Senasuma Govipala - සැනසුම ගොවිපල

Call Directions Contact the business

Senasuma Govipala - සැනසුම ගොවිපල Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Senasuma Govipala - සැනසුම ගොවිපල, Farm, 114/3/C/1, Wanaguru Mawatha, Hokandara South.

26/07/2025

🎉 අද සෙනසුරාදා — කන බොන අයට අද හවස විශේෂයි!
අපි අරගෙන එනවා අපේ අලුත්ම නිෂ්පාදනය:
🔥 දුම් කරවල බයිට් එක 🔥

“දුම් කරවල” කියන්නේ ගොඩක් අයට අළුත් වචනයක් වෙන්න පුළුවන්.
හැබැයි දන්න අය, ඒකේ රසයත්, ගුණයත් හොඳටම දන්නවා!

🔹 කල් තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් නැහැ!
🔹 රජරට ප්‍රදේශයේ වැව්මාළුවලි න්හදන නිෂ්පාදනයක්
🔹 දුම්ගහල හදන, ලාංකීය සම්ප්‍රදායේ නිරවුල් රසයක්
🔹 සංකීර්ණ ක්‍රියාවලියක් නිසා මිල තරමක් වැඩි වෙන්න පුළුවන් – හැබැයි අපි මේක ඉතාම සාධාරණ මිලකට දෙන්නෙ

💥 Grams 110ක් = Rs. 400ක් විතරයි!

📍 ගන්න පුළුවන් — හෝකන්දර වානගුරු මාවතේ
(හෝකන්දර සෙඩ් එක ලග ඉදලා අතුරුගිරිය පැත්තට මීටර් 200ක් එනකොට, දකුණු පැත්තේ “සැනසුම ගොවිපල” අසල)

🚚 Deliver කරන්නත් පුළුවන්!

📞 Order කරන්න — 071 610 1706
📲 නැත්නම් WhatsApp පනිවිඩයක් එවන්න

04/11/2023
12/06/2023

🙂

12/06/2023

ප්‍රතිශක්තිය ඉහළ දමන මුරුංගා ගුණ 10 ක් 🌿🌿🌿

මිනිසාගේ හිසේ සිට දෙපතුළ දක්වා සැදෙන සෑම රෝගයකට ම සුව දෙන එකම ශාකයක් මේ මිහිතලය මත ඇති බව ඔබ දන්නවද?. එමෙන්ම දිනකට මිනිසාට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ලබාගත හැකි එකම ශාකයක් ඇති බව ඔබ දැනුවත් ද? මා මේ කතා කරන්නෙ අන් කිසිවක් ගැන නොව ඔබ බොහෝ දෙනා හොඳින් දන්නා මුරුංගා ශාකය පිළිබඳවයි. මුරුංගා ශාකය මෙතරම් ගුණදායක ඖෂධීය ශාකයක් බව ඔබ නොදැන සිටියා නම් මේ මොහොතේ සිට ඔබ මෙම දිව ඔසුව පිළිබද දැනගත යුතුම ය. 🌿🌿🌿🌿

මුරුංගා වියළි කලාපයේ ඉතාමත් හොඳින් වැඩෙන ශාකයකි. කිසිදු පොහොර යෙදීමක් හෝ ජලය යෙදීමක් පවා නොමැතිව ඉතාමත් හොඳින් වැඩෙන මෙම ශාකය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කොළ එළවලුවකි. නමුත් මේ තුළ එළවළුවකට එහා ගිය අධි ඖෂධීය වටිනාකමක් ද ඇත. වියළි කලාපයේ බොහෝ විට මෙය වැටවල්වලට හෝ පාරවල් අයිනේ කිසිදු සැලකිල්ලකින් තොරව හොඳින් වැඩී තිබෙනු අප දැක ඇත. එහෙත් ලාංකික අප නොදත් බොහෝ වටිනාකමක් මේ ශාකයේ පවතී. එහෙත් වෙනත් රටවල සිටින විදේශිකයින් මෙම ශාකයේ බීජ ගෙන ගොස් ඔවුන්ගේ රටවල රෝපණය කර ඒ තුළින් බොහෝ ප්‍රයෝජන ගනු ලබයි. 🌿🌿🌿🌿🌿

පුදුමයි ඒක් ඇත්තයි මුරුංගා දිව ඔසුවක් – Siyahanda Radio
ශ්‍රී ලාංකික අප මෙම වටිනා ශාකය කෙරෙහි උනන්දු නොවීම හා එයට කුඩම්මාගේ සැලකිලි උරුම කරදීම කණගාටුවට කරුණකි.. සර්ව රෝග නිවාලන ඖෂධ ගස අප රට තුළ තිබිය දී පිටරටින් ආයු නසන කෘතිම පෙති බෙහෙත් හා කිරි පිටි ආදිය ගෙන දීම කෙතරම් කණගාටුදායකද?. අපට වැරදුන තැන අන් තැනක් නොව අපේ වටිනා ඖෂධ ශාකයන් පිළිබඳව අප නොදැන සිටීම හා බටහිර දේට ගැතිවී ඇතැම් විට අපේම දේ අප විසින් ම අවතක්සේරු කිරීම යැයි මට සිතේ. එහෙත් අද වන විට ලාංකිකයන් අපේ ශාක පිළිබද යම් උනන්දුවක් දැක්වීම ඉතාමත් හොඳ ප්‍රගතියක් වන අතර ඔවුන්ගේ එම උනන්දුව මෙම මුරුංගා ශාකය කෙරෙහි ද යොමු වී තිබීම භාග්‍යයකි . 🌿🌿🌿🌿

මෙම මුරුංගා ශාකයේ ගුණ මෙතෙකැයි කියා නිමකළ නොහැකි අතර පැරැන්නන් මෙයට නම් තබා ඇත්තේ දීර්ඝායු ගස කියා ය. එතුළින් මෙම ශාකයේ වටිනාකම කොතෙක්ද යන්න ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. එසේනම් අප මෙහි ඇති වටිනාකම කෙබදුද යන්න විමසා බලමු.

1. පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය ආදි රෝග නැසීමේ විස්මිත ගුණය මුරුංගාවල ඇති විෂ නැසීමේ බලය නිසා පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව ඇති බව පර්යේෂණවලින් පවා ඔප්පු වී තිබේ.ඒ තුළ ඇති ඇන්ටිඔක්සිජන් නිසා විෂ නිර්මාණය වන සෛල ඉතා හොඳින් මර්දනය කරයි. එමෙන්ම සිරුරේ සීනි මට්ටම මනා ලෙස පාලනය කිරීමේ හැකියාව ද මෙයට ඇත. යමෙක් මුරුංගා කොළ ග්‍රෑම් 50 ක් දිනපතා මාස 3 ක් ආහාරයට ගැනීමෙන් සීනී ප්‍රමාණය සියයට 21 කින් අඩු කිරීමේ හැකියාව තිබේ.

අධි රුධිර පීඩනය සඳහා මෙහි ඇති ගුණාත්මකභාවය ඉතා ඉහළ ය. සිරුරේ තෙල් මට්ටම සමබරව පාලනය කිරීමේ හැකියාව මේ තුළ පවතින අතර අක්මාවේ තෙල් තැන්පත් වීම් ආදී තත්ත්වයන් මනා ලෙස පාලනය කරනු ලබයි. කාන්තාවන්ගේ උදරය දෙපස තෙල් තැන්පත් වීමෙන් ඇතිවන විරූපි තත්වයන් පවා ඉතා හොඳින් පාලනය කිරීමේ විශ්මිත බලයක් මුරුංගා කොළවලට ඇත. කොලෙස්ටරෝල් සඳහා ඔබ බටහිර ඖෂධ භාවිතා කරන්නේ නම් ඒ සමඟ ම ඔබ මුරුංගා කොළ මිට බැගින් සතියක් දිනපතා ආහාරයට ගෙන බලන්න . ඔබට වෙනස වැටහෙනු ඇත.

කොලෙස්ටරෝල් සඳහා ප්‍රතිකාර ගැනීමේ දී සීනි මට්ටම වැඩි වීම, හා දියවැඩියාව සඳහා ප්‍රතිකාර ගැනීමේ දී කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම බටහිර ප්‍රතිකාර හමුවේ ඇතිවන අතුරු ප්‍රතිඵලයි. නමුත් ඔබ මුරුංගා කොළ එක මිට බැගින් ගෙන එය උදේ සවස මසක් පමණ ආහාරයට ගැනීම තුළින් මෙම රෝග ද්විත්වය ම මනා ලෙස පාලනය කර ගැනීමේ හැකියාව ඇත.

2. ආහාරවල විෂ නැසීම අප ගන්න බොහොමයක් ආහාර අධික විෂ සහිත ඒවා වේ. කෘමිනාශක එයට ප්‍රබල හේතුවක් වී ඇත. එම කෘමිනාශක විෂ ඉතා හොඳින් ශරීරය තුළදී ම ඉවත් කිරීමේ බලය මුරුංගා සතු වේ. ආහාර කෙතරම් හොඳින් සේදුව ද එම විෂ සම්පූර්ණයෙන් ඉවත් නොවන අතර එම විෂ ඉතා හොඳින් ඉවත් කිරීමේ බලයක් මුරුංගාවලට ඇත. එමෙන්ම ඉස්සන්, දැල්ලන් ආදී උෂ්ණාධික ආහාර ගැනීමෙන් සිරුරේ ඇතිවන තත්ත්වයන්ට ද මෙය මනා ඔසුවකි. මෙම ආහාරවල ඇති උෂ්ණාධික බව නැති කිරීම සඳහා මුරුංගා කොළ මිටක් ආහාර පිසීමේ දී එයට එක් කිරීම සුදුසු වේ. පැරන්නන් මුරුංගා කොළ, පොතු බොහොමයක් ආහාරවලට එක් කර ඇත්තේ ශරීරයේ විෂ ඉවත් කිරීමේ අටියෙන් බව ඔබ දැනගත යුතුය.

3. පණු රෝග නැසීම,බඩේ ගල් දිය කිරීම, අස්ථි ආබාධ දුරලීම, හදවත් රෝග නැසීම, ශ්‍රවන දෝෂ නැති කිරීම,පීනස, කැස්ස, ඇඳුම ආදී රෝගයන්ට මනා දිව්‍ය ඖෂධයකි.බඩේ ගල් ඇති අයෙක් නම් ඔබ ශල්‍ය කර්මයකට භාජනය වීමට පෙර මෙම ප්‍රතිකාරය කර බලන්න. කිසිදු අපහසුතාවකින් තොරව ඔබගේ බඩෙහි ඇති ගල් දිය කිරීම මෙතුළින් සිදු වේ. මේ සඳහා මද පවනේ සුළු වේලාවක් වියළා ගත් මුරුංග පොතු මිටක් ගෙන ජලය පත හතරක් දමා එය එක් පතක් වන සේ සිදුවා දිනපතා සති දෙකක් පමණ උදේ සවස පානය කරන්න. මෙහිදී මුත්‍රා ගල් අංශු බවට පත් වී දිය වී යාම, මුත්‍රා මාර්ගයේ දුබලතා , මුත්‍රා දැවිල්ල ආදිය සුව අතට හැරේ .

4. ගැස්ට්‍ර යිටීස් නිට්ටාවට සුව කිරීමට මේ සඳහා මුරුංගා කොළ මිටක් ගෙන එය හොඳින් අඹරා එයට මුදවපු කිරිමේස හැදි 5 ක් පමණ එක් කර දිනපතා උදේ හිස්බඩ ආහාරයට ගන්න. මෙය සති දෙක තුනක් කිරීමෙන් ඔබට විශ්මිත ප්‍රතිඵල ළඟා කරගත හැක.

5. සියලුම සුළු සර්ප විෂට ඔසුවකි.සාමන්‍ය මද විෂ සහිත සර්ප විෂට මුරුංගා මාහැගි ඔසුවකි. සුනඛ, ගෝනුසු, බඹර, දෙබර, මී මැසි, පත්තෑ, කැරපොත්තන් ශරීරයේ පොඩි වී තුවාල වීම් ආදිය සුව කිරීමේ විශ්ම බලයක් ඇත. මේ සඳහා මුරුංගා කොළ දලු මිටක් ගෙන හොඳින් අඹරා අදාල ස්ථානයේ තැබීම ප්‍රමාණවත් ය.

6. මුරුංගාවල අඩංගු පෝෂණ කොටස් විටමින් A, B කැරොටීන්, කැල්සියම්, පොස්පරස්, විටමින් C, යකඩ වලින් අනූනය.විශේෂයෙන් මන්දපෝෂණයෙන් පෙළෙන සෑම දරුවකුටම මනා දිව්‍ය ඖෂධයකි. ශරීරයේ පවතින සෑම පෝෂණ ඌණතාවයක් සඳහා මුරුංගා ගුණදායක වේ. වැඩෙන වයසේ සිටින දරුවන්ගේ අස්ථි වර්ධනය සඳහා මෙය ප්‍රබල ලෙස බලපානු ලබන අතර මුරුංගා කොට මිටක් ආහාරයට දිය හැකි නම් ළමුන්ට කිරිපිටි අවශ්‍ය ම නැත.

ඉන්දියාව තුළ සිදු කරන ලද පර්යේෂණවලින් ඔප්පු වී ඇත්තේ විටමින් A කරල් හා මුරුංගා කොළවල පවතින විටමින් A සංයුතිය සියයට සියයක් ම සමාන බවයි.මේ තුළ කිරි කෝප්ප 80 ක ගුණ, දොඩම් ගෙඩි 06 ක ගුණ, කෙසෙල් කිලෝ 08 ක ගුණ, අඹ කිලෝ 8 ½ ක ගුණ ඇති බව පර්යේෂණයන් තුළින් සනාථ කොට ගෙන තිබේ.

7. කුළුබඩුවක් වශයෙන් ඇති වටිනාකම දිනපතා ආහාර පිසීමේ දී මෙය කුළුබඩු වශයෙන් හෝ පොතු, කොළ ආදී ඕනෑම විදියකින් ව්‍යංජන සඳහා භාවිතයෙන් ආහාර රසවත් කරගත හැක. මේ තුළ අනෙක් කුළුබඩු වලට සමාන ම ගුණාත්මක බවක් ඇති බව අමතක නොකළ යුතුය.

8. මුරුංගා තේ මුරුංගා කොළ ගෙන මද පවනේ හොඳින් වියළා එය කුඩු කර ගැනීමෙන් පසු තේ වෙනුවට බීමට ගත හැකිය. මෙය ගුණාත්මක බවින් ඉතා ඉහළ ඖෂධීය පානයකි. ලාංකික අප මෙය පානයක් ලෙස භාවිත නොකළ ද විදේශිකයින් ඖෂධීය පානයක් ලෙස භාවිතා කරන මෙය සියළුම ඌණතා රෝගයන්ට මාහැගි ඔසුවකි.මීට අමතරව මැල්ලුම්, කැඳ වශයෙන් පවා ලාංකිකයන් භාවිතා කරන නමුත් එහි ගුණ දන්නේ ඉතාම අතලොස්සකි.මුරුංගා කොළ මිටක් ගෙන උණුසුම් ජලයේ දමා තම්බා පසුව එම ජලය පානය කර කොළ ටික ද ආහාරයට ගැනීම ද ගුණදායක ය.

9. අධි ප්‍රතිශක්තිකරණ වර්ධකයකි. ප්‍රතිශක්තිය වර්ධනය කරවන ආහාර අතරින් මුරුංගාවලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. කෘෂි රසායනික භාවිතයකින් තොරව වැඩෙන මෙම ශාකයේ සෑම කොටසක් ම මිනිසාගේ ශරීරයේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය සඳහා බෙහෙවින් උපකාරි වේ.

10. මුරුංගා තෙල් මෙම තෙල් පිළිබදව ලාංකිකයන් නොදන්නවා වුවාට වෙනත් බොහෝ රටවල් මෙහි තෙල් භාවිතයට ගනී. පොල් තෙල් ආහාරයට ගැනීමෙන් ශරීරයේ කොලෙස්ටරෝල් වර්ධනය වන නමුත් මෙම මුරුංගා තෙල් භාවිත කර ආහාර පිසීම තුළින් එම කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගත හැකි වේ.

💚💚💚💚💚💚💚💚💚. රූපලාවන්‍ය කටයුතු සඳහා මුරුංගා භාවිතය රුව රැක ගැනීම සඳහා බොහෝ දෙනා බ්ලීචින් අඩංගු ආලේපන වැඩි වශයෙන් භාවිතා කරනු ලබයි. නමුත් මුරුංගා ශාකය භාවිතා කරමින් විවිධ ආකාරයේ පවුඩර්, ක්‍රීම් හා තෙල් වර්ග ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කිරීම් සිදු වේ. ඒ සඳහා අපගේ රටෙහි වැඩි ඉල්ලුමක් නොමැත්තේ අප තුළ ඒ පිළිබඳව ඇති දැනුමේ මද බව නිසා ය. එහෙත් වෙනත් රටවල මෙම නිෂ්පාදනයන් සඳහා ඇත්තේ ඉහළ ඉල්ලුමකි. 💚💚💚

වෙළඳපොලෙහි මුරුංග පවුඩර් නිෂ්පාදනයන් වැඩි වශයෙන් පවතින අතර මෙමගින් සම රැලි වැටීම අවම කිරීම, හිරු රශ්මියෙන් සම ආරක්ෂා කිරීම හා තෙතමනය ආරක්ෂා කිරීම සිදු වේ.

මුරුංගා තෙල් ඔබට බොඩිලෝෂන් එකක් ලෙස ද භාවිතා කළ හැකි වේ. එතුළින් සමට කිසිදු හානියක් නොවන අතර සම පැහැපත් හා නිරෝගී වේ. එමෙන්ම ඔබගේ තොල් වියලීම හා තොල් හම ගැලවී යාම ආදී තත්ත්වයන්ට ද මෙය ලිප් බාම් එකක් වශයෙන් භාවිතා කළ හැකි වේ.

වත්මන් තරුණ පරපුරේ කුරුළෑ ගැටලුව සඳහා ද මෙය මා හැගි ඔසුවකි. මුරුංගා ශාකයේ විවිධ කොටස් උපයෝගී කොටගෙන නිෂ්පාදිත ක්‍රීම් ඔබට වෙළදපොළෙන් ලබාගත හැකි අතර මුරුංගා තෙල් වල අඩංගු ප්‍රතිඔක්සිකාරක කුරුළෑවලට එරෙහිව ක්‍රියා කරනු ලබයි. වෙළදපොළෙහි මුරුංගා ආශ්‍රි ත රූපලාවන්‍ය නිෂ්පාදන බොහොමයක් ඇති අතර ඔබගේ අවශ්‍යතාවය මත ඒවා තෝරා ගැනීමේ හැකියාව පවතී.

හිස කෙස් වර්ධනයට හා හිස් කෙස්වල මනා පැහැය රැක ගැනීමටත් ,හිස්සොරි සම්පූර්ණයෙන් ම මර්දනය සඳහාත් , මුරුංගා අඩංගු ෂැම්පු භාවිතා කළ හැකිය. එමෙන්ම දරුවන් හා වැඩිහිටියන් සඳහා ද යෝග්‍ය සබන් පවා ඇති අතර සමේ පැහැය හා නිරෝගීභාවය රැක ගැනීමට එය මැනවින් උපකාරී වේ.

ලොව බොහොමයක් ඖෂධ සඳහා, රූපලාවන්‍ය කටුයුතු සඳහා මෙන් ම විවිධ ආහාර වර්ග සැකසීමේ දී ද බහුල වශයෙන් යොදා ගනී.

❤️❤️❤️👍👍👍
11/06/2023

❤️❤️❤️👍👍👍

30/05/2023

නොසිතූ ගුණ ඇති නලල් බටු...

නලල්බටු නැතහොත් පොට්ටු (Physalis minima/wild gooseberry) ශාකය නිවෙස් ආශ්‍රිතව මෙන්ම අලුතින් වගා කිරීම සඳහා පිලිස්සූ ඉඩම් වල, වෙල් ආශ්‍රිතව ඉබේ වැවෙන ශාකයකි. දීප්තිමත් කොල පැහැති තරමක් මාංශල ගතියකින් හෙබි පත්‍ර පිහිටයි. අඩියක් දෙකක් අතර උසකට ශාකය වැඩෙන අතර අතු බෙදෙමින් පැතිරුණු ශාකයක් ලෙස වැඩෙයි. කහපාට කුඩා පුෂ්පයක් හටගන්නා අතර එම පුෂ්පය ක්‍රමයෙන් ඵලයක් දක්වා වර්ධනය වේ. මනි පත්‍ර වලින් වැසුනු කේතුවාකාර කොටසක් තුල තිබ්බටු ගෙඩියක ආකාරයේ ඵලයක් හටගනී.

බොහෝ අය මෙම ශාකයෙහි නියම වටිනාකම නොදැන වල් පැළෑටියක් ලෙස උදුරා දැමීමට පෙළඹේ. නමුත් සැබවින්ම මෙම ශාකයේ ඵලය ඉතාමත් රසවත් මෙන්ම ගුණවත් පලතුරකි. ඵලය පමණක් නොව ශාකයේ පත්‍ර පවා වටිනා ඖෂධීය ගුණ සහිතය. මෙහි ඵලය ඉදෙන්නට පෙර තිත්ත රසක් ගන්නා අතර ඉදුණු පසු මිහිරි පැණි රසයකින් යුක්තයි. පැශන්(වැල් දොඩම්) රසයට බොහෝසෙයින් සමාන රසයක් ගනී. අමු ගෙඩිය ලා කොල පාටකින්ද ඉදුණු පසු තැඹිලි පාටට හුරු තද කහ පාටකින්ද පිහිටයි.

මෙම ඵලයේ ඖෂධීය ගුණ සලකා බැලුවහොත් ඉතාම ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණ සහිතය. ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට හැකි ගුණ සහිතය.

🔶 එමෙන්ම තන්තු බහුල ආහාරයක් නිසා මල බද්ධයට ඉතාමත් ගුණදායකය.

🔷 එමෙන්ම විටමින් C වලින් බහුල පලතුරකි.

🔶 රුධිරය පිරිසිදු කිරීමේ සහ සම පැහැපත් කිරීමේ ගුණ සහිතය.

🔷 ඵලයේ අක්ෂි රෝග සුව කිරීමේ ගුණ සහිතය.ඇසේ සුද මතුවූ පුද්ගලයන් මේ පලතුර ආහාරයට ගත් විට සුද වර්ධනය වීම නැවතී ක්‍රමයෙන් රෝගය සුවකරන බව සොයාගෙන ඇත.

🔶 එමෙන්ම මොළයේ සෛල වර්ධනය කිරීමේ හැකියාවද මෙම පලතුර සතු බව පිලිගැනේ.

🔷 විදේශීය වෛද්‍යමය පරීක්ෂණ තුලින් පිළිකා සෛල නාශක සංඝටකයක් මෙම පලතුරෙහි පිහිටන බව තහවුරු කරගෙන තිබේ. බටහිර වෛද්‍ය විද්‍යාවේ පවා මෙම ශාකයෙහි පවතින එම පිළිකා සෛල නාශක සංඝටකය යොදාගෙන ඖෂධ නිෂ්පාදන කරනු ලබයි.

ඵලය පමණක් නොව මෙම ශාකයේ පත්‍රද ඖෂධීය ගුණ සහිතය. මේ පැළෑටියේ කොළවල අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 18ක් අන්තර්ගත වේ.
තනි මැල්ලුමක් ලෙස මෙම පත්‍ර ආහාරයට ගැනීමනම් ටිකක් අපහසුය. හේතුව තිත්ත රසයෙන් යුත්ත වීමයි. එමනිසා එදිනෙදා පිළියෙල කරන සාමාන්‍ය කොළ මැල්ලුමටම මේ ශාකයේ කොළ කීපයක් එකතු කර ආහාරයට ගත හැකිය. එතුලින් මෙහි පත්‍ර සතු අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල අප ශරීරයට ලබා ගත හැකිය.
එමෙන්ම ශරීරයේ රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කරන නිසා දියවැඩියා රෝගීන්ටද මෙම කොළ යොදා පිළියෙල කරන මැල්ලුම් ඉතාමත් ගුණදායක.

අප රටේ ඉබේම වැවුනත් ලොව බොහෝ රටවල හරිතාගාර තුල පවා මෙම ශාකය වවා පලතුරක් ලෙස මෙන්ම ඖෂධයක් ලෙස භාවිතයට ගැනේ. එමෙන්ම එම රටවල මිලෙන් අධික පලතුරක් ලෙස මෙම පලතුර වෙලඳපොලේ දක්නට ලැබේ.

✍️ පුබුදු කැළුම් ජයතිස්ස..

28/05/2023

Address

114/3/C/1, Wanaguru Mawatha
Hokandara South
10118

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94714911096

Website

Alerts

Be the first to know and let us send you an email when Senasuma Govipala - සැනසුම ගොවිපල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Senasuma Govipala - සැනසුම ගොවිපල:

Shortcuts

Share

Category