21/05/2026
✨ The Ultimate Crispy Fish Cutlets – A Crowd Favorite! 👇
✨ හැමෝම ආස කරන රසම රස මාළු කට්ලට්! 🐟🥔
රසවත් කට්ලට් එකක් ලේසියෙන්ම ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා බලමුද? 😍
Looking for the perfect tea-time snack or party appetizer? These golden, crispy-on-the-outside, soft-and-savory-on-the-inside Sri Lankan Fish Cutlets are bound to steal the show! 🤤
🛒 අවශ්‍ය ද්‍රව්‍ය / Ingredients:
සැමන් හෝ තැම්බූ මාළු (Canned Salmon or Cooked Fish) - 200g
තැම්බූ අල (Boiled & mashed Potatoes) - 250g
සිහින්ව ලියාගත් ළූණු (Finely chopped Onions) - 1 large
සිහින්ව ලියාගත් අමුමිරිස් (Finely chopped Green Chillies) - 2-3
කරපිංචා සහ ඉඟුරු-සුදුළූණු පේස්ට් (Curry leaves & Ginger-Garlic paste) - 1 tsp
ගම්මිරිස් කුඩු (Black pepper powder) - 1.5 tsp
මිරිස් කුඩු (Chili powder / flakes) - 1 tsp
ලුණු (Salt to taste)
බැටර් එක සඳහා: පාන් පිටි මේස හැඳි 3-4ක් වතුර ස්වල්පයක් සමඟ උකුවට සාදාගන්න. (For Batter: 3-4 tbsp All-purpose flour mixed with water into a smooth, thick consistency)
බිස්කට් කුඩු (Breadcrumbs for coating)
බැද ගැනීමට තෙල් (Oil for deep frying)
👩🍳 සාදාගන්නා ආකාරය / Method:
1️⃣ පියවර (Step 1):
භාජනයකට තෙල් ස්වල්පයක් දමා රත් වූ පසු ලූණු, අමුමිරිස්, කරපිංචා සහ ඉඟුරු-සුදුළූණු පේස්ට් එක දමා රන්වන් පාට වනතුරු තෙම්පරාදු කරගන්න.
Heat a little oil in a pan. Sauté the onions, green chillies, curry leaves, and ginger-garlic paste until soft and golden.
2️⃣ පියවර (Step 2):
එයටම මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු සහ ලුණු එකතු කර හොඳින් කලවම් කරන්න. ඉන්පසු පොඩි කරගත් මාළු සහ තැම්බූ අල එකතු කර ලිපෙන් බාගෙන හොඳින් අනාගන්න.
Add chili powder, black pepper, and salt. Mix well. Next, add the mashed fish and boiled potatoes, mix everything thoroughly, and remove from heat.
3️⃣ පියවර (Step 3):
මිශ්‍රණය නිවුණු පසු කුඩා බෝල (කට්ලට්) සාදාගන්න.
Once the mixture cools down, shape them into small, even round balls.
4️⃣ පියවර (Step 4):
සාදාගත් කට්ලට් බෝල සාදාගත් පිටි මිශ්‍රණයේ (Batter) ගිල්වා, පසුව බිස්කට් කුඩු (Breadcrumbs) තට්ටුවකින් හොඳින් වටකර ගන්න. (වැඩිපුර ක්‍රිස්පි ගතියක් ඕන නම් මේ පියවර දෙපාරක් කරන්න!)
Dip each ball into the flour batter, and then coat it generously with breadcrumbs. (Pro tip: Double coat for extra crunch!)
5️⃣ පියවර (Step 5):
රත් වූ ගැඹුරු තෙලේ දමා රන්වන් පැහැ වනතුරු බැදගන්න.
Deep fry in hot oil until they turn beautiful golden brown and crispy.
☕ උණුසුම් තේ කෝප්පයක් සමඟ පිළිගන්වන්න!
Try this out today and let us know how it turned out! 👇💬 🙂