DEN 4 Dehydrated Products

DEN 4 Dehydrated Products Dehydrated foods supplier

28/04/2026
Shout out to my newest followers! Excited to have you onboard! Katin Aw Vlog, Tharanga Kiriibbanwewa, Rani Pal, Chhotu M...
15/04/2026

Shout out to my newest followers! Excited to have you onboard! Katin Aw Vlog, Tharanga Kiriibbanwewa, Rani Pal, Chhotu Mafiya Mafiya, නදී කරුණාරත්න, Itz Sasural Mae

ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරිත්වයෙන් ආහාර නරක් වෙන්නේ කොහොමද කියලා අපි අද සැකෙවින් සාකච්ඡා කරමු ..පියවි ඇසට නොපෙනෙන ජීවී කාණ...
12/04/2026

ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරිත්වයෙන් ආහාර නරක් වෙන්නේ කොහොමද කියලා අපි අද සැකෙවින් සාකච්ඡා කරමු ..

පියවි ඇසට නොපෙනෙන ජීවී කාණ්ඩයක් තමයි මේ ක්ෂුද්‍ර ජීවීන් කියලා කියන්නේ. මොවුන් පියවි ඇසට නොපෙනුනත් මොවුන්ගේ ක්‍රියාකාරිත්වය නිසා ආහාර වලට සිදුවන අහිතකර බලපෑම් අපේ සංවේදී ඉන්ද්‍රියන්‍ට දැනෙනවා.

ආහාරයක් මත පුස් හැදෙන්න පුලුවන්
ආහාරයේ වර්ණය වෙනස් වෙන්න පුලුවන්
ආහාරයකින් එන සුවද වෙනස් වෙන්න පුලුවන්
ආහාරයේ රසය වෙනස් වෙන්න පුලුවන්
ආහාරයේ තියන ස්වභාවය වෙනස් වෙන්න පුලුවන්

මිනිසාට හිතකර වගේම අහිතකර ක්ෂුද්‍ර ජීවීන් පරිසරයේ ඉන්නවා
හිතකර ජීවීන් භාවිතා කරලා අපි ආහාර වර්ග පවා සකස් කරගන්නවා.

නමුත් සමහර ජීවීන් ආහාර විෂ කරනවා.

ආහාරයේ පවතින ජලය ප්‍රමාණය
ආහාරයේ PH අගය
ආහාරයක පෝෂණ ප්‍රමාණය
ඔක්සිජන්
ආලෝකය
ආහාරයක් ගබඩා කර ඇති ආකාරය
ආහාරයක් ඇසුරුම් කර ඇති ආකාරය මත මේ ක්‍රියාකාරිත්වය වෙනස් වෙනවා.

අපි ආහාරයක් පරිරක්ෂණය කරනවා නම් මේ සාධක ගැන මනා අවබෝධයක් අවශ්‍යය වෙනවා. ආහාරය මත වර්ධනය විය හැකි ක්ෂුද්‍ර ජීවීන් හදුනාගන ආහාරය පරිරක්ෂණය කල යුතු ආකාරය තීරණය කිරීම කල හැකිය.

අපි මීළගට රසායනික ක්‍රියාකාරිත්වය ගැන සාකච්ඡා කරමු

මොකක්ද මේ ආහාර නරක් වෙනවා කියන්නේ????සරලවම කිව්වොත් ආහාර මත ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියා කිරීම නිසා හෝ ආහාර සංඝටක වල අහිතකර ල...
11/04/2026

මොකක්ද මේ ආහාර නරක් වෙනවා කියන්නේ????
සරලවම කිව්වොත් ආහාර මත ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියා කිරීම නිසා හෝ ආහාර සංඝටක වල අහිතකර ලෙස සිදුවන රසායනික ප්‍රතික්‍රියා නිසා ආහාර පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වීම මෙලෙස හදුන්වයි.

ආහාර නරක් වීමට බලපාන හේතු???

ක්ෂුද්‍ර ජීවී ක්‍රියා කාරිත්වය
රසායනික ප්‍රතික්‍රියා
පාරිසරික සාධක

අපි මේ පිලිබදව සවිස්තරාත්මකව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය බලපෑම, පාරිසරික සාධක වල බලපෑම වගේම සහ රසායනික ක්‍රියාකරිත්වය ගැන.

අපි දිනපතා පරිභෝජනය කරන ආහාර පිටිපස්සේ මේ වගේ ලස්සන කතා තියනවා කියලා ඔයලා දැනගෙන උන්නාද??

අපිත් එක්ක දිගටම රැදෙන්න. ඔබ නොදත් දැනුම සරලව කියලා දෙන්න අපි ලෑස්තියි

අපි කලින් අරන් ආවානේ ආහාර විජලන යන්ත්‍ර ගැන .ඉතින් අපි හිතුවා ආහාර නිශ්පාදන ක්ෂේත්‍රයේ ඉන්න ඔයාලාට තව ගොඩක් වැදගත් මාතෘක...
11/04/2026

අපි කලින් අරන් ආවානේ ආහාර විජලන යන්ත්‍ර ගැන .ඉතින් අපි හිතුවා ආහාර නිශ්පාදන ක්ෂේත්‍රයේ ඉන්න ඔයාලාට තව ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න.

ඒ තමයි ආහාර කල් තබා ගැනීම.
මේ ආහාර කල්තබා ගැනීම ගැන කතා කරද්දි අපි මුලින්ම බලමු ආහාර නරක් වීම කියන්නේ මොකක්ද?
නරක් වීමට බලපාන හේතු මොනවද කියලා.
ඊට පස්සේ අපි කතා කරමු කල් තබා ගන්නා ක්‍රම සහ ඒවා ආහාර සංරක්ෂණය කරන යාන්ත්‍රණය ගැන.

ඉතින් අපිත් එක්ක දිගටම රැදී ඉන්න.
දැනුම එකතු කරගනිමු.

ඔයාලා කැමතියිද කුරුදු සම්බන්ධයෙන් ඉගන ගන්න. ශ්‍රී ලංකා කුරුදු සංවර්ධන මණ්ඩලය මගින් නොමිලේ පුහුණු සැසි තියනවා. ඔයාලාත් කත...
11/04/2026

ඔයාලා කැමතියිද කුරුදු සම්බන්ධයෙන් ඉගන ගන්න.
ශ්‍රී ලංකා කුරුදු සංවර්ධන මණ්ඩලය මගින් නොමිලේ පුහුණු සැසි තියනවා. ඔයාලාත් කතාකරලා බලන්න..

09/04/2026

අපි අද අරන් ආවේ ස්ප්‍රේ ඩ්‍රයින් ගැන සරල වීඩියෝ එකක්.
හරිම සරල වගේම කෙටියෙන් අවශ්‍යය හැමදේම මේ වීඩියෝ එක ඇතුලේ තියනවා. ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනකල්ම බලලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා

Vacuum drying..ඔයාලා මේ ගැන මොනවද අහල තියෙන්නේ??Vacuum packaging ගැන නම් ඔයාලා අනිවාර්යයෙන්ම අහලා ඇති. ඉතින් අද අපි ඉගන ...
08/04/2026

Vacuum drying..
ඔයාලා මේ ගැන මොනවද අහල තියෙන්නේ??
Vacuum packaging ගැන නම් ඔයාලා අනිවාර්යයෙන්ම අහලා ඇති.

ඉතින් අද අපි ඉගන ගනිමු vacuum drying ගැන.
මේ ඩ්‍රයර් එකේ විශේෂත්වය තමයි තාප සංවේදී ආහාර වලට තමයි මේක වඩාත්ම සුදුසු.
ඇයි ඉතින් මේක තාප සංවේදී ද්‍රව්‍යය වලට සුදුසු?
ක්‍රියාකාරිත්වය මෙහෙමයි.

මේ යන්ත්‍රය ඇතුලේ Vacuum 1ක් නිර්මාණය කරනවා. එතකොට පීඩනය අඩු වෙනවා. එහෙම උනාම අඩු උෂ්ණත්වයකදී ජලය ඉවත් වෙන්න පුලුවන් .
එතකොට ආහාර වල තියන පෝෂක වලට හානි නොවී විජලන ක්‍රියාවලිය සිදු වෙනවා.
මේ යන්ත්‍රය මිල අධිකයි. ඉතින් ක්‍රියාවලියත් සංකීර්ණයි. ලොකු කාලයක් වැය වෙනවා. මේවා තමයි අවාසි.

ඔයාලා pharmaceutical වගේ නිශ්පාදනයක් කරනවා නම් මේක තමයි ගැලපෙනම යන්ත්‍රය .

ඔයාලා නිශ්පාදනයක් කරන්න හිතන් ඉන්නවා නම් ඒ ගැන හොඳට ඉගන ගන්න.
ඊට පස්සේ වැඩේ පටන් ගන්න..
මේ පෝස්ට් එක ගැන ඔයාලාගේ අදහසත් අපිට කියාගනම යන්න..

ක්ෂණික පලතුරු පවුඩර් , කිරි පිටි පවුඩර් , ක්ෂණික කෝපි පවුඩර් හදන්නේ කොහොමද කියලා තමයි මම අද කියලා දෙන්න යන්නේ. මේක ටිකක්...
05/04/2026

ක්ෂණික පලතුරු පවුඩර් , කිරි පිටි පවුඩර් , ක්ෂණික කෝපි පවුඩර් හදන්නේ කොහොමද කියලා තමයි මම අද කියලා දෙන්න යන්නේ. මේක ටිකක් සංකීර්ණ වගේම හරිම රසවත් ක්‍රියාවලියක් .
මේකට යොදා ගන්නේ ස්ප්‍රේ ඩ්‍රයර් (විසිරි වියලනය)

Viscosity 1 අඩු දියර වර්ග මෙම ක්‍රමයට වේලලා අපිට ක්ෂණික පව්ඩර් වර්ග හදා ගන්න පුලුවන් .
දියර spray කලාම මේවා බිංදු වශයෙන් තමයි වැටෙන්නේ එතකොට වැඩි ප්‍රමාණයක් රත් උන වාතය එක්ක ගැටෙනවා.
මේ ගැටීම නිසා හරිම අඩු කාලයකදී විජලනය සිද්ද වෙනවා.

Spray dryers වර්ග කීපයක්ම තියනවා. ඔයාලා කරන නිශ්පාදනය අනූව ගැලපෙනම ඩ්‍රයර් එක තෝර ගන්න පුලුවන් .

රෙදි සෝදන කුඩු උනත් මෙම ක්‍රමයට නිශ්පාදනය කරන්න පුලුවන් .

Vertical spray dryers
Horizontal spray dryers
Mix mode dryers

මේ ඩ්‍රයර්ස් අතරින් කිහිපයක්.
අපේ අරමුණ තමයි ආහාර නිශ්පාදන ක්ෂේත්‍රයේ නියැලෙන්න කැමති අයට මේ දැනුම ලබා දෙන එක. ඔයාලා කරන නිශ්පාදනයට අවශ්‍ය යන්ත්‍රය තෝරා ගන්න අවශ්‍යය දැනුම ලබා දෙන එක. ඉතින් අපි තවත් දවසක හම්බෙමු.
ලයික් එකක් කරලා කමෙන්ට් එකක් දාලා share කරන්න අමතක කරන්න එපා.

Address

Kotagedara
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when DEN 4 Dehydrated Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share