Delum Bar

Delum Bar Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Delum Bar, Smoothie & Juice Bar, Apeksha Hospital Road, Maharagama.

වචනෙකින් හරි සහයෝගයක් දුන්න හැමෝටම ගොඩාක් ස්තූතියි.Peace Walk එකේ ස්වාමීන් වහන්සේලාට දෙළුම් යුෂ පූජා කරන්න අවශ්‍ය සම්බන්...
23/04/2026

වචනෙකින් හරි සහයෝගයක් දුන්න හැමෝටම ගොඩාක් ස්තූතියි.
Peace Walk එකේ ස්වාමීන් වහන්සේලාට දෙළුම් යුෂ පූජා කරන්න අවශ්‍ය සම්බන්ධීකරණය කරන්න බොහෝ අය ඉදිරිපත් වුනා..ගෞරණීය මහා සංඝරත්නය වගේම සිරස TV ආයතනයේ සේවය කරන අයත් අපිට මේ සඳහා උදව් කරන්න ඉදිරිපත් වුනා. ඒ වගේම තවත් හිතවතුන් රාශියක් ඉදිරිපත් වුනා..මම බලාපොරොත්තු වෙනවා උන් වහන්සේලා මේ පාගමන යන කාල සීමාව තුළදී උන්වහන්සේලාගේ ශරීර ශක්තිය වර්ධනය කිරීම සඳහා මාතප්‍රාණ බෝතල් 300ක් පමණ පුජා කරන්න. අවශ්‍යතාවය අනුව තව වැඩිපුර අවශ්‍ය නම් පූජා කරන්න පුලුවන්.

මීට සුළු මොහොතකට පෙර Delum Bar සාමාජිකයන් විසින් වත්තල විහාරස්ථානයකට වැඩම කරපු ආචාර්‍ය මහවිතව පඤ්ඤාරතන හිමියන්ට ( Sudam Sabhawa ) මාතප්‍රාණ බෝතල් 100ක් සහ මාතප්‍රාණ නිෂ්පාදනය සම්බන්ධව අපි ITI ආයතනයෙන් ලබා තියෙන සියලුම තත්ව සහතික වාර්තා බාරදුන්නා. උන්වහන්සේ මේ පාගමනට ඇප උපස්ථාන කිරීම සම්බන්ධව බොහෝ කාර්‍යන් සිදුකරන ස්වාමීන් වහන්සේ නමක්.

ඉතින් තවත් බොතල් 200ක් දෙන්න අපි සූදානම්. ඒ සියලුම බෝතල් සම්පූර්ණම අපේ මාතකඩාර දෙළුම් ආයතනයෙන් නොමිලේ දෙන්නේ. මේ වැඩේට සම්බන්ධවෙන්න කැමැත්ත ප්‍රකාෂ කරපු අනිත් අයටත් මේ බෝතල් 200න් කොටස් කොටස් වෙන් කරනවා.
වචෙනෙකින් හරි සහයෝගයක් දුන්න හැමෝටම ගොඩාක් ස්තූතියි.❤

Asika Pinsara Samarasekara
CEO - Mathakadara Pomegranates මාතකඩාර දෙළුම් / Delum Bar

ඔන්න  Delum Bar   එකේදි දැන් Card Payment  වෙනුවට  QR එකෙන් ගෙවීම් කරන්න පුලුවන්... එහෙම කරාම පිට රට බැංකු වලය කොමිස් එක...
20/04/2026

ඔන්න Delum Bar එකේදි දැන් Card Payment වෙනුවට QR එකෙන් ගෙවීම් කරන්න පුලුවන්... එහෙම කරාම පිට රට බැංකු වලය කොමිස් එක ලංකාවේම ඉතුරු කරගන්න අපිට පුලුවන්නේ. අපිත් HelaPOS හරහා දැන් QR ගෙවීම් ආරම්භ කරලා තියෙනවා. ඔයාට තියෙන්නෙ ඔයාගේ phone එකේ Banking app එකේ QR ගෙවීමේ පහසුකම තියෙනවාද කියලා දැනගන්න එක විතරයි. Card එක වෙනුවට ඔයා අපිට QR එකෙන් ගෙවීම් කරොත් රු.5000 වෙනකන් ගෙවීම් වලදී අපිට කිසිදු කොමිස් මුදලක් බැංකුවට ගෙවන්නට සිදුවෙන්නෙ නෑ. ඒ වගේම රු.5000 න් ඉහළ ගෙවීම් වලදී Card Payment කරාම කැපෙන 3% කොමිස් මුදල 1% දක්වා අඩුවෙනවා.. ඒක අපිට ලොකුම ලොකු සහනයක්.🥰

වී කරල් පැහෙනකොට පහතට නැමෙනවා!  මේ අවුරුද්දේ හැමදාම දවසට එක මිලි මීටරයක් ඉදිරියට යන ගමන් පුලුවන් තරම් පහ පොළොවට වගේම මින...
14/04/2026

වී කරල් පැහෙනකොට පහතට නැමෙනවා! මේ අවුරුද්දේ හැමදාම දවසට එක මිලි මීටරයක් ඉදිරියට යන ගමන් පුලුවන් තරම් පහ පොළොවට වගේම මිනිසත් බවට ළං වෙමු..!
ඊළඟ අවුරුද්ද වෙද්දි මිලි මීටර් 365ක් ඉහලට නෙවෙයි, මහ පොළොව දිගේ මිලි මීටර් 365ක් ඉදිරියට යමු... !

සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා !

CEO - Delum Bar

#දෙළුමා #සිංහලදෙමලඅවුරුදු #මාතකඩාරදෙළුම්

"Delum Face Wash එකයි, Levon Fairness Night Cream එකයි නිසා තමයි මෙච්චර හොඳට මගේ skin එක තියාගන්න පුලුවන් වුණේ."Customer...
25/03/2026

"Delum Face Wash එකයි, Levon Fairness Night Cream එකයි නිසා තමයි මෙච්චර හොඳට මගේ skin එක තියාගන්න පුලුවන් වුණේ."

Customer Feedback 🌿🫶

"Soothing Gel එක නම් නියමයි. Dry skinඑක ටිකෙන් ටික අඩු වෙනවා දැනෙනවා. Face Serum එක නිසා acne, scars ගොඩාක් අඩුවෙලා. අවු...
25/03/2026

"Soothing Gel එක නම් නියමයි. Dry skinඑක ටිකෙන් ටික අඩු වෙනවා දැනෙනවා. Face Serum එක නිසා acne, scars ගොඩාක් අඩුවෙලා. අවුරුදු 10කටත් වඩා තිබ්බ scars ටිකක් තමයි මේ සති 3කටත් අඩු කාලයකදී ටිකෙන් ටික අඩුවෙලා යනනේ. Red Love Cream එකත් නියමයි. අවුරුදු ගාණකට පස්සේ ගාපු මුල්ම Cream එක. Pimple එන නිසා කිසිම cream එකක් use කරේ නෑ මම. ඒත් ගොඩාක් විශ්වාසයෙන් තමයි මේ products ටික ඔක්කොම ගත්තේ. කිසිම allergy එකක් නැතුව මට use කරන්න පුලුවන් වුණ එකටයි, natural අපේ දෙයක් use කරන්න පුලුවන් වුණ එකටයි මට හරිම සතුටුයි."

Customer Feedback 🌿🫶

The Game changer ! ඔයාලා දන්නවද Red Love anti- aging Night cream එක තමයි මාතකඩාර දෙළුම් එකේ පළවෙනි Skin  care profuct එක...
25/03/2026

The Game changer !
ඔයාලා දන්නවද Red Love anti- aging Night cream එක තමයි මාතකඩාර දෙළුම් එකේ පළවෙනි Skin care profuct එක. ඊට කලින් දෙළුම් පොතු පව්ඩර් හදලා තිබ්බා. නමුත් ඒක නිකම්ම පොතුවල පව්ඩර් එකනේ. රූපලාවන්‍ය නිෂ්පාදනයක් කියලා හදපු පළවෙනි නිෂ්පාදනය මේක..

මේක මට ඕනවට හදපු එකක් නෙවෙයි. මේක අනුමිගේ බල කිරීමට හදපු එකක්..ඒ කාලේ අනුමියි මගෙයි අතර තිබුනේ පාරිභෝගිකයෙක් සහ ව්‍යාලාරිකයෙක් අතර සම්බන්දයක් විතරයි. එයා cosmetic chemist කෙනෙක් කියන එක මට කියලා තිබුනා.එයා මගේ දෙළුම් ජෑම් එක අරන් කාලා තිබුනා.

එයා තමයි මාව පෙළඹුවේ දෙළුම් වලින් ක්‍රීම් එකක් හදමු කියලා..එයා මට පුන පුනා කිව්වේ
" දෙළුම් කියන්නෙ Anti-aging power house එකක්, ඒත් දෙළුම් වලින් කිසිම කෙනෙක් තාම ලංකාවේ Skin Care products හදලා නෑ, ඔයා ගාව තමයි දෙළුම් තියෙන්නෙ ඒ නිසා ඔයාට තමයි ඒ advantage එක තියෙන්නෙ" කියලා.

එයා කිව්වා "අපි දෙන්න එකතුවෙලා කරමු මේක" කියලා.

මං මුලින් කිසිම කැමැත්තක් තිබ්බෙ නෑ..පස්සෙ එයා කිව්වා මට Formulation වලට කිසිම ගාස්තුවක් එපා, නිෂ්පාදනයට යන පිරිවැය විතරක් දෙන්න මම හදලා දෙන්නම් කියලා. 2023 ජනවාරි 1 වෙනිදා මම හා හා පුරා කියලා සල්ලි දැම්ම් වැඩේට.. මතක විදියට ක්‍රීම් 20 යි හැදුවේ. ඒ විස්සම සති දෙකක් තුල විකුණුනා. ක්‍රීම් එක සාර්ථක වුනා..ප්‍රතිචාර විශිෂ්ඨයි . මට වැඩේට ආසා හිතුනා..

දෙවෙනි තුන්වෙනි බල්ක් හැදුණා, විකුණුනා..ඔය අතරේ අපි අතර ආදරයක් ගොඩනැගුනා..තව තව රූපලාවන්‍ය නිෂ්පාදන හැදුනා.

එතනින් එහාට වෙනම කතාවක්.

ඉතින් Red love ක්‍රීම් එකේ සාර්ථකකත්වය තමයි අපිව Skin Care Brand එකක් බවට පත් කරේ... Red Love Anti -aging Night cream කියන්නේ Game Changer කෙනෙක්..

Asika Pinsara Samarasekara
CEO - Mathakadara Delum & Delum Bar

"Pomegranate Soothing Gel එක නම් ගොඩාක්ම හොඳයි. Delum Hair Oil එකත් හොඳයි. Radiant Glow Scrub එකත් ගොඩාක් හොඳයි. මං අනිත...
25/03/2026

"Pomegranate Soothing Gel එක නම් ගොඩාක්ම හොඳයි. Delum Hair Oil එකත් හොඳයි. Radiant Glow Scrub එකත් ගොඩාක් හොඳයි. මං අනිත් products ටිකත් order කළා. ඒ ටිකත් ලැබුණම use කරලා feedback එකක් දෙන්නම්"

Customer Feedback 🌿🫶

"උත්සාහයට වටිනාකමක් දෙන්න ඕනි වුණා. අනික ඔයාගේ අරමුණ ගමේ අයට රැකියා දෙන්න. ඒකෙන් ලොකු සේවාවක් වෙනවා ගමේ හැමෝටම. ඕන දෙයක්...
25/03/2026

"උත්සාහයට වටිනාකමක් දෙන්න ඕනි වුණා. අනික ඔයාගේ අරමුණ ගමේ අයට රැකියා දෙන්න. ඒකෙන් ලොකු සේවාවක් වෙනවා ගමේ හැමෝටම. ඕන දෙයක් කියලා මුලින්ම ඕඩර් කරේ Delum Hair Oil එකක්. අද 05 වැනි හරි 06 වැනි හරි order එක ගෙන්න ගත්තා."

Customer Feedback 🌿🫶

Customer love 📷🥰🌿
25/03/2026

Customer love 📷🥰🌿

"ගොඩාක් හොඳයි. මගේ skin එකට හරියනම soap එක ලැබුණා මට. ඒ ගැන ගොඩාක් සතුටුයි."Customer Feedback 🌿🫶
25/03/2026

"ගොඩාක් හොඳයි. මගේ skin එකට හරියනම soap එක ලැබුණා මට. ඒ ගැන ගොඩාක් සතුටුයි."

Customer Feedback 🌿🫶

25/03/2026

Address

Apeksha Hospital Road
Maharagama

Website

Alerts

Be the first to know and let us send you an email when Delum Bar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share