18/05/2023
බල්ලන් හෙවත් මාරයන් සමග Hiking
බල්ලෙක් එක්ක Hike එකක් යන එක, නැත්නම් ගමේ බල්ලෙක් පස්සෙන් එන එක සුදුසුද? නැත නැත නැත
1). බල්ලත් එක්ක යන එක අනවශ්‍ය අවධානයක්.
මොකද බල්ලා නිසා අපිට කොහේවත් නැති කරදරයක් එන්න පුලුවන්. මොකද බල්ලව ගොදුරු කර ගන්න එන සත්තු නිසා අපිට හානියක් වෙන්න පුලුවන්.
උදාහරණයක් විදියට, කොටි ඉන්න පැත්තක Hike එකක් යද්දි, Normally කොටියා මිනිස්සුන්ට attack කරනවා අඩුයි.
හැබැයි අපි එක්ක බල්ලෙක් ගියොත් ඌට attack කරන්න පුලුවන්.
මතක ඇති කාලේට අවාරෙක ශ්‍රී පාදේ බල්ලෙක් එක්ක යද්දි කොටියා ඇවිල්ලා බල්ලා අල්ලගෙන ගිහිල්ලා තියනවා.
ඒ වගේ තමා හෝර්ටන්තැන්න, හරිතකන්ද, Knuckles, Hanthana වගේ කොටි ඉන්න පැත්තක ඉද්දි බල්ලන් අරගෙන ගියොත් තමන්ටත් හානියක් වෙන්න පුලුවන්.
විශේෂයෙන් තනියෙන් යන කෙනෙක් ආරක්ෂාවට කියලා බල්ලෙක් අරන් යනවා නම් ඒක පට්ටම අවධානයක්.
බල්ලා රෑට අපේ Tent එක ඉස්සරහා නිදා ගෙන හිටියත් කොටියා ඇවිල්ලා ඒක කුදලන් යන්න පුලුවන්.
කිබුල්ලු ඉන්න වැවක් ගඟක් අයිනෙත් බල්ලෙක් හිටියත් ඕකම තමා 😑
කොහේවත් නැති සතෙක් කුලප්පු කරලා ඒක අපිට කරදරයක් වෙන්න පුලුවන්.
කොහේවත් නැති සතෙක් අව්ස්සලා සතාව අපි වෙත අරගෙන එන්න පුලුවන්.
උදාහරණක් විදියට ගත්තොත් අලියෙක් අලිමංකඩ දිගේ යනවා නම්, මේකා ගිහිල්ලා බුර බුරා ඉන්න කොට අලියට මල පැනලා මුගේ පස්සේ පන්නලා, ඒ තරහට අපි ඉන්න තැනට ඇවිල්ලා attack කරන්න පුලුවන්.
නැත්නම් අපි ඉන්න තැන ඉදන් කොහේ වත් නැති සතෙක්ට බිරුවම ඒ සතා අපි ඉන්න තැනට එන්න පුලුවන්. ඒ කියන්නේ අනවශ්‍ය අවධානමක්.
(මතක ඇති නේ උඩදියලුම සිද්ධිය, සමහර විට බල්ලා හිටියේ නැත්නම් අලියා පාඩුවේ යන්නත් තිබ්බා.)
මේක කුලු හරකට, කොටියට, අලියට, වල් ඌරට, වලහටත්, ගෝනටත් පොදුයි. ඒ කියන්නේ බල්ලා නිසා අපිට මේ සත්තුන්ගෙන් අනවශ්‍යය අවධානමක් එන්න පුලුවන්.
2) යන්න අමාරු තැනකින්, හසිදි අවස්ථාවක දී බල්ලව අරගෙන යාමට නොහැකි වීම.
කන්දක අමාරුම තැනකින් යද්දි, ගහක් දිගේ එල්ලිලා බඩ ගාද්දි,
3).තව දෙයක් කොහේවත් නැති සතෙක් අපි ස්වාභාවික පරිස්සමට ගෙනෙල්ලා අතාරිනවා කියන්නේ ඒක පරිසර සමතුලිතතාවයට බලපෑමක්. මොකද කොහේවත් නැති බල්ලෙක් ඇවිල්ලා රක්ෂිතයක ඉන්න පොඩි පොඩි සත්තු අල්ලලා මරනවා කියන්නේ ඒක ආහාර දාමයකට පොඩි හරි බලපෑමක්. මොකද අපි ස්වාභාවික පරිස්සමට ඇතුල් වෙද්දිම ඒකෙන් හානියක් වෙනවා. අපි බලන්න ඕනේ ඒ හානිය අවම කර ගන්න.
4).තව දෙයක් බල්ලට උගේ area එක අහිමි වෙන්න පුලුවන්. මොකද අපි ශ්‍රී පාදේ හැටන් පාරෙන් ගිහිල්ලා, රත්නපුරෙන් බහිනවා නම් අපිත් එක්ක ආපු බල්ලා අපිට අතාරින්න වෙන්නේ රත්නපුරෙන්.
මේ හේතු සහ තවත් හේතු නිසා ලෝකයේ (ලංකාව ඇතුලුව) වනෝද්‍යාන, රක්ෂිත වලට, Hiking Trail වලට බල්ලන් ඇතුලු සුරතල් සතුන් අරගෙන යෑම සපුරා තහනම්.
බල්ලෙක් පස්සෙන් ආවත් තඩි ගලකින් ගහලා එලවගන්න්. ඇගට ගහන්න එපා ඉතින් 😉🥱
සැ.යු - කොහොම ගියත් කැලේ කියන්නේ අවධානම වැඩි තැනක්.එහෙමයි කියලා ඉල්ලන් කන්න ඕනේ නෑ.
📷 - එකක් හෝර්ටන්තැන්නේදි බල්ලන් තහනම් කියලා ගහපු පුවරුව.
Unknown Hiker