Rivi foods

Rivi foods Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rivi foods, Food & Drink, ganegoda akmeeemana, Galle.

14/11/2024

81% ක වර්ධනයක් – සංචිතය ඩොලර් බිලියන 6.5 ඉක්මවයි – ෆිච් රේටින්ග්ස් කියයි

03/11/2024

දවස් 180 අභියෝගය..! 🦾❤️✌🏾😍
ඔයාට පුංචි නෝනා දවස් 180 ක් දෙනවා. ඒ කියන්නේ මාස 6 ක්.
ඉතින් අපි මොකක්ද මේ දින 180 ට දෙන අභියෝගය..????
මේකයි. අපි කියාගෙන යන්නම්. ඔයා පරිස්සමින් කියවන්න.
මේක ඔයා කරන්නම ඕන. ඒක කරනවානම්, ඔයා දිනුම්..!
💮උදාවන දින 180 තුළ ඔයා මීට වඩා දෙගුණයකින් ලස්සන වෙන්නෝන. ඒ සඳහා ඔයාට කරන්න දේවල් ටිකක් තියෙනවා. අපි පහළ දාන්නම්.
💮ඔයා ඔයාගේ වෝඩ්රෝබ් එක ඒ කියන්නේ ඔයාගේ ඇඳුම් අල්මාරිය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න ඕන. ඔයා ඕනවට වඩා කෙට්ටුනම් අපි ටිකක් මහත්වෙමු. ඕනවට වඩා මහතනම් අපි ටිකක් කෙට්ටු වෙමු. අතනින් මෙතනින් එල්ලා වැටෙනවානම් අපි ඒවත් හදාගමු. ඒවට කරන්න ඕන දේවල් අපි කියලා දෙන්නම් ඉදිරියේදී.
💮ඔයාගේ හෙයා ස්ටයිල් එක මාරුකරමු. දැන් ඕක එක්ක ටික කාලයක් උන්නනේ. දැන් අපි බලලා වෙනස් වෙමු. හොඳ හෙයා ඩ්‍රෙසර් කෙනෙක්ව හම්බවෙලා ඔයාගේ දීප්තිය ස්මාට් ගතිය ඔප් නැංවෙන හෙයා ස්ටයිල් එකකට අපි මාරුවෙමු. දින 180 ක් තියෙන නිසා මාරුකරකර බලන්න පුළුවනි.
💮ඔයාගේ සම අලුතින් හදන්න වෙනවා. ඒ සඳහා හොඳ ස්කින් කෙයා රුටින් එකකට අපි මාරුවෙමු. පුළුවන් තැනදී අපි උදව් කරන්නම්. නැත්නම් වෙන නිෂ්පාදන හරි අරන් හරියට වෙනස් වෙන්න.
💮ඔයා මේ දින 180 තුළදී අලුත් ලයිෆ් ස්කිල් එකක් හදාගන්න ඕන. ඒ කියන්නේ අලුත් ජීවන කුසලතාවයක්. මොකක්ද කියලා අපිට කියන්න බෑ. නමුත් අලුත් දෙයක්. ඔයාව බැබලෙන දෙයක්. ඔයාව තරුවක් කරන දෙයක්. ඇදුම් ඩිසයින් කරන්න වගේ දෙයක්ද කුකින් කරන්න වගේ දෙයක්ද නැත්නම් යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්න වගේ දෙයක්ද කියලා ඔයයි හිතන්න ඕන.
💮ඔයාගේ පරණ අතීතය එක්ක බැඳුණු දේවල් මේ දින 180 තුළ ඔයා සදහටම ඩිලීට් කරන්න ඕන. කරන්නම ඕන. ඒක මස්ට්. ඔයාට පුළුවන් ඒක කරන්න. ඔය බඩවැල එල්ලාගෙන යන්න ඕනම නෑ.
💮ඔයාගේ ජීවන සම්බන්ධතා ඒ කියන්නේ රිලේෂන්ෂිප් ගැන අලුතින් හිතමු. තියෙන ඒවා දියුණු විදිහට හදාගමු. වැඩක් නැති ඒවා අයින් කරමු. වඩාත් හොඳ සහ මානුෂිය මට්ටමින් ඒවා ගැන කතාකරමු. මොකද ජීවිතයකට ඒවා හරිම වැදගත්. ඒ වගේම නරක දේවල් අයින් කරන්නත් ඕන. නැත්නම් දියුණුවක් නෑ.
💮ඔයාට ඔයාගේ රස්සාව ගැන නැත්නම් ව්‍යාපාරය ගැන අලුතින් හිතන්නම වෙනවා. තියෙන එකම කරගෙන යනවද නැත්නම් වඩාත් ලස්සන දේකට මාරුවෙනවද කියලා හිතන්න. මේ දවස් ටික වෙන වැඩක් කරන්නේ නැතුව ඒකම හිතන්න.
💮ඔයාගේ භාෂාව හදාගන්න ඉංග්‍රීසි ටිකක් ලස්සනට හදාගන්න. ඒකට මේ කාලය ඇති. ඒක කරන්නම ඕන. ලස්සනට කතාකරන්න ලස්සනට ජීවත්වෙන්න. ඒක වැදගත් දෙයක් නේ.
💮ඔයාට මඟහැරුණු දේවල් තියෙනවා. ඒවා මේ දින 180 තුළ කරන්න. පාස්පෝට් එක හදලා නැත්නම් ඒක හදාගන්න. අයි ඩී එක අලුත් කරගන්න තියෙනවානම් ඒක කරන්න. රියදුරු බලපත්‍රය ගන්න ඕනනම් ඒකත් ගන්න. වෙනත් සහතික ගන්න තියෙනවානම් ඒවත් කරගන්න. ආයේ මේ දින 180ට පස්සේ ඒවාට දුවන්න බෑ.
💮ලෙඩ තියෙනවානේ. ඒ කියන්නේ ඇඟේ ලෙඩ. සනීප කරගන්න. හොඳ ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා හොඳ බෙහෙත් කෝස් එකක් ගන්න. පිළිවෙලට ඒ ටික කරගන්න. ඔයාගේ පළාතේ නැත්නම් කොළඹ එන්න. ඒ ටික මේ දවස්වල කරගන්න. සනීප වෙන්න. අසනීප එක්ක ඉදිරියට යන්න බෑ.
💮ඔයාට පසුබාන මානසිකත්වයක් ගෙන දෙන පරන පිළුණු වෙච්ච ආකල්ප හිතින් අයින් කරන්න. දවසට එක ගානේ අයින් කළත් දින 180ට නරක දේවල් 180 ක් අයින් වෙනවා. ඒකයි ක්‍රමය.
💮දවසින් දවස තරහ ගන්න එක අඩුකරගෙන යන්න. සියයට බාගේ ගානේ අඩුකරගෙන ගියත් දවස් 180ට සියයට අනූවක් අයින් වෙනවා. එහෙමයි කරන්නේ.
දැනට මේ ටික කරන්න. දවස් 180ට පස්සේ ඔයා අලුත් කෙනෙන් වෙලා ඉඳියි.
ඉදිරි දේවල් අපි හෙට අනිද්දාම කතාකරමු.
ඔයා තමයි තාරකාව. ඒ නිසා දිලිසෙන්න. අඳුරු දේවල් අයින් කරන්න. අපි ආසයි ඔයාට උදව් කරන්න.
ඒක අපේ ආදරය…!
🥰

Address

Ganegoda Akmeeemana
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Rivi foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category