Ceylon Pearl Gems

Directions

Ceylon Pearl Gems Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Pearl Gems, No 404, Embilipitiya.
(2)

02/10/2026
28/09/2026

💎🇱🇰 එදා නැවෙන්… අද ගුවන් යානයෙන්…

රත්නපුරයේ පොළොවෙන් උපන් පුංචි මැණිකක්,
ඉන්දියානු සාගරය තරණය කරමින් ඉන්දියාව, අරාබිය, පර්සියාව සහ චීනය දක්වා ගිය කතාවක්…

අද ඒ ගමන වෙනස් වෙලා. ✈️

නමුත් රත්නදීපයේ මැණිකේ ගමන තවමත් අවසන් නැහැ. 💎🌏

ඔයා දන්නවද ලංකාවේ මැණික් වෙළඳාමේ මේ පැරණි කතාව? 👇

#රත්නදීපය #ශ්‍රීලංකාව #මැණික් #රත්නපුර #ලංකාවේමැණික්

27/09/2026

27/09/2026

පොළොව යට අවුරුදු මිලියන ගණනක් සැඟවුණු වටිනාකමක්…

#මැණික් #ශ්‍රීලංකාමැණික්

📢 අයදුම්පත් භාරදීමේදී අවශ්‍ය ලිපි ලේඛන🏡 සින්නක්කර / ගොඩ ඉඩමකට🔹 අදාල ඔප්පුවේ ඡායා පිටපතක්🔹 ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්...
24/09/2026

📢 අයදුම්පත් භාරදීමේදී අවශ්‍ය ලිපි ලේඛන

🏡 සින්නක්කර / ගොඩ ඉඩමකට

🔹 අදාල ඔප්පුවේ ඡායා පිටපතක්
🔹 ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්
🔹 දිවුරුම් ප්‍රකාශය I
🔹 පිඹුරු (PLAN)
🔹 පත්ඉරු මුල් පිටපත්
(මාස 6කට ඇතුළත ලබා ගත් ඒවා විය යුතුය)
🔹 පෙළපත් සටහන
🔹 බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN NUMBER)
🔹 නියමිත අවස්ථාවලදී අදාළ ප්‍රකාශන/කූවිටපත් ඉදිරිපත් කළ යුතුය.

🌾 සින්නක්කර / කුඹුරු ඉඩමකට

🔹 අදාල ඔප්පුවේ ඡායා පිටපතක්
🔹 ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්
🔹 දිවුරුම් ප්‍රකාශය I හා II
🔹 පිඹුරු (PLAN)
(අදාල පිඹුරු තුළ පර්චස් 20ක් වෙන කර ඇදීම ලද)
🔹 පත්තරු මුල් පිටපත්
(මාස 6කට ඇතුළත ලබා ගත් ඒවා විය යුතුය)
🔹 පෙළපත් සටහන
🔹 බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN NUMBER)

📌 වැදගත්:
ඉහත ලේඛනවලට අමතරව අදාළ නිර්දේශ සහ අනෙකුත් අවශ්‍ය ලේඛනද ඉදිරිපත් කිරීමට සිදුවිය හැක.

අයදුම් කිරීමට පෙර අවශ්‍ය ලේඛන සියල්ල සූදානම් කරගන්න.

මැණික් වෙළඳ බලපත්‍ර හා ස්වර්ණාභරණ වෙළඳසැල් ලියාපදිංචි සහතික සඳහා අයදුම් කිරීම  මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් ...
23/09/2026

මැණික් වෙළඳ බලපත්‍ර හා ස්වර්ණාභරණ වෙළඳසැල් ලියාපදිංචි සහතික සඳහා අයදුම් කිරීම

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ (AML/CFT) රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සඳහා 2026.10.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, මැණික් වෙළඳ බලපත්‍ර හා ස්වර්ණාභරණ වෙළඳසැල් ලියාපදිංචි සහතික සඳහා අයදුම් කිරීමේදී අදාළ අනෙකුත් ලියකියවිලි සමග පහත සඳහන් පරිදි පොලිස් නිශ්කාශන වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ:
පුද්ගලික නමින් අයදුම් කිරීමේදී: අයදුම්කරුගේ නමින් පොලිස් වාර්තාව
කේවලස්වාමී ව්‍යාපාරයක් සඳහා අයදුම් කිරීමේදී: ව්‍යාපාර හිමිකරුගේ පොලිස් වාර්තාව
හවුල් ව්‍යාපාරයක් සඳහා අයදුම් කිරීමේදී: සියලු හවුල්කරුවන්ගේ පොලිස් වාර්තා
පුද්ගලික සමාගමක් සඳහා අයදුම් කිරීමේදී: සියලු අධ්‍යක්ෂවරුන්ගේ පොලිස් වාර්තා

අප National Gem and Jewellery Authority (NGJA) හි ලියාපදිංචි වී ඇති ආයතනයකි. 🇱🇰✨ අපගෙන් මිලදී ගන්නා මැණික් ගල් විදේශයන් ...
23/09/2026

අප National Gem and Jewellery Authority (NGJA) හි ලියාපදිංචි වී ඇති ආයතනයකි. 🇱🇰
✨ අපගෙන් මිලදී ගන්නා මැණික් ගල් විදේශයන් වෙතද නීත්‍යානුකූලව ගෙන්වා ගැනීමට/යැවීමට අවශ්‍ය පහසුකම් සලසා දිය හැක.
ඔබගේ මැණික් අවශ්‍යතා සඳහා අප සමඟ නිරතුරුවම රැඳී සිටින්න. ❤️
━━━━━━━━━━━━━━
💎 Stay Connected With Us! 💎
We are a registered business with the National Gem and Jewellery Authority (NGJA), Sri Lanka. 🇱🇰
✨ Gems purchased from us can also be legally arranged for shipment/export to overseas destinations, subject to the applicable regulations.
Stay connected with us for your gemstone needs and future updates. ❤️

Address

No 404
Embilipitiya
81600

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Pearl Gems posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share