Mr.Fruit & Fresh Juice Bar

Mr.Fruit & Fresh Juice Bar fresh fruit juice & coffee shop

ඇගම කූල් වෙලා යන්න බොමුද සීතල අනෝදා පානයක් . රු 200 ක් පමනයි.එන්න එහෙනම් ඉබුල්ගොඩ රාජසි0හ පාසල
13/08/2026

ඇගම කූල් වෙලා යන්න බොමුද සීතල අනෝදා පානයක් .
රු 200 ක් පමනයි.

එන්න එහෙනම් ඉබුල්ගොඩ රාජසි0හ පාසල

වෙරලු බීම බොන්න එන්න ලමයී .රු 200 /=ඉබුල්ගොඩ රාජසි0හ පාසල අසල
13/08/2026

වෙරලු බීම බොන්න එන්න ලමයී .
රු 200 /=

ඉබුල්ගොඩ රාජසි0හ පාසල අසල

වෙසක් උත්සවය වෙනුවෙන් බල්බ් වැල් ඔබට අපෙන් මිලදී ගත හැක.බල්බ් 22 ක orange වයර් යොදා සකසා ඇත.පාට 5කි.මිල රු 4000කි.අඩි 22...
27/05/2026

වෙසක් උත්සවය වෙනුවෙන් බල්බ් වැල් ඔබට අපෙන් මිලදී ගත හැක.

බල්බ් 22 ක orange වයර් යොදා සකසා ඇත.
පාට 5කි.
මිල රු 4000කි.
අඩි 22

විමසීම් 0719962454

අලුත් තැනක සුපුරුදු ලෙස  හමුවී රසම රස පලතුරු බීමක ,සැලඩ් එකක රස බලමු.😍😍ස්තානය රාජසි0හ පාසල පසුකර හමුවෙන සුදු ඉර ඉදිරිපිට...
05/02/2026

අලුත් තැනක සුපුරුදු ලෙස හමුවී රසම රස පලතුරු බීමක ,සැලඩ් එකක රස බලමු.😍😍

ස්තානය රාජසි0හ පාසල පසුකර හමුවෙන සුදු ඉර ඉදිරිපිට

New location

https://maps.app.goo.gl/JhrZKZ6e8Hqn6sCq8

බීම විතරක්ම නෙමේ ලස්සන මල් පැල ටිකකුත් ගන්න පුලුවන් දැන් 🌞
25/09/2025

බීම විතරක්ම නෙමේ ලස්සන මල් පැල ටිකකුත් ගන්න පුලුවන් දැන් 🌞

එන්න රසම රස  දිවුල් බීම එකක් බොන්න.🤩🤩🤩ඉබුල්ගොඩ රාජසිංහ පාසල පහු කරල 500mtr Google location…..https://maps.app.goo.gl/5zS...
15/09/2025

එන්න රසම රස දිවුල් බීම එකක් බොන්න.🤩🤩🤩

ඉබුල්ගොඩ රාජසිංහ පාසල පහු කරල 500mtr
Google location…..

https://maps.app.goo.gl/5zSpEKAHZ8tMGRSv5

දිවුල් වල සැඟවුණු ගුණ - සරලව දැනගනිමු
දිවුල් කියන්නේ අතිශයින්ම පෝෂණීය මෙන්ම ඖෂධීය ගුණයෙන් ඉහළ, සුපිරි පළතුරක්. එහි ඇති වටිනාකම ගැන කෙටියෙන් මෙසේ දැනුවත් වෙමු.

ප්‍රෝටීන් බහුල අපේ දිවුල්
සාමාන්‍යයෙන් පළතුරු වල ප්‍රෝටීන් ඇත්තේම නැති තරම්. සමහර පළතුරුවල ප්‍රෝටීන් ස්වල්පයක් තිබුණත්, දිවුල් ඒ අතරින් විශේෂයි. උදාහරණයක් ලෙස, ප්‍රෝටීන් වැඩි පළතුරක් ලෙස සැලකෙන පේර ග්‍රෑම් 100ක ඇත්තේ ප්‍රෝටීන් ග්‍රෑම් 2.6ක් පමණි.

නමුත්, නවීන පර්යේෂණ අනුව දිවුල් ග්‍රෑම් 100ක, ප්‍රෝටීන් ග්‍රෑම් 3.6 සිට 8.5 දක්වා ඉහළ ප්‍රමාණයක් අඩංගු බව සොයාගෙන තිබෙනවා.

ඔබ දිවුල් මද ග්‍රෑම් 100කට පොල් කිරි මිලි ලීටර් 100ක් එකතු කළොත්, එයට තවත් ප්‍රෝටීන් ග්‍රෑම් 2.3ක් සහ සිරුරට හිතකර මේදය ග්‍රෑම් 5-7ක් පමණ එකතු වෙනවා.

වර්ධනය වන දරුවන්ට කදිම ආහාරයක්
වර්ධනය වන දරුවන්ට ශරීර වර්ධනය සඳහා ප්‍රෝටීන් සහ මොළයේ වර්ධනය සඳහා හිතකර මේදය අත්‍යවශ්‍යයි. වර්තමානයේ බොහෝ දරුවන් පිටි, සීනි, ලුණු, සහ කෘත්‍රිම රසකාරක අධික, පෝෂණ ගුණය අඩු ආහාර වලට පුරුදු වී සිටිනවා.

මේ වගේ දරුවන්ට පොල් කිරි සමඟ මිශ්‍ර කළ දිවුල් ලබා දීම ඉතා හොඳ විකල්පයක්. එය ඔවුන්ගේ වර්ධනයට අවශ්‍ය පෝෂණය ලබා දෙන සුපිරි ආහාරයකි.

වකුගඩු වලට දෙන ආරක්ෂාව
විද්‍යාත්මකව Limonia acidissima ලෙස හඳුන්වන දිවුල්, වකුගඩු වල ගල් ඇතිවීම වැළැක්වීමට සහ වකුගඩු වල ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වන බව සොයාගෙන තිබෙනවා. වකුගඩු ආරක්ෂා කිරීමේ මෙම හැකියාව "Nephroprotective" ගුණය ලෙස හැඳින්වේ.

ශරීරයේ විෂ නසන ගුණය (Detoxification)
දිවුල් වල අඩංගු ප්‍රබල ප්‍රතිඔක්සිකාරක (antioxidants) සහ ශාක රසායනික ද්‍රව්‍ය, අපගේ අක්මාවේ සහ ආහාර මාර්ග පද්ධතියේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට විශාල දායකත්වයක් සපයනවා.

බෝ නොවන රෝග වලින් ආරක්ෂාවක්
දියවැඩියාව, හෘද රෝග වැනි බෝ නොවන රෝග රැසකින් අපව ආරක්ෂා කළ හැකි ශාක රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් දිවුල් වල අඩංගුයි. මේ නිසා විද්‍යාඥයන් දිවුල්, "බහුවිධ ක්‍රියාකාරීත්වයකින් යුතු සුපිරි ආහාරයක්" (multi-functional food) ලෙස සලකනවා.

දිවුල් සහ මීකිරි - සුපිරි සංයෝගය
දකුණු පළාතේ බොහෝ දෙනෙක් දිවුල් වලට මීකිරි දමා ආහාරයට ගන්නවා. මීකිරි ග්‍රෑම් 100ක, ශාක ප්‍රෝටීන වලට වඩා වටිනා සත්ව ප්‍රෝටීන් ග්‍රෑම් 11ක් පමණ තිබෙනවා. එමෙන්ම එයට හිතකර මේදය ග්‍රෑම් 6-7ක් ද එකතු වෙනවා.

මීටත් වඩා වැදගත් වන්නේ, මීකිරි වල සිරුරට හිතකර බැක්ටීරියා වර්ග (Probiotics) අඩංගු වීමයි. දිවුල් වල ඇති තන්තු (Prebiotics), එම හිතකර බැක්ටීරියාවන්ට වර්ධනය වීමට අවශ්‍ය හොඳම ආහාරය සපයනවා.

මේ අනුව, දිවුල් සහ මීකිරි සංයෝගය කියන්නේ පෝෂණීය ගුණයෙන් ඉහළ, අති විශිෂ්ට ආහාරයකි.

උපුටා ගැනීම: ගැමුණු සාලිය පෙරේරා (මහජන සෞඛ්‍ය පරීක්ෂක)

🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢රසම රස වෙරලු බීම එකක් බොන්න එන්න ලමායී📢📢📢📢🔊ඉබුල්ගොඩ රාජසි0හ පාසල පහු කරලා නුවර පැත්තට 500 mtr. Locati...
14/08/2025

🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢රසම රස වෙරලු බීම එකක් බොන්න එන්න ලමායී📢📢📢📢🔊

ඉබුල්ගොඩ රාජසි0හ පාසල පහු කරලා නුවර පැත්තට 500 mtr.

Location !
https://maps.app.goo.gl/AdW46nJR5uCwMEZP7

ගුණ දැනගමුකෝ එහෙනම්.

වෙරළු මේ තරම් ගුණයි කියලා ඔයාලා දැනගෙන හිටියද? නැතිනම් මෙය අනිවාර්යයෙන් කියවන්න..

🌿වෙරළු වල මේ තියෙන ගුණ ඔබ දැනන් හිටියානම් එක වෙරළු ගෙඩියක් අහක දාන්නේ නැත !!!!

🌿වෙරළු වගේ පළතුරු ගස් යටම කුණු වෙලා ගියත් ඒවා ආහාරයට ගන්න අපේ හැඩකාරියන් අතර වැඩි කැමැත්තක් නැහැ. ඒත් ඉස්සර කාලයේ නම් ගැහැණු දරුවන් අතර වෙරලු බොහොම ජනප්‍රිය ආහාරයක් වුණා. පාසල් ඇරී නිවසට එන ගමනේ වෙරළු අච්චාරු ගොට්ටක් අරගෙන මග දිගටම ඒවා කෑමට ඔවුන් අතර තිබුනේ පුදුම උනන්දුවක්. ඒත් දැන් සුපිරි වෙළදසැලේ පලතුරු ඇසුරුම මිස මේ වගේ පළතුරු ගැන කිසිම උනන්දුවක් නැහැ. වෙරළු ශාකය Elaeocarpus serratus විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන Eleocarpaceae කුලයට අයත් පළතුරක්. ඉංග්‍රීසියෙන් Ceylon olive ලෙස හඳුන්වනවා වගේම හැඩයෙනුත් ඔලිව් ගෙඩියක ඇති ඉලිප්සාකාර හැඩයට සමානයි.

🌿වෙරළු මද ග්රෑම් 100 ක ගුණ

♻️ප්‍රෝටීන් 1.2 mg
♻️කාබොහයිඩ්රේට 1.8 mg
♻️පොස්පරස් 29.2 mg
♻️කැරටින් 33 mg
♻️නියසින් 0.4 g
♻️ශක්තිය කැලරි 72
♻️මේදය 1.2 g
♻️කැල්සියම් 18 mg
♻️යකඩ 2.1 mg
♻️රයිබොප්ලේවින් 11 mg
♻️විටමින් සී 20 mg

🌿වෙරළු කෙස්වලට ඉතාම ගුණයි. ඉස්හොරි ඇති විට වෙරළු පත්‍ර තම්බා ගත් ජලයෙන් හිස සෝදනවා. ඒ වගේම කෙස්වල වියලි බව දුරු කිරීමට සහ සිනිදු සහ දීප්තිමත් බව ආරක්ෂා කර ගැනීඹට ඉතාම හිතකර විදිහට මේ සේදුම් දියරය යොදා ගැනීමට පුලුවනි. ඔබටත් වෙරළු කොළයක හැඩය මතක ඇති. මේ පත්‍ර දීර්ඝ දැති සහිතයි. පත්‍ර මෝරන විට කොළ පැහැය රතු පැහැහට හැරෙනවා. වෙරලු ගෙඩියක තිබෙන්නේ එක් ඇටයයි. අමු වෙරළු ඇඹුල් රසයකින් යුක්ත වුනත් ඉදුන වෙරලු ඇඹුල් රස සමග පැණි රස ගතියකින්ද යුක්තයි.

🌿ඒ වගේම වෙරළු කොලස්ටරෝල් සඳහා ඉතාම ගුණදායකයි. දිනකට වෙරළු ගෙඩි පහක් අවම වශයෙන් ආහාරයට ගන්නවා නම් හිතකර කොලස්ටරෝල් මටට්ම යහපත් පරිදි පවත්වා ගැනීමට පුලුවනි. ඒ වගේම ගැබ්ගත් මුල් කාලයේදී ඇති අප්‍රසන්න ගතියට වෙරළු ගෙඩියක් කටේ තියාගෙන සිටීමෙන් යම් සහනයක් ලැබෙන බව අත්දැකීමෙන්ම කියන්න පුලවනි.

🌿වෙරලුළුවලින් රසවත් ආහාර

🌿දැන් පවතින අධික උණුහුම් තත්වයට වෙරලු පානයක් හදා ගන්නේ මෙහෙමයි.

🌿ඉදුනු වෙරලු ගෙඩි කීපයක් අර ගෙන එහි මද සූරා ගන්න.

🌿ඊටම ප්‍රමාණවත් තරම් වතුර, සීනි සහ ලුණු ඉතාම ස්වල්පයක් එක් කර ගෙන බ්ලෙන්ඩ් කර ගන්නත් පුලුවනි. එහෙම නැත්නම් හොඳින් මිශ්‍ර කරන්න. මේ පානයෙන් සිරුරට නව පණක් ලැබෙනවා.

🌿ඒ වගේම අපේ හැඩකාර ගැටිස්සියන්ට ගැලපෙන වෙරලු අච්චාරුවක් මේ… හොඳින් පැහුන වෙරළගෙඩි ටිකටම ගම්මිරිස්, ලුනු එකතු කරල තම්බා ගන්න. මෙය අසුරා ගෙන දින කීපයක් ආහාරයට ගන්න පුලුවනි.

🌿වෙරළුවලට චෝදනාත් නැහැ..
අද බොහොමයක් පළතුරු වලට ඉදවීමට විවිධ රසායනයන් එකතු කිරීම, කල්තැබීමට එකතු කරන දේවල් ගැන චෝදනා තිබුනත් වෙරලු ගැන නම් තවමත් චෝදනා ගොනු වෙලා නැහැ. ඒ නිසා මේ වටිනා පළතුර අහක නම් දාන්න එපා!!!!!!

~ ලිපිය අන්තර්ජාලයෙන් උපුටාගැනීමකි ~

නෙල්ලි  බීම වලට ආස අය එන්න......🤩🤩🤩🤩🤩🌤️☀️☀️🥵🥵🥵🥵නෙල්ලි භීශනේ ආයෙ පටන් ගත්තා. 🤩එන්න අපි 100% ක් ස්වාභාවික නෙල්ලි යුශ බොමු....
04/07/2025

නෙල්ලි බීම වලට ආස අය එන්න......🤩🤩🤩🤩🤩🌤️☀️☀️🥵🥵🥵🥵

නෙල්ලි භීශනේ ආයෙ පටන් ගත්තා. 🤩

එන්න අපි 100% ක් ස්වාභාවික නෙල්ලි යුශ බොමු.

‍රු 200ක් පමණි .

අඩුම මිලට වැඩිම ගුනයෙන්

Place එක පල්ලෙහා දාල තියෙනවා.
ඉඹුල්ගොඩ රාජසි0හ පාසල පහු කරල 700 mtr වගේ බැලුම්මහර පැත්තට එන්න.
Google location⬇️

https://maps.app.goo.gl/5F5r8voouMcSyStw5

නෙල්ලි ගුණ ගැනත් දැන්ගමුකෝ⬇️😃

නෙල්ලි (Indian Gooseberry)ඉතාමත් ගුණදායක පලතුරක් වුණත්, බොහෝ අය අතර එතරම් ප්‍රසිද්ධ නැත්තේ එහි ඇති තිත්ත රස නිසයි. නමුත් රෝග මඬින්නට පමණක් නොව නෙල්ලි රුව වඩන්නත් උදව් වනවා.

ඖෂධ සඳහා අමු නෙල්ලි හා වියළි නෙල්ලි වශයෙන් ගනු ලබයි. හිසකෙස් වර්ණක හා හිසකෙස් වල ආලේප කරන තෙල් නිපදවීමේදී භාවිතා කරයි. මෙය ආයුර්වේද ප්‍රතිකාර වලදී ඉතා වැදගත් ඖෂධයකි. දර්ශනීය ශාකයක් වන නෙල්ලි විශේෂයෙන් උද්‍යාන අලංකරණයේදී යොදාගනී. අමු හා වියළි ගෙඩිද, කොළ, පොතු, මල් හා ඇටද ඖෂධ වශයෙන් ගනී. ඇසට හිතකර, කෙස්‌ වැවීමට උපකාරී වන ඖෂධයකි. හෘදය ශක්‌තිමත් කරන අතර ලේ පිරිසිදු කරයි. කෑම අරුචිය නසයි.

ආයූර්වේද ප්‍රතිකාර ක්‍රමයේදී බහුලව භාවිත කරන නෙල්ලි, රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට විශාල දායකත්වයක් සපයනවා. ඒ වගේම, දියවැඩියාව, පිළිකා, අජීර්ණ, හන්ධිපත් රුදාව ආදී රෝගවලට ප්‍රතිකාර කිරීමේදීත්, ආයූර්වේදයේ නෙල්ලි යොදා ගන්නවා. නෙල්ලි වල විටමින් “සී” බහුල වේ. නෙල්ලි අමුවෙන් කෑමෙන් දත්මුල් වලින් ලේ ගැලීම නතර කර ගැනීමට හැකිවේ.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට, ඇස් පෙනීම වැඩි දියුණු කිරීමට, ආහාර ජීර්ණය පහසු කරවීමට, වයස්ගත වීමත් සමඟ සමේ ඇතිවන ලප කැලැල් ඉවත් කරවීමට මෙන් ම, කාන්තාවන්ට ඇති වන ඔසප් වේදනාව අඩු කිරීමටත් දායක වෙනවා. නෙල්ලි ශීත ගුණයෙන් යුක්ත වන අතර දාහය (දැවිල්ල) සමනය කිරීමේ හැකියාවද පවසයි.

ශරීරය වර්ණවත් කර ගැනීම සඳහා වේලුණු නෙල්ලි උපයෝගී කරගනු ලබයි. අමු නෙල්ලි තලා හෝ කැබලි වලට කපා රාත්‍රියේ වතුරට දමා උදෑසන බීමෙන් සම ලස්සන වේ. අමු නෙල්ලි නිතර කැමට ගැනීමෙන් ඇස්වල දීප්තිය ඇතිවේ.

නෙල්ලි තැම්බූ වතුරින් හිස සේදීමෙන් හිසකෙස් වැටීම වලකන අතර හිසකෙස් වලට දීප්තියක් ලබාදේ. හිසකෙස් වර්ධනය කරයි. අකලට හිසකෙස් සුදුවන අය නෙල්ලි තම්බා හිස සේදීමෙන් හිස කෙස්වල සුදු පැහැය වලක්වන අතර, සුදු වූ හිස කෙස් දුර්වර්ණ වී යයි. එම නිසා හිස කෙසේ සුදු වන අයට නෙල්ලි අපූරු ගුණ දෙන ඖෂධයකි.

නෙල්ලි අමුවෙන් කන්න අකමැති නම් බීම, ජෑම් ආදී ලෙස සකසා ප්‍රයෝජනයට ගත හැකියි. අඩු මුදලටවැඩි ගුණයක් ලබා ගත හැකි නෙල්ලි වලින් උපරීම ප්‍රයෝජනයක් ලබා ගන්න අමතක කරන්න එපා.

රස්නෙයි නේද?☀️☀️☀️🥵🥵🥵🥵🥵🌞⛅🌤️කොහෙවත් නැති ගානකට සුපිරිම කොලිටියට සීතල කොමඩු බීම එකක් බොමුද?🍉🍉🍉🍉🍉🍉රු 150 වැඩි ගානක් නෑ.එන්න...
02/06/2025

රස්නෙයි නේද?☀️☀️☀️🥵🥵🥵🥵🥵🌞⛅🌤️

කොහෙවත් නැති ගානකට සුපිරිම කොලිටියට

සීතල කොමඩු බීම එකක් බොමුද?🍉🍉🍉🍉🍉🍉
රු 150 වැඩි ගානක් නෑ.

එන්න එහෙනම්
https://maps.app.goo.gl/m86RcfHH9P7pTtNL9

Address

79
Ihala Imbulgoda
KANDYROAD

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Mr.Fruit & Fresh Juice Bar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share