14/05/2026
බ්ලොක්ගල් ගන්න කලින් චුට්ටක් හිතන්න....
බිස්නස්කාරයෙක් විදිහට මම මේක කියන්න හොද නැති නමුත් කියන්නම හිතෙනවා පාරිභෝගික ඔයාලා රැවටෙන නිසා....
උදාහරණයක් |-
අලුත් හොද බෝන්චි ගණන් වැඩි උනාට 250g ගත්තොත් සම්පුර්ණයෙන් ගන්න පුලුවන් උයන්න... නමුත් පොඩ්ඩක් පරන එකකින් ගත්තොත් පනුවෝ කාලා මෝරලා කියලා ගියාම උයන්න වෙන්නේ 200g ටත් අඩුවෙන්... එතකොට ලාබේ කොතනද ?
මේ තියෙන්නේ සහ කතා කරන්නේ 12/06/04 සයිස් බ්ලොක් ගල් ගැන බෝංචි ගැනවත් බෝංචි වගේ ගල් ගැනවත් නෙමෙයි 😁...
මගෙ ලග දැනට ගලක් 65 කට විකුණනවා ඒත් ඒ මිලට දුන්නත් මට කියලා සුලු ලාබයයි තියෙන්නේ...
හරි දැන් ඔයාලා නොදන්න කතාවක් කියන්නද ?
ගල්කුඩු සහ චිප් කලවම් කරපු කියුබ් තුනක් මේ වෙද්දි වැඩපලකට ගෙනල්ලා බාන්නේ 35000/= ක් වැනි මුදලකට... එතකොට ඒකෙන් ගල් 1400 ක් පමණ කැපෙනවා
35000÷ 1400 = 25/=
හරි දැන් සිමෙන්ති කොට්ටයක මිල 2200 ක් වගේ වෙනවා අපි 2100 න් ගමුකෝ මධ්යස්තව හිතලා...
සිමෙන්ති කොට්ටයකින් බ්ලොක්ගල් 110 ක් කැපුවා කියමුකෝ හරිද
2100÷110= 19/=
හරි සේවක වැටුප දැනට 1200/= ක් මම දෙනවා මික්සර් සහ කපන මැශින් පහසු නිසා...
1200÷110= 11/=
පැටවීම සදහා 2/= දෙනවා
සාමාන්යයෙන් මැශින් වලට ගලකින් රුපියල් 3 ක් අවමය අයින් වෙන්න ඕන... හේතුව තමා මික්සර් එකක් ලක්ෂ 4 සහ කපන මැශිමක් ලක්ෂ 3.5 පමණ වෙනවා වගේම අඹ ලෑලි හදන්න එක මැශින් එකක් සදහා අවම ලක්ෂ 1.5 ක් පමණ වැය වෙනවා... එතකොට ලක්ෂ 9 ක් පමණ වැයවෙලා මැශින් වලට ගලකින් 3 ක් අයින් කලත් ගල් ලක්ෂ 03 ක් කපන්න ඕන මැශින් වල මුදල එන්න... ඒත් ගල් ලක්ෂයක් එකහමාරක් කැපෙද්දි රෙපයාර් හොදටම වැඩි උපරිම ලක්ෂ දෙකක් කපයි...
නමුත් මැශිමට රුපියල් 3/= ක් ගලකින් අයින් කරමුකෝ...
ජල සහ විදුලිය සදහා ගලකට අපි රුපියල් 2/= අයින් කරමු ( හේතුව සිමෙන්ති අතින් මිශ්ර කරනවට වඩා හොදින් මිශ්රණය වියයුතු නිසා හෝස්පවර් 5 මෝටර් එකක් දුවන්නේ )
තවත් මෙතන මෝටර් රෙපයාර් සහ කැඩෙන බිදෙන සියල්ල ( ග්ල්වුස්, වෙල්ඩින් , ගයින්ඩර් , නට්&බෝල්ට්, කලුතෙල් , ග්රීස් , මෝටර් බෙල්ට් , ඉටිරෙදි , ඇණ , මික්සර් ප්ලේට් ) හදන්න අපි රුපියල් 2/= අයින් කරමුකෝ...
කලවම් 25/=
සිමෙන්ති 19/=
වැටුප් 11/=
පැටවිම 02/=
මැශින් 03/=
ජල විදුලි 02/=
රෙපයාර් 02/=
එකතුව 64/= 😁
මූත් බොරුනේ එහෙනම් කියන්නේ කියලා හිතුනා නෙහ් 64 ක් යනවා නම් 65 ට දෙන්නේ කෝ මුට ලාබේ රුපියලද ? 😂 රෙපයාර් 80% ක් මම කරගන්නේ... සහ කලවම් ට්රාන්ස්පොට් කරගන්නේ මගෙම ලොරිය නිසා හයර් එක ඉතිරි වේ... වගේම බ්ලොක්ගල් ප්රවාහනය මා විසින්ම සිදු කිරිමේදි හයර් එකක් මා හට ලැබේ...
ප්රමිතියකින් කරන තැනක් නම් ප්රසා බ්ලොක්ගල් අපිව සම්බන්ද කරගන්න 💚
ප්රවාහනය සහ බෑවිම 65 ට අමතරව එකතු වේ...
14/07/04 සයිස් බ්ලොක්ගල්ද ඇත...
0756188878
0774088878
පොලොන්නරුව දිස්ත්රික්කය තුල පමණි...