Supirisidu Water Purifier

Supirisidu Water Purifier Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Supirisidu Water Purifier, Water Treatment Service, 309/1/U, Shailabimbarama Road, Ihala yagoda, Imbulgoda, Gampaha.

මෑතකදී ශ්‍රී ලංකාව තුළ සිදු වූ අවිධිමත් නාගරීකරණය, පරිසරයට හානි කරන අපගේම ක්‍රියාකාරකම් හා ජල පිරිපහදු කරනය සඳහා භාවිතා කරන ආරෝ වැනි ජලපිරිපහදුකරන හා රසායනික ද්‍රව්‍ය නිසා ජලයේ ජීව ගුණය විනාශ වුණු මැරුණු, අප්‍රාණික ජලය පානය කිරීමට අපට සිදු වී තිබේ.
තවදුරටත් මෙම මැරුණු, අප්‍රාණික ජලය පානය කළොත් ඔබ ඇතුළු අපගේ මතු පරම්පරාව ශක්තියෙන්, බුද්ධියෙන් බෙලහීන ජාතියක් වන බව ඔබ දන්නවාද?

මෙම ඛේදනීය තත්ත්වයෙන

් මිදීමට විසඳුමක් වශයෙන් අප විසින් සුපිරිසිදු නමින් ජල පිරිපහදුකරනයක් හඳුන්වා දී ඇති අතර එය මේ සඳහා ඇති හොඳම විසඳුම බව ඔබ දන්නවාද?

ඇයි අප ඔබට එසේ කියන්නේ?

සුපිරිසිදු ජල පිරිපහදු කරණය නිෂ්පාදනය කර තිබෙන්නේ ශ්‍රී ලංකා පොළෝ තලයෙන් ලබා ගන්නා තෝරමල්ලි වැනි අති විශිෂ්ට දුර්ලභ පාෂාණ වර්ග භාවිතාකර දැනට ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති වසර 1200 ක් පමණ පැරණි අනුරාධපුර යුගයේ දී භාවිතා කර ඇති වැලි ගල් ජල පෙරණයේ පෞඩ තාක්ෂණයට අනුකූලවය.

දූෂිත ජල ප්‍රභේදයන් සුපිරිසිදු ජලපෙරණයට දැමූ පසු එහි පවතින අති විශිෂ්ට පාෂාණ වර්ගවල ස්පර්ශය ලබමින් සිහින් සිඳුරු වලින් පිටතට ගලා එන්නේ ලොව ඇති ප්‍රාණවත්, සෞඛ්‍ය සම්පන්න නැවුම් සිසිල් දිය දහරක් මෙන්ය. එම දිය දහරින් ඔබගේ පිපාසය සන්සිදුවාලන අතරතුර එදා අපගේ පෙර රජවරුන්ට ශක්තිය, නිරෝගිමත්භාවය හා රුව සම්පත ලබාදුන් පිරිසුදු අති විශිෂ්ට ජලය අපගේ මතු පරම්පරාවට නැවත වතාවක් දායාද කරමින්ය.

සුපිරිසිදු ජල පිරිපහදු කරනය භාවිතයේදී ඔබට ලැබෙන විශ්මිත, අග්‍රගණ්‍ය ප්‍රතිලාභ
1.ජලයේ ඇති බැරලෝහ
ඉවත්වන බවට විද්‍යාත්මකව සනාථ කර ඇති නිසා භාවිතයේදී ඇති ආත්ම තෘප්තිය
ලොව පිළිගත් අංක එකේ විද්‍යාගාර පහසුකම් සපයන bureau veritas ආයතනය මගින් ජලයේ බැරලෝහ ඇතුළු අහිතකර සංඝටක ඉවත් කර ශරීරයට හිතැති ඛනිජ ලවණ පමණක් ලබා දෙන බවට විද්‍යානුකූලව සනාථ කර ඇත.

2.පිරිපහදුකරනය සියයට සියයක් ම ස්වාභාවික ක්‍රමවේදයකට අනුව සිදුවීම.

අනෙකුත් බොහෝ ආනයනික ජල පෙරන යන්ගේ ජලය පිරිපහදුකරනය සිදුවන්නේ රසායනික ද්‍රව්‍ය මුසු කිරීම, කෘතීම ක්‍රමවේදයන්ගේ විපර්යාසයන් මගින් වුවත් සුපිරිසිදු ජල පෙරනය ස්වභාවිකවම ජලය පිරිපහදු කරන බැවින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වෂ විසෙන් තොර ජලය පානය කිරීමට හැකිවීම

3.ජලයේහි ආම්ලික තාවය දුරුලයි.

ස්වභාවයෙන්ම මැටි වල Ph අගය 7 ට වඩා වැඩි නිසා පිරිපහදුකරණයේදී ජලයේ ඇති ආම්ලිකතාවය සමග අන්‍යෝන්‍යව ක්‍රියා කර Ph අගය තුලනය කර ආම්ලික තාවයෙන් තොර ශරීරයට හිතැති ඇල්කලයින් ජලය ලබා ගැනීමට හැකියාව ලැබේ.


4.ජලය අපතේ නොයාම.
අනෙකුත් පිරිපහදුකරනයන් වලදී විශාල වශයෙන් ජලය අපතේ යන අතර මෙමගින් ජලය අපතේ යෑමක් සිදුනොවේ.

5.නඩත්තු කිරීමේ වියදම අවම වීම
කිසිදු බල ශක්තියක් වැය නොවීම හා පුරා වසර දෙකක් මැටි පෙරනය භාවිතා කළ හැකිවීම නිසා අවම පිරිවැයකින් වැඩිම ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වීම.

Address

309/1/U, Shailabimbarama Road, Ihala Yagoda, Imbulgoda
Gampaha
11856

Telephone

+94785129129

Website

Alerts

Be the first to know and let us send you an email when Supirisidu Water Purifier posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Supirisidu Water Purifier:

Share