JP COCO Product

JP COCO Product Open Top Organic Planter Bag

👇🏼👇🏼👇🏼👇🏼
https://youtu.be/rRQxjm-cjaU

ශ්‍රී ලංකාවේ නාගරික ජනතාව සහ බුමී ප්‍රමාණය අඩු පාරිභෝගික ජනතාව, මහල් නිවාස වල වාසය කරන ජනතාවට, වස විස තොර එළවලු සහ පලා වර්ග තම නිවසේම වගාකර පරිහරණයට ගැනීමට අප ආයතනය වන JP Coco Product විසින් මෙම නිෂ්පාදන හඳුන්වාදෙනු ලැබේ. මෙමගින් කාර්යබහුල ජනතාවට කාලය ඉතා අඩු බැවින් තම නිවසේ වගාවක් කරගැනීමට නොහැකි වීම මුලික කරුණකි. අප විසින් හඳුන්වාදෙන මෙම මාධ්‍යයට වැයවන පොහොර ප්‍රමාණය පොළොවට දමන පොහොර ප්‍රමාණයෙන්

25% මෙම බෑගයට ප්‍රමාණවත් වන බැවින් මුදල් ඉතිරි කර ගැනීමට පාරිබෝගික ජනතාවට ඉඩ සලසා ඇත.

තවද ජලය සෑම දවසකම දැමීමට අවශ්‍ය නොවේ. දවස් 2 – 3 කට සැරයක් ජලය ලීටර ¼ හෝ ½ දැමීම ප්‍රමාණවත් වේ. ඉහල ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර සහ ජෛව පොහොර අඩංගු බැවින් දින 30ත් 45ත් අතර කාලයක් පොහොර දැමීමට අවශ්‍ය නොවේ. ඔබ නිවසේ මුළුතැන්ගෙයි ඉවතලන ඉඳුල් ජලය සහ මස් මාළු සෝදන ජලය බෑගය ඇතුළට දැමීමෙන් තවත් සාර්ථක ප්‍රථිපල ලබාගත හැක. එමගින් කාබනික පොහොර දැමීම අඩු කරගත හැක. පොහොර දැමීමේදී කාබනික හෝ රසායනික පොහොර සති 2කට වරක් යොදන්න. කාබනික පොහොර නම් 50-60g අතර යොදන්න. රසායනික පොහොර නම් 20-25g අතර දැමීම ප්‍රමාණවත් වේ.

මෙම බෑගය අව්වට වැස්සට ඔරොත්තු දෙන පාරජම්බුල කිරණ (UV) වලින් ආරක්‍ෂිතයි. අවුරුදු දෙකක කාලයක් මෙම බෑගය නැවත නැවත භාවිත කල හැක.

මෙම නිෂ්පාදනය පරිහරණය සඳහා උපදෙස් අඩංගු පත්‍රිකාවක් මෙම නිෂ්පාදන මිලදී ගැනීමේදී නිකුත් කරනු ලැබේ.

අධික වර්ෂා කාලයේදී මෙම බෑගය තුළ ජලය පිරීම ඉවත්කිරීම සඳහා බෑගයේ පහළ කොටසේ සිදුරු ලකුණු කර ඇත. ඒවා 2ක් හෝ 3ක් විවර කිරීමෙන් වැඩිපුර ජලය ඉන් ඉවත් වී යයි. ශ්‍රී ලංකා ජනරජය විසින් වසවිස නැති රටක් බිහි කිරීමට වෙහෙසෙන මෙම කාලයේ අප ආයතනයේ අධ්‍යක්ෂකතුමා අවුරුදු 4ක කාලයක්‌ පරීක්ෂණ සිදු කරමින් එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම කාබනික නිෂ්පාදනය වෙළදපොලට හඳුන්වාදීමට අදහස් කර ඇත.

රටේ ජනතාව දවසෙන් දවස විනාශකාරි රසායනික අඩංගු එළවලු සහ පළාවර්ග ආහාරයට ගැනීමෙන් දරුවන් සහ වැඩිහිටියන් නොයෙකුත් ලෙඩරෝග වලට භාජනය වීමේ ප්‍රවණතාවය වැඩිවෙමින් පවතී.

මෙම හඳුන්වාදීමේ මාධ්‍යය තුලින් සෑම නිවසකම එළවලු වර්ග දෙකක් හෝ තුනක්, පලා වර්ග දෙකක් හෝ තුනක් සිටවා ගැනීමෙන් තමුන්ගේ ජීවිතයේ ආයුෂ කාලය වැඩි කරගැනීමටත්, නීරෝගිමත් ජීවිතයක් ගතකරගැනීමට හැකිබව අප වීශ්වාස කරන්නෙමු.

ඔබත් මෙයට අප සමග සහභාගී වී වසවිස නැති රටක් බිහි කරමු.

මීට,
පැට්‍රික් ජයකොඩි
අධ්‍යෂක,
JP COCO Product

JP COCO products ayathanaye nawa nishpadanayak hadunwa dena ladi.Green porridge - kolakanda panaya. 100% swabhawikayi.sh...
05/10/2023

JP COCO products ayathanaye nawa nishpadanayak hadunwa dena ladi.Green porridge - kolakanda panaya. 100% swabhawikayi.shakasara hayakin yukthai.mehi wisheshathwayanam dina hathalihak (40days) sheethakaranaye thaba gatha haka.kisima kal thabaganna dravyan adangu nowe(test report).poshanaya 77.9% adangu we.Dan meegamuwe Arpico super center thula athi jp product alewi salen obata beemata saha packet ekak washayen miladi ganeemata haka.

Address

Boundary Road
Kochchikade
11540

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

777939893

Alerts

Be the first to know and let us send you an email when JP COCO Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to JP COCO Product:

Share

Category