food recipe

food recipe food recipe

09/06/2026

කමුද මේ විදිහට හතු ඩෙවල් එකක් 😋❤️

09/06/2026

මේ විදිහට හතු ඩෙවල් එකක් හදලා කාලා බලමුද 🫣❤️😋

රසවත් අඹ ව්‍යාංජනයක් සාදමු 😋😋අපට අවශය දේ ලෑස්ති කරගමු අඹ රටලූණු  සුදු ලූණුකරපිංචා රම්පෙ එනසහල් කරාබු නැටි කුරුදු ලුනු සී...
09/06/2026

රසවත් අඹ ව්‍යාංජනයක් සාදමු 😋😋

අපට අවශය දේ ලෑස්ති කරගමු

අඹ
රටලූණු
සුදු ලූණු
කරපිංචා
රම්පෙ
එනසහල්
කරාබු නැටි
කුරුදු
ලුනු
සීනි
පොල් තෙල්
මිරිස් කුඩු
දුරු කුඩු
කහ කුඩු

දැන් අපි අඹ ව්‍යංජනය සාදන්න පටන් ගනිමු .
මුලින්ම රට ලුනු ටික සිහින්ව කපා ගන්න ඉන් පසු සුදු ලුනු ටික තලා ගන්න රම්පේ කරපිංචා අවශ්‍ය ප්‍රමාන වලින් ගන්න දැන් අපි භාජනයක් ලිපේ තියාගෙන එයට තෙල් ටිකක් දාගමු තෙල් ටික රත් උනාම අපි එයට කපාගත් රට ලූණු ,තලාගත් සුදු ලූණු , රම්පෙ කරපිංචා , එනසහල් ,කරාබු නැටි , කුරුදු , එක්කර තෙම්පරාදු කරගන්න එය තෙම්පරාදු වේගෙන එනකොට එයට, මිරිස් කුඩු , දුරු, කහ දමා හොදින් තෙම්පරාදු කරගෙන එයට කපාගත් අඹ ටික දාගෙන හොදින් කවලම් කරගන්න එයට වතුර අවශය ප්‍රමාණයට දමා හොදින් පිසගන්න අඹ කෑලි තැම්බීගෙන එනකොට එයට රස අනුව සීනි එකතු කරගෙන ඔබගේ රසවත් අඹ ව්‍යංජන සාදා ගන්න

හදලා බලලා රස කියන්න අමතක කරන්න එපා 😋😋😋

08/06/2026

බත් අග්ගලා 🫣🫣😋😋 මෙහෙම හදලා කාලා බලන්න ❤️

07/06/2026

කඩල තෙම්පරාදුව..❤️😋😋 මෙහෙම හදලා කාලා බලමුද ....😋😋

 #ලේසියෙන්  #හදාගන්න   #පුළුවන්  #පරාටා  #රෙසිපියක් * පිටි 500g*සීනී තේ හැන්දක් * රස අනුව ලුණු * වතුර මෙශරින් කප් 1.1/4 ...
15/08/2024

#ලේසියෙන් #හදාගන්න #පුළුවන් #පරාටා #රෙසිපියක්


* පිටි 500g
*සීනී තේ හැන්දක්
* රස අනුව ලුණු
* වතුර මෙශරින් කප් 1.1/4 ක්
* ගිතෙල් මේස හැදි 3 ( ගිතෙල් නැත්තන් බටර් ගන්න පුළුවන් ඒත් නැත්තන් පොල් තෙල්ම ගන්න)
* පොල් තෙල් මේස හැදි 3

මේ ප්‍රමාණය හතර දෙනෙක්ට ප්‍රමානවත්

අපි බලමු දැන් හදාගන්නෙ කොහොමද කියලා

දැන් අපි ගත්ත පිටිවලි 450g අරගන්න එකට අපි සීනී, රස අනුව ලුණු එකතු කරලා කවලම් කරගන්න දැන් එකට අපි මුලිම්ම වතුර කප් එකක් එකතු කරගෙන කවලම් කරන්න ඕනි කවලම් කරගෙන තව වතුර කම් කාලක් එකතු කරගෙන හොදිම් කවලම් කරගන්න ඕනි දැන් ඔයාලට එන්නෙ අතේ ඇලෙන් ප්‍රමායේ ඩෝ එකක්

දැන් අපි අර අරන් තියාගත්ත පිටි 50g කවුට්‍රර් ටොප් එක උඩට ඉහාගෙන පිටි ඩෝ එක නීට් කරගන්න ඕනි ඔයාලා පිටි ඩෝ එක විනාඩි 15 වගේ හොදින් නීට් කරගන්න එතකොට ඔයාලට හොද සොෆ්ට් ඩෝ එකක් බලා ගන්න පුළුවන්

දැන් අපි අර ගී ටිකයි තෙල් ටිකයි කවලම් කරගෙන එකෙන් ටිකක් පිටි එක අනාගත්ත භාජනයෙ අඩියෙ ගාලා පිටි ඩෝ එක දා ගන්න ඕනි දැන් පිටි ඩෝ එක උඩිනුත් තෙල් ටිකක් ගා ගෙන ලන්ශීට් එකකින් හොදින් වහගෙන පැය 2,3 ( ඊට වැඩි උනත් කමක් නෑ )පිපෙන්න හරින්න

පැය 2,3 පිපුනම දැන් ඔයාලට බලාගන්න පුළුවන් ඇදෙන සොෆ්ට් ඩෝ එකක් දැන් ඩෝ එක කොටස් වලට වෙන් කරගෙන ඔයාලට පරාටා ටික හදාගන්නයි තියෙන්නෙ

මේ විදියට හදලා බලන්න හරිම රසයි බිත්තර තෙල් අවශ්‍ය වෙන්නෑ හරිම රසට පරාටා හදාගන්න පුළුවන්

පැහැදිලි නැති තැනක් තියේ නම් මගෙන් අහන්න මන් කියන්නම් 😚😚😚😚

 #පොල්  #ටොෆී පොල් ටොෆි  අපි බලමු මොනවද අවශ්‍ය දේවල් කියලා ....😁*  ගා ගත් පොල් ගෙඩියක් * සීනි 500g* වැනිලා තේ හැන්දක් * ...
15/08/2024

#පොල් #ටොෆී

පොල් ටොෆි

අපි බලමු මොනවද අවශ්‍ය දේවල් කියලා ....😁

* ගා ගත් පොල් ගෙඩියක්
* සීනි 500g
* වැනිලා තේ හැන්දක්
* බටර් හරි ඇස්ට්‍රා හරි මේස හැන්දක්
* කිරි පිටි පුරවා ගත් මේස හැන්දක් ( රස වැඩි කරගැනීම සදහා )
* අවශ්‍ය පාටට කලරින්

දැන් අපි සාදාගන්නා ආකාරය බලමු...

අපි මුලින්ම භාජනයක් ලිපේ තියා ගන්න එකට සීනී ටික එකතු කරලා ඒ සීනි වැහෙන ප්‍රමාණයට වතුර ටිකක් එකතු කරන්න වතුර ගොඩාක් දාගන්න එපා...

දැන් සිනි ටික දිය උනාම එකට පොල් ටික එකතු කරගන්න ( මෙතන ඔයාලා ගන්න පොල් ගෙඩිය අඩුව වතුර තව මිශ්‍රණයට අවශයි නම් බලලා පොඩ්ඩක් එකතු කරගන්න නැත්තන් සීනි ටික පොල් වල මිදිලා කැට වෙයි)

ඔයාලට එකට වැනිලා , බටර් , ටික එකතු කරලා හොදින් හැදි ගා ගන්න දැන් එකට කිරි පිටි ටිකත් එකතු කරගන්න හොදින් හැදිගා ගන්න අවශ්‍ය පාටට කලරින් පොඩ්ඩක් එකතු කරගන්න මිශ්‍රණය ගන වීගෙන එනකොට තෙල් ගාගත් තැටියකට දාගෙන කෑලි කපාගන්න

මෙ පොල් ටොෆි එක පුදුම රහක් තියෙන්නෙ ඔයාලා හදලා බලන්න අපහැදිලි තැනක් තියේ නම් මගෙන් අහන්න මන් කියලා දෙන්නම්

එකතු වෙන්න මාත් එක්ක තවත් රසවත් කෑම වට්ටෝරුවකින් හමු වෙමු 🥰🥰🥰🥰

Address

6493 Darmiyagama Sooriyawawa
Hambantota

Alerts

Be the first to know and let us send you an email when food recipe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category