03/10/2026
චොකලට් බ්රව්නිවලට වඩා රසයි කියලා හිතෙයි මෙහෙම හදාගෙන කෑවහම.ලේසි පහසුයි .😃
මෙහෙම හදන්න අදහසක් තිබුනෙ නෑ බ්රව්නි හදමු කියලා ගිහිල්ලා බැලින්නම් .ඩාක් චොකලට් ,චොකලට් පවුඩර් ඉවරයි ගේන්න බැරි උනානෙ කියලා මතක් උනේ පස්සෙ.ඒ උනාට බ්රව්නියක් කන්නම ඕනේ හිතුනා කමක් නෑ කියලා මෙහෙම හදලා ගත්තා .මාරම රසයි මේක හදලා බලන්නකො මෙහෙම.😃
ඇස්ට්රා 60වගේ තිබුනේ ඒ ටික බාජනයකට දාලා ටිකක් තද පාටක් වෙනකම් රත් කරගත්තා .
ඒක තවත් බාජනයකට දාලා ඒකට රතු සීනි කෝප්ප බාගෙකට ටිකක් අඩුවෙන් දැම්මා.(රතු සීනි දැම්මොත් ලස්සන පාටක් ගන්න නිසා ඒක දැම්මෙ අනිවාර්ය නෑ සුදු සීනි ගන්න පුලුවන් )
ඒ ටික සීනි ටිකක් දියවෙනකම් මිශ්ර කරගෙන ලුනු චූට්ටකුත් බිත්තර එකක් දාලා ආයේ සීනි ටික ටිකක් දිය වෙකම මිශ්ර කරන්න.බීට් කරනවම් කරන්න .මට බීටරේ ගන්න කම්මැලි කමට මෙහෙම මිශ්රකරගත්තා ශේප්.😁
සීනි දිය උනාට පස්සෙ ඒකට වැනිලා තේ හැදි බාගෙට ටිකක් වැඩියෙන් දැම්මා.
පාන්පිටි කප් එකක් පුරවලාම නැතිව ටිකක් අඩුවෙන් ගත්තා කට කපලා එන ගානටත් අඩුවෙන්.බේකින් පවුඩර් තේ හැදි බාගයක් වගේ දැම්මා.මේ ටික දැන් දියාරුත් නැති ගොඩක්ම හයිය ගතිය නැති කුකී බැට එකක් වගේ නැතිව වීඩියෝ එකේ පේන ගානට පදම ගන්න .
තුනී කරන්න ටිකක් අමාරුනිසා කුකී බැටර් එකටත් සමාන නිසා.මම කලේ ඇස්ට්රා ටික රත් කරගත්තු එකේ ඇස්ට්රා දිය උනු ඒවා තියෙනවනේ පැචුලා එක ඒකේ ගාලා අරගෙන ලස්සනට තුනි කරගන්න පුලුවන් .
චොකලට් චිප්ස් ,චීස් අනිවාර්ය නෑ ඒ උනාට චීස් කෑල්ලකුත් තිබුන නිසා දාලා බැලුවා මේකට ඒ දෙකත් එකතු වෙලා මේක බේක් වෙලා ආවහම සුපිරි කියලා හිතුනා.😃
අවන් එකට දැම්මෙ 170 උශ්නත්වයෙන් විනාඩි 25-30වගේ 27වගේ යද්දි ඇති කියලා හිතිලා ගත්තා එලියට.😃ඔයාලගෙ අවන් එකේ උශ්නත්වය බලලා වෙලාව හදාගෙන්න.