Tech Foodlk

Directions Website Contact the business

Tech Foodlk The official page of Tech Foodlk

ටෙක් ෆුඩ් ලංකා ආයතනයේදී ප්‍රමිතීන්ට අනුකූලව පලතුරු බීම නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය පිළිබඳව දැනුම ලබාගැනීම සඳහා සිදුකළ ප්‍රා...
28/09/2026

ටෙක් ෆුඩ් ලංකා ආයතනයේදී ප්‍රමිතීන්ට අනුකූලව පලතුරු බීම නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය පිළිබඳව දැනුම ලබාගැනීම සඳහා සිදුකළ ප්‍රායෝගික වැඩසටහනක්

මේ තියෙන්නෙ අද දින අන්නාසි වලින් හදපු අගය එකතුකළ නිෂ්පාදන කිහිපයක්. මේවත් ඉදිරියේදී වෙළෙඳපලේ දකින්න පුළුවන් වෙයි.       ...
16/09/2026

මේ තියෙන්නෙ අද දින අන්නාසි වලින් හදපු අගය එකතුකළ නිෂ්පාදන කිහිපයක්. මේවත් ඉදිරියේදී වෙළෙඳපලේ දකින්න පුළුවන් වෙයි.

අද මම Develop කරපු Beverage වර්ග හතරක සාම්පල් හදන්න යන්නෙ Nutrition Analysis වලට යවන්න.
15/09/2026

අද මම Develop කරපු Beverage වර්ග හතරක සාම්පල් හදන්න යන්නෙ Nutrition Analysis වලට යවන්න.

සියලු දෙනාටම සුබ දවසක්! මම හැමදාම කියනවා වගේ ආහාර නිෂ්පාදන ව්‍යාපාර වල වැදගත්ම කොටස තමයි ප්‍රමිතිය සහ ආහාර සුරක්ෂිතතාවය....
14/09/2026

සියලු දෙනාටම සුබ දවසක්! මම හැමදාම කියනවා වගේ ආහාර නිෂ්පාදන ව්‍යාපාර වල වැදගත්ම කොටස තමයි ප්‍රමිතිය සහ ආහාර සුරක්ෂිතතාවය. ඉතින් අද ආවා මහනුවරට, ආහාර නිෂ්පාදන ආයතයක් සඳහා GMP සහතිකකරණ වැඩකට.

පලතුරු බීම නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය සහ අගය එකතු කිරීම පිළිබඳව දැනුම ලබාගැනීම සඳහා සිදුකළ ප්‍රායෝගික වැඩසටහනක් (Individua...
13/09/2026

පලතුරු බීම නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය සහ අගය එකතු කිරීම පිළිබඳව දැනුම ලබාගැනීම සඳහා සිදුකළ ප්‍රායෝගික වැඩසටහනක් (Individual session)

🛑ප්‍රමිතීන්ට අනුකූලව පලතුරු වර්ග භවිතා කරමින් අයිස් වර්ග නිෂ්පදනය කිරීම | Manufacturing Ice Packs in compliance with Ind...
11/09/2026

🛑ප්‍රමිතීන්ට අනුකූලව පලතුරු වර්ග භවිතා කරමින් අයිස් වර්ග නිෂ්පදනය කිරීම | Manufacturing Ice Packs in compliance with Industry Standards

⭕️ප්‍රමිතීන්ට අනුකූලව පලතුරු වර්ග, කිරි වැනි අමුද්‍රව්‍ය භාවිතා කරමින් සුරක්ෂිතතාවයෙන් යුතු අධිශීත කළ අතුරුපස වර්ග වන අයිස් නිෂ්පාදනය කිරීම පිළිබඳ මීලග වැඩමුළුව හෙට දිනයේදී ටෙක් ෆුඩ් ලංකා ආයතනයේදී හෙට දින පැවැවේ.

⭕️මෙහිදී ප්‍රමිතියෙන් තොර කෘතිම අයිස් පැකට් වර්ග වෙනුවට නිසි ප්‍රමිතියකින් නිෂ්පාදන ක්‍රියාවලියක් සිදුකරන ආකාරය සහ යහපත් නිෂ්පාදන ක්‍රියා පිළිවෙත් අනුගමනය කරමින් පාරිභෝගිකයන්ට සුරක්ෂිත ආහාර නිෂ්පාදන ලබාදීමට අවශ්‍ය දැනුම ලබාගැනීමට හැකියාව ඇත.

✅මෙවැනි නිෂ්පාදන නියම ප්‍රමිතීන්ට අනුකූලව සකස් කිරීම සහ ආහාර විද්‍යාව සහ තාක්ෂණය පිලිබදව ඔබට අවශ්‍ය නිවැරදි තාක්ෂණික දැනුම ටෙක් ෆුඩ් ලංකා ආයතනය මගින් ලබාගැනීමට අවස්ථාව ඇත.

ටෙක් ෆුඩ් ලංකා - කාර්මික ආහාර තාක්ෂණ ආයතනය, කඩවත
Tech Food Lanka - Institute of Industrial Food Technology, Kadawatha

ටෙක් ෆුඩ් ලංකා කාර්මික ආහාර තාක්ෂණ ආයතනය මගින්  2026 සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත තාක්ෂණික වැඩසටහන්ඔබත් ආහාර නි...
03/09/2026

ටෙක් ෆුඩ් ලංකා කාර්මික ආහාර තාක්ෂණ ආයතනය මගින් 2026 සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත තාක්ෂණික වැඩසටහන්

ඔබත් ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන කෙනෙක්ද? එසේ නොමැති නම් දැනට පවත්වාගෙන යන ව්‍යාපාරය වැඩිදියුණු කරගැනීමට අදහස් කරන කෙනෙක්ද?

ටෙක් ෆුඩ් ලංකා අපි 2019 සිට මේ දක්වා දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් විශාල ප්‍රමාණයක් සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදෙමින් ව්‍යාපාර දියුණු කරගැනීම සදහා සහය වී ඇත්තෙමු.

මෙලෙස අප විසින් පවත්වන වැඩමුළු තවත් එක්තරා වැඩමුළුවක් මෙන් නොව, ඔබට ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සිට ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනය සහ බෙදාහැරීම පිළිබද නීති රෙගුලාසි වලට අනුකූලව නිෂ්පාදන සකස් කිරීම, නිෂ්පාදනාගාරයක් සකස් කිරීම, උපකරණ සහ අමුද්‍රව්‍ය ලබාගැනීම, පරීක්ෂණ සිදුකිරීම, අවශ්‍ය සහතික ලබාගැනීම වැනි සියළුම ක්‍රියාවලින් උපදේශණය සපයන්නෙමු.

මෙම වැඩමුළු ඕනෑම කෙනෙකුට පහසුවෙන් අවබෝධ කරගත හැකිවන පරිදි සරලව සහ පැහැදිලිව පවත්වනු ලබන අතර, සුහදශීලි සේවාවක් ලබාදෙන්නෙමු.

✅ආහාර තාක්ෂණික වැඩමුළු වලට සහභාගී වන ඔබට ඒ සදහා අදාල ප්‍රායෝගික දැනුම ද ලබාගැනීමට අවස්ථාව ඇත.
✅ප්‍රායෝගික වැඩසටහන් සදහා අවශ්‍ය සියලුම ද්‍රව්‍ය ද අප විසින් සපයනු ලබයි.
✅වැඩසටහන් සදහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සහ පහසුවෙන් තේරුම් ගත හැකි අන්තර්ගතයන් ලබා දෙනු ඇත.
✅වැඩමුළුවෙන් පසුවද ඔබට ඒ හා සම්බන්ධව ඇති ගැටළු අප සමග සාකච්චා කල හැක.

සැමවිටම ඉහල ගුණාත්මයෙන් යුතු සේවාවක් ඔබට ලබාදීම අපගේ ප්‍රධානම අරමුණ වේ. වැඩසටහන් වල ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා සීමිත පිරිසක් සදහා ආසන වෙන්කරනු ලබන අතර, ඔබට ඇති ගැටළු අප සමග සාකච්චා කර විසදාගැනීමට හැකියාව ලැබේ.

🛑මෙම වැඩසටහන් එක් දින වැඩසටහන් ලෙස පෙ.ව. 9:00 සිට ප.ව. 5:00 දක්වා කඩවත ටෙක් ෆුඩ් ලංකා කාර්මික ආහාර තාක්ෂණ ආයතනයේදී පැවැත්වේ.
🛑ඔබට අවශ්‍ය නම් තනි පුද්ගලයෙකු ලෙසද ඔබට පහසු දිනයක් වෙන්කරවා ගැනීමට ද හැකියාව ඇත. ඒ සදහා අපව අමතා හෝ WhatsApp මගින් තොරතුරු ලබාගන්න.
🛑ආහාර තාක්ෂණය පිළිබද ජාතික වෘතීය සුදුකම් ඇති, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ආහාර නිෂ්පාදන සහ අපනයන ආයතන වල අත්දැකීම් සහ පලපුරුද්ද ඇති උපදේශකයන් විසින් වැඩමුළු මෙහෙයවනු ලබයි.
🛑 පහත දක්වා ඇති ආහාර තාක්ෂණික වැඩසටහන් පිලිබදව සහ අයකිරීම් පිලිබදව වැඩිදුර තොරතුරු සියල්ල අපගේ වෙබ් අඩවියේ සදහන් කර ඇති අතර, ඒ සදහා සදහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
🛑 ඒ වගේම WhatsApp හරහාද ඔබට තොරතුරු දැනගැනීමට හැකියාව ඇත. ඔබගේ නම සහ සහභාගී වීමට අවශ්‍ය වැඩසටහන පහත අංකයට යොමුකරන්න.

Sanjeewa Senadheera
Director - TECH FOODLK (PVT) LTD
Food Technologist
BSc. Food Quality Management (Wayamba SL)
HND. Food Technology (UCR, UOVT)
National Vocational Qualification L6 in Food Technology (TVEC)
Dip. Psychology & Counseling
Dip. Human Resource Mgt & Administration

දේශීය විදේශීය වෙළෙඳපොළ සඳහා සැකසූ ආහාර ඇසුරුම්කර කල්තබා ගැනීමසැකසූ ආහාර වර්ග ඇසුරුම්කර කල්තබා ගැනීමේදී එවායේ ප්‍රමිතිය ස...
28/08/2026

දේශීය විදේශීය වෙළෙඳපොළ සඳහා සැකසූ ආහාර ඇසුරුම්කර කල්තබා ගැනීම

සැකසූ ආහාර වර්ග ඇසුරුම්කර කල්තබා ගැනීමේදී එවායේ ප්‍රමිතිය සහ සුරක්ෂිත බව පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය. මේවැනි ආහාර වීදුරු ඇසුරුම් තුළ, ප්ලාස්ටික් ඇසුරුම් තුළ, Metal can වල හෝ වැකූම් පැකේජින් ලෙස ඇසුරුම් කිරීමේ හැකියාව ඇත.

වැදගත්ම කාරනය වන්නේ මේවා තුළ ක්ෂුද්‍ර ජීවීන්ට වර්ධනය විය නොහැකි ලෙස සකස් කිරීමයි. නිවැරදි ලෙස ඇසුරුම් කරන නිෂ්පාදනයක් අවුරුද්දක කාලයක් වුවද කල්තබා ගැනීමේ හැකියාව ඇත. මෙලෙස සකස් කරන ආහාර වර්ග වලට දේශීය මෙන්ම විදේශ වෙළෙඳපොළ තුළද හොඳ අවස්ථාවක් ඇත.

එළවළු සහ පලතුරු වර්ග නිකන්ම විජලනය කිරීම වෙනුවට ඒවා විජලනය කර අගය එකතු කළ නිෂ්පාදන සකස් කිරීම මගින් එම නිෂ්පාදන වලට හොද ...
26/08/2026

එළවළු සහ පලතුරු වර්ග නිකන්ම විජලනය කිරීම වෙනුවට ඒවා විජලනය කර අගය එකතු කළ නිෂ්පාදන සකස් කිරීම මගින් එම නිෂ්පාදන වලට හොද වෙළෙඳපල අවස්ථා නිර්මාණය කිර්‍ර්මේ හැකියාව ඇත.

සාන්ද්‍රණය කර විජලනය කළ පලතුරු, පලතුරු ලෙදර්, පවුඩර් වර්ග, ඖෂධීය වටිනාකමක් ඇති පවුඩර් වර්ග, තේ වර්ග, මෙවැනි විවිධ අගය එකතුකළ නිෂ්පාදන අපනයන වෙළෙඳපලටම ගැලපෙන ලෙස සකස් කිරීමට සහ ඇසුරුම් කර කල්තබා ගැනීමට නිවැරදි ලෙස තාක්ෂණය භාවිතා කල යුතුය.

දේශීය විදේශීය වෙළෙඳපල සදහා වෙළෙඳපල වටිනාකමක් ඇති විවිධ එළවළු සහ පලතුරු වර්ග බෝතල් කර කල්තබා ගැනීමේදී ඒවායේ ප්‍රමිතිය සහ ...
25/08/2026

දේශීය විදේශීය වෙළෙඳපල සදහා වෙළෙඳපල වටිනාකමක් ඇති විවිධ එළවළු සහ පලතුරු වර්ග බෝතල් කර කල්තබා ගැනීමේදී ඒවායේ ප්‍රමිතිය සහ සුරක්ෂිත බව පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එලෙස ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කරන නිෂ්පාදන සදහා හොඳ වෙළෙඳපල වටිනාකමක් ඇත.

ශ්‍රී ලංකාවේ වෙළෙඳපල තුළ වැඩිවශයෙන් දක්නට ලැබෙන්නේ වෙනත් රටවල් වලින් ආනයනය කරන ලද බෝතල් වල ඇසුරුම් කර ඇති එළවළු සහ පලතුරු වර්ග වේ. අපට ශ්‍රී ලංකාව තුළම එවා නිෂ්පාදනය කිරීමට හැකිනම් ඒ සදහා වෙළෙඳපල අවස්ථාව ඇත.

Address

373/3C , Ihalakaragahamuna, Rajasinghe Mawatha
Kadawata
11850

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Tech Foodlk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tech Foodlk:

Shortcuts

Share