10/12/2023
කිරි ගව කර්මාන්තයේ යෙදෙන ගොවි මහතුනි,
• ඉඩකඩ පහසුව නැතිකම නිසා ඔබගේ ගොවිපලෙහි වැඩිවන සතුන් ගොවිපල තුළ රඳවා තබා ගැනීම අපහසු වී ඇත්ද?
• එසේත් නැත්නම්, වෙනත් ගැටලුකාරී තත්ත්වයක් නිසා ඔබට ගොවිපල පවත්වාගෙන යාමට අපහසු වී ඇත්ද?
එසේ නම් මෙන්න එයට පහසු සහ ලාභදායීම විසඳුම අපෙන්....
'නන්දි කැට්ල් බෑන්ක්' ( )
ඉහත ගැටලුවලින් පීඩා විඳින කිරි ගොවි මහතුන්හට බොහෝවිට සිදුවන්නේ කිරි නිෂ්පාදනයට දායක කරගත හැකි කිරිදෙනුන් ගොවිපලන් ඉවත් කිරීමයි. එසේත් නැත්නම් වෙනත් අයෙකුට විකුණා දැමීමයි. එහි දී තාවකාලිකව ඔබට එකවර යම් මුදලක් ලැබුණත්, එම සතා ඔබගේම වත්කමක් වශයෙන් තබාගෙන එම සතාගෙන් ඔබට තවදුරටත් ආදායම් ලබා ගැනීමේ හැකියාව අහිමි වේ. එසේම එහි දී බොහෝ විට රටේ කිරි නිෂ්පාදනයට කිරි මවගේ දායකත්වය ද අහිමි වනවා අප දැක ඇත.
ඔබ දන්නවාද? අපගේ මෙම වැඩසටහනෙන් ඔබට ලැබෙන ප්රතිලාභය ඔබ විසින් කිරි ගවයා වෙනත් පාර්ශවයකට විකුණා එම මුදල් බැංකුවක ස්ථිර තැන්පතුවක දැමීමෙන් ලැබෙන ප්රතිලාභය මෙන් දෙගුණයක් බව.
එසේනම්, දැන්ම ඔබගේ කිරි ගවයා/ ගවයින්ගේ අයිතිය ඔබ වෙතම තබාගෙන එම සතුන් කල්බදු ක්රමයට අපගේ ගොවිපල වෙත භාර දී ඔබගේ මාසික ආදායම එලෙසම පවත්වාගෙ යන්න.
වසර පහක ගිවිසුම් කාලයක් තුළදී ඔබගේ ගවයාගේ වර්තමාන තක්සේරු වටිනාකම මෙන් දෙගුණයක් මුදල් අපෙන්. (මාස්පතා කල්බදු කුලී ලෙස සහ සතාගේ වටිනාකම එකවර ගිවිසුම් කාලය අවසානයේදී පියවන විට දී)
• නවීන තාක්ෂණයට අනුව ඉදිකර පවත්වාගෙන යන අපගේ ගොවිපළ ඔබගේ ගවයාට වඩාත්,
ආරක්ෂිතයි
සුවපහසුයි
ඉඩකඩ සහිතයි.
• සුදුසුකම්ලත් පශු වෛද්යවරුන් සහ සුපවයිසර්වරු යටතේ පැය 24 පුරා අධීක්ෂණය.
• පෝෂණීය, නැවුම් ආහාර සැපයුමක් අඛණ්ඩව ගලේවෙල පිහිටි අපගේම සත්ව ආහාර කර්මාන්ත ශාලාවෙන්.
• අනතුරු, රෝගාබාධ හෝ හදිසි මරණවලදී වන්දි මුදල්.
• කැමති වේලාවක අපගේ ගොවිපල වෙත පැමිණ ඔබගේ ගවයා නිරීක්ෂණය කිරීමේ පහසුව.
• ගවයාගේ සාත්තු සප්පායම් වාර්තා, එන්නත් වාර්තා සහ අනෙකුත් වෛද්ය වාර්තා පරීක්ෂා කිරීමේ පහසුව.
එසේනම් ඇයි තවත් ප්රමාද?
දැන්ම අපට කතා කරන්න.
දු.අ. - 0761491540
කොහොමද මේ වැඩේ සිද්ධ වෙන්නේ?
1. මුලින්ම අපට කතා කරන්න.
දු.අ. – 0761491540
2. අපගේ නිලධාරි මහතෙකු ඔබගේ ගොවිපලටම පැමිණ ඔබගේ සතුන්ව මූලික පරීක්ෂාවට ලක් කරනවා. එහිදී සතාගේ වයස, දේහ තත්වය, කිරි අස්වැන්න, මීට පෙර බිහිකර ඇති පැටව් ගණන, ජීව බර, දරු ගැබට වයස, ලෙඩ රෝග ආදී දේවල් හොඳින් පරීක්ෂා කරනවා. අපේ ගොවිපලට භාරගන්නේ කිරි නිෂ්පාදනයට සක්රීයව දායක කරගත හැකි නීරෝගී දෙනුන් පමණයි.
3. ඉහත මූලික පරීක්ෂාවෙන් සමත් වන සතුන් නැවත සුදුසුකම්ලත් පශු වෛද්යවරයකුගේ අධීක්ෂණයට ලක්කර, තක්සේරු වටිනාකම ලබාගන්නවා.
4. පසුව අදාළ නීත්යානුකූල ගිවිසුම් අත්සන් කර එම සතාව අපි රජයේ නීති රෙගුලාසිවලට අදාලව අපගේ ගොවිපල වෙත ප්රවාහනය කරනවා.
5. කල්බදු ගිවිසුම් අත්සන් කළ පසු මාස්පතා ඔබගේ බැංකු ගිණුමට කුලී මුදල් තැන්පත් කරනවා.
6. ගිවිසුම් කාලය අවසානයේ දී සතාගේ වර්තමාන තක්සේරු වටිනාකම එකවර අපෙන් ලබාගෙන සතාගේ අයිතිය අපගේ සමාගමට පවරන්න ඔබට පුළුවන්. එසේත් නැත්නම් ඔබට ගිවිසුම් කාලය අවසානයේ දී සතාව අපගේ ගොවිපලෙන් ඉවත් කරගන්නත් පුළුවන්.
ඔබට ලැබෙන ප්රතිලාභය..
• මාසික බදු කුලී මුදල - සතාගේ තක්සේරු වටිනාකමෙන් 20%ක් (5න් පංගුවක්) වාර්ෂික බදු කුලිය ලෙස ඔබට ලැබෙනවා. එම මුදල 12න් බෙදලා මාස් පතා බදු කුලිය ගණන් හදනවා.
• ගිවිසුම් කාලය අවසානයේදී සතාගේ වර්තමාන තක්සේරු වටිනාකමත් ඔබට එකවර ලබාගන්න පුළුවන්.
ඉහත ගෙවීම් ක්රමවේදය අනුව සතාව විකුණා ලැබෙන මුදල් බැංකුවක ස්ථිර තැන්පතුවක දමනවාට වඩා, මෙම ක්රමය දෙගුණයක් වාසිදායක බව දැන් ඔබට පැහැදිලි ඇති.
එසේනම් දැන්ම අපට කතා කරන්න.
දු.අ. - 0761491540
රටටම කිරිදෙන, ඔබට ඉසුරු දෙන කිරි මවගේ අලුත්ම නිවහන
'නන්දි කැට්ල් බෑන්ක්' ( )
අපගේ ආයතනය ගැන විස්තර දැන ගැනීමට 'nandi.agexlanka' අපගේ facebook පිටුවට පිවිසෙන්න. AgEx Lanka අපි දැනට වසර ගණනාවක පටන්ම කිරි ක්ෂේත්රයේ ව්යාපාර කටයුතුවල නිරත වී සිටින සමාගමකි. 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි, සත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුවේ බලපත්රලාභී සත්ව ආහාර නිෂ්පාදන සමාගමකි.
කිරි ගවයින් සඳහාම ආහාර නිෂ්පාදනය කරන අපගේ ගලේවෙල කර්මාන්ත ශාලාව මගින් කිරි දෙනුන්ට අවශ්ය සෑම වර්ගයකම ආහාර ගුණාත්මක තත්ත්වයෙන් හා නැවුම් ආකාරයෙන් ලබා දීමට පහසුකම් අපගේ කර්මාන්ත ශාලාව සතුයි. උදාහරණයක් වශයෙන් සාන්ද්ර ආහාර පෙලට්, සයිලේජ්, TMR වගේ කිරි ගවයින්ට අවශ්ය සියලුම කෑම වර්ග අපිටම හදාගන්න පුලුවන්. නවීන යන්ත්ර සූත්ර පමණක් නොව පෝෂ්ය තෘණ වගා කිරීමට අවශ්ය පහසුකම්, ප්රවාහනය කිරීමට අවශ්ය ලොරි රථ, ටැක්ටර් රථ ආදියත් අපට තිබෙනවා.
ඔබට කැමතිනම් අපගේ කර්මාන්ත ශාලාවටම පැමිණ මෙම වැඩසටහන ගැන අපත් සමග කතා කරන්න පුළුවන්.
කිරි මව රැක ගනිමු! - ශ්රී ලංකාව කිරෙන් ස්වංපෝෂිත කරමු!