15/10/2026
කියන්නේ නැතිව එකපාරම කව්රු හරි කන්න ආපුවම මොකද කරන්නේ ඔයාලා.......
මෙන්න මේකත් එහෙම ආපු දෙන්නෙක්ට හදපු කෑම වේලක් 😁😁😁....මේ දවස් වල off සීසන් නිසා අපිට කට්ටිය එන්නේ නැහැ.එක නිසා අපිට අවශ්ය බඩු විතරයි ගෙනත් තියාගන්නෙ....ඔන්න ඉතින් එකවරම කඩාපාත් උන සුද්දෝ දෙන්නෙක් රයිස් ඇන්ඩ් කරි ඉල්ලුවා....ඇත්තටම බෑ කියන්න බැරි නිසා දඩිබිඩියේ තිබුණ දේවල් වලින් හදපු මෙනු එකක් මේ....
ඔයාලටත් මෙහෙම දේවල් වෙලා තියෙනවද....බලන්නකෝ මොනවද හැදුවේ කියලා .....
🌻 කීරි සම්බා බත්
🌻පරිප්පු කිරට
🌻ගොටුකොළ සම්බෝල
🌻අල සෝයා මීට් එකට
🌻 කැරට් තෙල් දාලා මිටිකිරි ටිකක් දාලා
🌻 පරා මාළු සැරට .....
🌻පපඩම්
එයාලා නම් රසයි කියලා කෑවා.ගොඩක් ස්තුති කළා බෑ නොකියා කෑම හදලා දුන්නාට.එයාලා බලාගෙන ආපු ගොඩක් තැන් වහලා කීවා කියලා තමයි එයාලා කීවේ....