29/12/2025
පළමුවරට ඩොලර් බිලියනයේ සීමාව පසු කළ ශ්‍රී ලංකාවට නව කප්රුකක් වී ඇති පොල් කර්මාන්තය.
2025 වසරේ මූල්‍ය දත්ත වාර්තා විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ, ශ්‍රී ලංකාවේ පොල් අපනයන ආදායම ප්‍රථම වරට ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක සුවිශේෂී කඩඉම පසු කර ඇති බවයි. පසුගිය වසරට සාපේක්ෂව 2025 වසරේ මුල් මාස 10 තුළ සමස්ත පොල් අපනයන ආදායම 43% කින් දැවැන්ත අගයකින් ඉහළ ගොස් ඇත. මෙහි විශේෂත්වය වන්නේ සාම්ප්‍රදායිකව අපනයනය කළ පොල්තෙල්වලට වඩා, අගය එකතු කළ (Value-added) නිෂ්පාදන හරහා වැඩි ආදායමක් උපයා තිබීමයි.
🌍 ලෝකයේ සත්ත්ව නිෂ්පාදනවලින් තොර ආහාර රටාවන් (Vegan diet) ජනප්‍රිය වීම ශ්‍රී ලංකාවට මහඟු අවස්ථාවක් උදාකර දී ඇත. විශේෂයෙන්ම 'කිරි' සඳහා විකල්පයක් ලෙස පොල් කිරි සහ ක්‍රීම් සඳහා යුරෝපයෙන් ලැබෙන ඉල්ලුම 91% කින් වර්ධනය වී තිබේ.
🌍 එමෙන්ම, 'සුදු රත්තරන්' ලෙස හඳුන්වන පොල්තෙල් (Virgin Coconut Oil) අපනයනය 80% ක වර්ධනයක් වාර්තා කර ඇත්තේ ඇමරිකාව සහ ජර්මනිය වැනි රටවල ප්‍රධාන සෞඛ්‍යමය තේරීමක් බවට පත්වෙමිනි.
🌍 'පොල් කටු' ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන සක්‍රීය කාබන් (Activated Carbon) සඳහා ලෝකයේ ඉහළම පිළිගැනීමක් හිමිව ඇත. ජලය පිරිපහදු කිරීම, රන් කැණීම සහ වායු සමීකරණ පද්ධති සඳහා යොදාගන්නා මෙම නිෂ්පාදනය 2025 වසරේදී 77% ක 🚨දැවැන්ත ආදායම් වර්ධනයක් පෙන්වා ඇත. මෙය අපතේ යන පොල් කටු මගින් ඩොලර් උපයන තාක්ෂණික ක්‍රියාවලියකි.
🌱පරිසර හිතකාමී වගා මාධ්‍ය: කොහුබත් (Coco Peat)
ගෝලීය උණුසුම හමුවේ නූතන කෘෂිකර්මාන්තය 'පස' වෙනුවට තිරසාර වගා මාධ්‍ය සොයමින් සිටී. ශ්‍රී ලංකාවේ කොහුබත් වලට දකුණු කොරියාව, ඉන්දියාව සහ මෙක්සිකෝව වැනි රටවලින් පවතින්නේ නොපිරිහෙන ඉල්ලුමකි. විශේෂයෙන්ම හරිතාගාර වගාවන් සඳහා මෙය අත්‍යවශ්‍ය සාධකයක් වී තිබේ. කොහු බත් ආශ්‍රිත ආදායම ඩොලර් මිලියන 200 ඉක්මවූ දැවැන්ත අගයක් වියත.
වර්තමානයේ ලෝකයේ ඇති මෙම දැඩි ඉල්ලුම සමග ඩොලර් බිලියන දෙකේ සීමාව ඉතා පහසු ඉලක්කයක් වී ඇති අතර ශ්‍රී ලංකාවට ඇති ප්‍රධානම අභියෝගය වී ඇත්තේ පොල් ගස් සංඛ්‍යාව සහ ඉන් ලැබෙන ඵලදාව රිලවුන් ඇතුළු පළිබෝධිකයන්ගේ පොල් ගහට කරන හානිය රුපියල් බිලියන ගණනක අගයක් වී ඇති අතර. සැලකිය යුතු ලෙස නව පොල් ගස් සංඛ්‍යාව වැඩි නොවීම ශ්‍රී ලංකාවට අවාසි සහගත වී ඇත. වර්තමානය වන විට පොල් ගස ආශ්‍රිත සමහර භාණ්ඩ විදේශ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට ශ්‍රී ලංකාවට නොහැකිවී ඇත්තේ මෙම අමුද්‍රව්‍ය හිඟය නිසාවෙනි.