05/08/2026
අපේ ලංකාවේ මිනිස්සුන්ගේ හදවත්වල තියෙන ලස්සනම දේ තමයි ඒ අයට ඉබේටම එන කරුණාවයි, සෙනෙහසයි. පොඩි කාලේ ඉඳන්ම අපිව හැදුවේ අනිත් අය ගැන හොයලා බලන්න, අනිත් අයගේ හිත රිදෙන්නේ නැතිවෙන්න වැඩ කරන්න, වගේම කිසිම දේකින් ප්රතිලාභයක් බලාපොරොත්තු නොවී උදව් කරන්න. ඒක නිකම්ම නිකන් සිරිතක් විතරක් නෙවෙයි, ඒක අපේ ජීවිතවලම කොටසක් වෙලා ඉවරයි.
අපි හැමතිස්සේම විශ්වාස කරන දෙයක් තියෙනවා. ඒ තමයි, අපි කරන පුංචිම උදව්වකින්, අපි කියන එක එක ආදරණීය වචනයකින් හරි තව කෙනෙක්ගේ මුළු දවසම එළිය කරන්න පුළුවන් කියන එක. ඔයාලගේ මූණේ ඇඳෙන ඒ හදවතින්ම එන හිනාව දැකීම තරම් ලොකු සතුටක්, ලොකු තෑග්ගක් අපිට තවත් නැහැ.
ඉතින් කෙනෙන් ලංකාවට ආවම, අපේ මේ ලස්සන දිවයිනේ වටපිටාව විතරක් නෙවෙයි, අපේ මිනිස්සුන්ගේ හදවත්වල තියෙන ඒ සැබෑ ආදරෙයි උණුසුමයිත් එයාට හොඳටම දැනෙනවා. එයා මෙහෙට එන්නේ අමුත්තෙක් විදිහට වෙන්න පුළුවන්, ඒත් එයාට හැමදාම දැනෙන්නේ එයා අපේම පවුලේ කෙනෙක් වගේ♥️
One of the beautiful qualities of Sri Lankan people is our natural sense of kindness and compassion. For generations, we have been raised to care for others, to understand their feelings, and to offer support without expecting anything in return. It’s not just a tradition. it has become part of who we are.
We believe that every act of kindness, every caring word, and every helping hand can make someone’s day a little brighter. Seeing a heartfelt smile on your face is the greatest reward we could ever receive.
When you visit Sri Lanka, we hope you don’t just experience our beautiful island. you experience the warmth of our hearts. You may arrive as a guest, but you’ll always be treated like family.
Dr. Kalpani Wijekoon