VISHVI PUBLISHERS

VISHVI PUBLISHERS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from VISHVI PUBLISHERS, Minuwangoda.

🍂🍁🍂🍁🍂🍁මන්ද මාරුතයේ සිලි සිලිය ....කොඳුරන්නේ ආදරය හෙමින් හෙමින් ගලා බසින දිය සීරාවන් තුලද,තොටිල්ල පැද්දෙන හඬක් හා මුසුවූ ...
26/04/2026

🍂🍁🍂🍁🍂🍁
මන්ද මාරුතයේ සිලි සිලිය ....
කොඳුරන්නේ ආදරය
හෙමින් හෙමින් ගලා බසින
දිය සීරාවන් තුලද,
තොටිල්ල පැද්දෙන හඬක් හා මුසුවූ
නැලවිලි ගීයකද,
සැඳෑ අහසක කැදලි කරා පියඹන
කුරුළු කූජනයකද,
ආදරය සොයමින් ගියා ඇය ...

කුර අදින සෙයියාවෙන්
හෙම්බත්ව ....
තාලයක් නොමැති ගීතයක්
මුමුණමින්
ආදරය ... සැරයටිය තදින්
අල්ලා ගැනීමට වෙර දරන හැටි!

රුදුරු සුළඟක පාව විත්
හිසද හැපී වලාකුළෙක ....
අවසානෙ ඇය නැවතුනේ
ආදරයේ පා මුලම...
ඇය දෑස් දල්වා බලද්දී
කුර ගසන ආදරය
කොඳුරනා හඬක් ඇසුණි
කෙල්ලේ! ඔය සැරයටිය
නොවෙයි ආදරය ...

මනෝරි ලියනවඩුගේ
Manori Liyanawaduge

💞💞💞 ආලය අසීමිත විය හැකිද? බොහෝ විට නැත. එය වසංගතවලට ගොදුරු විය හැක. යුද්ධවලට බිළි විය හැක. එසේ නැත්නම් ආලය තුලම බොරු වළව...
17/01/2026

💞💞💞
ආලය අසීමිත විය හැකිද? බොහෝ විට නැත. එය වසංගතවලට ගොදුරු විය හැක. යුද්ධවලට බිළි විය හැක. එසේ නැත්නම් ආලය තුලම බොරු වළවල්වල වැටී වල්මත් විය හැක.

(කොලරාකාලේ ආලේ ,ගාර්ෂියා මාර්කේස් )

මල් වෙළෙන්දිකෝවිලේ කඩපෙලේමල්මාල අමුණන්නීනහරයක් පිපිරිලාගිහින් අවසන් ගමන්මල්මාල, සැරසිලිදකිසිවක්ම නොමැතිවසමු දෙන්න, වැලපෙ...
04/01/2026

මල් වෙළෙන්දි

කෝවිලේ කඩපෙලේ
මල්මාල අමුණන්නී
නහරයක් පිපිරිලා
ගිහින් අවසන් ගමන්

මල්මාල, සැරසිලිද
කිසිවක්ම නොමැතිව
සමු දෙන්න, වැලපෙන්න

කිසිවෙකුත් නෑ අහලක...

මනෝරි ලියනවඩුගේ

The flower seller

In the market by the temple
She who strung the flower garlands
Has gone on her final journey

A ruptured vein, her end

Neither garlands nor decorations
Are there to mark her passing
Left alone
With no one by her side
To bid good bye...

Manori Liyanawaduge

📷 MP Harsha Sulochana

🌊🌊🌊🌊අකලංක ඥාන උද්දීපනයක් ගැන ඔබ පවසයිමට මෙලොව හසරක් නොතේරෙයිබසක්, හඬක් නොමැතිව ඔබේ තොල් සෙලවෙන හැටිබලා සිටීමට මම ආසයිමනෝ...
30/12/2025

🌊🌊🌊🌊
අකලංක ඥාන උද්දීපනයක් ගැන ඔබ පවසයි
මට මෙලොව හසරක් නොතේරෙයි
බසක්, හඬක් නොමැතිව ඔබේ තොල් සෙලවෙන හැටි
බලා සිටීමට මම ආසයි

මනෝරි ලියනවඩුගේ

You speak of an Immaculate Awakening of wisdom
Yet I understand nothing of this world
Without a word, without a sound
How your lips move ...
That is what I long to watch!

Manori Liyanawaduge

📷 MP Harsha Sulochana

🍄👣🍄👣🍄නියැන්ඩර්තාල් සිහිනයෙක කිමිදී පිහිනාසොයමි සේපියන් මායා හත්තක සිනහා ආවෙමි ...එහෙයින් සළකුනක් තබා යම් නොරැඳෙමි ... මි...
24/12/2025

🍄👣🍄👣🍄
නියැන්ඩර්තාල් සිහිනයෙක කිමිදී පිහිනා
සොයමි සේපියන් මායා හත්තක සිනහා

ආවෙමි ...එහෙයින් සළකුනක් තබා යම්
නොරැඳෙමි ... මිනුම් නොවන නිසා රැඳීමෙහි

මනෝරි ලියනවඩුගේ

In a Neanderthal dream, I submerge and play
Seeking the Sapien's ghost in a grand display

A trace I leave, for here I came to tread
I do not linger ... I crave the path ahead

Manori Liyanawaduge

💦💨💦💨💦💨💦අසෙනි වැහි බිඳුවකින් අහන්නේ කොහිද නුඹෙ පපු කැනති තියෙන්නේ පඨවියගෙ පුළුලුකුල හැලෙන්නේ නැතිවදෝ නුඹට දුක හිතෙන්නේ කඳ...
27/11/2025

💦💨💦💨💦💨💦
අසෙනි වැහි බිඳුවකින් අහන්නේ
කොහිද නුඹෙ පපු කැනති තියෙන්නේ
පඨවියගෙ පුළුලුකුල හැලෙන්නේ
නැතිවදෝ නුඹට දුක හිතෙන්නේ

කඳු මුදුන් පාර මත වැතිරිලා
වියරු ජල කඳන් යයි ගලාලා
උන් හිටින තැන් අහිමි වීලා
නොපෙනේද සෝ සුසුම් විසිරිලා

අසෙනි වැහි බිඳුවකින් අහන්නේ
කොහෙද නුඹෙ පපු කැනති තියෙන්නේ

මනෝරි ලියනවඩුගේ
Manori Liyanawaduge

පින්තූරෙ හදලා දුන්නේ Malie Herath නංගි
ගොඩක් ස්තුතියි ආදරෙන් නංගි 💖

🦉🪶🦉🪶🦉🪶🦉🪶🦉🪶Has the cold wisdom of the world's hour struck you yet?That midnight spell ...That binds us, though our bodies...
22/10/2025

🦉🪶🦉🪶🦉🪶🦉🪶🦉🪶
Has the cold wisdom of the world's hour
struck you yet?
That midnight spell ...
That binds us, though our bodies are apart?
The splitting was a wound,
A terrible bizarre regret
And still, you left me here,
With nothing but a beating start
And ... Hmmmm ... It's owl's hour,
A pulse against the dark

Manori Liyanawaduge

තැවුල් කොඳු, උකුල් තුල ඉවසනු බැරිනීකෙහෙල් පත් තවා ඒ මත වැතිරුනිමීලමැල් පියුම් පැටියගෙ හැඬුමට පිරුනීවැදුම් ගෙයි විලාපය ඇස...
12/10/2025

තැවුල් කොඳු, උකුල් තුල ඉවසනු බැරිනී
කෙහෙල් පත් තවා ඒ මත වැතිරුනිමී
ලමැල් පියුම් පැටියගෙ හැඬුමට පිරුනී
වැදුම් ගෙයි විලාපය ඇසුනිද මහතුනී

මනෝරි ලියනවඩුගේ
Manori Liyanawaduge

📷 MP Harsha Sulochana

ඔහෝ! සිඟිති මාළුවෙනි නිදහසේ පිහිනනජීවිතය කෙටි නමුදු, සතුටින් ඉතිරෙනමතකය කෙටි හෙයින් හදවත සැහැල්ලු වෙනනිමක් නැති රාත්‍රිය...
09/09/2025

ඔහෝ! සිඟිති මාළුවෙනි නිදහසේ පිහිනන
ජීවිතය කෙටි නමුදු, සතුටින් ඉතිරෙන
මතකය කෙටි හෙයින් හදවත සැහැල්ලු වෙන
නිමක් නැති රාත්‍රියේ පවා
වේදනා දුක් නොදැනෙන

නැති වෙන්නට මිතුරන් නැති
බිය වීමට සතුරන් නැති
ඔබේ ලෝකය සරලයි, පිරිසිදුයි පැහැදිලියි
මට හැඟෙන

අතීතයේ බරක් නැති
දෛවය ගැන සැකක් නැති
මේ මොහොතේ සතුට පමණක් විඳිති

ඔහෝ! පුංචි මාළුවෙනි
එකදු බැම්මක් හෝ
වෛරී මුදා හැරීමක් නැති
නුඹලා කෙරෙහි ඇතිවන
සියුම් තණ්හාව අති මහති

මනෝරි ලියනවඩුගේ

Oh, tiny fish, you swim so free,
A fleeting life, yet full of glee.
Your memory short, your heart so light,
No pain, no sorrow, no endless night.

No friends to lose, no foes to fear,
Your world is simple, pure, and clear.
No weight of past, no dread of fate,
Just the moment's joy, an endless state.

In your brief life, you dance and play,
A carefree spirit, in your own way.
I envy your simplicity, your peace,
A life unburdened, without a single release.

Manori Liyanawaduge

💮~💮~💮~💮කන ළඟින් දෑ සමන් මල් පෙත්ත රන්දාඅරුංගල් නැති කනේ හැඩ බලමු නන්දාමනෝරි ලියනවඩුගේ Manori Liyanawaduge 📷 Tharanga Lak...
19/08/2025

💮~💮~💮~💮
කන ළඟින් දෑ සමන්
මල් පෙත්ත රන්දා
අරුංගල් නැති කනේ
හැඩ බලමු නන්දා

මනෝරි ලියනවඩුගේ
Manori Liyanawaduge

📷 Tharanga Laknath

මේ වැස්ස නොනැවතීදිගටම පවතීද හිතවතීනොදනිමි වැහි ගැන ඒ හැටීවලාකුළකින් අසා දැනගනු වටීමනෝරි ලියනවඩුගේ Manori Liyanawaduge
18/08/2025

මේ වැස්ස නොනැවතී
දිගටම පවතීද හිතවතී

නොදනිමි වැහි ගැන ඒ හැටී
වලාකුළකින් අසා දැනගනු වටී

මනෝරි ලියනවඩුගේ
Manori Liyanawaduge

Address

Minuwangoda

Website

Alerts

Be the first to know and let us send you an email when VISHVI PUBLISHERS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share