගේ දුබල බව නැති කරනවා.
* අධික ස්ථුලභාවය දුරු කරනවා.
* මානසික ආතතියට සහනය සලසනවා.
* අජීර්ණයට ගුණදායකයි.
* මුත්‍රා රෝගවලින් සහනය ගෙන දෙනවා.
* මුඛයේ ශ්‍රාව වැඩි කරන්නට උදව් වෙනවා.
* ආහාර රුචිය වර්ධනය කරනවා.
* කටහඬ මිහිරි කරනවා.
* සෞඛ්‍ය සම්පන්න කෙස් කළඹක් ලබා දෙනවා.

සතියකට වරක් හෝ දෙළුම් යුෂ හිසකෙස්වල ආලේප කර සම්බාහනය කරන්නට පුළුවන් නම් හිසකෙස් ශක්තිමත් කරගන්නට එය අපිට උදව්වක් වෙනවා. හිසකෙස්වල දුර්වල බව නැතිකර හිසකෙස් ශක්තිමත් කිරීම, හිසකෙස්වල කැඩීයාම වැළැක්වීම වගේම නිතර අවුල් වෙන රළු කොණ්ඩය ආදී ගැටලු මගහරවා ගන්නත් මේ දෙළුම් යුෂ දෙහි සමඟ භාවිතයට ගන්න පුළුවන්.
හිස් කබල පිරිසිදු කර අපද්‍රව්‍ය ඉවත් කරගන්නට දෙළුම් තෙල් ඔබට භාවිතයට ගන්නත් පුළුවන්.
දිනපතාම දෙළුම් යුෂ හෝ දෙළුම් පලතුරක් විදියට ආහාර එකතු කරගන්න පුළුවන් නම් මෙකී නොකී වාසි බොහොමයක් අපි ඉතාම පහසුවෙන් ලබාගන්න පුළුවන්. වස විස එකතු කරන වෙනත් පලතුරු ආහාරයට ගැනීමෙන් ලැබෙනවාට වඩා රෝග සුවපත් කරගෙන දිගාසිරි ලබන්නට නම් දෙළුම් ආහාරයට එකතු කරගත යුතුම වෙනවා.copied

Address

Dambulla
21100

Telephone

+94771852181

Website

Alerts

Be the first to know and let us send you an email when Nature Valley Farm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nature Valley Farm:

Share

Category