09/07/2026
🫶
🗺️මොනරාගල ලංකාවේ ඊළඟ "Mega Logistics & Eco-Tourism Hub" එක වන හැටි: සිතියම උඩුයටිකුරු කරන දැවැන්ත පරිවර්තනය!
ලංකාවේ හැමදාම හැදුණු "Megacities" හෝ බස්නාහිර මෙගාපොලිස් වැනි දැවැන්ත නගර සංවර්ධන ව්‍යාපෘති දෙස බැලුවොත්, ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයට ලැබුණේ ඉතාම අඩු සැලකිල්ලක්.
කලින් ආණ්ඩු කාලේ සංවර්ධන වියපෘති පාස් උනේ කියන කතා නැති රටේ ආර්ථිකයට හයියක් වෙන්න පහසුකම් ලැබෙන තුරු බලන් ඉන්න සංවර්ධනය වෙමින් පවතින බොහෝ සැලසුම්වල මොනරාගල කියන්නේ සිතියමෙන් පවා අමතක කරපු හුදෙකලා නිකන්ම නිකන් කෘෂිකාර්මික කලාපයක් විතරයි.
🔥 සිහිනය සැබෑ වන මාවත් දෙක (The Infrastructure)
01. දකුණ සහ බටහිර යා කරන "Golden Expressway Link" 🛣️
දැනට මත්තල දක්වා ඇති දක්ෂිණ අධිවේගී මාර්ගය, තණමල්විල සහ වැල්ලවාය හරහා මොනරාගලට දීර්ඝ කිරීමයි මෙහි පළමු පියවර.
Connection එක:
මේ හරහා කොළඹ වරාය, කටුනායක ගුවන් තොටුපළ සහ Colombo Port City එක මෙන්ම මත්තල Airport එක සහ හම්බන්තොට වරාය මොනරාගලට Colombo, Hambantota, Matara, Galle mega cities සෘජුවම සම්බන්ධ වෙනවා. කොළඹට යන කාලය පැය 3.5 දක්වා අඩු වෙනවා.
02. උතුර සහ නැඟෙනහිර යා කරන "Green Railway Link" 🚊
දැනට පවතින මඩකලපුව/ගල්ඔය දුම්රිය මාර්ගය අම්පාර සහ සියඹලාණ්ඩුව හරහා මොනරාගල නගරයටම දීර්ඝ කිරීමයි දෙවැනි පියවර.
මඩකලපුවේ සිට මොනරාගලට එන ප්‍රධාන රේල් පාරෙන් ආරුගම්බේ සහ පොතුවිල් වෙරළ තීරය මඟහැරෙන නිසා, මෙම සැලසුමේදීම සියඹලාණ්ඩුවේ සිට පොතුවිල්/ආරුගම්බේ දක්වා Rail Extension (අනු-දුම්රිය මාර්ගයක්) / Expressway extension (phase II)ඉදිකිරීම අනිවාර්ය වේ.
🛑ලාහුගල අලි ගැටලුවට තාක්ෂණික විසඳුම:
ලාහුගල සහ සියඹලාණ්ඩුව කියන්නේ අලි මංකඩවල් බහුල කලාප නිසා, මෙහිදී පරිසර හානිය වැළැක්වීමට රේල් පාර පොළොව මට්ටමින් නොව, මුළුමනින්ම කොන්ක්‍රීට් කුළුණු මතින් දිවෙන ඉහළ දුම්රිය මාර්ගයක් (Elevated Railway) ලෙස නිර්මාණය කළ යුතුය. එවිට අලි-මිනිස් ගැටුම සීරෝ (Zero) වන අතර, ටුවරිස්ට්ලාට උඩ ඉඳන් අලි නැරඹීමේ ලෝක පූජිත "Wild Safari Train" අත්දැකීමද ලැබෙනු ඇත.
Connection එක:
මේ හරහා මොනරාගල කෙළින්ම ත්‍රිකුණාමලය වරායට, ArgamBay, Ampara mega city, Batticaloa, Kurunegala mega cities, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට සහ Colombo Fort සම්බන්ධ වෙනවා.
1. "ලොජිස්ටික්ස් වියදම" සියයට ගණනකින් අඩු වීම (Huge Drop in Logistics Cost) 🚚
ලංකාවේ දැනට බඩු ප්‍රවාහනයෙන් 95%කට වඩා වෙන්නේ පාරවල් මගින් ලොරි සහ කන්ටේනර්වලින්. මේක ලෝකයේ තියෙන මිල අධිකම සහ අකාර්යක්ෂම ක්‍රමයක්.
Railway එකේ වාසිය :
එක කෝච්චි එන්ජිමකට කන්ටේනර් 30-40ක් එක පාර අදින්න පුළුවන්. ලොරියකින් කන්ටේනරයක් මොනරාගල ඉඳන් කොළඹට ගෙනියන්න යන ඩීසල් සහ කාලය එක්ක බලද්දී, කෝච්චියෙන් ගෙනයාම 50%කට වඩා ලාබයි.
ආර්ථික වාසිය :
රටේ නිෂ්පාදන වියදම (Production Cost) අඩු වෙනවා. එතකොට අපේ තේ, රබර්, ඇඟලුම් වගේ අපනයන භාණ්ඩ ලෝක වෙළෙඳපොළේ අඩු මිලකට විකුණන්න පුළුවන් (Export Competitiveness).
2. "දේශීය ආහාර සුරක්ෂිතතාව" සහ ගොවියාගේ ආදායම (Food Security & Farm Income) 🌾
ඌව (මොනරාගල) සහ නැඟෙනහිර (අම්පාර/මඩකලපුව) කියන්නේ ලංකාවේ ප්‍රධානම කෘෂිකාර්මික කලාප. හැබැයි අස්වැන්නෙන් 40%ක්ම විනාශ වෙන්නේ ප්‍රවාහනයේදී.
Railway එකේ වාසිය:
අස්වැන්න නෙළපු ගමන් සීතකරණ පහසුකම් සහිත (Refrigerated) කෝච්චි මැදිරිවලට දාලා, ඉතාම ඉක්මනින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට හෝ කොළඹට යවන්න පුළුවන්.
ආර්ථික වාසිය:
ගොවියාගේ අස්වැන්න විනාශ වෙන්නේ නැති නිසා ඔහුට ඉහළ ආදායමක් ලැබෙනවා. ඒ වගේම කොළඹ, ගාල්ල වගේ නගරවල ජීවත් වන මිනිස්සුන්ට නැවුම් එළවළු සහ පළතුරු අඩු මිලකට ලබාගන්න පුළුවන් (Inflation Control).
💵 අමතක කර දමා තිබූ මොනරාගල, ඩොලර් උත්පාදනය කරන Eco-Tourism කලාපයක් වන හැටි!
මොනරාගල කියන්නේ නිකන්ම වගාබිම් විතරක් තියෙන තැනක් නෙවෙයි.
වැල්ලවාය බුදුරුවගල, මාළිගාවිල(ලංකාවේ උසම හිටි බුදු පිළිමය), යුදඟනාව, මොනරාගල මරගල කන්ද (hiking), ගෝවින්ද හෙළ, ලාහුගල කිතුලාන ජාතික උද්‍යානය, ගලබැද්ද බිසෝ කොටුව, Kebiliththa Devalaya, Watthegama Antient Temple වගේම කුමන සහ ගල්ඔය ජාතික උද්‍යාන දක්වා සංචාරක වටිනාකමක් තියෙන පින්බිමක්.
යුරෝපීය සංචාරකයන් (Foreigners) සාමාන්‍යයෙන් වාහනවල හිරවෙලා යනවාට වඩා කෝච්චිවලින් පරිසරය බලාගෙන යන්න මාරම ආසයි. මෙහෙම රූට් එකක් හැදුණොත්,
විදේශිකයන් මත්තල / Katunayake Airport එකෙන් බැහැලා හයිවේ එකෙන් විනාඩි 40න් / 3.5 H වැල්ලවායට හෝ මොනරාගලට එනවා.
ඇල්ලේ (Ella), Badulla ඉන්න ටුවරිස්ට්ලා ඉතාම ලෙහෙසියෙන් මොනරාගලට ළඟා වෙනවා.
එතැන් සිට ඔවුන් මොනරාගලින් අලුත් "Scenic Tourist Train" එකට ගොඩවෙලා, කුළුණු මතින් දිවෙන රේල් පාරේ වනාන්තර මැදින් අලි බලබලා, සියඹලාණ්ඩුව හරහා ලෝක ප්‍රසිද්ධ ආරුගම්බේ (Arugam Bay) සහ පොතුවිල් වෙරළ තීරයට සංචාරය කරනවා! 🏄♂️🌊
ඒකෙන් ලැබෙන ආර්ථික වාසි:
i) Transit Tourism Capital:
ඇල්ලේ සිට ආරුගම්බේ යන හැම විදේශිකයෙක්ම මැද තියෙන මොනරාගල නගරයේ නතර වෙන්න ගන්නවා. ඔවුන් නගරයේ සල්ලි වියදම් කරද්දී හෝටල්, රෙස්ටුරන්ට්, සුපිරි වෙළෙඳසැල් 24H, පැයම සක්‍රීය වෙනවා.
ii) Eco-Resorts බිහිවීම:
බුදුරුවගල, සියඹලාණ්ඩුව අවට සොබාදහමට ගැළපෙන පරිසර හිතකාමී තරු පන්තියේ හෝටල් බිහිවෙලා ගම් මට්ටමට කෙළින්ම ඩොලර් ගලාගෙන එන්න ගන්නවා.
iii) දේශීය රැකියා:
අපේ තරුණයන්ට Safari ඩ්‍රයිවර්ස්ලා, Tourist Guidesලා විදිහට වගේම, හෝටල් ක්ෂේත්‍රයේ, දේශීය අත්කම් සහ සංස්කෘතික අංශවලින් ඉහළ ආදායම් මාර්ග උදාවෙනවා.
🏭 දඹුල්ල අභිබවා යන මහා ආහාර සහ ලොජිස්ටික්ස් බලකොටුව (The Logistics Hub)
⚠️ ත්‍රිත්ව වරාය සබැඳියාව (Tri-Port Connection) :
ලංකාවේ ප්‍රධානම වරායවල් 3ම (කොළඹ, හම්බන්තොට, ත්‍රිකුණාමලය) එකට යා කරන රටේ එකම මැද ලක්ෂ්‍යය බවට මොනරාගල පත් වෙනවා.
🌾 මහා ආහාර ගබඩාව :
නැඟෙනහිර පළාතේ වී සහ ඌව පළාතේ එළවළු, පළතුරු, උක්/සීනි, බඩඉරිගු, රටකජු, විවිධ ධාන්‍ය වර්ග ඔක්කොම එකතු වෙන්නේ මොනරාගලට. රටේ ප්‍රධානම සමාගම් තමන්ගේ මහා පරිමාණ ගබඩා සංකීර්ණ (Distribution Centers) සහ සීතකරණ ගබඩා (Cold Storage) හදන්නේ මෙහෙයි.
🏢 රත්තරන් වටිනාකමක් ලැබෙන ඉඩම්:
නූතන මහල් නිවාස, පෞද්ගලික රෝහල් සහ ජාත්‍යන්තර පාසල්වලින් සමන්විත "Smart City" එකක් බිහි වෙනවා. තරුණ පරපුරට රැකියා සොයා කොළඹ යාම සදහටම ඉවර වෙනවා.
⚠️ ව්‍යාපෘතියේ යථාර්ථය (The Reality Check)
🛑 මෙච්චර කල් මොනරාගල මෙගා ප්‍රොජෙක්ට්ස්වලින් හැලුණේ ඇයි?
i) දේශපාලන දැක්මක් සහ බලපෑමක් නොමැතිකම:
බොහෝ කාලවලදී ප්‍රවාහන, මහාමාර්ග හෝ ආර්ථික සැලසුම් හැදෙන ප්‍රධාන මේසවල මොනරාගල වෙනුවෙන් හඬක් නගන්න හෝ දිගුකාලීන දැක්මක් (Long-term Vision) සහිත දේශපාලන නායකත්වයක් දිස්ත්‍රික්කයට ලැබුණේ නැහැ.
ii) "කෘෂිකර්මාන්තයට පමණයි" කියන ලේබලය:
මොනරාගල කිව්වම හැමෝම හිතුවේ වී, උක් හෝ එළවළු වගා කරන ගොවි බිමක් විතරයි කියලා. ඒ නිසා මෙතන "වාණිජමය හෝ ලොජිස්ටික්ස්" වටිනාකමක් (Commercial Value) තියෙන්න පුළුවන් කියලා කිසිම රජයක සැලසුම්කරුවෙක් හිතුවේ නැහැ.
iii) භූගෝලීය වශයෙන් හුදෙකලා කිරීම:
කොළඹට සහ ප්‍රධාන වරායන්වලට ඇති දුර නිසා මොනරාගල දියුණු කිරීම පාඩුයි කියන මතයේමයි හැමෝම හිටියේ.