17/12/2024
⭕The Secret cafe අපේ සමුගැනීමයි..🥹
අවුරුද්දකට ආසන්න කාලයක් පුරාවට අපි ඔයාලා එක්ක හිටියා
ඉතිං
අද වෙනකන් අපි එක්ක එක එක ජාතියෙ කෑම රසවිඳපු, ලස්සන ලස්සන ෆොටෝ, වීඩියෝ ශූට් කරපු, අපිට පුංචි පුංචි තෑගිබෝග ගෙනල්ල දුන්නු, හරිම ආදරෙන්
"අනේ ඔයාලගෙ තැන හරිම ලස්සනයි"
"ඔයාලගෙ කෑම හරි රසයි"
වගේ වචන වලින් අපට හයියක් වුනු, අපෙ වැරදි අඩුපාඩු හදාගන්න දේවල් කියල දීලා උදව් වුනු , අපේ මීම් වලට හිනා වුනු, පෝස්ට් වලට Like , Comment, React කරපු, කන්න බොන්න Chill එකේ ඉන්න අපිව හොයං ආපු ආදරණීය පාරිභෝගික ඔබ හැමදෙනාටම
ගොඩාක් ස්තූතියි වගේම, ගොඩාක් ආදරෙයි....මේ තරම් දුරක් අපි ආවෙ ඔයාලගෙ ආදරය හින්දා...❤️
අපි අතින් ඔයාලට අඩුපාඩු, වැරදි, හිත් රිදීම් වුනානම් ඒ හැමදේටම සමාව ඉල්ලනවා🖤
ඉතිං ඔන්න දැන් රේල් පාරේ The Secret Cafe අපි නෑ....
අලුත් කෙනක් ලගදීම එතනට එයි..
ඉතිං අපි එක්ක මේ අවුරුද්දකට ආසන්න කාලය පුරාවට ආදරෙන් ආව ගිය කතා බහ කරපු The Secret Cafe හින්දම අපි එක්ක යාලුවො වුනු හැමදෙනාටම ගොඩාක් ආදරෙයි!
අලුත් අයටත් ඒ ආදරේම දෙන්න❤️
එහෙනම් කොල්ලනේ කෙල්ලනේ අපි ගියා 🥹❤️
ඔයාලගෙ ආදරය , ඔයාලගෙ මතක අපිට ලියාගෙන යන්න... The Secret Cafe එක්ක ගත්ත Photos මෙතනින් දාගෙන යන්න. ඒක අනාගතේ Memories වලට අපට ගොඩාක් වටීවී
එහෙනම්
ස්තූතියි❤️
ආදරෙයි 🌹