Rajarata CK compost

Rajarata CK compost Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rajarata CK compost, Farm, Nuwara Eliya.

14/11/2025
ඔබේ ගෙවත්තේ ශාකවලින් හගවන භාෂාව දැනගන්න 🌿💧 වැඩිපුර ජලය අවශ්‍යයිලු...සංඥාව: 👉 කොළ මැලවී, දුර්වල ලෙස හෝ මැකී ගොස් ඇති බව ප...
18/07/2025

ඔබේ ගෙවත්තේ ශාකවලින් හගවන භාෂාව දැනගන්න 🌿
💧 වැඩිපුර ජලය අවශ්‍යයිලු...
සංඥාව: 👉 කොළ මැලවී, දුර්වල ලෙස හෝ මැකී ගොස් ඇති බව පෙනේ.
ප්‍රතිකාරය.: ⚠️️ ජලය දැමීමේ වාර ගණන වැඩි කරන්න. පසෙහි තෙතමනය නිතිපතා පරීක්ෂා කරන්න.
🌤️ සෙවන අවශ්‍යලු....
සංඥාව: 👉 පත්‍ර කෙළවර පිළිස්සී ඇති බව දිස්වේ. සාමාන්‍යයෙන් දුඹුරු හෝ කළු පැහැයට හැරේ.
ප්‍රතිකාරය : ⚠️️ ශාකය වක්‍ර ආලෝකය සහිත ස්ථානයකට ගෙන යන්න හෝ සෙවනක් සපයන්න.
☀️ හිරු එළිය අවශ්‍යලු...
සංඥාව: 👉 සජීවී බවක් නොමැති සුදුමැලි බවක් කහ-කොළ වර්ණයක්..
ප්‍රතිකාරය : ⚠️️ඔබේ ශාකය වඩාත් සෘජු හෝ මද හිරු එළිය සහිත දීප්තිමත් ස්ථානයක තබන්න.
🚱 අඩු ජලය අවශ්‍යලු..
සංඥාව: 👉 කහ පැහැති කොළ, බොහෝ විට හෝ ශාඛයේ මුල සිට ආරම්භ වේ.
ප්‍රතිකාරය : ⚠️️ ජලය දැමීම යුතු අතර පස වියළීමට ඉඩ දී නිසි ජලාපවහනයක් සපයන්න
🍄 දිලීර ආසාධිතලු....
සංඥාව: 👉 කොළ මත රවුම් කහ හෝ දුඹුරු පැහැ ලප ඇතිවේ.
ප්‍රතිකාරය : ⚠️️ බලපෑමට ලක් වූ ප්‍රදේශ කප්පාදු කරන්න( erumidew ), වායු සංසරණය වැඩි දියුණු කරන්න. එවැනි කොළ තෙත් කිරීමෙන් වළකින්න.
🐛 කෘමීන්ගේ ග්‍රහයක්ලු..
සංඥාව : 👉 කොළ වල සිදුරු හෝ හපන ලද කොටස් දිස්වේ.
ප්‍රතිකාරය : ⚠️️ දළඹුවන් හෝ කුරුමිණියන් වැනි පළිබෝධකයන් සඳහා ස්වාභාවික විකර්ෂක හෝ කෘමිනාශක සබන් දියර භාවිතා කරන්න.
🌱 වැඩිදුරටත් උපදෙස්:
නිරෝගී කොළ සජීවීව ඒකාකාරව වර්ණයෙන් යුතු අතර ලප හෝ හානිවලින් තොරයි. එම නිසා ඔබේ ගෙවත්තේ ශාක නිතිපතා පරීක්ෂා කිරීමෙන් කුඩා ගැටළු විශාල ගැටළු බවට පත්වීම වලක්වා ගත හැක...

උපුටා ගැනීමකි

17/07/2025

🟩🟩 මාද්‍ය පිරවුු වගා මලු 🟩🟩

⛔⛔ ගුණාත්මක බවින් 1️⃣💯💯
⛔⛔ කල්පැවැත්මෙන් 1️⃣💯💯
⛔⛔ අන්තර්ගතයෙන් 1️⃣💯💯
⛔⛔ හොදම මිල ගනන් 1️⃣💯💯

🟢 හරිතාගාර වගාවන්
🟢 ගෙවතු වගාවන්
🟢 එලිමහන් වාණිජ වගාවන්
සදහා යෝග්‍ය වේ.



ලංකාව පුරා පාරිභෝගික විශ්වාසය දිනූ අඩුම මිල ගනන් යටතේ ප්‍රවාහනය සමග වැඩිම අන්තර්ගතයක් සහිත හොදම වගා

⭕ අඩංගු ද්‍රව්‍ය

🟩කුකුල් ⁣පොහොර ඇතුළු සත්ත්ව පොහොර
🟩කොහුබත්
🟩 කර දහයියා
🟩 ඩොලමයිට්

🟩 පැල සිටුවීමට පෙර වගාවන් සහ බෑගය ජීවානුහරනය කිරීම සදහා අවශ්‍ය GROGREEN CO2 දියරයද මේ සමග ලබාදෙනු ලැබේ.

අංගසමිිපුුර්න ජීවානුහරනය කර ඇත.

🟩 PH අගය
🟩 EC අගය
🟩 කාබන් අගය
🟩 තෙතමනය
අදාල ප්‍රමිතියෙන් යුතු වේ.
________________________________________

🕳️අවම ප්‍රවාහන ගාස්තු යටතේ අපගේ ප්‍රවාහන පහසුකම් යටතේ ඔබ වෙතට.

🕳️නිවැරැදි වගා උපදෙස් සමගින් අස්වැන්න සදහා නිවැරැදි වෙලදපල හදුන්වාදීම.

✅ ඔබට අවශ්‍ය පරිදි පැමිණ පරික්ෂා කර ලබා ගත හැක.

⭕ අප සතුව සකසන ලද තොග පවතින බැවින් ඇනවුම් කල විගස ඔබගේ ඇනවුම ඩිලිවරි කරනු ලැබේ.

⭕ කුඩා පමාණයේ ඇනවුම් තැපැල් මගින් ඔබේ නිවසටම ලබාදිය හැක. (10- 100)
⭕ පැම්ණ රැගෙන යාමට හෝ අපගේ ප්‍රවාහන පහසුකම් යටතේ (100 සිට ඉහලට)

✅ අප හා සම්බන්ද විය හැකි ආකාර සහ සේවාවන්

⭕ සියලුම මාද්‍ය පිරවූ , හිස් වගා මලු , පැල වර්ග සදහා ඇනවුම් කිරීම සදහා

0712465329
0712388105 ( whatsap )



0712388105

ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් හොඳම වගා මලු ගැන දෙන්න අපගේ දූරකතන අංකය. 0712388105 . 0712465329Rajarata  Ck compost Technics ආය...
06/07/2025

ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් හොඳම වගා මලු ගැන
දෙන්න අපගේ දූරකතන අංකය. 0712388105 . 0712465329
Rajarata Ck compost Technics ආයතනය මගින් ලංකාවේ ප්‍රථම වරට නිෂ්පාදිත වර්මි කොම්පෝස්ට් මිශ්‍ර වගා මලු ලක්ෂයකට අධික ප්‍රමාණයක මේවන විටත් ලංකාව පුරා ඇති වගා බිම්වල සාර්ථකව වගාව කරගෙන යයි. එම සියලුම ගොවි මහතුන්ගේ වගාවන් සාර්ථකවේවා !!!..🙏
Agriculture Instructor කෘෂිකර්ම උපදේශක මිරිස් සහ කාබනික වගාව

මේ දවස්වල වැස්ස නිසා පොලිටනල් වගාකරුවන්ට ඇතිවෙන ගැටලු කිහිපයක් තියෙනවා. බෝග සෞඛ්‍යය පවත්වා ගැනීමට, රෝග වළක්වා ගැනීමට සහ ...
23/01/2025

මේ දවස්වල වැස්ස නිසා පොලිටනල් වගාකරුවන්ට ඇතිවෙන ගැටලු කිහිපයක් තියෙනවා.

බෝග සෞඛ්‍යය පවත්වා ගැනීමට, රෝග වළක්වා ගැනීමට සහ ප්‍රශස්ත වර්ධනය සහතික කිරීමට පොලිටනල් වගාකරුවන් වැසි දිනවලදී විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි.

1. වාතාශ්‍රය කළමනාකරණය
අධික වර්ෂාව පවතින කාලවලදී වගා ගෘහය තුළ දිලීර සහ බැක්ටීරියා රෝග කාරක වැඩිවෙන්න පුළුවන්. ගෘහය තුළ තෙතමනය සහ සාපේක්ෂ ආර්ද්‍රතාවය ඉහළ යාම තමයි එයට හේතුව. මේ තත්ත්වය මඟහරවා ගන්න වාතනය දියුණු කරන පංකා (Air circulation fans) පාවිච්චි කරන්න පුළුවන්. ආරක්ෂිත ගෘහයක වගාවක් කරන ඔබ නිසි ප්‍රමිතියකින් යුත් උෂ්ණත්වමානයක්, ආද්‍රතාමානයක් හෝ තෙත් හා වියළි බල්බ උෂ්ණත්වමානයක් භාවිතා කිරීම ඉතා වැදගත්වන්නේ ඒ නිසයි.

2. ජලාපවහනය සහ ගංවතුර වැළැක්වීම
ඔබේ වගා ගෘහය තුළට පිටතින් ජලය ගලා ඒම හෝ එක්‍ රැස් වීම මුළුමනින්ම නතර කළ යුතුයි. ඇතැම් වගා කරුවන් ආරක්ෂිත ගෘහය තුළ පොළොව මුළුමනින්ම ආවරණය කිරීමට පොලිතින් වසුන් (Poly mulch) භාවිතා කරනවා. ඒ හරහා ජලය ගමන් කරන්නේ නෑ. යම් විදිහකින් එවැනි තත්ත්වයකදී ජලය එක්රැස් වුනොත් එය ඉවත් කිරීමට ඔබට නොහැකි වෙනවා වගේම, එය දිලීර, බැක්ටීරියා ආසාදන වලට සුදුසු පරිසරයක් නිර්මාණය කරනවා. එවැනි තත්ත්වයන් මඟහරවා ගන්න නම් ඔබ භාවිතා කරන්න ඕන වියන ලද බිම් ආවරණයක්. එහි සවිවර සිදුරු තුළින් ජලය නොරැඳී පොළවට කාන්දු වෙනවා.
පොලිටනලය වටා ජලය බැස යාම සඳහා විධිමත් කාණු පද්ධතියක් සකස් කිරීමත්, ටනලය සඳහා ආවරණ බැම්මක් ශක්තිමත්ව බැඳීමත් එළිමහනේ ජලය පොලිටනලය තුළට ඇතුළුවීම වළකනවා.
ඒ වගේම නිසි ප්‍රමිතියකට අනුව සකස් කරන ලද වැහිපීළි පද්ධතියකින්ද ජලයෙන් විය හැකි බාධාවන් අවුරණවා.

3. උස් පාත්ති යෙදීම
ඔබේ වගාව කරන්නේ පිහිටි පොළොවේ පසේම සකස් කරන ලද පාත්ති වල නම්, එම පාත්ති උස්ව සකස් කිරීම වැදගත් වෙනවා. ජලවහනය දියුණු කිරීමට එය උපකාරි වෙනවා. ඒ තුළින් මුල් කුණුවීම, පාමුල කුණුවීමේ රෝග තත්ත්ව වළකනවා.

4. පොහොර කළමනාකරණය
වර්ෂාව පවතින කාලවලදී පොහොර යෙදීමේ ශීඝ්‍රතාවය අවම කරන්න පුළුවන්. වැසි සහිත දිනවලදී බෝග වල උත්ස්වේදන චූෂණය අවම වෙනවා. ඒ නිසා වගා මාධ්‍යයෙන් බෝගයට ශාක පෝෂක උරාගැනීම අවම වෙනවා. ඒ නිසා පොහොර යොදන වාර දෙකක් අතර පරතරය වැඩිකරන්න ඔබට පුළුවන්.
වැසි දිනවල අධික ආර්ද්‍රතාවය පවතින විට පත්‍ර මත යොදන දියර පොහොරවල කාර්යක්ෂමතාව අඩු කරන අතර රෝග අවදානම වැඩි කරනවා.විශේෂයෙන් සමතුලිතව පොහොර යෙදීම බිංදු ජලසම්පාදන පද්ධතියක් හරහා පමණක් කළ යුතු වෙනවා. අඩු හිරු එළිය තත්ව යටතේ නයිට්‍රජන් වැඩි පොහොර යෙදීම් අඩු කළ යුතුයි.

5. රෝග හා පලිබෝධ වැළැක්වීම
නිතිපතා පරීක්ෂා කිරීම් තුළින් බොහෝ පළිබෝධ හානි අවම කරගන්න පුළුවන්. විශේෂයෙන් වැසි සහිත කාලවලදී කෝණාකාර පත්‍ර ලප, යටි පුස්, පිටිපුස් හෝ බෝට්‍රිටිස් වැනි දිලීර රෝග පැතිරීම සුලබයි. ආරක්ෂිත උපක්‍රමයක් ලෙස පුළුල් පරාසයක ක්‍රියාකරන කැප්ටාන්, තිරාම් වැනි දිලීරනාශකයක් හෝ තඹ අඩංගු රසායනික දිලීරනාශකයක් භාවිතා කරන්න පුළුවන්. බෝඩෝ මිශ්‍රණයත් මේ සඳහා භාවිතා කළ හැකියි.
වැසි කාලවලදී රෝග පැතිරීම පහසුවෙන් සිදුවන නිසා සැලකිය යුතු හානියක් වුන බෝග හෝ බෝග අවශේෂ කඩිනමින් වගා ගහයෙන් ඉවත් කිරීම ඉතා වැදගත්. එමඟින් රෝග හා පලිබෝධ හානි පැතිරීම සීමා කෙරෙනවා.

6. වැසි කාලවලදී වළාකුලින් බර අහස නිසා ඇතිවෙන අඩු ආලෝක තත්ත්වය හෝ අඩු උෂ්ණත්වය නිසා බෝගවල පරාගනයේ දෝෂ ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඵලදාව අඩුවීම, ඵලවල විකෘති ඇතිවීම සිදුවෙන්න පුළුවන්. ඒ තත්ත්වය තාවකාලික නිසා, ඒවා මඟහරවා ගන්න ඒ වෙනුවෙන් පලිබෝධනාශක හෝ වෙනත් දියර පොහොර ඉසීමෙන් ප්‍රතිඵලයක් ලබාගන්න බෑ. එය ඔබ කරන අනවශ්‍ය වියදමක් පමණයි.

7. ව්‍යූහාත්මක නඩත්තුව
ඔබේ වගා ගෘහය කොයිතරම් ඉහළ ප්‍රමිතියකින් සකස් කළ එකක් වුනත්, කාලයත් එක්ක එහි ව්‍යූහයේ, ආවරණ වල වෙනස්කම් ඇතිවෙලා තියෙන්න පුළුවන්. වැසිජලය වගාවට කාන්දුවීම මේ නිසා ඇතිවෙන්න පුළුවන්. වැසි සහිත අවස්ථා වලදී එවැනි කාන්දුවීම් පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. ඒවා කඩිනමින් අලුත්වැඩියා කරන්න පියවර ගන්න.
යම් විදිහකින් ආරක්ෂිත ගෘහයේ සැකිල්ලේ සවිශක්තිය පිළිබඳ ඔබතුළ සැකයක් තියෙනවනම්, අවධානමක් සහිත ස්ථාන ශක්තිමත් කිරීම කළ යුතුයි. විශේෂයෙන් වැසි තත්ත්වයන් සමඟ ඇතිවිය හැකි තද සුළං තත්ත්වයන්ට ඔරොත්තු දෙන ඔබේ වගා ගෘහය සකස් කරගැනීම ඉතා වැදගත්.

9. ක්‍රමවත් ජල සම්පාදනය
වැසි සහිත කාලවලදී ඔබ ආරක්ෂිත ගෘහ තුළ බෝග වගාව සඳහා බිංදු ජලසම්පාදනය පමණක් කළ යුතුයි. ඒ වගේම මතුපිට අපධාවයක් ඇතිනොවන පරිදි අවශ්‍ය ප්‍රමාණයට පමණක් ජලසම්පාදනය කිරීමට වගබලාගත යුතුවෙනවා. වගා ගෘහයේ පොළොව මතුපිට වියළිව තබාගැනීම ඔබේ වගාවේ සනීපාරක්ෂාවට උපකාරී වෙනවා.

10. ගෘහය වටා වල්පැළ පාලනය
වැසි කාලයත් එක්ක වගා ගෘහය වටා වල්පැළ වර්ධනය වී තිබෙන්නට පුළුවන්. වල්පැළ ඔබේ වගාවට හානිකරන රෝග හා පලිබෝධ වලට ධාරක වෙනවා. ඒ නිසා වගා ගෘහය වටා වල්පැළ පාලනයට සුදුසු පියවර හැකි ඉක්මනින් අරගන්න.
මෙම පිළිවෙත් ක්‍රියාත්මක කිරීමෙන් ආරක්ෂිත ගෘහ තුළ බෝග වගාකරන ඔබට සෞඛ්‍ය සම්පන්නව, නීරෝගී වගාවක් පවත්වා ගන්න පුළුවන් වෙනවා වගේම වැසි සහිත කාලගුණික තත්ත්වයන් තුළ පාඩු අවම කර ගන්නත් පුළුවන් වෙනවා.

ඔබේ වගාවේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබ හා අත්වැල් බැඳගන්නේ ඔබේ වගාවේ ළබැඳි තාක්ෂණික හවුල්කරු ලෙසිනි.

ගුණාත්මක බැවින් හා ඉහල අස්වැන්නක් ලබා ගැනිමේ අරමුණින්පැල තවාන්  සහ තේ වගාවන්ට අවශ්‍ය  කාබනික පොහොර බෙදා හැරීමේ කටයුතු  ස...
08/12/2024

ගුණාත්මක බැවින් හා ඉහල අස්වැන්නක් ලබා ගැනිමේ අරමුණින්
පැල තවාන් සහ තේ වගාවන්ට අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීමේ කටයුතු සිදු කරන අයුරු ...
0712388105
0712465329




මිරිස් සහ කාබනික වගාව

🍁 බුලත් වගාවට යෝග්‍ය කොළ පොහොර හා කාබනික පොහොර...(එච්. ඒ. එල්. සමිත්‍රී,ව්‍යාප්ති නිලධාරිනී ,අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්ත...
29/10/2024

🍁 බුලත් වගාවට යෝග්‍ය කොළ පොහොර හා කාබනික පොහොර...

(එච්. ඒ. එල්. සමිත්‍රී,
ව්‍යාප්ති නිලධාරිනී ,
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව)

🌿 බුලත් වගාවට වඩාත්ම යෝග්‍ය පොහොර වන්නේ හොදින් දිරාපත්වූ ගොම පොහොරයි...

පුන්නක්කු දී, ඇති කරනු ලබන ගවයින්ගේ ගොම බුලත්වලට යෙදීමට ඇතැම් වගාකරුවන් මැලිකමක් දක්වන අතර ඊට හේතුව පොල් තෙල්වලින් බැක්ටීරියා කොළ පුල්ලි රෝගය සෑදෙන බවට විශ්වාස කිරීමයි...

🍁 එහෙත් මෙම මතය සාවද්‍ය මතයකි...

🌿 එළු පොහොර ද භාවිතා කල හැකි අතරම එම පොහොර දිරා යාමට කලක් ගතවන නිසාවෙන්, වියළි එළු පොහොර කුඩු කර යෙදීමට හැකියාව පවතිනවා...

🌿 කුකුල් පොහොර පෝෂණය අතින් ගොම හා එළු පොහොර වර්ග දෙකටම වඩා උසස් වන අතර අධිකව යෙදීමේ දී වගාව සරුවට වැඩෙන අතර මාංසල බව වැඩිවීම (මෘදු වීම වැඩිවීම) නිසාවෙන් බැක්ටීරියා කොළ පුල්ලි රෝගයට ලෙහෙසියෙන් පාත්‍ර වීමට ඉඩ තිබෙනවා...

ඒවගේම අධිකව යෙදීමේදී බුලත් වගාවේ මුල් තැම්බීමක්ද සිදුවිය හැකි වෙනවා...

මාස කීපයක්ම හොදින් දිරූ කුකුල් පොහොර සුළු ප්‍රමාණයක් ඉද හිට භාවිතා කිරීම ගැටළුවක් වන්නේ නෑ...

🌿 ඒ වගේම කොම්පොස්ට් කරන ලද ග්ලිරිසීඩියා (වැටහිර/ ලාඩප්පා/ වැටමාර/ ලිංසීරියා/ මකුලත/ ඇල්බීසියා යන නම් වලින්ද ප්‍රාදේශීයව හදුන්වනු ලබනවා) කාබනික පොහොරක් ලෙස ඉතාමත්ම යෝග්‍ය වෙනවා...

එමගින් බුලත් කොළ වල පැහැය, ඝනකම හා බර හොදින් ලබා දෙනවා...

එම නිසාවෙන් කොම්පෝස්ට් කරන ලද ග්ලිරිසීඩියා බුලත් වලට යෙදීම ඉතාමත් යෝග්‍ය වෙනවා...

වැසි කාලයේදී අමු ග්ලිරිසීඩියා කොළ යෙදීම නිර්දේශ නොකරනුයේ එම කොළවලට බැක්ටීරියා කොළ පුල්ලි රෝග කාරක පසේ තිබී ඇතුළු විය හැකි නිසාත් එමගින් බුලත් වගාවට කොළ පුල්ලි රෝගය සෑදීමට ඇති ඉඩකඩ නිසාත්ය...

🌿 මීට අමතරව නිවසේදී සකසාගත් හෝ මිලදීගත් හොඳ කොම්පෝස්ට් පොහොරද භාවිතා කල හැකි වෙනවා...

සටහන,
එච්. ඒ. එල්. සමිත්‍රී,
ව්‍යාප්ති නිලධාරිනී (1920 කෘෂි උපදේශන සේවාව),
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

10/05/2024

🌱🥺💚 ්පරාවේ_කෘෂිකර්මය Rajarata CK compost

30/04/2024

අපේ මිනිස්සු තවම සෙනසුරුගේ අපල වලට යන්ත්‍ර හදනවා 🥴🥲😪
්පරාවේ_කෘෂිකර්මය
Agriculture Instructor කෘෂිකර්ම උපදේශක Rajarata CK compost

Address

Nuwara Eliya

Website

Alerts

Be the first to know and let us send you an email when Rajarata CK compost posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category