Cook with Nethu

Directions Website

Cook with Nethu Food | Recipes | Shorts
📍 Based in Sri Lanka
Bringing flavor to your feed. 🥗✨

11/09/2026

Papaya Juice 😋🧡

Slow Sundays! 🍛🌤️♥️
06/09/2026

Slow Sundays! 🍛🌤️♥️

31/08/2026

Stir-fried prawns, packed with flavour 🍤🔥
Quick, juicy, and seriously delicious!

Prawn lovers, get ready! 🍤😍Something spicy, saucy and seriously delicious is coming your way.New recipe dropping soon on...
27/08/2026

Prawn lovers, get ready! 🍤😍
Something spicy, saucy and seriously delicious is coming your way.

New recipe dropping soon on 👩‍🍳❤️

26/08/2026

Let's make Dhal Curry 🍛 | Sri Lankan Parippu Curry


Dhal Curry, also known as Parippu Curry, is a delicious and easy Sri Lankan-style curry that goes perfectly with rice, roti, chapati, or bread.

වට්ටක්කා සහ කැරට් යුෂ යනු සෞඛ්‍යයට ඉතා ගුණදායක, විටමින් සහ ප්‍රතිඔක්සිකාරක බහුල පානයක්. ඔයාලටත් පුලුවන් ලේසියෙන්ම ගෙදරදි...
24/08/2026

වට්ටක්කා සහ කැරට් යුෂ යනු සෞඛ්‍යයට ඉතා ගුණදායක, විටමින් සහ ප්‍රතිඔක්සිකාරක බහුල පානයක්. ඔයාලටත් පුලුවන් ලේසියෙන්ම ගෙදරදි මේ පානය සදාගන්නා...

අවශ්‍ය ද්‍රව්‍ය:
වට්ටක්කා කැබලි (කුඩාවට කපාගත්) - කෝප්ප 1ක්
කැරට් අල (හොඳින් සෝදා කපාගත්) - 1ක් හෝ 2ක්
ජලය - කෝප්ප 1ක් හෝ අවශ්‍ය පමණට
දෙහි යුෂ - බිංදු කිහිපයක් (රසය වැඩි කර ගැනීමට)
ලුණු ස්වල්පයක්
හකුරු හෝ මීපැණි - අවශ්‍ය නම් පමණක් (රසය අනුව)

සදාගන්නා ආකාරය:

පිරිසිදු කරගන්න: මුලින්ම කැරට් සහ වට්ටක්කා හොඳින් සෝදා, පොත්ත ඉවත් කර කුඩා කැබලිවලට කපා ගන්න.

බ්ලෙන්ඩ් කරගන්න: මේවා බ්ලෙන්ඩරයට දමා, ජලය ස්වල්පයක් එකතු කර හොඳින් අඹරා ගන්න.

පෙරාගන්න: යුෂ පානයට අවශ්‍ය නම් පෙරනයක් ආධාරයෙන් මදය පෙරා ඉවත් කරගන්න.

රස එකතු කරගන්න: එයට දෙහි යුෂ බිංදු කිහිපයක් සහ අවශ්‍ය නම් මීපැණි ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.

___________

සෞඛ්‍ය ප්‍රතිලාභ

ඇස්වල සෞඛ්‍යය: කැරට් සහ වට්ටක්කා වල ඇති බීටා-කැරොටින් (Beta-carotene) ඇස් පෙනීම වර්ධනය කිරීමට උදව් වේ.

සමේ පැහැය: මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක සහ විටමින් C සමේ නිරෝගීබව හා පැහැපත්බව රකී.

කොලෙස්ටරෝල් පාලනය: වට්ටක්කා යුෂ සහ කැරට් යුෂ රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමට දායක වේ.

ප්‍රතිශක්තිය: ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.

23/08/2026

කැරට් එක්ක වට්ටක්කා Juice බීලා තියෙනවද? 😍🥕🌿

ශරීරයට අත්‍යවශ්‍ය බීටා-කැරොටින්, විටමින් A සහ C, මෙන්ම පොටෑසියම් බහුලව අඩංගු, ඇස් පෙනීම, ප්‍රතිශක්තිය සහ සමේ පැහැපත් බව වර්ධනය කරන ඉතා ගුණදායක පානයක් මේක...

18/08/2026

Strawberry shake 🍓♥️✨

🍓

එන්න මාත් එක්ක අද රෑට රසවත් නූඩ්ල්ස් (Noodles) පිඟානක් හදාගන්න... 🍝 🍽️ අවශ්‍ය අමුද්‍රව්‍ය: ✅ නූඩ්ල්ස් පැකට් 1 (ග්‍රෑම් 4...
19/07/2026

එන්න මාත් එක්ක අද රෑට රසවත් නූඩ්ල්ස් (Noodles) පිඟානක් හදාගන්න... 🍝

🍽️ අවශ්‍ය අමුද්‍රව්‍ය:

✅ නූඩ්ල්ස් පැකට් 1 (ග්‍රෑම් 400 ක් පමණ)
✅ බිත්තර 2 ක් හෝ 3 ක් 🍳
✅ තෙල් මේස හැඳි 2-3 ක්
✅ සිහින්ව ලියාගත් කැරට් සහ ලීක්ස් 🥕🌿
✅ සිහින්ව ලියාගත් ළූණු සහ අමුමිරිස් කරල් 2 ක්🧅🌶️
✅ තලාගත් ඉඟුරු සහ සුදුළූණු තේ හැඳි 1 ක්🫚🧄
✅ සෝයා සෝස් මේස හැඳි 1-2 ක් (අවශ්‍ය නම් පමණක්)
✅ රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු 🧂
✅ කරපිංචා 🌿

🪄සාදන ආකාරය:

1. භාජනයකට වතුර දමා එයට ලුණු ස්වල්පයක් සහ තෙල් ස්වල්පයක් එකතු කර නටන්න හරින්න. වතුර නටන විට නූඩ්ල්ස් එකතු කර විනාඩි 5ක් පමණ තම්බා ගන්න.

2. විනාඩි 2 නූඩ්ල්ස් එක හොඳින් තැම්බුණු පසු (වැඩිය තැම්බෙන්න හරින්න එපා) ලිපෙන් බා, රත් වූ වතුර පෙරා හරින්න. වහාම එයට සාමාන්‍ය ඇල් වතුර වත් කර නිවා ගන්න. ඉන්පසු වතුර හොඳින් බේරෙන්න හරින්න. (තෙල් බිංදුවක් කලවම් කර තැබීමෙන් නූඩ්ල්ස් එකිනෙක ඇලීම වැළකේ)

3. තාච්චියකට තෙල් ස්වල්පයක් දමා රත් වන විට ළූණු, අමුමිරිස්, කරපිංචා, ඉඟුරු සහ සුදුළූණු එකතු කර බැද ගන්න. ඉන්පසු ඒවා පැත්තකට කර, බිත්තර ටික දමා ලුණු සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතු කර කෑලි සිටින සේ (Scrambled) බැද ගන්න.

4. දැන් එම තාච්චියටම ලියාගත් කැරට් සහ ලීක්ස් එකතු කර හැඳි ගාන්න.

5. අවසාන වශයෙන්, සෝයා සොස් ස්වල්පයක් , කෑලි මිරිස්, ගම්මිරිස් , රස අනුව ලුනු යොදා තම්බාගත් නූල්ඩස් ටික එකතු කර පිසගන්න..

දැන් ඔයාලා ආසම විදිහට තක්කාලි සෝස් ටිකක් එක්ක රසවත් නූඩ්ල්ස් පිගාන කෑම මේසයට පිලිගන්වන්න. 🤍

හායි යාලුවනේ  👩‍🍳 ඔන්න අද මම ගෙනාවා හරිම ලේසියෙන් නිවසේදීම හදාගන්න පුලුවන් කොත්තු රොටී රෙසිපිය...🍽️ අවශ්‍ය අමුද්‍රව්‍ය: ...
17/07/2026

හායි යාලුවනේ 👩‍🍳
ඔන්න අද මම ගෙනාවා හරිම ලේසියෙන් නිවසේදීම හදාගන්න පුලුවන් කොත්තු රොටී රෙසිපිය...

🍽️ අවශ්‍ය අමුද්‍රව්‍ය:

* සිහින්ව කපාගත් පරාටා රොටි 🫓
* සිහින්ව කපාගත් කැරට්, ලීක්ස් 🥕🌿
* පිසගත් කුකුළු මස් (Chicken) කැබලි සහ හොදි ස්වල්පයක් (කැමති නම් පමණක්) 🍗
* බිත්තර: 2ක් 🍳
* සිහින්ව කපාගත් බොම්බායි ළූණු, අමුමිරිස්, ඉඟුරු-සුදුළූණු පේස්ට්, කෑලි මිරිස්, තක්කාලි, ගම්මිරිස් කුඩු සහ ලුණු සහ සෝයා සෝස් ස්වල්පයක් 🧅🧄🫚🍅🌶️🧂🥫
* තෙල්: මේස හැඳි අවශ්‍ය ප්‍රමානයට

---

🪄 සාදන ආකාරය:

1. තාච්චියකට තෙල් දමා රත් වූ පසු ඉඟුරු-සුදුළූණු පේස්ට්, ළූණු සහ අමුමිරිස් දමා රන්වන් පැහැ වනතුරු තෙම්පරාදු කරන්න.

2. එයට කැරට්, ලීක්ස් එකතු කර විනාඩි 2ක් පමණ මඳක් තැම්බෙන තුරු තෙම්පරාදු කරන්න.

3. එළවළු ටික තාච්චියේ පසෙකට කර, මැද ඉඩක් සාදා බිත්තර එකතු කර හොඳින් කවලම් (scramble) කරගන්න.

4. දැන් එයට කුකුළු මස් කැබලි, හොදි සහ කපාගත් රොටි ටික එකතු කර සියල්ල හොඳින් කලවම් කරන්න.

5. අවසානයට රස අනුව ලුණු, ගම්මිරිස් , කෑළි මිරිස් සහ සෝයා සෝස් එකතු කර හොඳින් කලවම් කරගන්න.

ගෙදර අයත් එක්ක එකතු වෙලා රස බලන්න... කඩෙන් ගේන එකට වඩා ගෙදර හදමු කියලා හැමෝම කියයි. 😁🥰

Address

Pannipitiya

Alerts

Be the first to know and let us send you an email when Cook with Nethu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share