Gammedda Local Foods

  • Home
  • Gammedda Local Foods

Gammedda Local Foods Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gammedda Local Foods, Lowlevel Road, Embulgama, .

15/08/2025
15/08/2025

⭕ ජපානයේ 🇯🇵 පිහිටා ඇති "කැට් අයිලන්ඩ්" ලෙස හැඳින්වෙන ටෂිරෝජිමා දූපත, බළලුන් සිය ගණනක් සඳහා කීර්තියක් අත්කර ගත් සැබෑ ස්ථානයකි. මුලදී, මෙම බළලුන් දිවයිනේ මීයන් පාලනය කිරීම සඳහා හඳුන්වා දෙන ලද අතර එය එහි දේශීය ඉතිහාසයේ වැදගත් අංගයක් බවට පත් විය. කාලයාගේ ඇවෑමෙන්, බළලුන් සරලව ප්‍රයෝජනවත් නොවී සැබෑ සංචාරක ආකර්ෂණයක් බවට පත් විය. ❤️😍🔥

අද ටෂිරෝජිමා තම ස්වභාවික පරිසරයේ නිදහසේ ජීවත් වන බළලුන් නැරඹීමට පැමිණෙන ලොව පුරා සිටින අමුත්තන් පිළිගනී. මීට අමතරව, දිවයින බළලුන්ට ආදරය කරන්නන් සඳහා අද්විතීය ගමනාන්තයක් ලෙස ස්ථාපිත වෙමින් අන්තර්ජාලය හරහා විශාල ජනප්‍රියත්වයක් ලබා ඇත. ❤️💫😍

Follow - ලොව වටා

15/08/2025

⁣කොළොම්තොට බලාපොරොත්තුව 🤍

📷 | Viduhansa Parakrama Photography

කරන්ට් බිල ගැන සැලකිලිමත් වෙමු.🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥කරන්ට් බිල ගැන සැලකිලිමත් වන්න. පළමු පොයින්ට් 30ට  රු 8.00 බැගින් මුලික ගාස්...
25/09/2023

කරන්ට් බිල ගැන සැලකිලිමත් වෙමු.
🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥

කරන්ට් බිල ගැන සැලකිලිමත් වන්න. පළමු පොයින්ට් 30ට
රු 8.00 බැගින් මුලික ගාස්තුව
රු 120 ක් ඒකට එකතුවෙනවා.

ඒ කීවෙ පොයින්ට් එකයි නම් පාවිච්චි කල ගාන 120+8=128යි. පොයින්ට් 20ක් ගියානම් 120+(20×8)=රු 280 යි.

පොයින්ට් 30 පැන්නම පොයින්ට් එකක් 10 ගානෙ හැදෙන අතර මූලික ගාස්තුව 240ක් වෙයි,

පොයින්ට් 31ක් ගියාම ගාන හදන්නෙ 240+(8×30)+10=490යි. නමුත් 60 පැන්නොත් ගාන සැරයි .

පොයින්ට් එකක් 16යි. මූලික ගාන 360යි. එනිසා අපි බලමු පොයින්ට් 60කට ගාන.
240+(8×30)+(10×30)= රු 780 යි.

60ට පැනලා එකක් වැඩිවුනාම වෙනස බලන්න එක පොයින්ට් එකක් වැඩි කරලා 61 කට හදමු,

360+(61×16)=360+976=රු1336 යි

දැක්කනෙ 60 සිට 61 වනවිට වෙනස 780 සිට් 1336 යන හැටි. පලමු 30ට 8 ගානෙ. දෙවනි 30ට 10 ගානෙ හැදෙන්නෙ. 60ට කලින් එතනින් එහාට ගියාම පලමු පොයින්ට් එකේ සිටම රු 16යි.

එනිසා 60න් පාත බිල තියාගන්න උත්සාහ කරන්න. 90 දක්වා මේ රටාවට බිල සැකසෙන්නෙ. 91සිට 180 දක්වා එක පොයින්ට් එකකට රු.50 ක් අයකෙරේ. ස්ථාවර ගාස්තුව රු 960 ක් වේ.

අපි පොයින්ට් 150 කදි බිල බලමු. එවිට 90 දක්වා පොයින්ට් එකකට රු.16 ගානෙ අයකෙරේ. 61 සිට 90 දක්වා තිබු ස්ථාවර ගාස්තුව 360 වෙනුවට, 90 න් පසු 180 දක්වා ස්ථාවර ගාස්තුව වන රු.960ක් එකතු වේ

පලමු පොයින්ට් 90ට පසු ඉතුරු පොයින්ට් 60ට 50 බැගිනි. point150=(90×16)+(60×50)+960 ලෙස වේ.

90 පැන්නම 91 සිට ස්ථාවර ගාස්තුව රු 960යි. පොයින්ට් 180 සිට ඉදිරියට ස්ථාවර ගාස්තුව
රු 1500යි. එක පොයින්ට් එකකට රුපියල් 75යි.

උදාහරණයක් විදියට පොයින්ට් 200 ක් ගතහොත්, 90 දක්වා රු 16 ගානෙ. 180 දක්වා රු 50 ගානෙ. 180න් පසු ඉතිරි 20ට 75 ගානෙ අයකරනවා. භාවිතා කර ඇති පොයින්ට් ගණනට අදාල ස්ථාවර ගාස්තුව එකතු වෙනවා.

1500+(90x16)+(90x50)+(20x75) =8940

එම නිසා වොට් ගාන වැඩි උපකරණ භාවිතය අඩු කරන්න.

මේ පෝස්ට් එකට තව එකක් ඇතුලත් කරන්න හිතුණා පොයින්ට් කියන්නෙ මොකද්ද කියලා.

විදුලිය මනින්නෙ වෝල්ට්, ඇම්පියර්, වොට්ස් කියන ඒවගෙන්.

වෝල්ට් × ඇම්පියර් = වොට්ස් වෙනවා. අපි භාවිතා කරන උපකරණ වලත් අදාල වොට් ගණන සඳහන් කරලා තියෙනවා.

උදාහරණයකට 100w බල්බ් එකක් ගමු. මෙය පැයක් දැල්වුවහොත් 100w පැය එකෙන් වැඩිකරාම 100wh (වොට්ස් පැය )කියනවා.

මේ බල්බය පැය 10ක් දැල්වුවහොත් 100w×10h වෙනවා එවිට 1000wh වෙනවා. ඒ කියන්නෙ 1kWh (1කිලෝවොට් පැය) ක්. ඒකට තමයි පොයින්ට් එකක් කියන්නෙ.

දැන් ඔබට තේරෙනවා 1000w හීටර්, අයන් වගේ ඒවා පැයක් භාවිතා කලාම පොයින්ට් එකක් යනවා. 10w LED බල්බ් එකක් පාවිච්චි කලොත් කිලෝ වොට් පැය එකක් වෙන්න පැය 100 ක් යන්න ඕනෙ.

එනිසා වොට් අගය වැඩි උපකරණ භාවිතා කරන විට ටිකක් කල්පනාවෙන් භාවිතා කරන්න.

(චමිල ගමගේ මහතා විසින් ගුරුගෙදර සමූහයේ පල කල ලිපියකි)

24/01/2017
13/09/2016

Address

Lowlevel Road, Embulgama

Telephone

071 475 40 40

Website

Alerts

Be the first to know and let us send you an email when Gammedda Local Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share