25/08/2026
ස්වයං රැකියාවකට හෝ විශේෂ උත්සවයකට හදාගන්න පුළුවන් වටලප්පන් රෙසිපිය👇
(With English & Sinhala Recipe)
Perfect Foli Cup Watalappan Recipe👇👇
Ultimate Recipe for Your Business👇👇
Grate කර ගත් කිතුල් හකුරු 500 g
(ව්‍යාපාරිකව කරන විට වර්ණය ඉතා වැදගත්. හොඳ කළු පැහැති කිතුල් හකුරු ගත්තොත් වටලප්පමට ලස්සන තද දුඹුරු පැහැයක් ලැබෙනවා)
බිත්තර 8ක්
උකු පොල් කිරි 600ml
වතුර 150ml
කරදමුංගු 3-4
කරාබුනැටි 3-4
කුරුදු කැබලි 2-3
සාදික්කා කුඩු ඇට 1/2
වැනිලා තේ හැඳි 2 ක්
කුඩාවටකපාගත් කජු ටිකක් (optional)
සාදන ක්‍රමය
✅️මුලින්ම කුලුබඩු ටික වංගෙඩියකින් හෝ grinder එකකින් හොදට කුඩුකර ගෙන පැත්තකින් තියාගන්න.
✅️දැන් භාජනයකට හකුරු ටික,කුඩු කරගත්ත spices ටික සහ වතුර ටික දාලා හොඳට මිශ්‍ර කරගෙන මද ගින්දරේ ටිකක් රත් කරගන්න,ගොඩක් වෙලා අවශ්‍ය නෑ,හකුරු ටිකේ කෑලි නැති වෙන්න හොදට දියවෙනකමේ රත් කරගෙන නිවෙන්න තියාගන්න
✅️දැන් බිත්තර ටික විස්ක් එකකින් හෝ ගෑරුප්පුවකින් හොඳින් ගසාගන්න. වීනාඩි 2ක් විතර ගසා ගත්තහම ඇති,ගොඩක් වෙලා over mix කර ගන්න එපා.පෙණ එන්න පටන් ගත්තම නවත්තන්න.
✅️දැන් නිවුණු හකුරු මිශ්‍රණය ගසාගත් බිත්තර එකට එකතු කරන ගමන්ම wisk එකෙන් හොදට මිශ්‍ර කරගන්න. ඒකටම පොල්කිරි සහ වැනිලා ටිකත් එකතු කරලා හොදින්ම මිශ්‍ර කරගන්න, අන්තිමට රස බලන්න, පැණි රස මදි කියලා හිතෙනවා නම් තව සිනී ටිකක් එකතු කරගන්න.
✅ අන්තිමටම වටලප්පම පෙරාගන්න
✅ දැන් ෆොයිල් කප්ස් වල වටේට තෙල් ටිකක් බ්‍රෂ් කර ගන්න
✅ දැන් මේ කප්ස් වලට වටලප්පන් මිශ්‍රණය දාගන්න
✅ දැන් ලොකු බේකින් ට්‍රේ එකකට වතුර ටිකක් දාලා මේ කප්ස් ටික ඒක උඩින් තියාගන්න (water bath baking method)
✅ දැන් මේ ට්‍රේ එක ෆොයිල් පේපර් එකකින් හොඳින් කවර් කරගන්න නැත්නම් වටලප්පන් වල උඩ ටිකක් පිච්චෙන්න පුළුවන්
✅180⁰cට විනාඩි 25-30ක් bake කරගන්න
✅️විනාඩි 25 කට පස්සේ tooth Pick එකකින් check කරලා බලන්න. Tooth pick එක clear එකට එනවා නම් හොදට bake වෙලා.
✅ වටලප්පම් ටික බේක් කරන්නේ නැතුව රයිස්කුකර් එකේ හෝ ලිපේ හෝ Steam කරගන්නත් උනත් පුළුවන්
✅ ඒ විදිහට හුමාලයෙන් තම්බනවනම් හොඳට හුමාලය උඩට එන්න පටන් ගත්තට පස්සේ කප්ස් ටික ස්ටීමර් එක උඩින් තියලා ෆොයිල් පේපර් එකකින් උඩින් cover කර ගෙන විනාඩි 25ක් හුමාලයෙන් තම්බ ගන්නත් පුළුවන්
✅ නිමුනට පස්සේ අවශ්‍ය නම් උඩින් පොඩියට කපා ගත්ත කජු ටිකක් දාලා සරස ගන්නත් පුළුවන්
✅️ සාමාන්‍යයෙන් වටලප්පන් unmold කරන්නේ නෑ,නමුත් අවශ්‍ය නම් හොදින් නිවුණට පස්සේ වටලප්පම වටේට ටිකක් බුරුල් කරගෙන අනිත් පැත්ත හරවගන්න
✅ අනිත් පැත්ත හරවනවනම් කජුටික අනිත් පැත්ත හරව ගත්තට පස්සේ දාගන්න
✅ එහෙම නැත්නම් මේ ෆොයිල් කප්ස් වලටම එන ප්ලාස්ටික් පියන් වලින් මේ කප්ස් ටික හොඳින් වහලා ෆ්‍රිජ් එකේ දාගන්න
(මෙම ප්‍රමාණයන්ගෙන් කප් 10-12 සාදා ගත හැක.)
⭕️ස්වයං රැකියාවකදී රස වගේම ව්‍යාපාරික උපක්‍රම නිවැරදි වීම ඉතාමත් වැදගත්:
1. නිෂ්පාදන පිරිවැය සහ ලාභය නිවැරදිව ගණනය කිරීම (Costing & Pricing)
බොහෝ දෙනෙකුට ව්‍යාපාරයේදී වරදින ප්‍රධානතම තැනක් තමයි මිල නියම කිරීම. මිල තීරණය කරන්න කලින් මේ හැමදේම ගණනය කරන්න:
ඍජු පිරිවැය: බිත්තර, හකුරු, පොල්කිරි, කජු සහ ෆොයිල් කෝප්ප සඳහා යන වියදම.
ප්‍රවාහන සහ ඇසුරුම් වියදම්:කඩවල් වලට බෙදා හැරීමට යන ඉන්ධන වියදම සහ ලේබල් සඳහා යන වියදම.
පොදු පිරිවැය (Overheads):ගෑස් සහ විදුලිය සඳහා යන වියදම (උදාහරණයකට එක වටලප්පන් foil කෝප්පයක පිරිවැය වැනි මුදලක් ගෑස්/විදුලි වියදම ලෙස එකතු කරන්න).
ලාභාංශය:ඔබේ මහන්සිය සඳහා සාධාරණ ලාභයක් (සාමාන්‍යයෙන් 25% - 35% අතර ශුද්ධ ලාභයක්) එකතු කර අවසන් විකුණුම් මිල තීරණය කරන්න.
2. ප්‍රමිතිය සහ රසය එකම මට්ටමක පවත්වා ගැනීම (Standardization)
පාරිභෝගිකයා අද ගන්න වටලප්පන් එකේ රසම, තව මාසෙකින් ගනිද්දිත් තියෙන්න ඕනේ. ඒ සඳහා:
කිරුම් මිනුම් භාවිතය:හැඳි, කෝප්ප වලින් මනින්නේ නැතුව හැමතිස්සෙම ඩිජිටල් තරාදියකින් (Digital Scale) ග්‍රෑම් සහ මිලිලීටර් වලටම අමුද්‍රව්‍ය මැන ගන්න.
විශ්වාසවන්ත සැපයුම්කරුවන්: හකුරු ලබාගැනීමේදී හැමදාම එකම තත්ත්වයේ පිරිසිදු කිතුල් හකුරු දෙන විශ්වාසවන්ත වෙළෙන්දෙක් තෝරාගන්න. හකුරු වල පැණි රස සහ වර්ණය වෙනස් වුවහොත් මුළු වටලප්පන් එකේම රස වෙනස් වේ.
3. ඉලක්කගත වෙළඳපොළ හඳුනාගැනීම (Target Market & Distribution)
ඔබේ නිෂ්පාදන එකම තැනක විකුණන්න උත්සාහ කරන්නේ නැතුව ක්‍රම කිහිපයකට බෙදාහරින්න:
කැෆේ, බේකරි සහ ආපනශාලා : අවට තියෙන ප්‍රසිද්ධ බේකරි සහ කඩවල් වල ඩෙසර්ට් කවුන්ටර් (Dessert Counters) වලට තොග මිලට ලබාදෙන්න.
උත්සව සහ ඇණවුම් (Catering): මංගල උත්සව, උපන්දින සාද, සහ කාර්යාලීය උත්සව සඳහා ලොකු ඇණවුම් (Bulk Orders) බාරගන්න. එහිදී කෝප්ප ගණන අනුව සුළු වට්ටමක් (Discount) ලබාදෙන්න පුළුවන්.
සෘජු පාරිභෝගිකයින් (Direct Sales):සති අන්තයේ හෝ නිවාඩු දවස්වල නිවෙස් වලටම ගොස් දිය හැකි පරිදි 'Home Delivery' ක්‍රමයක් (නගර සීමාව ඇතුළත) හඳුන්වා දෙන්න.
4. සන්නාමකරණය සහ ආකර්ෂණීය ඇසුරුම්කරණය (Branding & Packaging)
රස වගේම පාරිභෝගිකයා මුලින්ම දකින්නේ ඇසුරුමයි.
පිරිසිදුකම: ෆොයිල් කෝප්ප වල දාරවල වටලප්පන් සිරප් තැවරී නොතිබිය යුතුයි. පෙනුම ඉතාමත් පිරිසිදු (Neat) විය යුතුයි.
ලේබලය (Label):ඔබේ ව්‍යාපාරයේ නම , දුරකථන අංකය, සහ වටලප්පන් සාදපු දිනය/කල් ඉකුත්වන දිනය ඇතුළත් කරපු ආකර්ෂණීය ස්ටිකරයක් පියන උඩ අලවන්න.
විස්තර ඇතුළත් කිරීම:කිරිපිටි හෝ කෘතිම රසකාරක එකතු කර නැති බව (100% Natural Ingredients, No Artificial Preservatives) ස්ටිකරයේ සඳහන් කිරීමෙන් පාරිභෝගික විශ්වාසය 100%ක් දිනාගත හැක.
5. ඩිජිටල් අලෙවිකරණය (Digital Marketing)
සමාජ මාධ්‍ය හරහා ඉතාම ලේසියෙන් ඕඩර්ස් වැඩි කරගන්න පුළුවන්.
උසස් තත්ත්වයේ ඡායාරූප (High-Quality Photos): ඉතාමත් ආකර්ෂණීය ඡායාරූප සහ කෙටි වීඩියෝ (Reels/Shorts) ෆේස්බුක් (Facebook) සහ ඉන්ස්ටග්‍රෑම් (Instagram) පිටු වල පළ කරන්න.
පාරිභෝගික අදහස් (Customer Reviews): වටලප්පන් මිලදී ගත් අය පවසන හොඳ අදහස් (Screenshots) ඔබේ පිටු වල පළ කරන්න. එය අලුත් පාරිභෝගිකයින් ආකර්ෂණය කරගැනීමට විශාල ශක්තියක් වෙනවා.
6. නීතිමය පියවර සහ සනීපාරක්ෂාව (Hygiene & Registration)
ව්‍යාපාරය ටිකක් ඉස්සරහට යද්දී මේ දේවල් අනිවාර්යයෙන්ම කරන්න:
PHI සහතිකය:ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) ලවා මුළුතැන්ගෙය පරීක්ෂා කරවාගෙන, ආහාර නිෂ්පාදනය සඳහා සුදුසු බවට සහතිකයක් ලබාගන්න. කඩවල් වලට දමන විට මෙය ඉතා වැදගත් වේ.
ව්‍යාපාර ලියාපදිංචිය (Business Registration): ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තනි පුද්ගල ව්‍යාපාරයක් (Sole Proprietorship) ලෙස මෙය ලියාපදිංචි කරන්න. එය ඉදිරියේදී බැංකු ණය ලබාගැනීමට සහ ව්‍යාපාරය දියුණු කිරීමට උපකාරී වේ.
පොඩියට පටන් ගත්තත් ක්‍රමවත් සැලසුමකින් සහ ඉවසීමෙන් වැඩ කළොත්, ඉතාම කෙටි කලකින් ස්ථාවර ආදායමක් ලැබෙන ව්‍යාපාරයක් බවට පත් කරගන්න ඔබට අනිවාර්යයෙන්ම පුළුවන්.
Thank you
මුල් අයිතිය
Star kitchen Lk 💛
(අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වලකින්න.)
Perfect Foil Cup Watalappan Recipe 👇 👇
Ultimate Recipe for Your Business💛
Grated Kithul Jaggery - 500g
(Color is very important when doing it as a business. If you get good black Kithul jaggery, the Watalappan will get a beautiful dark brown color)
Eggs - 8
Thick Coconut Milk - 600ml
Water - 150ml
Cardamom - 3-4 pods
Cloves - 3-4
Cinnamon sticks - 2-3
Nutmeg powder - \frac{1}{2} of a seed
Vanilla - 2 tsp
Cashews, chopped into small pieces - A few (Optional)
Method
✅️ First, grind the spices well using a mortar and pestle or a grinder and set them aside.
✅️ Now, put the jaggery, ground spices, and water into a pot, mix them well, and heat slightly over medium heat. It does not need to be heated for long; just heat until the jaggery pieces dissolve completely, and then set aside to cool.
✅️ Now, beat the eggs well using a whisk or a fork. Beating for about 2 minutes is enough; do not overmix for too long. Stop once it starts to form a froth.
✅️ Now, add the cooled jaggery mixture to the beaten eggs while whisking well with a whisk. Add the coconut milk and vanilla to it as well, and mix thoroughly. Finally, taste it, and if you feel the sweetness is not enough, you can add a little more sugar.
✅ Finally, strain the Watalappan mixture.
✅ Now, brush a little oil around the inside of the foil cups.
✅ Now, pour the Watalappan mixture into these cups.
✅ Now, put some water into a large baking tray and place these cups on top of it (water bath baking method).
✅ Now, cover this tray well with a foil paper, otherwise the top of the Watalappan might get burnt.
✅ Bake at 180°C for 25-30 minutes.
✅️ After 25 minutes, check with a toothpick. If the toothpick comes out clean, it is well baked.
✅ Instead of baking, you can also steam the Watalappan in a rice cooker or on the stove.
✅ If you are steaming it that way, once the steam starts rising well, place the cups on top of the steamer, cover the top with a foil paper, and steam for 25 minutes.
✅ Once cooled, if preferred, you can garnish the top with a few finely chopped cashews.
✅️ Usually, Watalappan is not unmolded, but if needed, after it has cooled completely, loosen the sides of the Watalappan slightly and flip it over.
✅ If you are flipping it over, add the cashews after flipping it.
✅ Otherwise, cover these cups tightly with the plastic lids that come with the foil cups and put them in the fridge.
(This quantity can make about 10-12 cups.)
⭕️ In a self-employment venture, proper business strategies are just as important as taste:
Calculating Production Costs and Profit (Costing & Pricing)
Pricing is one of the main places where many people make mistakes in business. Calculate all of these before determining the price:
Direct Costs: Cost for eggs, jaggery, coconut milk, cashews, and foil cups.
Transport and Packaging Costs: Fuel costs for distribution to shops and costs for labels.
Overheads: Costs for gas and electricity (e.g., add an amount like the gas/electricity cost per single Watalappan foil cup).
Profit Margin: Add a reasonable profit for your effort (usually a net profit between 25% - 35%) to determine the final selling price.
Maintaining Standardization (Consistency in Quality and Taste)
The taste of the Watalappan that the customer buys today should be the exact same a month later. For that:
Use of Measurements: Instead of measuring with spoons and cups, always measure ingredients in grams and milliliters using a digital scale.
Trusted Suppliers: Choose a trusted merchant who provides pure Kithul jaggery of the exact same quality every time. If the sweetness and color of the jaggery change, the taste of the entire Watalappan will change.
Identifying the Target Market & Distribution
Instead of trying to sell your products in just one place, distribute them through multiple channels:
Cafes, Bakeries, and Eateries: Supply to the dessert counters of well-known nearby bakeries and shops at wholesale prices.
Events and Orders (Catering): Accept bulk orders for weddings, birthday parties, and corporate events. You can offer a small discount based on the number of cups.
Direct Customers: Introduce a 'Home Delivery' system (within city limits) so that deliveries can be made directly to homes on weekends or holidays.
Branding & Packaging
Along with taste, the customer sees the packaging first.
Cleanliness: There should be no Watalappan syrup smeared on the edges of the foil cups. The appearance must be very neat.
Label: Stick an attractive sticker on the lid containing your business name, phone number, and the date the Watalappan was made/expiry date.
Inclusions: Mentioning that no milk powder or artificial flavorings have been added (100% Natural Ingredients, No Artificial Preservatives) can win 100% customer trust.
Digital Marketing
You can easily increase orders through social media.
High-Quality Photos: Post very attractive photos and short videos (Reels/Shorts) on Facebook and Instagram pages.
Customer Reviews: Post positive reviews (screenshots) shared by people who bought Watalappan on your pages. This is a huge strength for attracting new customers.
Legal Steps and Hygiene
As the business moves forward, definitely do these things:
PHI Certificate: Have your kitchen inspected by the Public Health Inspector (PHI) in your area and obtain a certificate stating that it is suitable for food production. This is very important when supplying to shops.
Business Registration: Register this as a Sole Proprietorship at the Divisional Secretariat. This will help in obtaining bank loans and developing the business in the future.
Even if you start small, with a systematic plan and patience, you can definitely turn this into a business that generates a stable income in a very short time.
Thank you
Original Ownership:
Star Kitchen Lk 💛
(Please refrain from copying without permission.)