Sudu Araliya Mills & Stores

Sudu Araliya Mills & Stores 🥥🌴Milling The Best 🌶🌾

07624071220703638929 සුදු අරලිය ඔයිල් මිල්ස් & ස්ටෝර්ස්චන්ද්‍රිකාවැව සොරොව්ව අසල, කදුරුගස්ආර
29/03/2025

0762407122
0703638929
සුදු අරලිය ඔයිල් මිල්ස් & ස්ටෝර්ස්
චන්ද්‍රිකාවැව සොරොව්ව අසල, කදුරුගස්ආර

ලංකාවේ බහුලවම භාවිතා වන තෙල් වර්ගය මොකක්ද කියලා ඇහුවොත් අපි හැමෝම දන්නවා ඒ පොල් තෙල් බව. ලංකාවේ පමණක් නොවේ, ලොව පුරා බොහ...
29/09/2023

ලංකාවේ බහුලවම භාවිතා වන තෙල් වර්ගය මොකක්ද කියලා ඇහුවොත් අපි හැමෝම දන්නවා ඒ පොල් තෙල් බව. ලංකාවේ පමණක් නොවේ, ලොව පුරා බොහෝ දෙනා එදිනෙදා කටයුතු වලදී පොල්තෙල් බහුලව භාවිතා කරනවා.

අද වන විටත් බොහෝ මුලුතැන් ගෙවල් වල කොතැනක හරි පොල් තෙල් බෝතලයක් දක්නට තියෙනවා. අපේ රටේ ඉහුම් පිහුම් කටයුතු වලටම පොල් තෙල් භාවිතා උනත් එමගින් ගත හැකි වෙනත් වාසි බොහොමයක් තියෙනවා.
පොල් තෙල් වල වැඩිපුරම අඩංගු වන්නේ මේදයයි. මීට අමතරව ලෝරික්‌ අම්ලය හා විටමින් E අඩංගු වෙනවා. පොල් තෙල් වල අඩංගු වන සංතෘප්ත මේදය නොයෙකුත් සාකච්චා වලට භාජනයා වූවා පමනක් නොව, බොහෝ දෙනා අතර වැරදි අවබෝධයක් පොල් තෙල් පිලිබදව ඇති කලා.

ලෝරික් අම්ලය මගින් රුධිරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහල දැමීමක් සිදුවන බව පරීක්ෂණ මගින් සනාත වූ නමුත්, පසු කාලීනව එමගින් වැඩි වන්නේ, HDL නම් අපට හිතකර කොලෙස්ට්‍රෝල් වන බවත් සොයා ගැනුනා. එමගින් ඇත්තටම අපගේ හදවත් රෝග වලට ඇති අවදානම අවම කිරීමක් ද සිදු කරනු ලැබෙනවා.

කෙසේ නමුත් මෙවැනි සංවාද නිසා අප රටේ පොල් තෙල් වල භාවිතයේ අඩුවක් ඇති වූ අතර, එලවළු තෙල්, තල තෙල්, සූර්යය කාන්ත තෙල් හා වෙනත් තෙල් වර්ග වලට ජනතාව පුරුදු වුනා.

ඉහුම් පිහුම් කටයුතු වලට පමණක් නොව, හිසේ ගැල්වීමටත්, ආලේපණ වර්ග හා සබන් නිශ්පාදනයටත්, රූපලාවණ්‍ය කටයුතු සදහාත් මේ වන විට ලොව පුරා භාවිතා වන දෙයක් බවට පොල් තෙල් පත්වෙලා තියෙනවා.

පොල් තෙල් වල ඇති ගුණ
පොල් තෙල් මගින් රුධිරයේ කොලෙස්ට්‍රෝල් වැඩි වන බව අපි හැම දෙනාම අසා තිබෙන කරුණක්. නමුත් ඇත්තටම පොල් තෙල් මගින් වැඩි වන්නේ, HDL (high-density lipoproteins) නම් අපගේ සිරුරට හිතකර කොලෙස්ට්‍රෝල් වර්ගයයි. එමගින් අපගේ රුධිරයේ ඇති අහිතකර කොලෙස්ට්‍රෝල් ඉවත් කිරීමට දායක වන බැවින්, අපගේ හදවතට හා අක්මාවට හිතකර ප්‍රතිඵලද ගෙන දෙනවා. තවද රුධිර පීඩණය අවම කිරීමේ හැකියාවක් පොල් තෙල් වලට තිබෙනවා.

පොල් තෙල් යනු විටමින් E බහුල තෙල් වර්ගයකි. එම නිසා මෙය සම, හිසකෙස් හා දත් නිරෝගී කිරීමට බෙහෙවින් උපකාරී වේ. පොල් තෙල් සමෙහි ආලේප කිරීම මගින් සමේ තෙතමනය ආරක්ෂා කිරීමට උපකාරී වේ. එමගින් සම වියලීම, රැලි වැටීම වැනි දේවල් වලට කදිම පිළියමක් තම පොල් තෙල් කියන්නේ. බොහෝ ආලේපණ නිශ්පාදන ආයතන පොල් තෙල් තම නිෂ්පාදනයන්ගේ ප්‍රධාන සංගටකය ලෙස භාවිතා කරනු ලැබෙනවා. පොල් තෙල් හිස කෙස් වල ගැල්වීම මගින් හිසකෙස් වලට සිදුවන හානිය අවම කරගැනීමට ද හැකියාව ලැබෙන බව මේ වන විට ඔබත් දන්නා කරුණන් වෙන්නට පුලුවන්.

නිරෝගී මේද අම්ල අඩංගු පොල් තෙල් මොළයට හා අක්මාවට හිතකරයි. මේ හේතුවෙන් පර්යේෂකයින් ඇල්සයිමරය වැනි රෝග වලට ප්‍රතිකාර පොල් තෙල් වලින් සෙවීමත් ආරම්භ කර තියෙනවා.

මීට අමතරව අපගේ මේදය දහනය ක්‍රියාවලියට දායක වීමටත්, සිරුරේ බර අඩු කිරීමටත්, සමස්ත සෞඛ්‍යය මට්ටම ඉහල තබා ගැනීමටත් පොල් තෙල් බෙහෙවින් උපකාරි වේ.

පොල් තෙල් වල ඇති බැක්ටීරියා නාශක ගුණය නිසා, ලොව පුරා පොල් තෙල් මගින් දන්තාලේප හා මුඛ සේදීමේ ද්‍රාවණ සාදා ගැනීමටද පුරුදු වී සිටිනවා. වියලී ගිය හා පළුදු වූ නියපොතු ද, පිරිසිදු කර මැරුණු සෛල සෝදා හැරීමට ද පොල් තෙල් භාවිතා කරන්නට පුලුවන්.

හිතකර පොල් තෙල් තෝරා ගන්නේ කොහොමද?
අපේ රටේ ඕනෑම සිල්ලර වෙලද සැලකින් හෝ, සුපිරි වෙලද සැලකින් පොල් තෙල් මිළදී ගන්නට පුලුවන්. නමුත් අපි කොහොමද හරියටම දන්නේ මේ පොල් තෙල් සෞඛ්‍යාරාශිතද කියලා?

අන්තාර්ජාලයේ සැරිසරණ ඔබත් දැක ඇති පොල් තෙල් ගෙදරදීම සාදා ගැනීමේ ආකාරත් තියෙනවා. ඒ වගේම වෙලද පලේ විවිධාකාරයේ පොල් තෙල්ද දකින්න පුලුවන්. මේ වන විට විවිධ වර්ගයේ පොල් තෙල් ද වෙලද පලේ දක්නට ලැබෙනවා.

පිරිපහදු කරන ලද පොල් තෙල්
ඈත අතීතයේ සිටම ලංකාවේ බහුලව භාවිතා වුනේ පිරිපහදු කරන ලද පොල් තෙල්. පොල් ගෙඩියේ මදය වේලලා ඒවා කොප්පරා බවට පත් කරල එමගින් තමයි පිරිපහදු කරන ලද පොල් තෙල් ලබා ගන්නේ. බොහෝ විට කහ පාටින් යුක්ත වන පිරිපහදු කරන ලද තෙල් වල අඩියේ පොල් අංශු මණ්ඩි ලෙසද තැම්පත් වෙනවා.

මෙම ක්‍රියාවලියේ දී පොල් වැඩි වෙලාවක් බාහිර පරිසරයට නිරාවරණය වන නිසාත්, සෞඛ්‍යාරක්ෂිත තත්ව පිලිබදව ගැටලු මතු වූ නිසාත්, පිරිපහදු කරන ලද පොල් තෙල් වෙනුවට වෙනත් තෙල් වර්ග භාවිතා කිරීමට ගොඩක් දෙනා පෙලබුනා.

වර්ජින් පොල්තෙල් (Virgin Coconut Oil)
මෑතකදී බොහෝ දෙනාගේ කතා බහට ලක් වුනු පොල් තෙල් වර්ගයක් තමයි වර්ජින් පොල්තෙල් කියන්නේ. තෙල් ලබා ගැනීමේ ක්‍රියාවලියේදී රසායනිය වෙනස්වීමකට භාජනය නොවන නිසාත්, අධික උෂ්ණත්වයකට ලක් නොවන නිසාත්, පොල් වල නැවුම් බව ආරක්ෂා කරමින් පොල් තෙල් ලබා ගන්නා නිසාත් මෙය වර්ජින් පොල්තෙල් ලෙස නම් කරනවා.

මෙම ක්‍රියාවලිය සදහා විශේෂයෙන්ම යොදාගන්නේ නැවුම් පොල් නිසාත්, රසායනික ද්‍රව්‍ය අඩංගු නොකරන නිසාත් මෙය පිරිපහදු කරන ලද පොල් තෙල් වලට වඩා ඉහල මිලක් ගන්නවා.

පොල් තෙල් වල ඇති අවාසි
අපට වාසි රැසක් ගෙන දෙන පොල් තෙල් වල වුවද, අපට අහිතකර බලපෑම් එක් කල හැකි දේවල් කීපයකුත් තියෙනවා. අප ආහාරයට ගන්නා අනෙක් තෙල් වර්ග වල මෙන්ම, පොල් තෙල් වලද මේදය අධික වශ්‍යයෙන් අඩංගු වෙනවා. එමනිසා පොල් තෙල් වූවාද, අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගැනීම සුදුසුa නෑ. මංද, එමගින් අපගේ සිරුරේ අහිතකර කොලෙස්ට්‍රෝල් ද ඉහල නැංවීමේ හැකියාවක් ඇති බැවින්,පොල් තෙල් ද අනෙකුත් තෙල් වර්ග මෙන්ම කැලරි බහුල තෙල් වර්ගයක් නිසා, එදිනෙදා ආහාර පාන සමග මුසු කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි.

අපරට තුළද පොල් තෙල් නිශ්පාදකයි විශාල ප්‍රමාණයක් සිටී. නමුත් ඒවායින්, ගුණාත්මක බවින් ඉහල නිෂ්පාදන වෙළද පළට නිකුත් කරන්නේ ඉතාම සුලු ප්‍රමාණයක්. එමනිසා පාරිභෝගිකයින් බොහොමයක් පිරිසිදු පොල් තෙල් යැයි සිතා නොයෙකුත් රසායනික ද්‍රව්‍ය හා පාම් තෙල් මිස්‍ර තෙල් මිලදී ගන්නවා. පොල් තෙල් මිලදී ගැනීමේදී මෙවන් ව්‍යාජ තෙල් පරිභෝජනය කිරීම මගින් අපට නොයෙකුත් අවාසිදායක තත්ත්වයන්ට මුහුණපාන්නට සිදු වෙන්නට පුලුවන්.

Address

No.06 Halmillaketiya, Thunkama
Embilipitiya

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sudu Araliya Mills & Stores posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share